Sunday, November 30, 2008

කවි සිතුවිලි




ලංකාවේ ඉන්න දවස්වල ගෙදර ඉදන් කැම්පස් යන විට නැතිනම් වැඩට යන ගමනේදි ඇසේ ගැටෙනදේ බොහෝමයි. ඒ අතරින් සමහරක් තදින් සිතට කාවදිනවා.ඒ හැගිමි, නැතිනම් හිතට දැනෙන දුක,සතුට අතට හසුවෙන කඩදාසි කැල්ලකදි අකුරු බවට පත්වෙනවා.
දවසක් ඉස්කොලේ යනකොට පාර අයිනේ පුසෙක් මැරිලා හිටියා. ඒ දිහා පාරේ යන වාහන වල අය බල බල යනවා මගේ ඇස ගැටුනා. ඒ දර්ශනය පාසලේ විවෙක කාලයේදි අකුරු වුනේ මෙන්න මෙහෙමයි.

සිත වාහනේ
අදුරු ජනේලෙන්
අවසන් බුහුමන් දක්වන්න
මගේ නැයෝ,
බුහුමන් පමනයි
කිසිවෙකු නැ
හෙලන්නට පලමු පස් පිඩ
මේ මහ පාරේ

කැම්පස් එකේ අන්තිම විභාගයත් ලියලා ඉවර වුනහම හිතට දැනෙන්නේ පුදුම සංතෝශයක් ඒක මෙන්න මේ වගේ.

සතර වසරක්
එකම එක්
සරසවියක
ලොකුම ලොකු පොත්
ගොන්නකට සිරවු
කාලය නිමයි.
විභාගය, ඇගයිමි
නැ තවත්
පොත් වලට සිරවු.
විභාගය, ජිවිතය ගැන
තිබේ ඉදිරියට,
දිනිය යුතුය
එයද මෙතුවක් කල්
දිනුවා සේම.

ඉස්කොලේ ඇරිලා ගෙදරට වෙලා ඉස්කොලේ වැඩ කරකර ඉන්න කොට, හවස 5.30 ට විතර තමයි අම්මාගේ දහඩිය සුවද ගෙදර පැතිරෙන්නේ. ඒ සුවද හුගක් දේ කියනවා. එයින් එකක් තමයි,

ලියන අකුරක් පාසාම
ඇත්තේ
ඇගේ ශක්තියයි
හෙලන දහ බිදු
අත කැපි
හෙලනා ලේ බ්දු
ඒ ඇගේ ශක්තියයි,
පුරුශයන් හා කරින්කර
කරන ජිවිත සටන
තවත් කියා දෙන්නේ
“උත්සාහයයි නොසපුබට”
පොඩිකාලයේ ඇ අපිට
කියා දුන්

ඒ සුන්දර රටෙන් ඇත්වෙලා “විභාගය, ජිවිතය ගැන” ජය ගන්න මුදල් හොයන්න දුර රටකට ගියා.
උදේ වායුසමනය කරපු බිත්ති හතරකින් වටවු කාමරයෙන් පිටවෙලා, වායුසමනය කරපු වාහනයෙන් කාර්යාලයට යනවා.ඒ යන අතරේ දකින්න ලැබෙන්නේ මල ගොඩනැගිලි(කොච්චර විශාල වුනත් ඒවා කතා කරන ගොඩනැගිලි නොවෙයි).අතරින් පතර මලානික ගසුත් තියෙනවා.
ඉස්සරහින් පස්සෙන් වාහන පොලිමට එනවා. ඒ කිසිවකට බෑ මගේ හිතට කවි සංකල්පනා දෙන්න. ඉහත ජායාරුපය ගත්තෙත්වැඩට යන ගමන් වාහනයේ ඉදගෙනයි.

Tuesday, November 25, 2008

සුපර් සටාර් හා රියල් ස්ටාර් හරහා ෆේස් බුක් තුලින් සමාජ සේවයට

Super Stars ………





How much did u send SMS for them????
5 SMS s ? = Rs10 x 5 =Rs50
10 SMS s? = Rs10 x 10 =Rs100
100 SMS s? = Rs10 x 100 =Rs1000
Or more???








