Monday, December 29, 2008

සරසවි මිතුරෝ 2007

2007 වසරේ දිග හැරුම…

2007 වසරේ සරසවි මිතුරෝ පලමු වැඩසටහන වුනේ උසස් පෙලට පිවිසෙන සිසුන්ට උසස් පෙල පිලිබදව දැනුවත් කෙරෙන වැඩසටහනයි. එය ක්රියාත්මක වුනේ සන්ගමයේ ලේකම් නුවන්ගේ අදහසකට අනුවයි. අපි ඒ සදහා සම්මන්ත්රණයකුත්, සිසුන්ට පොත් පින්චක් ලබා දෙන්නත් සැලසුම් කලා.පොත අප විසින් ගුරුවරුන්ගේ අනුශාසකත්වයෙන් යුතුව පිලියෙල කරන්න කටයුතුකලා.
ගණිත, ජිව විදයා, වාණිජ හා කලා අන්ශ සදහා එක් අන්ශයකට සාමාජ්කයින් දෙදෙනා බැගිනුත් පත් කරන අතරම එක් ගුරුවරයෙකුත් පත් කලේ හොද මග පෙන්විමක් ලබා ගැනිමේ අදහසින්.

අප විසින් ඒ ඒ විශයයන් යටතේ
• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• විශ්ව විදයාල උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

යන කොටස් යටතේ විස්තර කරනු ලැබුවා.ඉට අමතරව
• ඉංග්රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
යන කොටස්ද පොතට ඇතුලත් කලා.

අපිට මේ පොත මුද්රිලත කෘතියක් ලෙස ලබා දෙන්න අත්වැලක් වුනේ අමිත් පුස්සැල්ල ගුරු පියාණන්. 2007 වසරේ සාමානය පෙළ ප්රතිඵල නිකුත් වෙලා දින තුනකට පසුව අපි උසස් පෙළට පිවිසුමක් සම්මන්ත්රණයේදි මේ උසස්පෙළට පිවිසුමක් පොත් පින්ච සිසුන්ට ලබා දුන්නා. සම්මන්ත්රණයේදි එක් එක් අන්ශ ප්රධානින් විසින් පොත් පින්චේ සදහන් කොටස් යටතේම, කරුණු සාගජ්චා කරනු ලැබුවා.

ඉට අමතරව
තෝරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
ඉංග්රි්සි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
යන කොටස් දෙක මා විසින් පැහැදිලි කලා.

ඔය දවසෙම තමයි මගේ උපාධි නිබන්දනයේ මුලික කොටස (Synopsis submission) භාරදෙන්න තිබුනේ.ආතතිය කියන වචනේ තේරිම හොදටම තෙරෙන්නේ ඔය වගේ අවස්තාවලදි තමයි.කොහොමහරි වැඩේ හොදට කෙරිච්ච එක ගැන නම් සතුටුයි.

ඒ සමගම සුභ පැතුම්පතේ වැඩෙත් අපි පටන් ගතතා. සුභ පැතුම්පත තමයි අපි සන්ගමයේ අරමුදල තරකරන්න තෝරාගත්ත වයාපෘතිය. බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහාවිහාරයේ චෙතයය තමයි අපේ වෙසක් සුභ පැතුම්පත සදහා තෝරාගත්තේ.













ඊ ඉලගට කරන්න තිබිනෙ අපේ වැදගත්ම වැඩේ, ඒ තමයි සරසවි සිසු ප්රභණාම උලෙල.
මෙවර අපි අලුත් අන්ගයක් එකතු කලා.ඒ "දක්ශතා දැක්වු උසස් පෙළ සිසුන් ඇගයිම" නමින් උසස් පෙල පන්තිවල පසුගිය වාර විභාගවලින් වැඩි ලකුණු ලබාගත් සිසු සිසුවියන් ඇගයිමයි.උලෙළ සදහා ප්රදාන අරාධිත අමුත්තිය ලෙස පාසලේ ආදි ශිශයා , ජයවර්ධනපුර විශ්ව විදයාලයේ කතිකාචාර්ය රුපිකා සේනාධිර මහත්මියට ආරාධනා කලා.මෙවර"විභාග සමත්විමේ මග" සදහා දායකත්වය ලබාදුන්නේ වෙදය රත්නසිරි බන්ඩාර මහත්මා.අපි මුද්‍රණය කල සමරු කලාපයෙන් ලද අදායම වැඩසටහනේ සාර්ථකත්වයට මනා පිටුවහලක් වුනා.




ඒ වැඩෙත් ඉවරයි. 2007 වසරට කරන්න සැලසුම් කරපු සියලු දේ සාර්ථකව නිම කලා.
බලමු අරමුනු ටික ඉටු කලාද කියලා.

ගුරුවරුන්, ආදි ශිෂය සංගමය, සුභ පතන්නන්ගේ සංගමය, ඇතුලු සියලු සංගම් හා වත්මන් ශිෂය පරපුර සමග සහයෝගයෙන් පාසලේ දියුණුවට කටයුතු කිරිම - ඔවු.

සරසවි ප්රවේශ ලබන සිසු සිසුවියන් ඇගයිම - ඔවු, සරසවි සිසු ප්රසණාම තුලින් එය ඉටු කලා.

දැනට පාසලේඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අදයාපන කටයුතු සදහා උපකාර කිරිම - ඔවු, උසස්පෙළට පිවිසුමක් පොත් හා සම්මන්ත්රසණය හා විභාග සමත් විමේ මග වැඩමුලුව තුලීන්

සාමාජිකයන් අතර සුහදතාවා ඇති කිරිම හා ඔවුන්ගේ සුබසාදනයට කටයුතු කිරිම - මගේ කාල සිමාව තුලදි නම් කරගන්න බැරි විනා. එය ඉදිරියෙදි සිදුවේවි කියා සිතනවා.


කුශාන්, ටෙනිශා, සුදිර,නුවන්, සුරන්ග, ජානක,මහේශ්, චමිලානි, ඉනෝකා, සජිත ඇතුලු අනෙකුත් සොයුරු සොයුරියන්ගෙනුත් විදුහල්පතිතුමා, විල්සන්ට් ගුරුපියාණන් ඇතුලු පාසැලෙනුත් අමිත් පුස්සැල්ල ගුරු පියාණන්ගෙනුත් ලැබුනු සහයෝගය නිසා තමයි අපිට ඒ ගමන යන්න පුලුවන් වුනේ.

මේ ගැන සටහනකට ඇතුලත් කලේ මෙය කියවිම තවත් එවැනිම සන්ගමයක් බිහිවිමට පදනම වේවි යැයි සිතුනු නිසයි.
එය එසේ වන්නේ නම් දන්වන්න. මගේ උපරිම සහයෝගය ලබා දෙනවා.


නිමි

Thursday, December 25, 2008

සරසවි මිතුරෝ

සරසවි සිසුන්/උපාදිදාරින් අනිවාර්යන්ම කියවිය යුතුය. නමුත් අන් අය කියවිමේද වරදක් නැත.

2006 වසරේ දිග හැරුම…

මගේ සරසවියේ දමිල ජාතික මිතුරෙක් දවසක් මට කිවා ඔවුන්ගේ පාසලේ පනස්වන සංවස්තරයට ඔවුන් (එම පාසලේ ඉගෙනුම ලබලා දැනට සරසවි වල ඉගෙනුම ලබන සහෘදායන් පිරිස) මුදල් එකතු කරලා පැන් මුදණය කරලා පාසලට ලබා දෙන්න යන බව. ඒ සිද්දියෙන් පස්සේ මම මගෙන්ම අහගත්තා “සරසවි සිසුවෙකු වශයෙන් මගෙන් මගේ පාසලට ඉටූවිය යුතු යුතුකම් මම ඉටුකර ඇත්ද?” කියලා. මේ ප්රශ්නය මම තවත් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගෙන් ඇහුවා. හිතවතුන් කියලා කියුවේ බෝමිරිය මදය මහා විදයාලයේ ඉගෙනගෙන සරසවි වල ඉගෙනනුම ලබන සහෘදයන් කිහිපදෙනෙකු.මගෙත් ඔවුන්ගෙත් පිලිතුර වුයේ “නැත” යන්නයි. ඒ මිට වසර තුනකට පෙර, 2006 වසරේ මුල් කාර්තුවේ විතර.

මගේ අදහස වුයේ අපි එකතුවෙලා සංවිදානයක් පිහිටවලා පාසලට යම් කිසි සේවයක් කල යුතුයි කියලයි. සියලු දෙනාම එය එකහෙලා අනුමත කලා. මම නිවාඩු දවස්වල දන්න කියන පාසලේ ආදි සිසු සරසවි සිසුන්ව මුණ ගැසිලා මේ ගැන දැනුවත් කලා. ඔක්කොම වගේ වැඩේට එක පයින් කැමති වුණා. මුලික වටයේ සාගච්ජා පැවත්වුනේ මොරටුව සරසවියේ සුරංගගේ ගෙදරයි. ඒ සාගච්ජා වලදි අපේ අදහස වුනේ උසස් පෙළ සිසුන්ට උපකාරක පංති පවත්වමු කියලයි. අපි ඒගැන පලමුව පාසලේ මේ වගේ වැඩකට සහයෝගයක් ගතහැකි ගුරුවරයෙක් සමග සාගච්ජා කල යුතුබවට යෝජනා කලේ සුරංග. ඒ සදහා අපි විදයා අංශයේ මොහාන් සර්ව හමුවෙන්න තිරණය කලා. ඉරිදා දවසක මමත් සුරංගත් මොහාන් සර්ව මුණ ගැසිලා මේ ගැන කතාකලා. ඔහුගේ අදහස වුනේ උපකාරක පන්ති කිරිමට තුලින් අප පලමු වැඩ පිලිවලින්ම අසාර්ථක විමේ හැකියාවක් පවතින බවයි. ඔහුගේ අදහසවුයේ පලමුව, වසරකට අවම වශයෙන් එක් වැඩසටහනක් හෝ සංවිදානය කර පසුව වැඩසටහන් පුලුල් කල යුතුයි කියායි. මේ කාලයේ අපි කිහිපවතාවක් හමුවුනත් පැමිනිම එතරම් සතුටු දායක මට්ටමක තිබුනේ නැ. එකනිසා අපි හිතුවා මුලින්ම එක වැඩසටහනක් කරලා කට්ටිය එකතුකරගෙන පස්සේ සංවිදානයක් හදන්න.
ඒ වගේම තමයි සංගමයේ නම ගැන කතා බහ කිරිමේදි සරසවි මිතුරෝ, සරසවි සුමිතුරෝ, සරසවි සිසු එකමුතුව වැනි නම් කිහිපයක් යෝජනා වුනා. එත් අපි ඒ ගැන තිරණයක් ගැනිම පසුවට කල් දැමුවා.

අපි තිරණය කලා භෞතික විදයාව විෂය සදහා උසස් පෙළ සිසුන්ට සම්මත්රණයක් පවත්වන්න. ඒක දැනට භෞතික විදයාව උපකාරක පන්ති පවත්වන කොලඹ සරසවියේ අනුරාද සොයුරාට අපි භාරදුන්නා.ඒත් අපි විදයා අංශයට විතරක් සම්මත්රණයක් කරන්න යන එක ගැන කිහිපදෙනෙකු විරුද්දත්වය පල කලා. පසුව අපි විදයා, ගණිත අංශවලට පොදු විශයක් වන භෞතික විදයාව හා කලා, වාණිජ අංශවලට පොදු විශයක් වන ආර්ථික විදයාව යන විශයන් දෙක අලලා සම්මත්රණය පවත්වන්න සැලසුම් කලා. ආර්ථික විදයාව ගැන සම්මත්රණය කොලඹ සරසවියේ ජානකට භාරදුන්නා.ඒ වගේම විශයයන් පිලිබදව සම්මන්ත්රණය අතරතුර විභාගයට සුදානම් විමට අත්වැලක් වන ලෙස,අපි කිහිපදෙනෙකු අතර සාගච්ජාවකුත් පවත්වන්න යෝජනා වුනා. ඒ සාගච්ජායේදි පාඩම් කිරිමේ ක්රම ශිල්ප, මූතුවන ගැටලු හා ඒවාට විසදුම් වගේ මාතෘකා ගැන කතාකරන්න තමයි යෝජනා වුනේ.වැඩසටහනට මුදල් අපි එක් අයෙකුගෙන් රු.500 ගානේ එකතු කරලා ලබාගන්න තිරණය කලා. අපි පාසලේ පුස්තකාලයට පොත් පරිතයාග කරන්නත් සැලසුම් කලා.ඒ සදහා පොත් අපි පරිහරනය කරපුවා එකතු කිරිමෙන් හා හිතවතුන්ගෙන් ලබා ගැනිමට තිරනය කලා.ඒ වගෙම තමයි අපි පිහිටූවන්න යන සංවිදානය ඉදිරියට ගෙනයන්නනම් ඉදිරියේදිත් අපේ පාසලෙන් සරසවියට තේරෙන සිසු සිසුවියන්වත් අපේ සංවිදානයට සම්බන්ද කරගත යුතු වෙනවා. ඒ සදහා හොද වැඩපිලිවෙලක් අපිට අවශය වුනා. අපි කරන සම්මත්රණයදිම පසුගිය වසරේ සරසවියට තේරුණු සිසු සිසුවියන්ට ඇගයිමට ලක් කරන්න සැලසුම් කලා.එ තුලින් අපිට පුලුවන් වෙනවා ඔවුන්වත් අපේ සංවිදානයට බදවා ගන්න.පසු දවසක අපි මේ වැඩ පිලිවෙල ගැන විදුහල්පතිතුමාව දැනුවත් කරන්න පාසලට ගියවේලාවේදි පාසලෙන් හම්බවුනු යහපත් ප්රතිචාරය අපිව සැහෙන දිරිමත් කලා.

