Tuesday, April 21, 2009

BEYOND FRAME(BF) ගේ නිරුවත

අපහාස ප්‍රතිචාර දැක්විමට ඉඩ දිමෙන් හෙලිවන BEYOND FRAME ගේ නිරුවත.


මේ සටහන ලිවිමට සිත් වුයේ පසුගිය දින කිහිපයක පටන් බ්ලොග් අඩවි කිහිපයක් උපයෝගිකරගෙන කිසියම් නිවටයින් පිරිසක් විසින් එක් සොයුරිය ඉලක්ක කරගෙන, කරන අපහාස නිසායි..ඇගේ  නමින් කමෙන්ට් දැමිමෙන්ද, ඇගේ නව කතාවේ චරිත යොදාගෙන විවිධ දෙබස් දැමිමෙන්ද මොවුන් ඇයට අපහාස කිරිමේ  උත්සාහයක යෙදේ.

එහෙත් මෙසේ තමන්ගේ නමින් ප්‍රතිචාර දැක්විම නිසා අපහසුතාවයට පත් වුයේ ඇය පමනක්ද නොවේ..සුදාරක,Shan මෙන්ම BF (BEYOND FRAME )ද එසේ අපහසුතාවයට ලක් වි ඇත.

එම පදනම් විරහිත ප්‍රතිචාර දමන නිවටයින් ගැන කතාකල යුතු නැතැයි සිතමි. මන්දයත් අනන්‍යතාවයකින් යුතුව ඉදිරියට පැමිණ කතා කිරිමට තරම් පෞරුෂත්වයක් නැති අය වෙනුවෙන් කාලය ගත කිරිම නිශ්ඵල ක්‍රියාවක් වන බැවිනි. මෙහිදි මා සාගච්ජාවට ලක් කරන්නේ ඇගේ නමින් කමෙන්ට් දැමිමෙන් මඩ ගැසිමට මනා සහයෝගයක් ලබා දෙන, එහෙත් තමන්ගේ නමින්

·        වෙනන් අය, වෙනත් අඩවි වල කමෙන්ට් දැමිමෙන් අපහසුතාවයට පත් අනාගතය වෙනුවෙන් පෙනි සිටින BF ගැනය..

·        තමාගේ නමින් වෙනත් අය කමෙන්ට් දැමිමෙන් තමන් අපහසුතාවයට පත් කිරිමේ උත්සාහයක් ඇති බව තේරුම් ගෙන වෙනත් අඩවි වල කමෙන්ට් දැමිමෙන් වැලකුනු BF ගැනය.

·        බ්ලොග් අඩවියකට කෙලින් ප්‍රතිඋත්තරදිමට අමාරු නිවටයින් ගැන අනුකම්පා කරන BF ගැනය.

ප්‍රතිඋත්තරදිමට අමාරු නිවටයින්ට අනුකම්පාකරන BF, ඔහුගේ අඩවිය තුල වෙනත් බ්ලොග් කරුවන්ට අපහාස කිරිමට ඉඩ ලබා දෙන්නේ  නිවටයින් ගැන අනුකම්පාවෙන්ද, අඩවිය වෙත දැමෙන කමෙන්ට් ගණන වැඩි විම දක්නට රිසි නිසාද නැත හොත් වෙනත් හේතුවක් නිසාදැයි දැනගනු රිසියෙමි.

මෙහි හාස්‍යම කරුණ මෙයයි.පහත කොටස BF විසින් Beyond Frame නැමැති විජාතිවාදියායන මාර්තෘකාව යටතේ ලියන ලද ලිපියෙන් උපුටා ගත්තකි.