AND


Real Stars……….






How much did u donate for their fund?
At least a 1 Rupee ???
If you feel that you are still alive in this country because of these heroes…
Think…….. The decision is yours…



ලගකදි මට ලැබුනු විද්‍යුත් ලිපියක් තමයි ඉහතින් පල කලේ. ඒක දැක්කාම මගේ හිතට ලොකු හැගිමක් ආවා ඒ අසරණ වෙලාඉන්න රණවිරුවන් ගැන (මම නම් ඔය සුපර් සටාර් වැඩේට එක කෙටි පණිවිඩයක් වත් යැව්වේ නැ). මම ඒ ලිපිය මගේ හිතවතුන්ටත් යැවුවා. ඒඅය අතරින් එක් අක්කා කෙනෙක් මට පස්සේ එවපු විද්‍යුත් ලිපියක් තමයි මේ බ්ලොග් සටහන ලියන්න නිමිත්ත වුනේ.
එයා කාලයක ඉදන් රාජගිරියේ වික්ටෝරියා නිවාසයට හා ජයන්ති ලමා නිවාසයට යනවා එනවා. ඒ විතරක් නෙමෙයි එයාට පුලුවන් විදියට එවායේ ඉන්න ලමයින්ට පොත්පත් අරන්දිලා උදවු කරනවා. එයාගේ අදහස තනියෙන් ඒවගේ දේවල් කරනවාට වඩා කණ්ඩායමක් ලෙස කරනවිට එය වඩා සාර්ථක වේවි කියලා. එයා හිතනවා ඒවගේ අදහස් තියෙන අයට එකතුවෙන්න අන්තර්ජාලයේ කණ්ඩායමක්(යාහු, ගුගල්, ෆේස් බුක්) හැදුවොත් හොදයි කියලා. අපිට ඒ තුලින් තවත් අදහස් අරගෙන ඒ වගේ අසරණ වෙච්ච අය ඉන්නෙ නිවාස වලට උදව් කරන්න පුලුවන් කියල එයා විශ්වාස කරනවා. ඒ ගැන මගේ අදහස විමසලා තමයි ලිපිය එවලා තිබුනේ. ඒවගේම තමයි කාලයක පටන් එයාගේ හිතේ තිබුන ඒ අදහස හදිසියේම ඉස්මතු වුනේ මම යවපු සුපර් ස්ටාර් ලිපිය දැක්ක නිසාලු.
මමත් ඒ අදහස අනුමත කලා. අපිට කන්න බොන්න,ඇදුම් පැලදුම්, පොත් පත් අරන් දෙන්න, අසනිපය උනාම ලගින් ඉන්න දෙමවුවියෝ හිටියට එහෙම නැති අය කොච්චර ඉන්නවාද? ඒ අයට පුලුවන් විදියට අපි උදවුකලොත් එයින් එයාලට ලැබෙන සතුට අපිටත් සතුටක් වේවි.
මම යෝජනාකලේ ෆේස්බුක් වල කණ්ඩායමක් පටන් ගමු කියලයි, මොකක් හරි එක ආයතනයකට උදවු කරන්න. අපිට පුලුවන් අපේ හිතවතුන්ටත් ඒ කණ්ඩායමට එකතුවෙන්න කියන්න. පස්සේ කතාබහ කරලා ඒ ආයතනයට පුලුවන් විදියට උදව් කරන්නත් පුලුවන්නේ.

ඒවගේ කණ්ඩායමක් පටන්ගැනිමෙන් ඵලක්වේද?

පටන්ගන්නවානම් වඩා සුදුසු යාහු, ගුගල් හෝ ෆේස් බුක් නැතිනම් වෙනත් වෙබ් අඩවියක්ද?