පසුව යෝජනාවක් මතුවුනා එම සාගච්ජාව අපි කරනවාට වඩා ඒ පිලිගදව ප්රවිනයෙකු ලවා කරවන එක හොදයි කියලා. මම ලග දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ දුරකථන අංකය තිබුණා, ඒක තමයි අපි ප්රවිනයා හැටියට ඒ මහතාට ආරාදනා කරන්න තිරණය කරන්න එකම හේතුව. දයා රෝහණ අතුකෝරාල මහත්මයාව සම්බන්ද කරගන්න අපිට සැහෙන වෙහෙසෙන්න වුණා.කොහොමහරි අන්තිමට මුනගැහුණා. එතනදි ඔහු කිවේ” මේවැඩේට සැහෙන්න කාලයක ඉදන් හුගක් මහන්සි වුණානේ, එකනිසා අපි වැඩේ කරමු” කියලයි. අපි කලින් සැලසුම් කරලා තිබුනේ එකම දවසකදිම භෞතික විදයාව, ආර්ථික විදයාව සම්මත්රණයයි දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ “ විභාග සමත් විමේ මග” සම්මත්රණයයි කරන්නයි. එත් ඔහු කිවේ උදේ 9-12 වෙනතුරු ලමුන් සදහාද 12- 2 දක්වා එම ලමුන්ගේ දෙමවුපියන් සදහාද සම්මන්ත්රණය කරන්න ඔනේ කියලයි. ඒ නිසා අපි සිදුවුනා කලින් තිබු සැලසුම වෙනස් කර සම්පුර්ණ වැඩසටහනම “ විභාග සමත් විමේ මග” සදහා වෙන්කරන්න.

ඒ අනුව අප විභාග සමත් විමේ මග හා සරසවි සිසු ප්රණාම 2006 සදහා සුදානම් වුණා. සම්මන්ත්රණය අතරතුර පැය භාගයක් පමණ සරසවි සිසු ප්රණාම සදහා වෙන් කෙරුනා. එක් අයෙකුගෙන් රුපියල් 500 බැගින් අපි එකතුකරලා රුපියල් 8000ක් සොයාගත්තා. අපි අපේ පාසලේ ආදි සිසුවෙකු වන හෞතික විදයා දේශක අමිත් පුස්සැල්ල මහතාගෙනුත් ඒ සදහා උදවු ලබාගත්තා. සම්මන්ත්රණය සදහා ඊගල් රක්ශණ සමාගමෙන් අපිට අනුග්රහක දායකත්වයක් ලබාගන්න පුලුවන් වුණා.
අපිට ලොකු ප්රශ්නයක් වුනේ පසුගිය වසරේ පාසලෙන් සරසවියට පිවිසි ලමුන්ගේ විස්තර ලබාගන්න එකයි.මොකද ඒ ගැන වාර්තාවන් නොතිබුනු නිසා. අපිට එතනදි විල්සන් ගුරුතුමා ලබාදුන් සහය නිසා අපිට ඒ ප්රශ්නයෙන් ගොඩ එන්න ලෙසි වුණා.ඔහු ගුරුවරුන් සමග කතාකරලා ඔවුන් දන්න සරසවියට පිවිසි ලමුන්ගේ විස්තර අපිට ලබාදුන්නා.

2006 වසරේ සැප්තැම්බර් 19 තමයි ඒ දවස.එදා අපේ කට්ටිය 9ක් විතර තමයි හිටියේ. මමත්. කැලනිය සරසවියේ නුවනුත් තමයි සංවිදානයේදි ඉදිරියෙන්ම හිටියේ. එදා සම්මත්රණයේ පලමු අදියර සාර්ථකව නිමා වුනා. ඉන් පසුව පැවති සරසවි සිසු ප්රණාම 2006දි සරසවි සිසුන් 14 දෙනෙක් ඇගයිමට ලක්වුණා (නොපැමිනි ගනන 4යි). පුස්තකාල සන්වර්ධන වියාපෘතිය යටතේ පොත් 120ක් පමන අපිට ලබා දෙන්න හැකිවුනා. එයින් පසුව පැමිනි අයට සංග්රහයක් ලබාදුන්නේ දෙවෙනි අදියරට පෙර ලබා දුන් විවේකයේදියි.. දෙමවිපියන් සදහා පැවති සම්මත්රණයට නම් තිබුනේ අඩු සහභාගිත්වයක්. මම හිතන්නේ දෙමවිපියන්ට ලමයින්ගේ අදයාපන කටයුතුවලට ගෙදරදි ලබා දෙන්න ඔන ආකාරය පිලිබදව දැනගන්න වට වඩා ලොකු වැඩ දෙමවිපියන්ට ඇති නිසා වෙන්නැති ආවෙ නැත්තේ.වැඩසටහන අවසන් වෙලා පැමිනි ප්රදාන අමුත්තන්ට දිවා ආහාරයත් අපි ලබාදුන්නා.
වැඩසටහන්නම් අපි හිතුවාටත් වැඩිය සාර්ථක වුණා. වැඩියෙන්ම ගුරුවරුන්ගෙන් පැසසුම් හම්බවුනේ “සරසවි සිසු ප්රණාම” සදහායි. වැඩසටහන අවසන් වුණාම සරසවි සිසු ප්රණාම ලබපු අය අපෙන් ඉල්ලාසිටියා ගිය වියදම් වලට ඒ අයද දායක වෙන්න අවස්තාවක් ලබාදෙන්න කියලා.ඒ ඔවුන්ටත් මේ වගේ වැඩසටහනක වැදගත් කම පැහැදිලි වෙච්ච නිසායි. ඒවගේම ගුරුවරුනුත් අපෙන් ඉල්ලා සිටියා මේ වැඩපිලිවෙලා දිගටම කරගෙන යන ලෙසට. අපි සියලු දෙනාටම දැනුම්දුන්නා නිල වශයෙන් අපේ සංවිදානය පිහිටුවිම ගැන ඉදිරියේදි දැනුම්දෙන බව.


සරසවි සිසු ප්‍රනාම ලාභින් - 2006


සොයුරියක් සරසවි සිසු ප්‍රනාම ලබමින්


දයා රෝහන අතුකෝරාල මහතා සම්මන්ත්‍රනය මෙහෙයවමින්

වැඩසටහන ඉවරවුණාම හිතට දැනුනේ පුදුම සහනයක්. වැඩසටහන ඉවරවෙලා ටික දවසකට පස්සේ නැවතත් සංගමය පිහිටුවිම ගැන සාගච්ජා කලා.සරසවි මිතුරෝ යන නම සුදුසු යැයි බොහෝ දෙනා පැවසුයෙන් එය සංගමයේ නම ලෙස යෝජනා කරන්නට අපි තිරණය කලා. අපි පාසලේ ආදි ශිෂය සංගමයේ හිටපු ලේකම් වරයෙකු වු ශාන්ත ලොකුපිටිය මහතාගේ සහයෙන් සංගමයේ වයවස්ථාව කෙටුම් පත් කලා. අපි සංවිදානයේ බල සිමාව වුනේ ජාතික විශ්ව විදයාලවල අදයාපනය ලබන උපාදි අපේක්ශකයින් හා අදයාපනය ලැබු උපාදිදාරින් .


සංගමයේ දැක්ම වුනේ “බෝමිරිය මදය මහා විදයාලය දිවයිනේ හොදම පාසල බවට පත් කිරිම”ඒ දැක්මට ලගාවෙන්න අපිට අරමුණු හතරක් තෝරාගත්තා.ඒ තමයි”ගුරුවරුන්, ආදි ශිෂය සංගමය, සුභ පතන්නන්ගේ සංගමය, ඇතුලු සියලු සංගම් හා වත්මන් ශිෂය පරපුර සමග සහයෝගයෙන් පාසලේ දියුණුවට කටයුතු කිරිම”, “සරසවි ප්රවේශ ලබන සිසු සිසුවියන් ඇගයිම”, “දැනට පාසලේඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අදයාපන කටයුතු සදහා උපකාර කිරිම” හා සාමාජිකයන් අතර සුහදතාවා ඇති කිරිම හා ඔවුන්ගේ සුබසාදනයට කටයුතු කිරිම”

පසුව සංගමය වයවස්ථානුකුලව පිහිටුවන්න ඔක්තෝම්බර් 05 යොදාගත්තා. දන්න කියන හිතවතුන්ට දුරකතනයෙන්, ලිපි මගින් දන්වා යැවුයේ පාසල ඉදිරිපිට ප්රදර්ශනය කල දැන්විමට අමතරවයි. අපි පුවත් පත් දැන්විමකුත් වල කලේ එයිනුත් යම් පිරිසක් අපට එකතුවේයි කියලා හිතුන නිසයි.

ඒ දිනය උදාවුණා ඔක්තෝම්බර් 05 උදේ 9.30 වෙනකොට සැලකිය යුතු පිරිසක් පාසලට එකතු වෙලා සිටියා. වයවස්ථාව සුලු සංශෝදන කිහිපයකට යටත්ව සම්මත වුණා. මාව සභාපති ලෙසත්, නුවන් ලේකම් ලෙසත් කොලබ සරසවියෙ සුදිර භාණඩාගාරික ලෙසත් නිතරගයෙන් පත්වුණා. උප තනතුරු සදහා කැලණිය සරසවියේ කුශාන්, කොලබ සරසවියෙ ටෙනිශා හා මහේශ් පත් කරනු ලැබුවා. උපාදිදාරින් හා උපාදි අපේක්ශකයින් නියෝජනය වනලෙසට කාරක සභාවට ජයවර්දනපුර සරසවියේ ශාන්ත, ප්රභාත් හා සජිතා , පේරාදෙනිය සරසවියේ දිර, කොලබ සරසවියේ ජානක පත් කෙරුණා. සංගමයේ ජේෂ්ඨය අනුශාසක ලෙස විදුහල්පතිතුමාත් අනුශාසකවරුන් ලෙස විල්සන්ට් හා අමිත් පුස්සැල්ල යන ගුරුවරුන්වත් පත් කරගත්තා.

අනතුරුව අපි ඉදිරි වර්ශය සදහා යෝජනා කැදවනු ලැබුවා. නුවන් යෝජනා කලා උසස් පෙලට පිවිසෙන සිසුන්ට උසස් පෙළ පිලිබදව අවබෝදයක් ලබාදිමේ යම් වැඩපිලිවෙලක් ක්රියාත්මක කලයුතුයි කියලා. ලබන වසරේත් සරසවි සිසු ප්රණාම උලෙළ පැවත්විම ගැන මම කල යෝජනාවත් සම්මත වුණා. ඒ වගේම සංගමයේ අරමුදල තරකර ගැනිමේ වැඩසටහනක් කිරියාත්මක කිරිමේ අවශයතාවයද එහිදි කතාබහ කෙරුණා.

2006 වසරේදි සරසවි මිතුරෝ සංගමය බිහිවුයේ නුවන්,සුරංග, ජානක නාරංගොඩ, ජානක රණසිංහ, දිර, මිස්සක වගේ සරසවි මිතුරන්ගේ වගේම මොහාන් සර්,විදුහල්පති චම්පික සර්, විල්සන්ට් සර් වගේ පාසලේ ගුරුවරුන් වගේම බොහෝමයකගේ සහයෝගයෙන්.

අවසානයේදි සභාතොමෝ සතුටින් නික්ම හියහ.

මතු සම්බන්දයි.

Monday, December 22, 2008

ඔබේ පාසල කුමක්ද?

මම කැම්පස් ගිය පලවෙනි දවසේදිම අපේ කණ්ඩායමේ රැස්විමක් (Batch meeting) තිබුණා. ඒකේදි බැච් එකේ අය නම, පාසල, ගම හා පවුලේ විස්තර කියලා තමන්ව ඔක්කොටම හදුන්වලා දුන්නා. මගේ වාරය එනවිට මට පොඩි ප්රශ්නයක් මතුවුනා මගේ පාසල ලෙස හදුන්වලා දෙන්නේ මොකද්ද කියලා. මොකද මම පාසල් කිහිපයක් ඉගෙනගෙන තිබුන නිසා.