 

අප දෙවර්ගයක බ්ලොග් comments මකන බව ඇත්ත එකක් කුණුහරුපය අනෙක වෙන අයට අපහාසවන පරිදි පළ කරන ප්‍රතිචාරයන්ය


අනෙක් අයට අපහාස වන කමෙන්ට් ඉවත් කරන බව කියන BF එම සොයුරියට අපහාසයක් වන ලෙස යොදා ඇති කමෙන්ට් ඉවත් නොකරයි. එයින් පෙනෙන්නේ මේ අයගේ ප්‍රතිපත්තියක් නැති, සදාචාරයක් නැති බ්ලොග් ලියවිල්ල නොවන්නේද?

මර්ධනය නිසා රට හැරගිය මාධයවේදින් හා මතධාරින් ගැන කතාකරන BF තවත් එක් නිදහස් මතධාරිනියක් මර්ධනයට අනුබල දෙයි. සියල්ලම වචන පමණකි.ඔහු කියන දේ ඔහු ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකරයි.

මෙහිදි මේ සොයුරියට මේ මඩ ප්‍රහාර එල්ල කිරිමට හේතුව වන්නේ ඇය රණවිරුවන් වෙනුවෙන් හා කොටින්ගෙන් බැට කන අහිංසක ජනයා වෙනුවෙන් කතාකිරිමයි. රට වෙනුවෙන් පෙනි සිටිමයි..එය වරදක්ද?වල්පොල රාහුල හිමියන් කැලණිය සරසවියේ උපාධි ප්‍රධානොත්සවයේදි කල කතාව අනුවනම් එය එය වරදක් නොවේ..උන්වහන්සේ ප්‍රකාශ කලේ දේශප්‍රේමය යනු රට වෙනුවෙන් පෙනි සිටිමය. ජාතිප්‍රේමය යනු ජාතිය වෙනුවෙන් පෙනි සිටිමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය." ලෙසිනි.

එහෙත් ඒ කතාව ඇසු BF දේශප්‍රේමය වෙනුවෙන් පෙනිසිටිම යහපතක් ලෙස දකින්නේ නැත,.යහපතක්, ලෙස දකින්නේ නම් කිසිවිටෙක රට වෙනුවෙන් කතාකරන දේශප්‍රේමියෙකුට අපහාස කිරිමට ඉඩ ලබාදෙන්නේ නැත..එයින් පෙනෙන්නේ රාහුල හිමියන්ගේ කතාව අසා හරකෙකු නොවි කොටියෙකු වු බව කිවද හරකෙකු මෙන්ම කොටියෙකුද වි ඇති බවයි 

මගේ මතය වෙනුවෙන් පෙනී සිටින අතරතුරම මා ඔබේ මතයට ගරු කරන්නේ ද, එය දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන්නේය යන ඔබේ ප්‍රතිපත්තියට මා ගරු කරමි..  "එහෙත් "ඔබට හැරමිටිය වැනිමට ඇති නිදහස අනෙකාගේ නාසය ලගින් අවසන් වේය" යන අදහස ඔබ නොදන්නවා යැයි නොසිතමි.අනෙක් අයගේ ප්‍රතිචාර ඔබේ බ්ලොග් අඩවියේ පල කිරිමට ඉඩ දෙන්න, එහෙත් එම ප්‍රතිචාර වලින් වෙනත් අයෙකු අපහසුතාවයට පත් වන්නේ නම් ඒවා ඉවත් කරන්න.

BF ට කොටි ලේබලය ගැසිම සම්බන්ධයෙන්, දකුනේ ජාතිවාදින් තම මාර්ගයට හිරිහැරයක් විය හැකි යයි සිතූ සියලූ දෙනා දේශද්‍රොහි ලේබලය අලවා එලොව යවන්නේ යැයි කියන BF දේශපාලනයක් ගැන කතා නොකරන නවකතාවකට දේශපාලන ලේබලය ඇලවා ඇගේ ගමන නතර කිරිමට මනා සහයක් ලබා දෙයි. සමහරවිට ප්‍රතිචාර දක්වන නිවටයන් මෙන්ම BF එම අපහාස කමෙන්ට් දැකිමෙන් ප්‍රිතියෙන් කැගසනවාද විය හැක. යමෙකුට අපහාස කිරිම වරදකි. එමෙන්ම එයට අනුබල දිමද වරදකි.ඔබ කර ඇත්තේ අනුබල දිමේ වරදයි.