Wednesday, November 19, 2008

චීන වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය



බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා කියලා”. ඒ කියන්නේ සැම විටම තමන්ට වඩා බුද්දිමතුන් ඇසුරු කරන්න කියන එකයි. එතකොට අපිට අපේ ජිවිතයට ඒ අයගෙන් ගන්න පුලුවන් හොදදේවල් එකතුකරගෙන වඩා සාර්ථක ජිවිතයක් ගොඩනගන්න පුලුවන් වෙනවා. මතකනේ අර ජාතක කතා පොතේ එන ගිරව් දෙන්නගේ කතාව. එක ගිරවෙක් හුලගට ගහගෙන ගිහින් වැටුනේ හොර රංචුවකට, අනිත් එකා වැටුනේ හොද තැනකට. හොර රංචුව ලගට වැටුන ගිරවාත් අන්තිමට හොරෙක් උනා. අපි අශ්‍රය කරන අය අපේ ජිවිතයට ලොකු බලපැමක් එල්ල කරනවා. ඒක නිසා සැමවිටම පණ්ඩිතයන්ව ඇසුරු කරන්න ඔනේ.
අපේ සියා කෙනෙක් හිටියා කැලනියේ. එයා පුරුද්දක් හැටියට පත්තර වලට ලියනවා. ඒ වගේ ලියලා පල වෙච්ච ලිපි මටත් දෙනවා කියවන්න. ඒ නිසා තමයි මටත් පත්තර වලට ලියන පුරුද්ද ඇති උනේ. මම ලියපු ලිපි, කවි වලින් කිහිපයක් පුවත්වත්වල පල වෙලාතියෙනවා. මමත් අපේ සියාගෙන් ගත්ත එක් හොද දෙයක් තමයි පත්තර වලට ලිවිම. ඒවා බ්ලොග් අඩවියේ පල කලොත් හොදයි කියලා මට හිතුනා. මොකද මේවා දැකලා තව කවුරුහරි ඒ පුරුද්ද ඇති කර ගනිනේ.
පලවෙනි එක තමයි මේ” චින වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය”
-------------------------------------------------------------
උදයානයක පොකුණක දැව මණඩපයක් විය.එය කලකට ඉහතදි මනහර හා විශිෂ්ඨ ලෙස පැවතුනි. පසුව මතුවු වේයෝ මණ්ඩපයේ බාල්ක, පරාල ආදිය කා දැමුහ. දැව මතුපිට කොටස් කා දැමිමෙන් අනතුරුව උන් උගුලකට හසුවි ඇතිබව උන්ටම අවබෝද විය. දැව මණඩපයෙන් පිටත බැලුවත් උන්ට පෙනුනේ ජලය පමණකි.
මෙසේ දැව මණ්ඩපය කාගෙන ගියහොත් මණ්ඩපය කඩා වැටි සියල්ලන්ම පොකුණේ ගිලි මරණයට පත්වන බව ඔවුන්ට අවබෝදවිය. වහාම වේයන්ගේ රැස්විමක් කැදවුනි. මෙහිදි විසදුමක් කෙටුම්පත් කරන ලදි. එමගින් දැව කැම නතරකල යුතුබව සියල්ලෝම පිලිගත්හ.
දැව මණ්ඩපය විශාල එකක් නිසාත්, එක් වේයෙකුගේ කැම ප්‍රමාණය කුඩා නිසාත් තමන් ටිකක කැවාත් එයින් වන හානිය නොගිණිය හැකි තරම් වේ යැයි වේයෝ සියලු දෙනා තනි තනිව කල්පනා කරන්නට වුහ.
අනතුරුව වේයන් සුපුරුදු පරිදි දැව මණ්ඩපය කැම නිසා සිදුවු හානියේ අඩුවක් නොවිය. අවසන තත්වය ඉතාමත් අයහපත් විය. නැවත රැස්විමක් කැදවන ලදි. නැවත සියලු දෙනා දැව නොකැමට එකග විය. නමුත් කලින් පරිදිම සියලු දෙනා පුරුදු පරිදි දැව මණ්ඩපය කා දැමුහ.
අවසන දිය මතුපිට තැනු මණ්ඩපය පොකුණට කඩාවැටි වේයන් සියලු දෙනාම විනාශ වුහ.
මෙය චින උපමා කථාවක් උවත් එක ලංකාවට හොදින් ගැලපේ.
දැව මණ්ඩපය ලංකාවේ ආර්ඨිකයටද වේයන් ලංකාවේ මැති ඇමතිවරුන්ටද සමාන කල නොහැකි යැයි කිව හැක්කේ කාටද?
මේ කථාව අවසානයේදි දැව මණ්ඩපය කඩා වැටිමෙන් විනාශවුයේ වෙයන් පමණකි. එහෙත් ලංකාවේ ආර්ඨිකය කඩා වැටිමෙන් විනාශ වන්නේ මැති ඇමතිවරුන් නොව සාමානය ජනතාවයි.

කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න

අදයාපන අමාතයාංශය මගින් පාසැල්වලට සුදුසු පොත් තෝරා පල කරනවා. මමත් මගේ “උසස් පෙළ ජය ගනිමු” පොත ඒ සදහා ඉදිරිපත් කලා. එසේ ඉදිරිපත් කරන පොත් විද්වතුන් දෙදෙනෙකු මගින් ඇගයිමට ලක් කර තමයි සුදුසු පොත් තෝරා ගන්නේ. ඒ වගේම තමයි ඇගයිමේ ප්රතිඵලත් දන්වා එවනවා. එහිදි පොතේ භාෂාව හා වාග්මාලාව , සදාචාරාත්මක බව, නිර්දේශ නොකරයි නම් එයට හේතු දන්වා එවනවා.
මගේ පොතටත් නිර්දේශ නොකරන්න හේතු දන්වලා එවලා තිබුණා.ඒ කියන්නේ මගේ පොත නිර්දේශ වුනේ නැ. මගේ පොතේ සැම පරිච්චේදයක් ආරම්භයේදිම මම යටින් යම් පාඨයක් සදහන් කර තිබුණා. උදාහරණයක් ලෙස” ජිවිතය නැමති ප්රසාදයේ පදනම පාසැල් ජිවිතයයි , “ගන්න ගත යුතු දේ, දෙන්න දිය යුතු දේ ” දක්වන්න පුලුවන්.
මගේ පොත නිර්දේශ නොකරන්න එක් හේතුවක් මෙලෙස දක්වලා තිබුණා. “ සැම පරිච්චේදයක් ආරම්භයේදිම දිලාන් ද සිල්වා( ඒ තමයි මම) නැමති අයකුගේ පාඨයක් ගෙන හැර දක්වයි. ඔහු කවුද? අදයාපඥනයෙක්ද? මනෝවිදයාඥනයෙක්ද? පිලිගත හැකි අයෙක්ද?
මෙම ලිපියේ අරමුණ එම තිරණය විවේචනයට ලක් කිරිම නොව , එම හේතුව විවේචනය කිරිමයි.
අදයාපඥනයෙක්, මනෝවිදයාඥනයෙක් නැතිනම් පිලිගත හැකි අයෙකු යනු කවරෙක්ද?.
අදයාපඥනයෙක් / මනෝවිදයාඥනයෙක් යනු අදයාපණය පිලිගදව, මනෝ විදයාව පිලිබදව අවම වශයෙන් පශ්චාත් උපාදියක්වත් ඇති අයෙක් ලෙස හැදින්විය හැකිද?(මෙහිදි විදයාව පිලිබදව ප්රථම උපාදියවත් නැතිව නව සොයාගැනිම් කල විදයාඥනයන් සිටින බව අමතක කලයුතු නොවේ) යමෙකු පිලිගත් හැකි අයෙකු වන්නේ කෙසේද? මගේ දැනුමට අනුව නම් ඒ ප්රශ්න සදහා පැහැදිලි පිලිතුරු නැත.

මාහට මතක් වන්නේ හිටපු ඇමතිවරයෙකුවු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කියමනකි. එනම් “ කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න”.
එහිදි එම පාඨයන් නොවැදගත් බව සදහන් කලේනම් ඒ ගැන වාදයක් නැත.එසේ නොමැතිව එය ප්රකාශකල අයගේ පිලිගැනිම සොයන්නට යැම නොකලයුතු දෙයක් බව මාගේ හැගිමයි. කවුරු ප්රකාශ කලද එය වටිනා දෙයක් නම් එය අගය කල් යුතුය.නැතිනම් ප්රතික්ශේප කල යුතුය.

