Saturday, November 19, 2011

රුවල් නැව්(Dhow) ප්‍රදර්ශනය 2011- කටාර්




මේ දිනවල කටාර් හි කටාරා ලෙසින් ප්‍රසිද්ධ සංස්කෘතික ගම්මානයේ හි ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මෙය පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.එය අරාබි රටවල සාම්ප්‍රදායික රුවල් නැවු මුල් කරගෙන පැවැත්වෙන්නක්. විවිධ වර්ගයේ රුවල් නැවු පිලිබදව මෙන්ම ඒ ආශ්‍රිත ධිවර කර්මාන්තය හා මුතු කිමිදිමට සම්බන්ද අංග රාශියක් මෙහි ඇතුලත්.ඉට අමතරව සාම්ප්‍රධායික සංගිත ප්‍රදර්ශනද පැවැත්වෙනවා.
මෙහි දැක්වෙන්නේ එම ප්‍රදර්ශනයේදි ලබාගත් ජායාරුප හා විඩියෝ දර්ශන කිහිපයකුයි. බොහෝ ප්‍රදර්ශන කුටි වල අදාල ප්‍රදර්ශන භාණ්ඩය අරාබි භාෂාවෙන් විස්තර කර තිබුනිසා, නිවරදිව හදුනාගැනිමේ අපහසුවක් තිබුණත් සමහරක් ඒවා හදුනාගත හැකි වුනා.

සාම්ප්‍රදායික රුවල් නැවක ආකෘතියක්
සාම්ප්‍රදායික රුවල් නැවක්
නැවු ඉදිකිරිමට භාවිත කල යැයි සිතිය හැකි මෙවලම්
නැවක අංග කිහිපයක්
පැරණි නැංගුරමක්

නැවු වල ඇති කැටයම්
නැවු වල භාවිත කල ලාම්පු හා නලාවක්
මුතු වර්ග හා මුතු බෙල්ලෙක්

මුතු වලින් කල ආභරණ
රුවල් නැවි හා බැදුනු චිත්‍ර කලාව

එහි තිබු එක් නර්තන අංගයක්


මෙම නර්තන අංගය ඉදිරිපත් කලේ බහරේන නර්තන කණ්ඩායමක් විසින්.

Saturday, September 24, 2011

රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - දෙවන දිනය



උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

කුරගල

බෞද්ධාගමිකයන්ට මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ පුරාණයේ මෙහි රහතන් වහන්සේලා වැඩසිටි බවස සලකන නිසාවෙන් හා මෙහි ක්‍රි.පු. දෙවන ශතවර්ශයේදි බෞද්ධාරාමයක් පැවති නිසාවෙනි. එමෙන්ම මෙය බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියක් බව සදහන්වන බව සමහරු පවසති. බුදු රජානණ් වහන්සේ ලක්දිවට වැඩිය අවස්ථාවක, සමන් පව්වට වඩින අතරමග දිවා විහරණය කිරිම පිණිස මෙම ස්ථානයට පැමිණි බව සකලන නිසාවෙන් මෙමෙ ස්ථානය දිහා ගුහාව ලෙසද හැදින්වේ.
ඉට අමතරව මෙම කුරගල යනු සිංහල ජනවර්ගයේ ආරම්භක ජනවර්ගයක් ලෙසින් සමහරු සලකන යක්ශ ජනවර්ගයේ ප්‍රභල රජකෙනෙකු වන රාවණා රජුගේ ගිරිරාජධානි 7න් එකක් වන ඉන්ද්‍රගිරි රාජධානිය ලෙසද සලකයි. ක්‍රි.පු 1500ට පෙර ශ්‍රි ලංකාව පාලනය කල රාවණා රජුගේ ගිරිරාජධානි 7 මෙසේය2:

මහේන්ද්‍රගිරි රාජධානිය- රුහුණ
චන්ද්‍රගිරි රාජධානිය-සපරගමුව(වෙල්ලවත්ත)
ඉන්ද්‍රගිරි රාජධානිය-කුරගල
සිවගිරි රාජධානිය-සිගිරිය
හෙලගිරි රාජධානිය-දෙවුන්දර
මලයගිරි රාජධානිය-හන්තාන කන්ද, නුවර
මුල්ගිරි රාජධානිය-මුල්කිරිගල