පසුගියදා BF ට මාස හයක් පිරුනු තැන පැමිණි අමුත්තන් ගණනද, දැක්වු ප්‍රතිචාර ගනනද සදහන් කරමින් සටහනක් ලියා තිබෙනු දුටිමි.,තව මාස හයකින් නැවත වසරක් පිරිම නිමිත්තෙන් මෙවැනිම සටහනක් තබන්නට ඉඩ ඇත.එහි පැමිණි අමුත්තන් ගණන හා දැක්වු ප්‍රතිචාර ගණන ඉහල අගයක් ගනු ඇත. ඒ අමුත්තන් හා ප්‍රතිචාර ගණන් අතර  මෙසේ ස්වාධිනව සිය මතය දක්වන බ්ලොග්කරුවන්ව මර්ධනය කිරිමට පැමිනි අමුත්තන් හා ප්‍රතිචාර ගණන සැලකිය ලෙසින් වනු ඇත..එහෙත් එය උදම් ඇනිමට කරුණක් නොවන බව ඔබ වටහා ගත යුතුය.

ඔබ සමග රැදුනු බොහෝ දෙනෙක් මාස හය පිරෙනවිට ඔබ හැර ගොස් ඇතිබව ඔබ දනි.එමෙන්ම  මුලදි ප්‍රතිචාර දැක්වු අය හා දැන් ප්‍රතිචාර  දක්වන අය කවුද යන්න  බැලිමේදිද  එය  හොදින් පැහැදිලි වේ.

 ඉදිරියටත් එසේ නොවිමටනම් මෙසේ ඔබගේ බ්ලොග් අඩවියතුල අන් බ්ලොග්කරුවන්ට අපහාස කිරිමට ඉඩ නොදෙන්න. නැතහොත් වසරක් පිරෙනවිට ඔබට ප්‍රතිචාර දැක්විමට ඉතිරිවන්නේ රාජකිය උගුඩුවන් වැනි තවත් නිවටයන් පිරිසක් පමණක් විය හැක.

 

BF ට අමතරව Taboo ද මෙසේ අපහාස වනලෙස ප්‍රතිචාර දැක්විමට ඉඩ ලබාදි තිබුනි.

එහෙත් ඔහු පසුව එම වරද අවබෝධකරගෙන ඇතැයි මම සිතමි.

මෙසේ  ලියනවානම් තව කරුණු රාශියක් ඇත. එහෙත් සත්‍ය පැහැදිලි විමට ඉහත කරුණු ප්‍රමාණවත් යැයි සිතමි.


BF ඔබගේ රෙද්ද ගැලවි ඇත.ඔබේ නිරුවත සැවොම දකිති. සිදුවු වැරැද්ද නිවැරදි කරගෙන,ඉදිරියට මෙවන් වැරදි වන්නට ඉඩ නොදි රෙද්ද ඇදගන්නවාද නැතිනම් නිරුවතින්ම දුවනවාද යන්න ඔබම තිරණය කරන්න. 



මේවාත් කියවන්න: කාරුණික දැනුම් දීමයි.

                                   How ethical is that ?

සියලු ඇනොනිමස්ලාට ආදරයෙන්

කවිය නොකියවා කවියා කියවිම

                            කං කං කං

                            

Sunday, April 12, 2009

මතින් තොර නිවසක්



අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.

ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්, දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන් ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.

මේ මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින් සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක් සැපයුවා. දැන් අප, ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක් ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන් ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත් අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස් අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.