Monday, November 17, 2008

මගේ පොත්

විජය පුවත්පතේ පලවන මල් මාමාගේ කතාවල් එකතු කරලා හදපු පොඩි කතා පොත් මම කියෙවුවේ අපේ ගෙවල් ලග ගෙදරකින්. ඒ වගේ පොඩි කතා පොත් වලට ඇතුවෙච්ච ආසාව නිසා මම නවය වසරේදි කතා කිහිපයක් ලියලා අර පොඩි ප්‍රමාණයට, පොතක් විදියට හැදුවා. සමනලයා හා මි මැස්සා, අරුම පුදුම බංගලාව ඒ විදියට ලියපුපොත් දෙකක්.අරුම පුදුම බංගලාවෙන් කියවුනේ වනාන්තරයක් අතරමන්වු ලමයෙකුට හමුවන අත්භුත බංගලාවක් හා බැදි සිද්ධි දාමයකි.

සාමානය පෙළ කරලා ගෙදර ඉන්න දවස් වල “පුන්චි විරයෝ” කියලා පොතක් මම රචනා කලා. ඒ කතාවට මුල් වුනේ පාසැල් ලමුන් තිදෙනක් කැලයේ සිටින හොරු රන්චුවක් අල්ලා දිමට කරන විර ක්‍රියාන්විතයයි.
මම උසස් පෙළ ලියලා ගෙදර ඉන්න දවස්වල “උසස් පෙළ ජය ගනිමු” කියලා කෘතියක් රචනා කලා. මගේ අත්දැකිම් ඇසුරින් එය රචනා කලේ උසස් පෙළට සුදානම් වන සිසුන්ට අත්වැලක් වන ලෙසයි.
ඒ පොතෙන් මාතෘකා දහඅටක් යටතේ කරුණු සාගච්චා කලා.

ඔබ ඉගෙන ගන්නා විශයන් අමාරුද?
ටියුශන් යා යුතුද?
පාසල-ඔබ
ගුරුවරයා-ඔබ
දෙමාපියන් - ඔබ
මිතුරන් -ඔබ
අදයාපනය - තාක්ශණය
පාඩම් කිරිමට සුදුසු වේලාව
පාඩම් කල යුතු තැන
පාඩම් කල යුත්තේ කෙසේද?
පාඩම් කිරිමේ ක්‍රම ශිල්ප
විභාගය ලග ලග
විභාග දිනයේදි
ස්මරණය
අමතකවිම හා එයට පිලියම්
විභාගය, බාහිර ක්‍රියාකාරකම්
ගැටලු හා විසදුම්
විභාගයෙන් පසු

ඒපොත අවශය අය ඉන්නවානම් මට දන්වන්න(dilanqs@yahoo.com). නොමිලේම මෘදු පිටපතක් ලැබෙන්න සලස්වන්නම්.නැතිනම් මේ සම්බන්දතාවයෙන් ගිහින් අන්තර්ජාලයට එකතු කරපු ඒ පොත බලන්නත් පුලුවන්

කැම්පස් එකේ ඉන්න දවස්වල අපි, අපේ පාසලේ ආරම්භ කරපු”සරසවි මිතුරෝ” සංවිධානයෙන් “උසස් පෙළට පිවිසුමක්” කියලා පොතක් පල කරලා උසස් පෙළට තේරුනු ලමයින්ට නොම්ලේ බෙදාදුන්නා.අපි ගුරුවරු කිහිපදෙනෙක්ව උපදේශක මණ්ඩලයටත්, එක් විෂය ධාරවකට සාමාජිකයින් දෙදෙනා බැගින්නුත් යොදවලා තමයි පොත රචනා කලේ. උසස් පෙළට පිවිසුමක් පොතෙන් පහත මාර්තෘකා අපි සාගච්චා කලා.

• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• ඉංග්‍රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
• විශ්ව විදයාලා උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

ඒ ආ මගේ ඉදිරිය …….