මට කලින් තමන්ව හදුන්වලා දුන්න අය පාසල ලෙස එක් පාසලක නමක් කියුව නිසා මටත් එක් පාසලක නමක් කියන්න හිතුනත්, පස්සේ මට හිතුනා පාසැල් දෙකේම නම් කියන්න. ඉතින් මම මගේ වාරයේදි මගේ පාසැල් ලෙස බෝමිරිය මදය මහා විදයාලය හා ශාන්ත බෙනඩික්ට් විදයාලය ලෙස හදුන්වලා දුන්නා. ඒ හදුන්වාදිමේදි කොලඹ ජනප්රිය පාසැල්වල අදයාපනය ලබලා පැමිණි අයත් හිටියා බව පැහැදිලිවුනා. ටික කාලයකට පස්සේ මට පෙනිගිය දෙයක් තමයි අර කොලඹ ජනප්රිය පාසැල් වලින් පැමිණි සමහරක් හිතවතුන් ඒ පාසැල්වල ඉගෙනුම ලබලා තියෙන්නේ වසර දෙකක වගේ කාලයක් කියන කාරණාව. මා දන්නා උසස් පෙළ සදහා කොලඹ ජනප්රිය පාසල්වලට ඇතුලත්වු බොහෝ හිතවතුන් මේ ගණයට ඇතුලත් වෙනවා. ඒඅය පාසැල් ජිවිතයේ වැඩිකාලයක් ඉගෙනුම ලබලා තියෙන්නේ එතරම් ජනප්රිය නොවු ගමේ පාසලේ. සාමානය පෙල හොදින් සමත් වෙලා තමයි අර ජනප්රිය පාසලට ඇතුලත් වෙලාතිබෙන්නේ. එත් ඔවුන් තමන්ගේ පාසලලෙස බොහෝ විට හදුන්වාදෙන්නේ අර ජනප්රිය පාසලයි. ඔවුන්ගේ බුද්දි වර්දනය, පෞරුෂ වර්දනයට වැඩි දායකත්වයක් දක්වන වසර හයක් පමණ ඉගෙනුම ලැබු පාසල පැත්තකට දමා කෙටි කලක් අදයාපනය ලැබු පාසල පමණක් ඉදිරියට දමනවා. තමන්ට ක්රිඩාවෙන් ඉදිරියට එමට මග පෙන්වු ගමේ පාසලේ වාර්ශික නිවසාන්තර තරගය නැරබිමට නොයතත් ජනප්රිය පාසලේ බිග් මැච් වැනි තරග නැරබිමට යන්නේත් ඒ පිලිබදව අන් අය හා දෝඩන්නේත් මහත්වු රුචියකිනි.

එමෙන්ම ආදිශිෂය සංගම්වලට බැදිමේදි සමහරුන් සම්බන්දවන්නේ අර ජනප්රිය පාසලේ ආදිශිෂය සංගමයට පමණයි. එමන්ම ඔවුන් සමාජයේ ඉහලට එමට දායකත්වය දැක්වු ගමේ පාසලට ඔවුන්ගෙන් ඉටුවියයුතු යුතුකම් ඉටු කරන්නේ නැ.ඒවෙනුවට සම්පත් බහුලව ඇති, ශක්තිමත් පදනමක් ඇති ජනප්රිය පාසලේ දියුණුවට පමණක් දායකවෙයි.
කොලඹ ජනප්රිය පාසල් වලට ශිෂයත්ව විභාගයෙන් හා සාමානය පෙල විභාගයෙන් සමත්වෙන දක්ශයින් එකරාශිවේ. එමෙන්ම භෳතික හා මානව සම්පත් වලින්ද එම පාසැල්වලට අඩුවක් නැත. එම නිසා ඒපාසැල් වලින් පිටවන අය සමාජයේ ඉහල මට්ටමේ රැකියාවල නිරතවේ. එම නිසා තමන් එම ජනප්රිය පාසලේ අදයාපනය ලැබු බව ආඩම්බරයෙන් පැවසිමේ වරදක් නැතද වරද ඇත්තේ එය තුලින් තමන්ගේ අභිවෘද්දිය සදහා වැඩි දායකත්වයක් දැක්වු පාසල යටපත් කරන්නේ නම්ය. එම නිසා එසේ උසස් පෙළ සදහා ජනප්රිය පාසැල්වලට ගමේ පාසලේසිට ගිය හිතවතුන් හැකි සැම විටම ඒ ජනප්රිය පාසලේ නම සමග ගමේ පාසලේ නමද සදහන් කරමින් ඒ අදාල ගෞරවය ලබාදෙන්නේ නම් උච්තවේ.
හුගක් දෙමවුපියන් තමන්ගේ දරුවාව ජනප්රිය පාසලකට ඇතුලත් කිරිමට කැමැත්තක් දක්වනවා. වර්තමානයේ ඇති නිති අනුව පාසැල්වලට සිසුන් ඇතුළත් කිරිමේදි ආදිශිෂයන්ට විශේෂත්වයක් හිමිවෙනවා. ජනප්රිය පාසලක ඉගෙනුම ලැබු සමහර අය එම පාසලේ ආදිශිෂය සංගම්වලට බැදි සේවය කරන්නේ තමන්ගේ දරුවාව එම පාසලට දැමිමේ යටි අරමුණ ඇතිවයි. ඒ සමගම තමන්ට හැකි පමණ තමන් අදයාපනය ලැබු ගමේ පාසලටද තම යුතුකම් ඉටු කරන්නනේනම් එය ඔබ යුතුකම් අමතක නොකරන හොද පුරවැසියෙකු රටට බිහි කිරිමේ ගෞරවය ඔබ ඉගෙනුම ලැබු පාසැල් වලට ලබාදිමකි. එමෙන්ම එය ඔබ ජිවිත්වන සමාජය ඔබව වැදගත් සාමාජිකයෙකු ලෙස සැලකිමටද හේතුවේ.
ඔබ වෛදය, ඉංජිනේරු හෝ ප්රමාණ සමික්ශක වැනි වෘත්තිකයෙක්ද? නැතහොත් පෞද්ගලික හෝ රාජය අංශයේ සේවය කරන අයෙක්ද? එසේත් නැතිනම් සරසවි ශිෂයෙක්ද?

වෘත්තිකයෙක්, සරසවි ශිෂයෙක් හෝ වෙනත් රැකියාවක නියුක්ත වුවෙකු ලෙස ඔබ, ඉගෙනුම ලැබු පාසැල් වලට ඔබෙන් ඉටුවිය යුතුකම් ඉටුකර ඇතිද?

Tuesday, December 16, 2008

නමක් ගැන යමක්

“හේවාගම් කෝරලයේ පදිංවි පනික්කිරාලලාගේ කුසුමාවති වන මම මෙතැන් පටන් මුදියාන්සේලාගේ කෞශලයා ලෙස භාවිතාකරන බව ජනතාවට මෙයින් දැනුම් දෙමි.”

ඉහතින් දැක්වුයේ වර්තමානයේ පුවත්වත් වල පලවන එක්තරා ආකාරයේ දැන්විමකි. මෙහි අරමුණ දැනට භාවිතාකරන සිය නම වෙනස් කරගත්බව ප්රසිද්ද කිරිමයි. යමෙකු තමන් උපදින විටම තම දෙමාපියන් දමන නම වෙනස්කිරිමට පෙලබෙන්නේ ඇයි. මෙහිදි මා සිතන පරිදි කරණා දෙකක් බලපායි. එකක් තමන් භාවිතාකරන නම අවලස්සන, නොගැලපේ යැයි ඇති හැගිමයි. අනෙක පෙලපත් නාමයෙන් තමන් අඩු පෙලපතකට හෝ කුලයකට අයත් බව නිරුපනය විමයි.මේ කාරණා දෙකටම නැතිව නම් වෙනස් කරන අයද ඇත, ඒ සක්විති වැනි මිනිසුන් රැවටිමට නම් වෙනස් කරනවුන්ය.

පුද්ගල නාමයක් වනාහි ඔනැම අයෙකුව වෙන්කර හදුනාගත හැකි දෙයකි. ඉහත උදාහරණයයේ එන කුසුමාවති යන අය දන්නා අයෙකුට එම නම ඇති පුද්ගලයා ගැන මැවෙන රුපය “ලස්සන රුපයන් ඇති, නුගත්, කාන්තාවක්” යන්න විය හැක. එය ඇය කුසුමාවති ලෙස ආමන්තණය කලද කෞශලයා ලෙස ආමන්තණය කලද වෙනස් නොවනු ඇත. ඔනැම අයෙකු ලොව ඇති වචන අතුරින්වඩාත්ම කැමති වචනය තම නම විය යුතුය. එහෙත් තමන්ගේ නමට, තමන්ට අවශයය නමක් යොදා ගැනිමේ අවස්ථාව අපට අහිමිවන්නේ එය සිදුවන්නේ අප “අ” කියවිමටත් පෙර සිට නිසාය. තමන් ගේ නම අවලස්සන හෝ කාලයට, දේශයට නොගැලපේ යැයි ආකල්පයක් නිසා තම නමට අකමැති අයෙකු, ඒ නම වෙනුවට තමන් රුචි නමක් යොදාගැනිමේ වරදක් දැකිය නොහැක.

පුරාණයේ රජවරුන් විසින් විවිද නම්බුනාම, තනතුරු ලබාදිම නිසා හා වෙනත් වරප්රසාද මත සමහරුන්ගේ පෙලපත් නාමයන් සකස්වි ඇත. මෙහිදි උසස් තනතුරු දැරු අය ඉහල පෙලපත් වලට අයත් යැයිද පහල තනතුරු දැරු අය පහල පෙලපත් වලට අයත් යැයිද සැලකිනි. වර්තමාන ලංකාවේ මේ කුලපරතරය නැතිවෙමින් පවතියි. ඒහෙත් ඒ පිලිබදව තකන අය තවමත් සිටිනා බවට එක් සාදකයකි, ඉහත ආකාරයේ දැන්විම්.

මිනිසෙකුගේ උස් පහත් බව තිරණයවිය යුත්තේ ඔහුගේ උගත්කම,හැදියාව අනුව මිස කුලය අනුව නොවිය යුතුය. එහෙත් විවාහයන් වැනි වැදගත් කටයුතුවලදි පවා සමහර බුද්දිමත් නොවු ඇති වැඩිහිටියන් ඒගැන තැකිම කණගාටුවට කරුණකි. ස්ත්රි, පුරුශ ලෙස බෙදිම් බෙදි, අනතුරුව ජාති, ආගම් ලෙස බෙදුනු මිනිස් සමාජයේ තවත් එක් බෙදිමකි මෙම කුල වාදය. තමා අනෙකාට වඩා උසස් යැයි කියාගන්නට උත්සාහ කරන අන්ද මිනිසුන් ඒ ගැන තැකුවද , බුද්දිමත් අප එවැනි එවැනි පටු චින්තනයන්ට අනුගත නොවිය යුතුය.බුද්දිමත් දෙමවුපියන්ද සිය දරුවන්ගේ සිත්තුලට මෙවැනි අදහස් නොදැමිය යුතුය. යමෙකු සිය නම පහත් යැයි සිතා නම වෙනස් කරන්නේනම්, ඔහු හිනමානයන් පෙලෙන්නෙකු විය යුතුය.

Sunday, November 30, 2008

කවි සිතුවිලි




ලංකාවේ ඉන්න දවස්වල ගෙදර ඉදන් කැම්පස් යන විට නැතිනම් වැඩට යන ගමනේදි ඇසේ ගැටෙනදේ බොහෝමයි. ඒ අතරින් සමහරක් තදින් සිතට කාවදිනවා.ඒ හැගිමි, නැතිනම් හිතට දැනෙන දුක,සතුට අතට හසුවෙන කඩදාසි කැල්ලකදි අකුරු බවට පත්වෙනවා.
දවසක් ඉස්කොලේ යනකොට පාර අයිනේ පුසෙක් මැරිලා හිටියා. ඒ දිහා පාරේ යන වාහන වල අය බල බල යනවා මගේ ඇස ගැටුනා. ඒ දර්ශනය පාසලේ විවෙක කාලයේදි අකුරු වුනේ මෙන්න මෙහෙමයි.

සිත වාහනේ
අදුරු ජනේලෙන්
අවසන් බුහුමන් දක්වන්න
මගේ නැයෝ,
බුහුමන් පමනයි
කිසිවෙකු නැ
හෙලන්නට පලමු පස් පිඩ
මේ මහ පාරේ

කැම්පස් එකේ අන්තිම විභාගයත් ලියලා ඉවර වුනහම හිතට දැනෙන්නේ පුදුම සංතෝශයක් ඒක මෙන්න මේ වගේ.

සතර වසරක්
එකම එක්
සරසවියක
ලොකුම ලොකු පොත්
ගොන්නකට සිරවු
කාලය නිමයි.
විභාගය, ඇගයිමි
නැ තවත්
පොත් වලට සිරවු.
විභාගය, ජිවිතය ගැන
තිබේ ඉදිරියට,
දිනිය යුතුය
එයද මෙතුවක් කල්
දිනුවා සේම.