එමෙන්ම රාමානයනට අනුව, රාවණා රජු සිතා දේවිය පැහැරගෙන ආ පසු, ඇය නැවත රැගෙන යාමට, රාමා කුමාරයා ලක්ශ්මන් හා හනුමන්තා සමග ලක්දිවට පැමිණ ඇත. (මෙසේ පැමිණි හනුමන්තා වෙනුවෙන් ඉදිකල කෝවිල හා ඒ අසලම ඇති සිතා අම්මාන් කොවිල ගැන මිට පෙර මා ලියා ඇත.)එහිදි ඇතිවි ගැටුමෙන් රාමා ජයගෙන සිතා දේවිය නැවත ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එම ගැටුමට, රාවණාගේ සොයුරා වි විභිශණ, රාමාට සහයෝගය දි ඇත. එම සහයෝගයට කලගුණ සැලකිමක් ලෙසින් ඉන්ද්‍රගිරි රාජධානිය රාමා විසින් විභිශණට ප්‍රධානය කර ඇති බව සදහන්ය.
තවත් කතාවක් වන්නේ වලගම්බා රජතුමා මෙහි සැගවි සිට සේනා රැස්කල ස්ථානයක් ලෙසයි.

මුහුදු මට්ටමෙන් අඩි 1000ක පමණ උසින් පිහිටි මෙයට පිවිසෙන්නේ ගල්පඩි පෙලක් තරණය කරමින් මුස්ලිම් ආගමිකයන් ඉදිකල තොරණක් යටින්ය. බෞද්ධ පසුබිමක් ඇති ස්ථානයක මුස්ලිම් තොරන් ඉදිවිම වෙනමම කතා කල යුත්තකි.


ගල්ගුහාවක ඇති විවරය නිසාවෙන් මෙම ස්ථානය ප්‍රථමයෙන් කුහරේ ගල ලෙසද පසුව කුරගල ලෙසින් හැදින්විමට පටන්ගෙන ඇති බව සදහන්ය.
කුරගල මුදුනේ සිට බලන විට ඇතින් දිස්වන දර්ශනය මනරම්ය.උඩවලවේ ජලාශය, උඩවලවේ වනෝද්‍යානයේ කොටසක් මෙන්ම බුදුගල ස්ථුපයද මනාව දිස්වේ.



මෙහි ගල් ගුහා 30-40ක් පමණ ඇති අතර ඉන් සමහරක කටාරම්ද කොටා ඇත.අතිතයේ මෙහි කලුගල් උලුවස්සක් තිබි ඇති අතර දැන් එය දක්නට නැත.

දැන් මුස්ලිම් ආගමිකයන්ට මෙහි ඇති වැදගත්කම බලමු. මොහමේදාන්(Mohammedan) නම් මුස්ලිම් ආගමේ ශාන්තුවරයෙක්ගේ සොහොන මෙහි ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙහි ඇති කුරගල පිහිටි ගුහාවෙන් ස්වර්ගයට යන මාර්ගය ඇති බවද ඔවුන් විශ්වාස කරයි. මුස්ලිම් භක්තිකයන් මෙය ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් හදුන්වයි. එසේ හදුන්වන්නේ ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු අල්ලා දෙවියන්ගේ මුනුපුරෙකු ලෙසද විශ්වාස කරයි.

"1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ."1

මෙහිදි භාරයක් වුවහොත් එක ඉශ්ඨ වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ජුලි හා අගෝස්තු මාසවලදි මෙම ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරි යයි.ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය වෙනුවෙන් 10,000-15,000ක් පමණ පිරිසක් පැමිනෙන බව සදහන්ය.

මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් හදුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති ඇති පුරාණ බෞද්ධ ස්ථානයක් මුස්ලිම් වුයේ කෙසේද? අප දන්නා පරිදි මුස්ලිම්වරුන් ශ්‍රි ලංකාවට පැමිනියේ වෙලදාම සදහාය, ඒ ක්‍රි.පු 2 ශතවර්ශයට බොහෝ කාලයකට පසුය.

"1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ."1

"මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය."1

නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.

කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.

දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ.


මෙම පුරාවිද්‍යා භුමියේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිම තහනම් බව සදහන් පුවරුව පිටුපස මෙන්ම ඒ අවට ඇති ඉදි කිරිම් දෙස බලන කල මතුවන ගැටලුව නම් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව අක්‍රිය කල බලවතා කවුද යන්නයි.
ඔහු ප්‍රභල බලවතෙකු බව සිතෙන්නේ මෙය කියවන විටදිය.

මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.