Sunday, November 9, 2008

එදිනෙදා මුලය කලමණාකරණය 2


ෆැර්ටෝ නියමය (80/20 නියමය)
ඉතාලි ජාතික ආර්ථික විදයාග්නයෙක් වන පිල්ප්‍රඩෝ ෆැර්ටෝ විසින් මෙම නයාය ලොවට බිහි කරන ලදි. ඉතාලි ජනතාවගේ දනය පිලිබදව අදයනය කල ෆැර්ටෝ ඉතාලි දනයෙන් 80% පමණ අයිතිකරගෙන සිටින්නේ 20% පමන සුලු ඉතාලි ජාතිකයන් පිරිසක් බවත්, 20% අයිතිකරගෙන සිටින්නේ 80% පමණ පිරිසක් බවත් සොයා ගත්තේය.මෙම අසමතුලිතතාවය ඉවත් කරන තුරු රටේ ප්‍රශ්න විසදිම දුශ්කරබව ඔහුගේ අදහස විය.


මෙම නියාය නිවසේ/ අපගේ ඵලදායිතාවය ඉහල නැංවිමට යොදාගත හැකිය. මා කලින් කිවා මෙන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) කර ඒ මාසයේ මුදල් වියදම් වි ඇති අයිතමයන් පිලිබදව වැටහිමක් ලබා ගන්න.
උදා:
මාසික ආදායම රු.13340.00 වන අයෙකුගේ මාසික වියදම විශ්ලේශණ්‍ය කර අවරෝහණ පිලිවෙලට සකස් කල විට මෙසේය.( අයිතමයන් සදහා වන මුදල් ප්රායෝගිය නොවිය හැක)

අයිතමය මුදල ප්‍රතිශතය
1 කාමර කුලිය 4000.00 29.99
2 ආහාර සදහා 3000.00 22.49
3 ප්රවාහන වියදම් 2000.00 14.99
4 දුම් වැටි,මත් පැන් 1700.00 12.74
5 උත්සව වලට 650.00 4.87
6 ඇදුම් වලට 500.00 3.75
7 දුරකතන 400.00 3.00
8 බෙහෙත් 300.00 2.25
9 ච්ත්‍රපටි බැලිමට 200.00 1.50
10 වෙනත් වියදම් 200.00 1.50
11 පොත් මිලදි ගැනිමට 100.00 0.75
12 ජායාරුප 100.00 0.75
13 ආදාර 50.00 0.37
14 තැපැල් ගාස්තු 50.00 0.37
15 CD 30.00 0.22
16 හේයා ක්‍රිම් 30.00 0.22
17 දත් බුරුසු 20.00 0.15
18 පැන් 10.00 0.07
වියදම 13340.00 100.00



ඔහුගේ මාසික ආදායමෙක් 80% ක් පමණ වැය වන්නේ පලමු අයිතමයන් 4(20%) සදහායි. වියදම් අඩු කරගැනිමට නම් ඔහු අඩුකරිමට උත්සහ කලයුත්තේ පලමු අයිතමයන් 4(20%) හි වියදම්වේ. දුම්වැටි වලට වැයකරන මුදල අඩුනොකර ඒ වෙනුවට පොත් මිලදි ගැනිමෙන් වැලකිසිට වියදම් අඩු කිරිමට උත්සහාකරනවානම් එය එතරම් ඵලදායි නොවේ.

විටින් විට කෙටිකැම වේලවලට නොගොස් සිටිමට හැකිනම් ආහාර සදහා වැයවන මුදල අඩුකර ගත හැකිවේ.
ඔබගේ විශ්ලේශණ්‍ය අදාල ප්‍රදාන අයිතමයන් හදුනාගන්න. එම අයිතමයන්ගේ වියදම අඩුකර ගත හැක්කේ කෙසේදැයි සැලසුම්කරන්න.


ආශිත පොත් :
ෆොන්සේකා, ලාල්.,2007.නිවසේ ඵලදායිතාවය.කොලඹ.සදිපා ප්‍රකාශන.