ඉස්කොලේ ඇරිලා ගෙදරට වෙලා ඉස්කොලේ වැඩ කරකර ඉන්න කොට, හවස 5.30 ට විතර තමයි අම්මාගේ දහඩිය සුවද ගෙදර පැතිරෙන්නේ. ඒ සුවද හුගක් දේ කියනවා. එයින් එකක් තමයි,

ලියන අකුරක් පාසාම
ඇත්තේ
ඇගේ ශක්තියයි
හෙලන දහ බිදු
අත කැපි
හෙලනා ලේ බ්දු
ඒ ඇගේ ශක්තියයි,
පුරුශයන් හා කරින්කර
කරන ජිවිත සටන
තවත් කියා දෙන්නේ
“උත්සාහයයි නොසපුබට”
පොඩිකාලයේ ඇ අපිට
කියා දුන්

ඒ සුන්දර රටෙන් ඇත්වෙලා “විභාගය, ජිවිතය ගැන” ජය ගන්න මුදල් හොයන්න දුර රටකට ගියා.
උදේ වායුසමනය කරපු බිත්ති හතරකින් වටවු කාමරයෙන් පිටවෙලා, වායුසමනය කරපු වාහනයෙන් කාර්යාලයට යනවා.ඒ යන අතරේ දකින්න ලැබෙන්නේ මල ගොඩනැගිලි(කොච්චර විශාල වුනත් ඒවා කතා කරන ගොඩනැගිලි නොවෙයි).අතරින් පතර මලානික ගසුත් තියෙනවා.
ඉස්සරහින් පස්සෙන් වාහන පොලිමට එනවා. ඒ කිසිවකට බෑ මගේ හිතට කවි සංකල්පනා දෙන්න. ඉහත ජායාරුපය ගත්තෙත්වැඩට යන ගමන් වාහනයේ ඉදගෙනයි.

Tuesday, November 25, 2008

සුපර් සටාර් හා රියල් ස්ටාර් හරහා ෆේස් බුක් තුලින් සමාජ සේවයට

Super Stars ………





How much did u send SMS for them????
5 SMS s ? = Rs10 x 5 =Rs50
10 SMS s? = Rs10 x 10 =Rs100
100 SMS s? = Rs10 x 100 =Rs1000
Or more???








AND


Real Stars……….






How much did u donate for their fund?
At least a 1 Rupee ???
If you feel that you are still alive in this country because of these heroes…
Think…….. The decision is yours…



ලගකදි මට ලැබුනු විද්‍යුත් ලිපියක් තමයි ඉහතින් පල කලේ. ඒක දැක්කාම මගේ හිතට ලොකු හැගිමක් ආවා ඒ අසරණ වෙලාඉන්න රණවිරුවන් ගැන (මම නම් ඔය සුපර් සටාර් වැඩේට එක කෙටි පණිවිඩයක් වත් යැව්වේ නැ). මම ඒ ලිපිය මගේ හිතවතුන්ටත් යැවුවා. ඒඅය අතරින් එක් අක්කා කෙනෙක් මට පස්සේ එවපු විද්‍යුත් ලිපියක් තමයි මේ බ්ලොග් සටහන ලියන්න නිමිත්ත වුනේ.
එයා කාලයක ඉදන් රාජගිරියේ වික්ටෝරියා නිවාසයට හා ජයන්ති ලමා නිවාසයට යනවා එනවා. ඒ විතරක් නෙමෙයි එයාට පුලුවන් විදියට එවායේ ඉන්න ලමයින්ට පොත්පත් අරන්දිලා උදවු කරනවා. එයාගේ අදහස තනියෙන් ඒවගේ දේවල් කරනවාට වඩා කණ්ඩායමක් ලෙස කරනවිට එය වඩා සාර්ථක වේවි කියලා. එයා හිතනවා ඒවගේ අදහස් තියෙන අයට එකතුවෙන්න අන්තර්ජාලයේ කණ්ඩායමක්(යාහු, ගුගල්, ෆේස් බුක්) හැදුවොත් හොදයි කියලා. අපිට ඒ තුලින් තවත් අදහස් අරගෙන ඒ වගේ අසරණ වෙච්ච අය ඉන්නෙ නිවාස වලට උදව් කරන්න පුලුවන් කියල එයා විශ්වාස කරනවා. ඒ ගැන මගේ අදහස විමසලා තමයි ලිපිය එවලා තිබුනේ. ඒවගේම තමයි කාලයක පටන් එයාගේ හිතේ තිබුන ඒ අදහස හදිසියේම ඉස්මතු වුනේ මම යවපු සුපර් ස්ටාර් ලිපිය දැක්ක නිසාලු.
මමත් ඒ අදහස අනුමත කලා. අපිට කන්න බොන්න,ඇදුම් පැලදුම්, පොත් පත් අරන් දෙන්න, අසනිපය උනාම ලගින් ඉන්න දෙමවුවියෝ හිටියට එහෙම නැති අය කොච්චර ඉන්නවාද? ඒ අයට පුලුවන් විදියට අපි උදවුකලොත් එයින් එයාලට ලැබෙන සතුට අපිටත් සතුටක් වේවි.
මම යෝජනාකලේ ෆේස්බුක් වල කණ්ඩායමක් පටන් ගමු කියලයි, මොකක් හරි එක ආයතනයකට උදවු කරන්න. අපිට පුලුවන් අපේ හිතවතුන්ටත් ඒ කණ්ඩායමට එකතුවෙන්න කියන්න. පස්සේ කතාබහ කරලා ඒ ආයතනයට පුලුවන් විදියට උදව් කරන්නත් පුලුවන්නේ.

ඒවගේ කණ්ඩායමක් පටන්ගැනිමෙන් ඵලක්වේද?

පටන්ගන්නවානම් වඩා සුදුසු යාහු, ගුගල් හෝ ෆේස් බුක් නැතිනම් වෙනත් වෙබ් අඩවියක්ද?

Wednesday, November 19, 2008

චීන වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය



බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා කියලා”. ඒ කියන්නේ සැම විටම තමන්ට වඩා බුද්දිමතුන් ඇසුරු කරන්න කියන එකයි. එතකොට අපිට අපේ ජිවිතයට ඒ අයගෙන් ගන්න පුලුවන් හොදදේවල් එකතුකරගෙන වඩා සාර්ථක ජිවිතයක් ගොඩනගන්න පුලුවන් වෙනවා. මතකනේ අර ජාතක කතා පොතේ එන ගිරව් දෙන්නගේ කතාව. එක ගිරවෙක් හුලගට ගහගෙන ගිහින් වැටුනේ හොර රංචුවකට, අනිත් එකා වැටුනේ හොද තැනකට. හොර රංචුව ලගට වැටුන ගිරවාත් අන්තිමට හොරෙක් උනා. අපි අශ්‍රය කරන අය අපේ ජිවිතයට ලොකු බලපැමක් එල්ල කරනවා. ඒක නිසා සැමවිටම පණ්ඩිතයන්ව ඇසුරු කරන්න ඔනේ.
අපේ සියා කෙනෙක් හිටියා කැලනියේ. එයා පුරුද්දක් හැටියට පත්තර වලට ලියනවා. ඒ වගේ ලියලා පල වෙච්ච ලිපි මටත් දෙනවා කියවන්න. ඒ නිසා තමයි මටත් පත්තර වලට ලියන පුරුද්ද ඇති උනේ. මම ලියපු ලිපි, කවි වලින් කිහිපයක් පුවත්වත්වල පල වෙලාතියෙනවා. මමත් අපේ සියාගෙන් ගත්ත එක් හොද දෙයක් තමයි පත්තර වලට ලිවිම. ඒවා බ්ලොග් අඩවියේ පල කලොත් හොදයි කියලා මට හිතුනා. මොකද මේවා දැකලා තව කවුරුහරි ඒ පුරුද්ද ඇති කර ගනිනේ.
පලවෙනි එක තමයි මේ” චින වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය”
-------------------------------------------------------------
උදයානයක පොකුණක දැව මණඩපයක් විය.එය කලකට ඉහතදි මනහර හා විශිෂ්ඨ ලෙස පැවතුනි. පසුව මතුවු වේයෝ මණ්ඩපයේ බාල්ක, පරාල ආදිය කා දැමුහ. දැව මතුපිට කොටස් කා දැමිමෙන් අනතුරුව උන් උගුලකට හසුවි ඇතිබව උන්ටම අවබෝද විය. දැව මණඩපයෙන් පිටත බැලුවත් උන්ට පෙනුනේ ජලය පමණකි.
මෙසේ දැව මණ්ඩපය කාගෙන ගියහොත් මණ්ඩපය කඩා වැටි සියල්ලන්ම පොකුණේ ගිලි මරණයට පත්වන බව ඔවුන්ට අවබෝදවිය. වහාම වේයන්ගේ රැස්විමක් කැදවුනි. මෙහිදි විසදුමක් කෙටුම්පත් කරන ලදි. එමගින් දැව කැම නතරකල යුතුබව සියල්ලෝම පිලිගත්හ.
දැව මණ්ඩපය විශාල එකක් නිසාත්, එක් වේයෙකුගේ කැම ප්‍රමාණය කුඩා නිසාත් තමන් ටිකක කැවාත් එයින් වන හානිය නොගිණිය හැකි තරම් වේ යැයි වේයෝ සියලු දෙනා තනි තනිව කල්පනා කරන්නට වුහ.
අනතුරුව වේයන් සුපුරුදු පරිදි දැව මණ්ඩපය කැම නිසා සිදුවු හානියේ අඩුවක් නොවිය. අවසන තත්වය ඉතාමත් අයහපත් විය. නැවත රැස්විමක් කැදවන ලදි. නැවත සියලු දෙනා දැව නොකැමට එකග විය. නමුත් කලින් පරිදිම සියලු දෙනා පුරුදු පරිදි දැව මණ්ඩපය කා දැමුහ.
අවසන දිය මතුපිට තැනු මණ්ඩපය පොකුණට කඩාවැටි වේයන් සියලු දෙනාම විනාශ වුහ.
මෙය චින උපමා කථාවක් උවත් එක ලංකාවට හොදින් ගැලපේ.
දැව මණ්ඩපය ලංකාවේ ආර්ඨිකයටද වේයන් ලංකාවේ මැති ඇමතිවරුන්ටද සමාන කල නොහැකි යැයි කිව හැක්කේ කාටද?
මේ කථාව අවසානයේදි දැව මණ්ඩපය කඩා වැටිමෙන් විනාශවුයේ වෙයන් පමණකි. එහෙත් ලංකාවේ ආර්ඨිකය කඩා වැටිමෙන් විනාශ වන්නේ මැති ඇමතිවරුන් නොව සාමානය ජනතාවයි.

කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න

අදයාපන අමාතයාංශය මගින් පාසැල්වලට සුදුසු පොත් තෝරා පල කරනවා. මමත් මගේ “උසස් පෙළ ජය ගනිමු” පොත ඒ සදහා ඉදිරිපත් කලා. එසේ ඉදිරිපත් කරන පොත් විද්වතුන් දෙදෙනෙකු මගින් ඇගයිමට ලක් කර තමයි සුදුසු පොත් තෝරා ගන්නේ. ඒ වගේම තමයි ඇගයිමේ ප්රතිඵලත් දන්වා එවනවා. එහිදි පොතේ භාෂාව හා වාග්මාලාව , සදාචාරාත්මක බව, නිර්දේශ නොකරයි නම් එයට හේතු දන්වා එවනවා.
මගේ පොතටත් නිර්දේශ නොකරන්න හේතු දන්වලා එවලා තිබුණා.ඒ කියන්නේ මගේ පොත නිර්දේශ වුනේ නැ. මගේ පොතේ සැම පරිච්චේදයක් ආරම්භයේදිම මම යටින් යම් පාඨයක් සදහන් කර තිබුණා. උදාහරණයක් ලෙස” ජිවිතය නැමති ප්රසාදයේ පදනම පාසැල් ජිවිතයයි , “ගන්න ගත යුතු දේ, දෙන්න දිය යුතු දේ ” දක්වන්න පුලුවන්.
මගේ පොත නිර්දේශ නොකරන්න එක් හේතුවක් මෙලෙස දක්වලා තිබුණා. “ සැම පරිච්චේදයක් ආරම්භයේදිම දිලාන් ද සිල්වා( ඒ තමයි මම) නැමති අයකුගේ පාඨයක් ගෙන හැර දක්වයි. ඔහු කවුද? අදයාපඥනයෙක්ද? මනෝවිදයාඥනයෙක්ද? පිලිගත හැකි අයෙක්ද?
මෙම ලිපියේ අරමුණ එම තිරණය විවේචනයට ලක් කිරිම නොව , එම හේතුව විවේචනය කිරිමයි.
අදයාපඥනයෙක්, මනෝවිදයාඥනයෙක් නැතිනම් පිලිගත හැකි අයෙකු යනු කවරෙක්ද?.
අදයාපඥනයෙක් / මනෝවිදයාඥනයෙක් යනු අදයාපණය පිලිගදව, මනෝ විදයාව පිලිබදව අවම වශයෙන් පශ්චාත් උපාදියක්වත් ඇති අයෙක් ලෙස හැදින්විය හැකිද?(මෙහිදි විදයාව පිලිබදව ප්රථම උපාදියවත් නැතිව නව සොයාගැනිම් කල විදයාඥනයන් සිටින බව අමතක කලයුතු නොවේ) යමෙකු පිලිගත් හැකි අයෙකු වන්නේ කෙසේද? මගේ දැනුමට අනුව නම් ඒ ප්රශ්න සදහා පැහැදිලි පිලිතුරු නැත.