"

"නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත." 1

මානව හිමිකම් කොමිසමේ තිරණය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැදවා සාකච්ඡුාවක් පවත්වා තිබේ.

"දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර ..."1
පැය දෙකකට ආසන්න කාලයක් මුස්ලින් ආක්‍රමනිකයන් අල්ල ගත් බෞද්ධ ස්ථානයක් වු කුරගල සැරිසරා පෞරාණික ස්ථාන මෙන්ම මනරම් පරිසරයක සුවය වින්දෙමු. ගමන ආරම්භයේ සිය අවසානය දක්වා අපගේ මගපෙන්නවන්නන් ලෙස ගිය බලු මිතුරන් දෙදෙනා වෙනුවෙන් මාරි බිස්කට් සංග්‍රහයක් ලබාදි අය 11.15ට පමණ කුරගලින් පිටත් විමු. පිටත් වන මොහොතේ එක් බල්ලෙකු මා කෙරෙහි අමනාපයෙන් මෙන් අහල බලා සිටියේ වෙන්වන දුක නිසා නම් නොව උගේ ගොදුරක්වු අහිංසක වදුරු පැටිය, මා විසින් උට අහිමි කල නිසා විය යුතුය.


දුවිලි ඇල්ල



විනාඩි 30ක පමණ ගමනකින් පසුව දුවිලි ඇල්ලට පැමිණිමට හැකිවිය. ප්‍රවේශ ස්ථානයෙන් මුදල් ගෙවා ( වාහනයට රු.30ක් හා එක් අයෙකුට රු.10 (?)බැගින්) ප්‍රවේශ පත්‍ර මිලදි ගත යුතුය.

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
එක් රජ කුමරෙකු සතුරන් සමග යුද්ධයට යැමේදි ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාදයේවේ.අඩි 131ක් උස මෙය ආරම්භ වන්නේ වලවේ ගගෙනි.

වාහන නැවතුම් ස්ථානයේ වෙලද සැලක්, වැසිකිලි හා විවේක ස්ථානයක්ද වේ. කලින් ඇණවුම් කලේ නම් දිවා ආහාර මෙම වෙලද සැලෙන් මිලදි ගත හැකිය.
පඩිපෙලවල් හා අත්වැල් මනාව සකස් කර ඇත.ඒ ඔස්සේ පහලට පැමිණ, එක් ස්ථානයකින් (පඩි පෙලවල් අවසානයේ ඇති අඩි පාරේ හමුවන තුන්මන් හන්දියෙන්)වමට ගිය විට දිය ඇල්ලේ ඉහල කොටසේ, ගගට ලගා විය හැක. දකුණු පසින් දිය ඇල්ල මනාව දිස්වන ස්ථානයකට ලග විය හැක.
ඉහල කොටසේ ජල පහරින් මුහුණ පමණක් සෝදාගත්තේ ඉතා ප්‍රවේශමෙනි,ඒ මන්ද යත් එහි ඇති අනතුරුදායක තත්වය වටහාගත් නිසාවෙනි. මේ අවට වනාන්තරයද අලින්ගෙන් ගහන එකකි.
දිය ඇල්ලෙන් සමුගත් අය 12.45ට පමණ එතනින් පිටත් විය.

සමනල වැව


අප කලින් ගිය මාර්ගය ඔස්සේම නැවත පඹහින්නට පැමිණ බඹරකන්ද දිය ඇල්ල බලා යැම අපගේ අරමුණ විය.සමනල වැවේ සුන්දරත්වය මෙන්ම එහි අසාර්ථකත්වය කියාපාන වැවු බැම්මේ සිදුරෙන් පිටවන ජල කද(ලොකෙ ලොකුම ජල කාන්දුව?-රජවක සිය පඹහින්නට එක මාර්ගය, වලවේ ගග පසු කරන ස්ථානයට මෙම ජල කාන්දුව පැහැදිලිව දැකිය හැක. ) මෙන්ම ගල් පුරවා තලා සැදු මිටර් 530ක් දිග මිටර් 110ක් උස වේල්ලද දැක බලා අප සවස 2.30 පමණ වන විට බඹරකන්දට පැමිණියෙමි.
ලංකාවේ දෙවනියට විශාලතම ජලවිදුලි බලාගාරය වන සමනල වැව බලාගාරය නැරඹිමට නොහැකිවුයේ එය නැරඹුමට අවසර ලබාදෙන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් වන හෙයිනි.


