Monday, February 27, 2017

කතරේ රියදුරු


දිය බිදක් නෙත නොනැගෙටෙන
හැර මිරිගුවක,
නවතා දිවි රකිනා අවිය
හාරන කර්කශ මහ පොලව,
සැගවෙති එය යටම
බේරෙන්නට හිරුගෙන් එන අවු හී සැරෙන්,
මදකට ගියොත්  ඉදිරියට වාහනයේ සක,

නොහැකිය රකින්නට මිහිපිට කිසි දෙවියෙකුට.


Sunday, February 12, 2017

මමී


මවක් විය මා පියා                                      හට
'මමී' විය ගම්තුලානේ නැ නොනැ හැම                 හට
කුදුවි නිසා වැටි අපේ ගේ ඉස්සරහ                  පිට
යයි සැම තැන ගාටමින් හිම්                              හිට

ඉපදුනේ දකුණේ                                   අම්බලංගොඩ
දිවි ගෙවුනි දුවේතිනිය’ නුදුරුව මුහුදු                              බඩ
පෙර පැමිනුමට නිවසට නිමකෙරුව                         අඩ
පිහිටිය නුදුරුව බෝමිරියේ මන්ඩියට                       කඩ

විසුවේ සිය ලොකු පුතු                                   සමගින්ය
ඒ නිවසේ සැම දිනකම නැ සියෝ                           පිරිලාය
ලබමින් සැමගේ ආදර බර                                ගෞරවය
සිටියා එනතුරු ලොකු පුතුගේ නොපැතු                මාරකය

මරණෙන් පසු නොසිතපු කිසි                                       විටෙක
විසුවේ සමගින් පොඩි පුතු හා දෙවනුව                      දියනියක
නොමැති වුවද ඇය හට නිශ්චිත                             ආදායමක
ලැබුනා මුදල් සැමගෙන් හැදු නොමැතිව කිසි         වෙනෙසක

ලැබුණ මුදල් ගන්නට ඇගේ                                         අඩුපාඩු
හංගන්නේ අස්සෙයි ඇගේ කාමරයේ                                  බඩු
ගනිනවා දින ගණන මා එන්නට අඩු                                  පාඩු
දෙන්නේ මුදලින් සියයක්  සමග ආදරයද                      නොඅඩු

හමුවන විට පාට කුරු අමදිනවිට ඒ                                 නිවස
දුටුවද රුප කොල පැටලුනු                                         කොස්ස
මේ හැම යන්නේ ඇද අස්සට මම එනතුරු මාසේ         අග්ගිස්ස
කිසිවකුට නොපෙනි දෙනවා සමගම ඇගේ ආදර       සෙනෙහස

නොදුටුවද ඇය මා ගණනක්                                            මාස
නොහැකි නිසා යන්නට ඇ බලනට                                   ආස
දුටුවිට ඇ අවසන් වර සැරසි සුදු සාරියෙන්                          යස
වැටුනා කදුලු බිංදුව මත මලගේ තණ                             බිස්ස