මාහට මතක් වන්නේ හිටපු ඇමතිවරයෙකුවු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කියමනකි. එනම් “ කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න”.
එහිදි එම පාඨයන් නොවැදගත් බව සදහන් කලේනම් ඒ ගැන වාදයක් නැත.එසේ නොමැතිව එය ප්රකාශකල අයගේ පිලිගැනිම සොයන්නට යැම නොකලයුතු දෙයක් බව මාගේ හැගිමයි. කවුරු ප්රකාශ කලද එය වටිනා දෙයක් නම් එය අගය කල් යුතුය.නැතිනම් ප්රතික්ශේප කල යුතුය.

Monday, November 17, 2008

මගේ පොත්

විජය පුවත්පතේ පලවන මල් මාමාගේ කතාවල් එකතු කරලා හදපු පොඩි කතා පොත් මම කියෙවුවේ අපේ ගෙවල් ලග ගෙදරකින්. ඒ වගේ පොඩි කතා පොත් වලට ඇතුවෙච්ච ආසාව නිසා මම නවය වසරේදි කතා කිහිපයක් ලියලා අර පොඩි ප්‍රමාණයට, පොතක් විදියට හැදුවා. සමනලයා හා මි මැස්සා, අරුම පුදුම බංගලාව ඒ විදියට ලියපුපොත් දෙකක්.අරුම පුදුම බංගලාවෙන් කියවුනේ වනාන්තරයක් අතරමන්වු ලමයෙකුට හමුවන අත්භුත බංගලාවක් හා බැදි සිද්ධි දාමයකි.

සාමානය පෙළ කරලා ගෙදර ඉන්න දවස් වල “පුන්චි විරයෝ” කියලා පොතක් මම රචනා කලා. ඒ කතාවට මුල් වුනේ පාසැල් ලමුන් තිදෙනක් කැලයේ සිටින හොරු රන්චුවක් අල්ලා දිමට කරන විර ක්‍රියාන්විතයයි.
මම උසස් පෙළ ලියලා ගෙදර ඉන්න දවස්වල “උසස් පෙළ ජය ගනිමු” කියලා කෘතියක් රචනා කලා. මගේ අත්දැකිම් ඇසුරින් එය රචනා කලේ උසස් පෙළට සුදානම් වන සිසුන්ට අත්වැලක් වන ලෙසයි.
ඒ පොතෙන් මාතෘකා දහඅටක් යටතේ කරුණු සාගච්චා කලා.

ඔබ ඉගෙන ගන්නා විශයන් අමාරුද?
ටියුශන් යා යුතුද?
පාසල-ඔබ
ගුරුවරයා-ඔබ
දෙමාපියන් - ඔබ
මිතුරන් -ඔබ
අදයාපනය - තාක්ශණය
පාඩම් කිරිමට සුදුසු වේලාව
පාඩම් කල යුතු තැන
පාඩම් කල යුත්තේ කෙසේද?
පාඩම් කිරිමේ ක්‍රම ශිල්ප
විභාගය ලග ලග
විභාග දිනයේදි
ස්මරණය
අමතකවිම හා එයට පිලියම්
විභාගය, බාහිර ක්‍රියාකාරකම්
ගැටලු හා විසදුම්
විභාගයෙන් පසු

ඒපොත අවශය අය ඉන්නවානම් මට දන්වන්න(dilanqs@yahoo.com). නොමිලේම මෘදු පිටපතක් ලැබෙන්න සලස්වන්නම්.නැතිනම් මේ සම්බන්දතාවයෙන් ගිහින් අන්තර්ජාලයට එකතු කරපු ඒ පොත බලන්නත් පුලුවන්

කැම්පස් එකේ ඉන්න දවස්වල අපි, අපේ පාසලේ ආරම්භ කරපු”සරසවි මිතුරෝ” සංවිධානයෙන් “උසස් පෙළට පිවිසුමක්” කියලා පොතක් පල කරලා උසස් පෙළට තේරුනු ලමයින්ට නොම්ලේ බෙදාදුන්නා.අපි ගුරුවරු කිහිපදෙනෙක්ව උපදේශක මණ්ඩලයටත්, එක් විෂය ධාරවකට සාමාජිකයින් දෙදෙනා බැගින්නුත් යොදවලා තමයි පොත රචනා කලේ. උසස් පෙළට පිවිසුමක් පොතෙන් පහත මාර්තෘකා අපි සාගච්චා කලා.

• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• ඉංග්‍රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
• විශ්ව විදයාලා උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

ඒ ආ මගේ ඉදිරිය …….

Sunday, November 9, 2008

එදිනෙදා මුලය කලමණාකරණය 2


ෆැර්ටෝ නියමය (80/20 නියමය)
ඉතාලි ජාතික ආර්ථික විදයාග්නයෙක් වන පිල්ප්‍රඩෝ ෆැර්ටෝ විසින් මෙම නයාය ලොවට බිහි කරන ලදි. ඉතාලි ජනතාවගේ දනය පිලිබදව අදයනය කල ෆැර්ටෝ ඉතාලි දනයෙන් 80% පමණ අයිතිකරගෙන සිටින්නේ 20% පමන සුලු ඉතාලි ජාතිකයන් පිරිසක් බවත්, 20% අයිතිකරගෙන සිටින්නේ 80% පමණ පිරිසක් බවත් සොයා ගත්තේය.මෙම අසමතුලිතතාවය ඉවත් කරන තුරු රටේ ප්‍රශ්න විසදිම දුශ්කරබව ඔහුගේ අදහස විය.


මෙම නියාය නිවසේ/ අපගේ ඵලදායිතාවය ඉහල නැංවිමට යොදාගත හැකිය. මා කලින් කිවා මෙන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) කර ඒ මාසයේ මුදල් වියදම් වි ඇති අයිතමයන් පිලිබදව වැටහිමක් ලබා ගන්න.
උදා:
මාසික ආදායම රු.13340.00 වන අයෙකුගේ මාසික වියදම විශ්ලේශණ්‍ය කර අවරෝහණ පිලිවෙලට සකස් කල විට මෙසේය.( අයිතමයන් සදහා වන මුදල් ප්රායෝගිය නොවිය හැක)

අයිතමය මුදල ප්‍රතිශතය
1 කාමර කුලිය 4000.00 29.99
2 ආහාර සදහා 3000.00 22.49
3 ප්රවාහන වියදම් 2000.00 14.99
4 දුම් වැටි,මත් පැන් 1700.00 12.74
5 උත්සව වලට 650.00 4.87
6 ඇදුම් වලට 500.00 3.75
7 දුරකතන 400.00 3.00
8 බෙහෙත් 300.00 2.25
9 ච්ත්‍රපටි බැලිමට 200.00 1.50
10 වෙනත් වියදම් 200.00 1.50
11 පොත් මිලදි ගැනිමට 100.00 0.75
12 ජායාරුප 100.00 0.75
13 ආදාර 50.00 0.37
14 තැපැල් ගාස්තු 50.00 0.37
15 CD 30.00 0.22
16 හේයා ක්‍රිම් 30.00 0.22
17 දත් බුරුසු 20.00 0.15
18 පැන් 10.00 0.07
වියදම 13340.00 100.00



ඔහුගේ මාසික ආදායමෙක් 80% ක් පමණ වැය වන්නේ පලමු අයිතමයන් 4(20%) සදහායි. වියදම් අඩු කරගැනිමට නම් ඔහු අඩුකරිමට උත්සහ කලයුත්තේ පලමු අයිතමයන් 4(20%) හි වියදම්වේ. දුම්වැටි වලට වැයකරන මුදල අඩුනොකර ඒ වෙනුවට පොත් මිලදි ගැනිමෙන් වැලකිසිට වියදම් අඩු කිරිමට උත්සහාකරනවානම් එය එතරම් ඵලදායි නොවේ.

විටින් විට කෙටිකැම වේලවලට නොගොස් සිටිමට හැකිනම් ආහාර සදහා වැයවන මුදල අඩුකර ගත හැකිවේ.
ඔබගේ විශ්ලේශණ්‍ය අදාල ප්‍රදාන අයිතමයන් හදුනාගන්න. එම අයිතමයන්ගේ වියදම අඩුකර ගත හැක්කේ කෙසේදැයි සැලසුම්කරන්න.


ආශිත පොත් :
ෆොන්සේකා, ලාල්.,2007.නිවසේ ඵලදායිතාවය.කොලඹ.සදිපා ප්‍රකාශන.

එදිනෙදා මුලය කලමණාකරණය 1

මාසේ මුලදි අය වැය ඇස්තමෙන්තුවක් හදලා, ඒ ඒ මාසයේදි යන වියදම් සටහන් කරලා තබා ගන්නවානම් එය හොද මුලය කලමණාකරණයක්(Cost Management) සදහා අත්වැලක් වේවි. O/L, A/L වලදි වගේම කැම්පස් යන කාලේදිත් මගේ මාසේ වියදම අම්මා මට දෙන්නේ මාසේ මුලදිමයි. අය වැය හිගයක් ඇතිවුනොත් මාසේ අන්තිම දවස්වල(රිම් එකෙන් දුවනා කාලේ) අම්මාගෙන් ඉල්ලගන්න බැරිවෙන බව දන්න නිසා මාසේ මුලදිම අය වැය ඇස්තමේන්තුවක් හදලා ඒ මාසෙට සුදානම් වුනා.
ඒ වගේම තමයි එදිනෙදා වියදම් සටහන් කිරිමේ පුරුද්දකුත් මට තිබුනා/තිබෙනවා. උපකාරක පන්ති ගාස්තු, ප්‍රවාහන වියදම් තමයි A/L කරන දවස් වල ප්‍රදාන වැය අයිතමයන් වුනේ, දැන්නම් බෝඩින් ගාස්තු, ආහාර වියදම් තමයි. ඒ දවස්වල වියදම් ලියන්න ගියාම වෙන ලොකුම ප්‍රශ්නය තමයි අමතක විම.දවස් දෙක තුන අමතක වෙලා එක පාරම ඒවා ලියන්න ගියාම සමහර වියදම් මතක නැ.ඉතින් එවා “වෙනත් වියදම්” කියාලා දානවා. හැම මාසෙම වෙනත් වියදම් ගොඩක් එනවා. දැන් වියදම් සටහන් කරන්නේ එක්සෙල් වැඩපතක නිසාත්, හැමදාම වාගේ පරිඝණකය භාවිතාකරන නිසාත් මග හැරෙනවා අඩුයි.

ලාල් ෆොන්සේකා මහත්මයගේ “නිවසේ ඵලදාවිතාවය” කියන පොතේදි ඔහු මෙහෙම සදහනක් කරලා තිබෙනවා.
“එක්තරා ප්‍රසිද්ද ඇමරිකානු මුදල් සැලසුම්කරුවෙකුගේ අදහස පවා වුයේ බොහෝමයක් ජනයාට තමන්ගේ ආදායමෙන් 20% ක්වත් වැයවු ආකාරය පිලිබදව දැනිමක් නොමැති බවයි. අප වැනි රටකට මෙකි ප්‍රකාශය කිසිසෙත් සාදාරන විය නොහැක. අප රටේනම් මගේ අත්දැකිම් අනුව 70%ක් පමණ ප්‍රමාණයක් මේ තත්වයට ඇද වැටෙනු ඇත.”


කැම්පස් යන දවස් වල අන්තිම සතියේදි විතර අතේ තිබෙන මුදල ඉදිරි දවස් ටික ගෙවා ගන්න මදිවෙයි(Cost overrun) කියලා තෙරෙන කොට උදේට/හවසට රුපියලේ ප්ලේන්ටීය බිලා කන එලවලුරොටිය එකෙන් එලවලුරොටිය කපලා දනවා(Cost cutting). එහෙම කරලත් ගොඩ එන්න බැරිනම් කාගෙන් හරි ණයක් ගන්න තමයි වෙන්නේ.
O/L වලදි වියදම් සටහන් කරන්න ඇතිවුන පුරුද්ද තවමත් තිබෙනවා, එදාට වඩා ක්‍රමවත්ව.ඒ විතරක් නෙමෙයි, දැන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) ද කරනවා. එකෙන් ඒ ඒ මාසේ මුදල් වියදම් වු ආකාරය පිලිබදව හොද වැටහිමක් ලබා ගන්න පුලුවන්. මම දැනට පාවිච්චි කරන එක්සෙල් වැඩපතේ ආකෘතියක් මෙතනින් බලන්න පුලුවන්.
මගේ ඒ පුරුද්ද ඔබත් පටන් ගන්න එය ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

Wednesday, October 29, 2008

ඇමරිකානු ආර්ථිකයට ඇද වැටුනි… ඉලගට…





මේ දිනවල කතාබහට ලක්වන වැදගත් මාර්තෘකාවක් වනුයේ ඇමරිකානු ආර්ථිකයේ සිදුවි ඇති පසුබැමයි. එය ඇමරිකාවේ ඇති නිවාස වල මිල අදික ලෙස ඉහල යැම නිසා(Bubbles in housing ) බිද වැටිම(Blast) නිසා සිදුවුවකි. නිවාස හා ඉඩම් වල මිල අඛන්ඩව ඉහල යැම යම් යම් හේතු නිසා සිදුවන අතර එය ආර්ථික විදයාවේ හැදින්වෙන්නේ බුබුලක් (Bubbles) ලෙසිනි. මෙම බුබුල ක්රමයෙන් ප්රසාරණයවි යම් කාලයකට පසුව බිද වැටිම සිදුවේ. ඇමරිකාවේ සිදුවුයේ මෙයයි. එහෙත් ඇමරිකාව මෙය සිදුවු පලමු රට හෝ අවසාන රට නොවන බව අප මතක තබාගත යුතුය.