බඹරකන්ද දිය ඇල්ල

මේ අපගේ චාරිකාවේ අවසාන නැරඹුම් ස්ථානයයි.ලංකාවේ උසම දිය ඇල්ල වුවද කුඩා ජල පහරක් පහලට ඇද හැලෙන්නේ මේ කාලයේ වර්ශාව මද නිසාවෙනි.වලවේ ගගේ අතු ගංහාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වන මෙහි උස අඩි අඩි 263කි.මෙම ස්ථානයට ගෝමලි කන්ද, බලතොදුව කන්ද, වංගෙඩිගල කන්ද ඉතා අලංකාරව දර්ශනයවේ.
වාහන නැවතුමේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ පයින් පැමිණ, අඩු පාරක් ඔස්සේ ගොස් කුඩා පාලමක් පසු කර පයිනස් වවා ඇති කන්දේ මදක් ගිය විට ඇල්ල පාමුලට පැමිණිය හැක.
ජායාරුපය: වංගෙඩිගල කන්ද

ලංකාවේ උසම මෙන්ම ලෝකයේ උසින් 299 ස්ථානයේ පවතින මෙම දිය ඇල්ලෙන් ස්නානය කිරිමට අප වාසනාවන්තයන් විමු. ඇග කිල්ලිපොලයන සිතලක් පැවතියද ගතට දැනෙන සුවය එය පරයන්නට සමත් විය.

රියදුරාගේ උපදෙස් නිසා අතර මගින් කැම නොගෙන, ඇල්ල අසල තැනකින් කැම ගැනිමේ අදහසින් ගිය අපට වුයේ බඩගින්නේම නා, ආපසු එනවිට සවස 4.30ට පමණ දහවල් ආහාරය ගැනිමටයි.
අවසානයේ රාත්‍රි 9.30 පමණ වන විට අප ගිය මාර්ගය ඔස්සේම, සම්පුර්ණ ගමනවු කිලෝමිටර් 462ක දුර සම්පුර්ණ කර නැවත කඩුවෙලට පැමිණිමට හැකි විය.


තවත් චාරිකාවකින් යථා කලයේ හමුවෙමු.



ස්තුතිය:
* කඩුවෙල සදහම් කැබ් ආයතනයට හා රියදුරු මහතාට-කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අප ප්‍රවාහනය කිරිම වෙනුවෙන්.
* නවාතැන් පහසුමක් (තත්වය කෙසේ වුවත්) ලබාදුන් බලංගොඩ රෙස්ට් ආයතනයට
* චාරිකාව සැලසුම් කිරිමට ලබාදුන් අමිල සහය වෙනුවෙන් ලක්දසුන් වෙබ් අඩවියට හා එහි කසුන්ට, විශේෂයෙන් මිතිල අයියාට.
* අනෙක් සහයෝගය දුන් සැමට



------------------------------------

2. කඩරොදගම සුධිර.(2005). සපරගමු පලාතේ දිය ඇලි පුද සිරිත් විමර්ශනයම.කොලඹ:එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

Monday, September 19, 2011

රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - පලමු දිනය



දිනය : 2011 සැප්තැම්බර් 4 හා 5
කණ්ඩායම: 7ක්
නවාතැන්: බලංගොඩ රෙස්ට් ඉන්
ප්‍රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්
ක්‍රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන හා දිය ඇලි නැරඹිම
කාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්
තොරතුරු ලබාගත් මාධ්‍යයන්: ලක්දසුන් වෙබ් ෆොරමය, සබරගමුවේ දිය ඇලි කෘතිය

මාර්ගය: කඩුවෙල > බත්තරමුල්ල > පන්නිපිටිය > පාදුක්ක > ඉංගිරිය > රත්නපුර සමන් දේවාලය > මල්ලව හන්දිය > පුංචි දඹදිව > මල්ලව හන්දිය > දෙහන ඇල්ල > වෙල්ලවත්ත > බෙරුවත්ත ඇල්ල > අලුපොල ඇල්ල > බලංගොඩ > කුරගල > දුවිලි ඇල්ල > සමනල වැව > පඹහින්න > බඹරකන්ද ඇල්ල

චාරිකා සිතියම



-----------------------------------------------------------------------------

ගමනක් යාමට තිබේ නම් ඊට කලින් දිනයේදි වාහනය පරික්ශාකර බැලිමේ සිරිතක් පෞද්ගලික රථවාහන කුලියට දෙන ආයතනයක් වන කඩුවෙල, වැක්කේවත්තේ සදහම් කැබ් ආයතනයේ නොතිබිම නිසා හෝ නැතිනම් රියදුරාගේ නොසැලකිල්ල නිසා තිබු වැන් රියේ සයිලන්සරයේ දෝශයට පින්සිදුවන්නට උදැසන 5.00ට පිටත් විමට සැලසුම්කර තිබු චාරිකාව පැය භාගයක් පමණ ප්‍රමාදවි පිටත් විය.