එදිනෙදා මුලය කලමණාකරණය 1

මාසේ මුලදි අය වැය ඇස්තමෙන්තුවක් හදලා, ඒ ඒ මාසයේදි යන වියදම් සටහන් කරලා තබා ගන්නවානම් එය හොද මුලය කලමණාකරණයක්(Cost Management) සදහා අත්වැලක් වේවි. O/L, A/L වලදි වගේම කැම්පස් යන කාලේදිත් මගේ මාසේ වියදම අම්මා මට දෙන්නේ මාසේ මුලදිමයි. අය වැය හිගයක් ඇතිවුනොත් මාසේ අන්තිම දවස්වල(රිම් එකෙන් දුවනා කාලේ) අම්මාගෙන් ඉල්ලගන්න බැරිවෙන බව දන්න නිසා මාසේ මුලදිම අය වැය ඇස්තමේන්තුවක් හදලා ඒ මාසෙට සුදානම් වුනා.
ඒ වගේම තමයි එදිනෙදා වියදම් සටහන් කිරිමේ පුරුද්දකුත් මට තිබුනා/තිබෙනවා. උපකාරක පන්ති ගාස්තු, ප්‍රවාහන වියදම් තමයි A/L කරන දවස් වල ප්‍රදාන වැය අයිතමයන් වුනේ, දැන්නම් බෝඩින් ගාස්තු, ආහාර වියදම් තමයි. ඒ දවස්වල වියදම් ලියන්න ගියාම වෙන ලොකුම ප්‍රශ්නය තමයි අමතක විම.දවස් දෙක තුන අමතක වෙලා එක පාරම ඒවා ලියන්න ගියාම සමහර වියදම් මතක නැ.ඉතින් එවා “වෙනත් වියදම්” කියාලා දානවා. හැම මාසෙම වෙනත් වියදම් ගොඩක් එනවා. දැන් වියදම් සටහන් කරන්නේ එක්සෙල් වැඩපතක නිසාත්, හැමදාම වාගේ පරිඝණකය භාවිතාකරන නිසාත් මග හැරෙනවා අඩුයි.

ලාල් ෆොන්සේකා මහත්මයගේ “නිවසේ ඵලදාවිතාවය” කියන පොතේදි ඔහු මෙහෙම සදහනක් කරලා තිබෙනවා.
“එක්තරා ප්‍රසිද්ද ඇමරිකානු මුදල් සැලසුම්කරුවෙකුගේ අදහස පවා වුයේ බොහෝමයක් ජනයාට තමන්ගේ ආදායමෙන් 20% ක්වත් වැයවු ආකාරය පිලිබදව දැනිමක් නොමැති බවයි. අප වැනි රටකට මෙකි ප්‍රකාශය කිසිසෙත් සාදාරන විය නොහැක. අප රටේනම් මගේ අත්දැකිම් අනුව 70%ක් පමණ ප්‍රමාණයක් මේ තත්වයට ඇද වැටෙනු ඇත.”


කැම්පස් යන දවස් වල අන්තිම සතියේදි විතර අතේ තිබෙන මුදල ඉදිරි දවස් ටික ගෙවා ගන්න මදිවෙයි(Cost overrun) කියලා තෙරෙන කොට උදේට/හවසට රුපියලේ ප්ලේන්ටීය බිලා කන එලවලුරොටිය එකෙන් එලවලුරොටිය කපලා දනවා(Cost cutting). එහෙම කරලත් ගොඩ එන්න බැරිනම් කාගෙන් හරි ණයක් ගන්න තමයි වෙන්නේ.
O/L වලදි වියදම් සටහන් කරන්න ඇතිවුන පුරුද්ද තවමත් තිබෙනවා, එදාට වඩා ක්‍රමවත්ව.ඒ විතරක් නෙමෙයි, දැන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) ද කරනවා. එකෙන් ඒ ඒ මාසේ මුදල් වියදම් වු ආකාරය පිලිබදව හොද වැටහිමක් ලබා ගන්න පුලුවන්. මම දැනට පාවිච්චි කරන එක්සෙල් වැඩපතේ ආකෘතියක් මෙතනින් බලන්න පුලුවන්.
මගේ ඒ පුරුද්ද ඔබත් පටන් ගන්න එය ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.