ඒ අතරම තවත් කියන කථාවක් තමයි කොල්ලෝ උනාම බොන්න ඔනි කියන එක. ඒත් අපි නම් අහලා තියෙන්නේ කොල්ලෝ බිලා කොලුකම නැති කරගන්නවායි කියලයි.(මත් පැන් පානය කිරිමෙන් ලිංගික ශක්තිය හින වනවාලු ) .අපි නම් දැකලා තියෙනවා සමහරුන් බිවුවාම තියෙන කොලුකමත් යටපත් වෙලා බලු කම ඉසමතු වෙනවා.

අද සමාජය ගත්තාම මත්පැන් කියන එකෙන් තමන්ගේ සමාජ තත්වය නිරුපනය වෙනවා කියලත් සමහරු හිතන් ඉන්නවා.මේ පනිවිඩය සමාජයට දිලා තියෙනේ අපේ වැඩිහිටියෝ. පොඩි කාලේ අපි විරයෝ තමයි අපේ තාත්තා, වැඩිහිටියෝ.ඒ අය අපි ඉදිරිපිට මත් පැන් බොන්නේ හරියට අමුර්තය පානයකරනවා වගේ සතුටකින්.ඔවුන් අපිට පෙන්නන්නේ සතුටින් ඉන්නනම් මත් පැන් බොන්න ඔනි කියන දේ.ඒත් ඔවුන් ඒ කරන්නේ ලොකු වැරැද්දක් කියලා ඔවුන්ට අවබෝධයක් නැ

මේ ලගදි හිතවතෙකුගේ ගෙදර ගිය වෙලාවේ මගෙන් ඉල්ලිමක් කරනවා ලබන වතාවේ ලංකාවට එකකොට ඩියුටි ෆ්‍රී එකෙන් එයාට හොද වර්ගයේ මත්පැන් බෝතල් කිහිපයක් ගෙනත් දෙන්නලු,සල්ලි දෙන්නම්ලු.මම හිතුවා එයාට බොන්න වෙන්න ඇති කියලා.ඒ ගැන ඇහුවහම කිවේ හිනා යන කතාවක්.දැන්ම ඉදන් මගුල් ගෙදරට ඔන හොද බඩු ගෙනත් තියාගන්න ඔනිලු.මොකද එයා වැඩ කරන කොම්පැනි එකේ ලොකු ලොක්කන්ට බාල බඩු දෙන්න බැහැලු. :D හැබැයි මිනිහට තවම මගුලක් හොයනවා. ඔයවගේ කතාවලට හිනාවෙන්නද අඩන්නද මන්දා?.

තවත් වතාවක එක් මල්ලි කෙනෙකුගෙන් ඇහුවා මල්ලි කලින් මත් පැන් බිලා තියෙනවාද කියලා.ඔහුගේ පිලිතුර වුනේ නැහැ යන්නයි.ඉට පස්සේ මම ඇහුවා දිගටම බොන්නේ නැකියලා ප්‍රතිපත්තියකද ඉන්නවාද කියලා.ඉට පස්සේ එයා කියනවා. එහෙම එකක් නම් නැ, ඉස්සරහට ජිවත් වෙන සමාජ තත්වය අනුව බොන්න වෙයිද දන්නේ නැලු :D

මොකක්ද ඔය සමාජ තත්වය, මත් පැන් බිලා ලගා කරගන්න පුලුවන්.සමහරු හිතන් ඉන්නේ ඉහල සමාජ මට්ටමකට යන්න නම් ඔය මත් පැන් බිම අනිවාර්ය දෙයක් කියලා.එක ඔය සල්ලිකාර බුද්ධිය හින අය මවලා තියෙන දෙයක්.ධනවතෙක් මත් පැන් බීවුවාත් ඔහු සමාජයේ හොදින් පිලිගැනෙනවා. එහෙත් දුප්පතෙක් බිවුවොත් ඔහු බේබද්දෙක්, ඔහුට සලකන්නේ පහත් මට්ටමින්.

බලාගෙන ගියහම මත් පැන් බිමට පිලිගැන්මක් ලැබෙන්නෙත් ඇති නැති පරතරය අනුව තමයි.