ඇමරිකානු ආර්ථිකයට සිදුවුයේ කුමක්ද?


ඇමරිකානු ආර්ථිකය තුල නිවාස සදහා ඉල්ලුම වැඩි විය. ඉල්ලුමට හා මිල අතර ඇති අනුලෝම සම්බන්දය නිසා මිලද වැඩිවිය. ඒ සමගම මිනිසුන් තමන්ගේ මුදල්වලින් නැතිනම් බැංකු ණය ලබාගෙන හෝ නිවාස ඉදිකෙරුමට පෙලබුනේ මිල ඉහල ගිය පසු විකුණාගැනිමේ අදහසින්.ඔවුන් එසේ කලේ බැංකුවේ මුදල් තැම්පත් කරනවාට වඩා එය නිවාස ක්ශේතයේ ආයෝජනය කිරිමා ලාභදායක බව ඔවුනට පෙනි ගිය නිසායි. මෙසේ අඛන්ඩව මිල ඉහල ගිය (බුබුල ප්රසාරණය විය) අතර පසුව පුපුරාගියා. එනම් නිවාස වල මිල පහල බැස්සා. 2005 වසරේදි නිවාස වල මිල ගණන් උපරිම අගයට පැමිනි අතර 2006 වසරේසිට එය අඩුවිමට පටන් ගත් අතර තවමත් එය අඩුවෙමින් පවති.4
රොබට් ශෙලි විසින් එරට නිවාස මිල හා ජනග්රහණය ප්රතාරගත කල අතර ඒ අනුව 1940 සිට 2004 දක්වා නිවාස මිල වාර්ශිකව 0.7% ප්රමාණයකින් ඉහල ගොස් ඇත.එහෙත් එක්සත් ජනපද ජන සංඛයාලේඛන දෙපාර්තුමේන්තුවට අනුව එය 2%කි.4


නිවාස වල මිල අඛණ්ඩව ඉහල යන නිසා බැංකුද නිවාස ඇපයට තබාගෙන ණය නිකුත්කලත් මිල පහල බැසිමෙන් පසුව එම ණය ගෙවිම ණය කරුවන් පැහැර හැරියා. එයට හේතුව වුයේ ගෙවිය යුතු ණය ප්රමාණය නිවසේ වටිනාකමට වඩා වැඩි විම නිසායි.එම නිසා නිවාස බැංකුවට අයිති වුවද එහි වටිනාමක ණය පියවාගැනිමට ප්රමාණවත් වුනේ නැ. එමෙන්ම නිවාස වල මිල අඛණ්ඩව ඉහල යන නිසා බැංකු රැකියා,දේපල නොමැති අයට පවා ණය (නින්ජා ණය)ලබාදි තිබුණා. තවද මෙසේ ණය වාරිය නොගෙවා සිටිම නිසා බැංකු අඩපණවනවිට තැම්පත්කරුවන්ද සිය මුදල් නැවත ලබා ගත්තා. මෙය බැංකු බංකොලොත් විම දක්වාද දුරදිග ගියා.

නිවාසවල මිල ගණන් ඉහල යැමට හේතු කවරෙක්ද?


අඩු පොලි අනුපාතිකයන්
ඉහල ආර්ථික වර්දනය

එය අපිට බලපාන්නේ කෙසේද?
අපේ රටේ නිශ්පාදනය කරන ඇගලුම් වලින් 4% පමණ අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට2. ඇමරිකානු ආර්ථිකයහි පසු බැස්ම නිසා ඔවුන් මිලදි ගැනිම සිමාකලහොත් එය අපිට අහිත කර ලෙස බල පානවා. මෙය ඇගලුම්වලට පමණක් නොව අනෙකුත් අපනයන වලටත් පොදුයි. තවද ලංකාවට ලබාදෙන ආදාර අඩු කලහොත් එය ද අපිට හිතකර නොවේ.

එයින් අප ඉගෙනගත යුත්තේ කුමක්ද?

ලංකාවේ දේපල වෙලදාම් ක්ශේත්රයේද බුබුලක් ලෙස මිල ඉහල යාම සිදුවේ(Bubbles in property market) මෙය ලංකාවට විවෘත ආර්ථිකය හදුන්වාදිමෙන් පසු ඇතිවු අතර පසුව හටගත් යුද්දය නිසා තවත් ප්රසාරණය විය. උතුරු නැගෙනහිර පලාත්වල ජනතාව කොලඹ අවට ප්රදේශවලට සංක්රමනය විමත් සමගම ඒ ප්රදේශවල ඉඩම්, නිවාස සදහා ඉල්ලුමත් ඒ සමගම ඒවායේ මිලත් වැඩි වුවා. මෙය සුනාමි වයසනය විසින් උද්දිපනය කරනු ලැබුනා. 2004 වසරේදි ඉදිකිරිම් ක්ශේතයේ නිම කරන ලද වැඩ වලින් වැඩිම ප්රමාණයක් කෙරි ඇත්තේ කොලඹ දිස්තිකයේ වන අතර එය 42.3% පමණ විම එය හොදින් තහවුරු කරනවා.3

වර්තමානයේදිත් ලාංකිකයන් බැංකුවේ මුදල් තැම්පත් කරනවාට වඩා එම මුදලින් ඉඩමක් මිලට ගැනිමට පෙලබෙන්නේ ඉඩම් වල මිල ගණන් වේගයෙන් ඉහල යන බව දන්නා නිසායි. බස්නාහිර පලාත තුල ඉඩම්වල මිලගණන් වාර්ශිකව 25% ප්රමාණයකින් ඉහලයන බවද සදහන්. කොන්ඩොමිනියන් මැනේජ්මන්ට් අදිකාරියේ නිලදාරින් පවසන පරිදි 2006 වසර තුල නිකුත් කෙරුනු කොන්ඩොමිනියන් සහතික ප්රමාණය 2006 වසරට වඩා 35% ගුණයකින් ඉහල ගොස් ඇත.1
මෙම බුබුල ඉදිරියට තවත් ප්රසාරණය වේවි. එය බිදවැටිම සිදු නොවන්නක් බව කිසිවෙකුට කිව හැකි නොවේ.
උතුරේ යුද්දයේ නිමාව බුබුලේ බිද වැටිමට එක් හේතුවක් විය හැකිය. යුද්දයහි නිමාව සමග කොලඹට ඒක රාශි වු උතුරේ ජනතාව නැවත සිය නිජ බිම් කරා යනු ඇත.එම ප්රදේශවල කර්මාන්තශාල බිහිවනු ඇත. ඒ තුලින් කොලඹ ප්රදේශයේ ඉඩම් වලට ඇති ඉල්ලුම පහල ගොස් මිල පහල බසිනු ඇත.
එසේ බුබුල බිද වැටුනහොත් ඒ සදහා මුහුණ දිමට බැංකු ඇතුලු මුලය ආයතන සුදානම් විය යුතුය. නැතහොත් ඇමරිකාවට වු දෙය අපටද සිදුවිය හැකි අතර එයට මුහුණදිම අප වැනු රටකට ඉතා අපහසු වනු ඇත.
ඒ සදහා බැංකු වලින් නිවාස,ඉඩම් හා විවිද දේපල සංවර්දන වයාප්රැති සදහා ණය ලබාදිමේදි ප්රමාණවත් පරිදි ඇප හා කොන්දේසි පැන විය යුතුය.


ආශිත ලිපි:
1. Sri Lanka property bubble on the bursting path August. [Online]. Available from http://www.lankanewspapers.com/news/2007/8/18625_image_headline.html [Date of access: 20 October 2008]

2. ද සිල්වා, හර්ශ.,ඇමරිකාව ඇතුලු රටවල පවතින ආර්ථික අර්බුදය නිසැකවම අපිටත් බලපානවා.2008-10-19.ඉරිදා ලක්බිම.

3. INSTITUTE OF CONSTRUCTION TRAINING AND DEVELOPMENT, 2005. Annual Survey of Construction Industries: Colombo.

4. United States housing bubble. [Online]. Available from http://en.wikipedia.org/wiki/US_property_bubble[Date of access: 20 October 2008]



පසු වදන:
ඉහත ලිපිය රචනා කිරිමෙන් පසුව, පසුගිය දිනවල ලංකාවේ ආර්ථිකයට සිදුවු බැලපැම් කිහිපයක් මෙසේය.

1) තේ වෙලදපොල කඩා වැටේද?

ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයක ආර්ථිකයේ සිදුවු පසුබැම නිසා පසුගිය තේ වෙන්දෙසියේදි ඉදිරිපත්වු තේවලින් 70% ක්වත් අලෙවි නොවුනු බව පැවසේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ගැනුම් කාර රටවල මිලදිගැනිමේ ශක්තිය අඩුවි ඇත. ලංකාවේ ප්රදාන ගැනුම් කරුවන් වන්නේ රුසියාව හා මැදපෙරදිග රටවල්ය. රුසියාවේ රුබල් 12%කින් අවප්රමාණවි ඇති අතර ඛනිජ තෙල්වලමිල අඩුවිම නිසා මැදපෙරදිග රටවල ආදායම අඩුවි විඇත.
මෙම අර්බුදයට පිලියමක් වශයෙන් තේ මණ්ඩලය ඉදිරි තේ වෙන්දේසියට ඉදිරිපත් වන තේ වලින් 20% පමණ මිලදි ගැනිමට බලාපොරොත්තු වන බව සදහන්ය. ඔවුන් එම තේ තානාපතිවරුන් හරහා අලෙවි කිරිමට බලාපොරොත්තු වේ.(එහෙත් එය මෙම අර්බුදයට තාවකාලික පිලියමක් බව පැවසිය යුතුය). තේ මණ්ඩලය වැවිලි කටයුතු පිලිබද අමාතයාංශය හරහා බැංකුවලින්, ණය සිමා ලිහිල් කරන ලෙසද ඉල්ලා ඇත. තේ පර්යේශණ ආයතනය, තිරුබදු සහන යටතේ යන්ත්ර ගෙන්විමට,ඉවතලන තේ මගින් කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට පොලි රහිත ණය ලබාදෙන ලෙස අය-යැය සදහා යෝජනා කර ඇත. (එම යෝජනා තේ කර්මාන්තයේ දියුණුවට හේතුවන නමුත් පවත්නා අර්බුදයෙන් මිදිමට මගක් නොවනු ඇත)තවද 2005 වසරේ ජනවාරි මස අහෝසිකල තේ , රබර් හා පොල් නිශ්පාදකයන් ආරක්ශාකිරිමට පිහිටුවා තිබු ස්ථායිතාවයේ අරමුදල නැවත ඇරබිමට රජය මහ බැංකුවට උපදෙස් ලබාදි ඇත.
ජනාදිපතිතුමා විසින් ලංකාවේ මිතුරු රාජයක් වන ඉරාකයෙන් වැඩිපුර තේ මිලදිගන්නාලෙස ඉල්ලිමක් කිරිමටද නියමිතය.එමෙන්ම දැනට තෙල් ණයට ලබාදෙන හය මසක් වු කාල සිමාව වැඩිකරන ලෙස ඉල්ලිමටද එම ණය මුදල් තේ සදහා හුවමාරු කිරිමටත් යෝජනා කිරිමට නියමිතය.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=612525654
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1159694967
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=550764293
http://www.sundayobserver.lk/2008/10/26/fin05.asp
http://www.dailynews.lk/2008/10/29/news01.asp


2) ඩොලර් සංච්ත අඩුවේ

පසුගිය සැත්තැම්බර් අගදි පසුගිය විදේශ සංච්ත ප්රමානය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 සිට 2.6 දක්වා පහත වැටි ඇත. මෙයට හේතුව වනුයේ ආර්ථික අර්බුදය නිසා ලෝක මුලය වෙලද පොලේ විදේශ්කයන් සතු රුපියල් සුරැකුම්පත් ශිග්රයෙන් මූදල් කර ගැනිමයි. වර්දනය වන අයවැය පරතරය සමග විදේශ මුදල් පිටතට ගලා යැම නිසා ගෙවුම් ශෙශ හිගය ත්වත් වැඩි වනු ඇත.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1652460096


3) කුරුදු මිල පහලට

ලෝක ආර්ථික අර්බුදය හමුවේ රුපියල් 800-900ක් වු කුරුදු කිලෝවක මිල රුපියල් 650-700 දක්වා පහත වැටි ඇත.තවද මෙක්සිකොව වැනි ගැනුම් කරුවන්ද ගෙවිම් පමා කර ඇත.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1528266247


To view in PDF format :Click

Sunday, October 26, 2008

ආරම්භය දැන ගන්න මම උනන්දු ඇයි?