ගමනේ තවත් සාමාජිකාවක්ද බත්තරමුල්ලෙන් එක්කර ගත් අප උදැසන 9.10 පමණ වන විට රත්නපුරය සමන්දේවාලයට ලගාවුයේ නිවසින් පිලියෙල කරගෙන පැමිණි උදැසන ආහාරයද ගැනිමෙන් අනතුරුවය.

සමන්දේවාලය පිහිටි පානදුර-රත්නපුරය මාර්ගයේ 66 වන කිලෝමිටර කණුවට තවත් කිලෝමිටර් 5ක් පමණ පෙර එනම් 61 වන කිලෝමිටර් කනුව ආසන්නයේ තිබු රබර් වත්ත, නිවසින් ගෙනා උදැසන ආහාර ගැනිමට කදිම ස්ථානයක් බව වැටහුනත්, ඒවන විටත් අප එයට වගකියා හමාර වි තිබිණි.

අතරමගදි අබලන්වු සයිලන්සරය පිලිසකර කිරිමට ගිය විනාඩි 45 නොවන්නට මිට කලින් සමන්දේවාලයට පැමිනෙන්නට හැකිවන්නට තිබිණි.

සමන් දේවාලය


රත්නපුර නගරයට කිලෝමිටර් 3ක් දුරින් පිහිටි සමන්දේවාලයට, පිටතින් බැලු විට මහල් තුනක් ඇති බව පෙනේ.
ආශිර්වාද ලබාගැනිමේ අරමුණින් සමහරුන් අලියෙකුගේ බඩ යටින් රිංගා ය දර්ශනය අප නෙත ගැටුනේ දේවාල භුමියට පිවිසේන විටදිමය.ප්‍රථමයෙන්ගෙදරින් ගෙනා මල් බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කර, ගමන සාර්ථකව අතුරු අන්තරාවකින් තොරව සම්පුර්ණ කිරිමට සමන් දෙවිදුන්ගෙන් ආශිර්වාද දෙවනුව ලබාගත්තෙමු.

දේවාල භුමියේ ඇති කැටයම් කල කුලුණූ වලින් පුරාණ ශිල්පින්ගේ නිපුණත්වය මනාව පිලිඹිබුවේ. අලියෙකුගේ ස්වරුපයට සකස් කල ගස දේවාල භුමියට ගෙනදෙන්නේ අලංකාරයකි.
සුවද මලින් හා සුවද දුමින් සුවදවත් වු භුමියේ සුලගට වැනෙන පහන් සිලු හා පුරාණ බෞද්ධ චෙ‍යිත්‍යය කියාපාන්නේ දේවාලයක් ලෙසින් ප්‍රසිද්ධ වුවද මෙහි ඇති බෞද්ධ ජිවයයි.
චෙ‍යිත්‍යය වටා ඇති කුළුනු වලින්, අතිතයේ චෙ‍යිත්‍යය ගෘහයක් තිබුණු බව කියාපායි. එමෙන්ම මල් ආසනද චෙ‍යිත්‍යය වටා පවති.

සමන් දේවාලය තුල ඇති "ගල් පැලය" යනු කාලයත් සමග ගසක් සේ වර්ධනය වන ගලකි. මෙහිදි මා හා කතාකල වයස අවුරුදු 40ක පමණ මහත්මයෙකු මාහට පැවසුයේ ඔහු කුඩා කල මෙම ගල කුඩාවට තිබු බවක්ය. විද්‍යාත්මකව ගත් කල ගල් වර්ධනය වන බව සැබැවක් නමුදු එය සිදුවන්නේ ඉතා සෙමිනි. එසේ තිබියදි මෙම ගල වේගයෙන් වර්ධනය විම අධ්‍යනය කල යුතුදෙයකි.