මත් පැන් කිව්වාම මම හිතන විධියට නම් ඇල්කොහොල් අඩංගු ඔනැම පානයක් අයිති වෙනවා.ඒක අරක්කු, කසිප්පු, බියර් හෝ වයින් කුමක් වුනත් මත් පැන්ම තමයි.ඒත් අපේ සමහරු කියනවා අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා.අපේ සමහර කාන්තා පාර්ශවයේ(අම්මාවරු හා අනාගත අම්මාවරු ) උදවියත් මේ අරක්කු නොබොන එහෙත් බියර් බොන කාණ්ඩයට අයත්.

බියර් වල ඇල්කොහොල් සාන්ද්‍රණය 5% පමණ වන විට අරක්කු වල 30% පමණ වෙනවා.ඉතින් බියර් විදුරු 6ක් බිමයි, අරක්කු විදුරුවක් බිමයි එක සමානයි නේද? අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා කියන්නේ කාව රවට්ටන්නද?

බෞද්ධ ධර්මය මත්පැන් පානය අනුමත කරලානැ. එහි මත්පැන් පානයේ ආදිනව මනාව පැහැදිලි කරලා දිලා තියෙනවා.ලෞකික වශයෙන් අප්‍රමාදි ජිවිතයක් ලගා කරගන්නනම් මේ මත් පැන් වලින් ඇත් වෙන්න ඔනි.එහෙම නැතිවුනොත් එයතුලින් අපේ සංවරකමත්, අපේ චරිතයත් විනාශ වි අපි විනාශ මුඛයට යාවි. පන්සිල් වල පස්වෙනි සිල් පදය වන මත් පැන් මත් ද්‍රවය ගැනිමෙන් වැලකිමේ සිල් පදය රැක, මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන මේ මත් පැන් වලින් අපේ අනාගත පරපුර රැකගන්න නම් වැඩිහිටියන් එයින් වැලකි අදාර්ශමත් විය යුතුය.

සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල නම් සිටුපුත්‍රයාට ධනය, සතුට,පවුල් ජිවිතය විනාශ වන ධන විනාශ මුඛ හයක් දේශනා කර ඇත.එයින් එකක් වනුයේ මේ මත් පැන් පානයයි. ධනය විනාශවිම, ලෙඩ රෝග ඇතිවිම, ලැජ්ජා නැති තත්වයට පත්විම, සිහි කල්පනාව නැතිවිම යන දුර්විපාක ඇතිකරන මෙම විනාශ මුඛයෙන් ඉවත් විම අපේ යුතුකමයි, වගකිමකි.

"මතින් තොර නිවසක්" යන සංකල්පය සැම නිවසකම ක්‍රියාත්මක කල යුතුය. එවිට සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි අනගාරික ධර්මපාලතුමා නැගු හඩ ජය ගත හැකි වනු ඇත.

සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට (සිරිත් මල්දම)

යං මනුස්සා විවජ්ජෙන්ති - සප්පං ඝෝරවිසං විය ලොකේ විස සමානං තං - කෝ නරෝ පාතුමරහති

දරුණු විෂ ඇති සර්පනයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? (කුම්භ ජාතකය )



මෙම ලිපිය අතිපුජය මඩිහේප් පඥ්ඥාසිහ මහනායක හිමිපාණන් විසින් අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙන ලද්දකි. - www.sobhana.net/contact/sinhala/nayaka/pa047.doc


කියවන්න:

http://si.wikipedia.org/wiki/මත්ද්‍රව්‍ය_හා_මත්පැන්_අයථා_පරිහරණය

http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_මත්ද්‍රව්‍ය_ප්‍රශ්නය

http://si.wikipedia.org/wiki/දුම්වැටි_තහනම

www.sobhana.net/contact/sinhala/nayaka/pa038.doc

http://www.dawahcorner.net/කිතුණු-දහමට-අනුව-මද්‍යපා/