සාමානය පෙළ දි තිකොණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියලා ගුරුතුමා ඉගැන්වුවා. එක සාදනය කලේ සරල රේකාවක පිහිටි බද්ද කොණ වල එකතුව අංශක 180යි කියන පමේයය යොදාගෙන.
ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 නිසා ලු , සරල රේකාවක පිහිටි බද්ද කොණ වල එකතුව අංශක 180යි කියල කියන්නේ.
ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 යි කියන මුලය නිසා තමයි තිකොණයක කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්නේ. අපි පමේයක් සාදනය කරනකොට ලියන පියවරවලට හේතු ලියන්න කියල ගුරුතුමා අපිට ඉගැන්වුවා. හැබැයි මුලය, ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 කියන එකට හේතුවක් ඉගැන්වුයේ නැත්තේ ගුරුතුමාත් එක නොදන්න නිසා විය යුතුයි. ගුරුතුමා විතරක් නෙමේ ඒ දැනුම සොයාගත්තු අයටත් එකට හේතුවක් නැතුව ඇති.
නලින් ද සිල්වා මහාචාර්ය තුමා කියන ආකාරයට බටහිර ගණිතයහි සංකල්ප වැලක එක් සංකල්පයක් ඉට කලින් ඇති තවත් සංකල්පයකින් විස්තරකෙරෙන නමුත් මුලය විස්තර කෙරෙන්නේ නෑ.
මුලය නැති උනොත් ඔක්කොම අවසානයි.හරියට දෙවියන් වහන්සේ නැතිවුනොත් කස්තියානි, මුස්ලිම් ආගම්වල සියලුදේ නැතිවෙනවා වගේ.
කස්තියානි (Christian) ආගමේ අනුභාශයෙන් බිහිවු, මම ඔබ ඉගෙනගත් බටහිර ගණිතය, විදයාවන්හි බොහෝ දේ එක රේකිය වේ. එනම් යම් මුලයකින් ආරම්භවි ඉදිරියට ගලා යයි.
පරිණාමවාදය, මහා පිපුරුමිවාදය ඒ සදහා හොද උදාහරණ. ඒ විදයාවන් ඉගෙනගත් අපි හැම විටම උත්සාහ කරන්නේ මුලය හොයන්න. මුලයන් පටන් ගෙන ඉදිරිය ගැන තෙරුම් ගන්න.
හැබැයි කස්තියානි ආගමේ අනුභාශයෙන් බිහිවු විදයාවන් ඉගෙනගෙන ඉහලට ගියාට අපි හැදි වැඩුනු බෞද්ද සමාජයේ එන රේඛිය නොවු හේතුපල වාදය වැනි චක්රිය දර්මතාවයන් අමතක කරන්න බැ.
ඒකනිසා මුල සොයන්න උනනදු වෙන අතරම අගක් මුලක් නැති දේවලුත් මේ ලොකයේ තිබෙනබව සිතේතබා ගෙන කටයුතු කරන්න ඔනේ.


To view in PDF format:Click

Wednesday, October 15, 2008

"ගොහුරු මඩින් පන්නරයෙන්" හෙලිවන ආර්ථික ඝාතකයෝ

ආර්ථික ඝාතකයා යනු දුප්පතුන් වෙත ගොස් ඔවුන්ට අති විශාල වශයෙන් ණය ලබාදි ඔවුන් අසරණ කර ඔවුන් සතු, තමන්ට අවශයදේ තමන් සතු කර ගන්නට උත්සහා කරන්නෙකි.

ආර්ථික ඝාතකයා වනාහි නව අදිරාජයවාදය ගොඩ නැගිම සදහා දනවාදි රටවල් භාවිතා කරන්නාවු යාන්තණයකි. මෙය දේශ හිතේශි ජාතික ව්‍යාපාරය මගින් පකාශිත “බටහිර බලය හා ලංකාවේ ඉරණම” කෘතියේ මනාව විග්රහ කර ඇත.මෙම පොතේ ජොන් පර්කින්ස් නම් ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරනයක්ද ඇතුලත් කර ඇත. ආර්ථික ඝාතකයා (Economic Murder) ක්‍රියාත්මක වන්නේ දනවාදි රටවල් මගින් පමණක්ද? නැත. එය වනාහි දනවාදි රටවල්, දුප්පත් රටවල් ග්‍රහනයට ගැනිමට මෙන්ම දනවතුන්, දුප්පතුන් ග්‍රහණයට ගැනිමට යොදන යාන්තණයකි.
වජයරත්න දොලවත්ත මහතාගේ “ගොහුරු මඩින් පන්නරයෙන්” කෘතිය වනාහි එක්දාස් නවසිය තිස් ගණන්වල බෝමිරිය ගමේ සාමානය දුගි දුප්පත් ජනතාවගේ එදිනෙදා ජිවන රටාව විවරණය උදෙසා කරන ලද වැයමකි.

එම කෘතිය තුලින්ද අප සමාජයේ එදා ජිවත්වු ආර්ථික ඝාතකයන් කිහිප දෙනෙකු හදුනාගත හැකිය. එහි කතානායකයාවන පියරත්නගේ ලොකු අක්කගේ අසනිපයට පිලියමක් ලෙස තොවිලයක් නැටවිමට මුදල් නැතිව සිටිනවිට පියරත්නගේ අම්මාට, ඉල්ලිමකින් තොරව රුපියල් 400 ලබාදුන් බබානිස් සියා පසුව ඔවුන්ට අයිති බුටැවට දං කැලේ පියරත්නගේ අම්මාට අයිති කොටස ලියා ගන්නා ලදි

තවද බෝමිරිය ගමේ සාමවිනිසුරු යෝතන් ආරච්ච්රල, මාගිරිස් අප්පුහාමිගේ බිරිදගේ වියෝවෙන් පසුව පැමිණ ඉල්ලිමකින් තොරව ඔහුට රුපියල් 850 ක් ලාබාදෙයි. ටික කලකට පසුව ඔහු ඒ වෙනුවට මාගිරිස් අප්පුහාමිට අයත් කනතු ඉඩම් කැබැල්ල ලියාගන්නා ලදි.

ලේකකයා පවසන පරිදි මේ යෝතන් ආරච්ච්‍රල වැනි ආර්ථික ඝාතකයන්ගේ පසු පරම්පරාවල උදවිය එම ඉඩම් විකුණා කෝටිපතියන් වන්නේ ඉහතකි මාගිරිස්ලාගේ පවුල්වල නුතන පරම්පරාවල දරුවන්ට පැලක් අටවාගන්නට බිම් අගලක් නැතුව ලැතැවෙද්දිය.

එම චරිත හා පසුකාලිනව ඇතිවු සිද්දි දෙස බැලිමේදි අප සිහි තබාගත යුතුව ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන්වල ගණන්වල පමණක් නොව මෙවැනිවු අනුන්ගේ දුර්වල කමින් තම සාක්කුව පුරවා ගැනිමට තැත් කරන අය මේ සමාජයේ දැනුදු සිටිය හැකි බවත්, එ අයගෙන් අප/අප රට මෙන්ම අපගේ අනාගත පරම්පරාවන්ද රැකගැනිමේ වගකිම අප වෙත ඇති බවත්ය.
බටහිර බලය හා ලංකාවේ ඉරණම කෘතිය ආරම්භයේ එන පහත කතාව රසවිදින්න, වටහාගන්න.




To view in PDF format:Click

Wednesday, October 8, 2008

මම සැබැ සිංහලයෙක්, ඔබ?




සිංහයයින්ගේ ආරම්භය කොතනද?එය ආරම්භ වුයේ විජය රජු රජුගෙන්ද? නැතහොත් විජය රජු ඉන්දියාවේ සිට මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගේ එකමුතුවෙන්ද?(මම ආරම්භය සොයන්න උනන්දුවන්නේ ඇයි කියලා ඉදිරියේදි කියන්නමි)



මහාවංශයේ සදහන් වනුයේ සිංහල ජන වර්ගය පැවැතෙන්නේ විජය රජුගෙන් බවටය.
එවිට විජය රජු පැමිනන විට සිටි යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවුහෙලයින්ට සිදුවුයේ කුමක්ද?
මෙහිදි මා සිතනුයේ යක්ශ,නාග,දේව,රාක්ශ සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගෙන් සිංහල ජන වර්ගය ඇතිවු බවයි.
එනමි විජය රජු මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින් සතු සංස්කෘතිය විසින් විජය රජු ගෙනාආ සංස්කෘතියහි යම් යම් දේ අවශෝෂණය කරගෙන සිංහල ජන වර්ගය හා සංස්කෘතිය වර්දනයවි ඇති බවයි. මෙය එක දවසකින් දෙකකින් සිදුවුවක් නොවේ,කාලයක් මුලුල්ලේ සිදුවු පරිණාමයකි.
අනුරාදපුර යුගයේ සදකඩ පහනේ තිබුනු ගව රුපය පොලොන්නරු යුගයේදි ඉවත් කෙරුනේ දෙමල ජනවර්ගයෙන් කෙරුනු බලපැම් නිසයි. එවගේම සිංහලයන්ගේ (සිවු හෙලයින්ගේ) සංස්කෘතියත් විජය රජුගේ සංස්කෘතියන් ඔපවත් වෙන්න ඇති.

මෙහිදි සිවුහෙලයින්ගේ සංස්කෘතිය විසින් විජය රජුගේ සංස්කෘතිය අවශෝෂණය කර ගත්තාමිස විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නැත. යම් හෙයකින් ව විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නම් අපද දෙමල වැනි දවිඩ කුලයට අයිති භාෂාවක් කතා කරනු ඇත.එනම් අප වර්තමාන තමිල්නාඩුවේ අනාර්යයන් දවිඩ භාෂාව කතාකල සංකරමණිකයන්ට මුලුමනින්ම අවශෝෂණය වුවා මෙන් අවශෝෂණය වුයේ නැත, එනම් අප දවිඩකරණයට හසු වුයේ නැත එමෙන්ම අහංගම මහතාට1 අනුව සිංහල යනු විජය ගෙනා භාෂාවක් නොවේ. එනම් සිංහල භාෂාව මෙහි සිවුහෙලයින් සන්නිවේදනය සදහා අනාදිමත් කාලයක සිට යොදාගත් භාෂාවයි.
විජය රජු පැමිනිමට බොහෝ කාලයකට පෙර සිට මෙහි වාසය කල යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවු හෙලයින් හැදින්විමේ පහසුවතකා සන්දි කර පසුකාලිනව “සිංහල” ලෙස හැදින්වුවා විය හැක. එමෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට3
අනුව සිංහල ජාතියද චින ජාතිය මෙන්ම ලොකයේ ඉතා පැරණිම ජාතියකි.

"කි‍්‍රස්තු වර්ෂයෙන් 7 වැනි අවුරුද්දේ මේ රටේ හිටපු භාතිය රජ්ජුරුවන්ගෙ දූත පිරිසක් ගිහින් තියෙනවා රෝමයට. ගී‍්‍රක ලේඛනවල ඒක තියෙනවා. එතකොට අහලා තියෙනවා නුඹලාගේ රටට කියන නම කුමක් ද කියලා. ඒ අය කියා තිබෙන්නේ අපේ රටට කියන්නෙ ‘සිහලදිව‘ කියා කියලයි. මේ විජයගෙ පැමිණීමට පෙර කි‍්‍රස්තුන් වහන්සේගේ උප්පත්තියෙන් 7 වැනි වසරේ.සිහළ කියන එක තමයි ‘හෙළ’ වෙන්නෙ.විජයට පෙර මේ රටේ සිහළ පිරිස හිටියා." - මහාචාර්ය මැන්දිස් රෝහණධීර


--------------------------------------------------------------------------------------------


මෙහිදි මිට වසර ගණනාවකට පුවත්පතක පලවු ලිපියක් සිහිවේ.(එම ලිපිය අම්මා සකස් කර දුන් දහවල් කැම පාර්සලය ඔතා තිබු පත්තර පිටුවෙහි තිබුනක් වන අතර, එහි වටිනාකම නිසා එය තවමත් මා සතු වෙයි.)
එම ලිපිය ලියා තිබුනේ ආචාර්ය අදිකාරම් මහතායි.මගේ මතකය නිවරදිනම් එහි මාතෘකාව “ඔබ සිංහලයෙක්ද?” යන්නයි.
එහි අදිකාරම්තුමා යමෙකුගෙන් ඔබ සිංහලයෙක්ද , සිංහලයෙක් නම් සිංහලයෙක් වන්නේ කෙසේද කියා ඇසුවහොත් ඔහු ලබාදිය හැකි පිලිතුරු සාගච්චා කර තිබුනි. එහිදි ඔහු දක්වනුයේ බොහෝ සිංහලයින්ගේ පිලිතුර වනුයේ මවුපියන් සිංහල නිසා තමන්ද සිංහල වු බවයි.
මවුපියන් සිංහල වුයේ කෙසේද ලෙස මවුපියන්ගෙන් ඇසුවහොත් ඔවුන්ද “මවුපියන් සිංහල නිසා” ලෙස පිලිතුරු දෙනු ඇත.
මෙම තර්කය කෙතරම් දුරක් ගෙනයා හැකිදැයි ආචාර්ය අදිකාරම් තුමා විමසයි. මෙසේ පියවරෙන් පියවර ආපස්සට ගිය හොත් එය විජය රජුගෙන් නවතින බව ඔහු පවසයි.
විජය රජු සිංහයයෙක්ද?

----------------------------------------------------------------------------------------


බෞද්ද දර්ශනයේදි විස්තර කරන ආකාරයට පෘතුවියේ ජිවය ඇරබුනේ ආභිස්වර බහ්ම්ම ලෝකයේ සිට ආ ජිවින්ගෙනි.සිනිදු ශරිරයෙන් යුත් එම ජිවින් රස පෘතුවිය අනුභව කිරිම නිසා වඩා රලු ශරිරයෙන් යුත් ජිවින් බවට පත් වුහ.පසුව ලිංග බේදය ද ඇති විය. එය පරිණාමය පිලිබද බෞද්ද විස්තර කිරිමයි.(මෙය දිර්ගව විස්තර කර ඇති අතර දැනට මාගේ මතකයේ ඇත්තේ ඉහත පියවර දෙක පමණකි.)
මෙසේ ස්තී , පුරුශ ලෙස ආරම්භ වු බෙදිම පසුව සමේ වර්ණය, අදහන ආගම, කතාකරන භාෂාව අනුව හා තවත් බොහෝ කාරණා මුල්කරගෙන තව දුරටත් බෙදිනි.
සිංහල ජන වර්ගය වනාහි මෙසේ බෙදි වෙන්වු එක් මිනිස් කොට්ටාශයකි. ආරම්භය දැනගත යුතුය.විකාශනය දැනගත යුතුය.එහෙත් එය අන් ජන වර්ග පහත් කර පෙන්විමට යොදාගත යුතු නොවේ.
කෙසේ ආරම්භ වුවද මෙතෙක් විකාශනයවු සිංහල ජන වර්ගය සතුව වටිනා සංස්කෘතික, සදාචාරාත්මක ගුණ ඇත. සිංහලයන් ලෙස එවා රැකගෙන ඉදිරියට යා යුතුය, තනිව නොව සහයොගයෙන් අන් ජන වර්ග හා ,සැබැ සිංහලයෙකු ලෙස.

අපේ ජාතිය
අපේ ආගම
වචන පමණද

ගුණ දම්
සිරිත් විරිත්
පොතට පමණද

සිහලෙක් ලෙස නගන්නට නම් සිහ නද
රකින්න ගුණ දම්, සිරිත් විරිත්
අපේ ජාතිය, ආගම
අපිට උරුම කල

සිංහල, දෙමල
ලෙස බෙදුනු මිනිසුන්
නොබෙඳි තවත්,
රකින්න මවු බිම එකා වන්ව
සැබැ සිංහලයෙකු ලෙස.
අපි සිං හල දෙමල හා අනෙකුත් සියලු ජන වර්ග සහයෝගයෙන් දිවිගෙවන ලංකාවේ උපන්, අභිමානවත් ලාංකියෝ වෙමු.



ආශිත ලිපි:

1. අහංගම, ජයන්ත., 2003.සිංහල බස ඉන්දියානු බසකින් ආ බසක් නොවේ. [Online].Available from http://www.kalaya.org/files/r0007.pdf [Date of access: 24 September 2008]
2. ජයසුමන, චන්න.,දෙමල ජනතාවගේ අප්රිකානු සම්භවය.2007. [Online].Available from http://www.kalaya.org/files/r0006.pdf [Date of access: 24 September 2008]
3. ද සිල්වා, නලින්., 2007.බටහිට විදයාව චිනයේ ඇති නොවුයේ ඇයි?. [Online].Available from http://www.kalaya.org/files/v020.pdf [Date of access: 24 September 2008]

කියවන්න:
http://www.kalaya.org/files/v318.pdf


උරුමය

Sunday, September 28, 2008

ඔබේ ජාතිය

මෙම බ්ලොග් සටහන කියවන සැම අයෙකුම පහත ගැටලු දෙක සදහා පිලිතුරු ලබාදෙනු ඇතැයි මා සිතමි.


1) ඔබේ ජාතිය කුමක්ද?
2) ඔබ එම ජාතියට අයත් වන්නේ යැයි පවසන්නේ කුමන පදනමක් මතද?



To view in PDF format:Click

Thursday, September 18, 2008

ප්‍රභාකරන්, කරුණා හා J.V.P


2008-08-24 දින ලංකාදිප පුවත් පතේ පල්වු ඉහත ලිපියහි අරමුණ පභාකරන් ගේ විනාශය අත ලග බව ඇගවිම විය යුතුය.
එහෙත් එහි සදහන් ප්‍රභාකරන් මහත්මයා, ජේවිපි කාරයන් යන වචන දෙක නිසා ලේඛකයා ගේ එම අරමුණට යමි හානියක් වි ඇත.
දශක තුනකට ආසන්න කාලයක් පටන් රට යුද්දයෙන් දෙකඩ කිරිමට තැත් දරන ප්‍රභාකරන් මහත්මයකු වන්නේ කෙසේද? මහත්මයා යනු මිනිසාගේ, පුරුෂ ලිංග කොට්ථාශය හැඳින්විමට යොදන ගෞරව නාමයකි. වර්තමාන මිනිසා වන හෝමෝ සේපියන්ස් යන වචනයේ අර්තය බුද්දිමත් මානවයා යන්නයි.
මෙරට ආර්ඨික මර්මස්තාන වලට පහර දෙමින්, රාජය නායකයින් ඝාතනය කරමින්, ආගමික ස්ථාන විනාශ කරමින් තම මලගම කරා ගමන් ගන්නා ප්‍රභාකරන් මහත්මයෙකු නොවේ. එපමනක්ද නොව ඔහු බුද්දිමත් මානවයකු ලෙස හැදින්විමද වැරදිය.
පුවත් පතක පලකරන භාෂාව ශිෂ්ට සම්පන්න විය යුතු නිසා L.T.T.E නායකයා හැදින්විමට “පභාකරන්” ලෙස පමණක් යෙදිය යුතුය.
කරුණා වනාහි කලකට පෙර ප්‍රභාකරන් වැනිම ජිවියෙකි. එහෙත් මිනිමරු අංගුලිමාල, අංගුලිමාල තෙරුන් වුවා සේ, දැන් ඔහු නිසි මගට පැමිණ ඇත. එහෙයින් “වර්තමාන කරුණා” හැදින්විමට මහත්මයා යන නාමය යෙදිමේ වරදක් නැත. එහෙත් එය ඔහු අපාගත විම වැලක්විමට නමි සමත් නොවනු ඇත.
J.V.P යනු කරුණා මෙන්ම තුවක්කුවෙන් පශ්නවලට විසඳුම් සොයන්නට ගොස් නැවත හරි මගට පැමිණි කණ්ඩායමකි. රටේ පිලිගත් දේශපාලන පක්ෂයක් වන ඔවුන්ට “කාරයන්” ලෙස ඇමතිම සුදුසු නොවේ.
UNP කාරයන්, JVP කාරයන් නොව, UNP පාක්ෂිකයන් JVP පාක්ෂිකයන් විය යුතුය.
මා කුඩාකල දිනක් හිතවත් අක්කා කෙනෙකු සමග පැමිනෙන විට මා “පත්තරකාරයා එනබව” ඇයට පැවසුයේ ඇය පත්තරයක් මිලදි ගැනිමේ අවශයයතාවයෙන් සිටි බව මා දැන සිටි නිසාවෙනි. පසුව ඇය මට දුන් අවවාදය වුයේ පත්තරකාරයා යන වචනය වෙනුවට “පත්තර මුදලාලි” වැනි වචනයක් යොදන ලෙසයි.
ඔනැම මිනිසෙකු තමාට සමාජයේ පිලිගැනිමක් ලැබෙනවාට රුච්වෙයි.
මැස්ලෝගේ මිනිස් අවශයතාවලිය හි සිවුවන අදියර වන්නේ “බුහුමන් අවශයතා (Ego – Esteem)
හෙවත් තත්වය, පිලිගැන්මයි.

එහෙයින් අප සමාජයේ ජිවත්වනවිට අපට උදවු කරන අයට පමනක් නොව කිසිවෙකුට “කාරයා” යන පදය අගට යොදා හැදින්විම නොකල යුතුය. පත්තරකාරයා , කිරිකාරයා, නොව පත්තරමුදලාලි/මාමා, කිරිමාමා විය යුතුය.
අප සමාජයට ලැබිය යුතු පිලිගැනිම ලබාදුන්න හොත් සමාජයද අපට ලැබිය යුතු පිලිගැනිම ලබා දෙනු ඇත.


To view in PDF format:Click

මගේ කුරුටු ගී පොත

කාලයක සිට කවි නිසදැස් ලියුවත් එවා බෝහෝමයක් අස්ථාන ගත වුනේ කොලවල ලියු නිසා.පාසලේදි, සරසවියේ දි හිතට එන දේ පදය රචනාවක් ලෙසින එලියට එන්නේ ඒ වෙලාවේ අතට අහුවෙන කොල කැබැල්ලකින්.
බ්ලොග් සටහන් අතර සැරිසරද්දි සොයුරියක් සටහන් කරලා තිබෙනවා දැක්කා ඇය පාසල් කාලයේදි කවි පබැදුමි සදහා පොතක් වෙන් කරලා තියාගත් බව.මටත් හිතුනා මගේ ණිර්මාන සදහා පොතක වෙන් කරන්න.
(අනුන් කරන දේකරන්න ගියොතින් අපිත් වදුරෝ වෙනවා……….. කියලා ගිතයකින් කියවුනත් හොද දෙයක් කාගෙන් හෝ ඉගෙනගත්තාට වරදක් නැතැයි මට හිතෙනවා. ඒත් අනුන්ගේ දේ එලෙසම අනුකරනය නොකර එයින් ගත යුතු දේ අවශෝෂණය කර තමන්ට ආවේනික දෙයක් ගොඩ නැගිම තමයි විය යුතු දේ.)
කොහොමහරි මම ලංකාවෙන් එනකොට අරගෙන ඇවිත් තිබුන අභයාස පොත් දෙකෙන් එකක් මේ සදහා යොදාගන්න හැකිවුනා.මම අතට ගත්ත පොත NSP වෙලඳ නාමයෙන් එන අභයාස පොතක්. ඒ පොතේ කවරේ ඇතුල් පැත්තේ සටහන් කරලා තිබුනා “සිරිත් මල් දමේ” එක කවියක්.
අගුරු හුණු කැට ගෙන
විහිලු නො ලියනු තැන තැන
බිත්ති කණු කිසි තැන
යමක් නො ලියනු අයුතු විලසින

ලංකාවේ පොදු පවාහන සේවාවක , පාරවල් වලට යාබද තාප්ප වල ලියල තියන තේරුමක් නැතිදේවල් මතක් වෙන කොට මට හිතෙන්නේ සිරිත් මල් දම වැනි උපදේශනාත්මක කාවයවල ආභාශය ඒ අයට ලැබිලා නැතුව ඇති කියලයි.
ඒත් සරසවියේ පාසැලේ තිබෙන කැටපත් පවුරක සිතුවිලි “අයුතු විලසින් ලියපු දේවල්ස් නෙමෙයි කියලයි මට හිතෙන්නේ.
ලංකාවේ පොදු පවාහන සේවාවල ,තාප්ප වල ලියල තියන දේවල් දැකලා තියන මට රටින් බැහැරව කටාර් දේශයට ආවාමනමි එහි පවාහන සේවාවල , තාප්ප වල අයුතු දේවල් ද්කින්න ලැබුනේ නැ.ඒ සිරිත් මල් දම නොතිබුනාට තිබෙන නිති රිති නිසා වෙන්න ඔනේ.
ලංකාවේ බෞද්ද අපි හැදුනේ වැඩුනේ බෞද්ද පරිසරයක. බුදුරජාණන්වහන්සේ පණඝාතයේ ආදිනව පෙන්වලා දුන්නා මිස නිති රිති දාලා වලක්වන්න උත්සහා කලේ නෑ.
හරි දේ තේරුම් අරගෙන වැරදි දෙයින් වැලකිය යුතුයි.එතකොට අපිටත් පුලුවන් වෙවි ලස්සන ලංකාවක් ගොඩනැගිමේ කොටස් කරුවෙකු වෙන්න.


උගත්කම අපේ කම
සමග සිතේ ඇති මිනිස් කම
වැදු මව හැදුණු රට සමග සැම
වෙනුවෙන් කලයුතු දේ ඇත බොහෝම

හරි වැරදි බේරා ගෙන
කරනු හරි දේම හැකි පමණ
වගකිම අපේ සමාජය ගැන
ඉටු කරනු ලක්පුතෙකු ලෙස හැකි පමණ

බස් රියේ දුම්රියේ පාසලේ
පොදු සැම තැන,අප යනේන සැම වෙලේ
සුරැකුවොත් තම නිවස මෙන් අපේ කලේ
විය හැකිය රන් පුතෙක් මේ සිහලේ

සටහන: සිරිත් මල් දමේ කවි අසිපත බ්ලොග් අඩවියයෙන් බලා ගන්න පුලුවන්(http://asipatha.blogspot.com/2007/10/2.html
ලංකාදිප පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේත් දැන් සිරිත් මල් දමේ කවි පලකරනවා.

To view in PDF format:
Click