සමන් දේවාලයේ ඉතිහාසයද රසවත්ය.
දඹදෙණි යුගයේ රජකම් කල පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ සෙනවියෙකුවු ආර්ය කාමදේව, රත්නපුර ප්‍රදේශයට මැණික් ගැරිම සදහා පැමිණ ඇත.මැණික් ගැරිම සාර්ථක වුවහොත් දේවාලයක් ගොඩ නගා සුමන සමන් දිව්‍යරාජයාගේ ප්‍රතිමාවක් එහි තැම්පත් කරන බවට ඔහු දිවුරා ඇති අතර ඔහුගේ අපේක්ශාව ඉටුවිමෙන් පසුව ඔහු විසින් පොරොන්දුවු පරිදි දේවාලයක් කරවා ඇත.
1618දි පෘතුගිසින් විසින් එම දේවාලය විනාශ කර එතනම ශාන්ත සැල්වදෝර් නම් පල්ලියක් ඉදිකර ඇත.
ඉන් පසුව වසර 1660දි දෙවන රාජසිංහ රජතුමා ව්සින් එම පල්ලිය විනාශ කර නැවත දේවාලය ඉදිකර ඇත. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ එම සමන් දේවාලයයි.

සමන් දේවාලයෙන් 9.40ට පමණ පිටත්වු අප රත්නපුර නගරය පසුකර මල්ලව හංදිය හරහා මල්ලව-කාර්නි මාර්ගය ඔස්සේ කිලෝමිටර් 22ක් පමණ දුරක් ගෙවා අපගේ මිලග නැවතුම වු පුංචි දඹදිව වෙත පැමිණෙන විට උදැසන 10.45 පමණ විය.

පුංචි දඹදිව

අප කොයි කවුරුත් දන්නා පරිදි අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ජන්මභුමිය දඹදිවයි. වර්ථමානයේ බොහෝ බෞද්ධයින් දඹදිව වන්දනාවේ යන්නේ බෞද්ධයින්ට වැදගත් ස්ථාන වැදපුදා ගැනිමටයි.
එහෙත් දඹදිව වන්දනාව සදහා විශාල මුදලක් වියදම් වන නිසා, මුදල් නොමැති අයට යැමට නොහැකිවි ඇත.
පුංචි දඹදිව යනු දඹදිව පිහිටි බෞද්ධයින්ට වැදගත් ස්ථාන බොහොමයක් ආකෘතින් ලෙස ඉදිකල ස්ථානයකි.මෙය දඹදිව වන්දනාවේ යැමට නොහැකි අයට වැදපුදා කුසල් රැස්කර ගැනිමට හොද ස්ථානයකි.තවමත් මෙහේ ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ වි නැත.
ශ්‍රි මහාබෝධිය, මුලගන්ධ කුටි විහාරය, පස්වග මහණුන්ට ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කල අයුරු මෙහි අනුරු වශයෙන් ඇති කිහිපයකට නිදසුන්ය.



තවද පාරමිතා පිරු අයුරු මෙන්ම සිදුහත් හා බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මෙහි මුර්ථි ආකාරයෙන් දක්වා ඇත.
බුදුරජාණන් වහන්සේ සූවිසි විවරණය ලැබු ආකාරය මෙහි ඇති තවත් වැදගත් අනුරුන්ය.

අනුරු නරඹා ගතේ ඇති විඩාව නැති විමට නම් මෙය අසලින් ගලා යන රත් ගගේ සිතල ජලයෙන් මුහුණ කට සොදාගත යුතුමය.

දහවල් 12.30ට පමණ පුංචි දඹදිවින් පිටත්වු අප නැවත මල්ලව හංදියට පැමිණ එතන ඇති කඩයකින් ගෙදරින් පිලියල කරගෙන ආ දහවල් ආහාරයට මදිපාඩුවක් ලෙස පරිප්පු හොද්දක් හා අවශ්‍ය අනෙකුත් දේ මිලටගෙන දෙහන ඇල්ල බලා පිටත් විමු.

දෙහන ඇල්ල

දහවල් 1.15 පමණ වන විට දෙහන ඇල්ලට ලගාවිමු. ප්‍රධාන මාර්ගය අයිනේ සිට මෙම මිටර් 72.9ක් උස දිය ඇල්ල නැරඹිය හැක. කලින් සැලසුම් කල පරිදි අප මෙහි සිට දිවා ආහාරය රස වින්දෙමු. මල්ලව හංදියේ කඩයෙන් 8 දෙනෙකුට පරිප්පු හොදි ඉල්ලු මට රු.200.00ක් සදහා 8 දෙනෙකුට වෙල් 3කට පමණ සැහෙන්න පරිප්පු දි ඇති බව තෙරුනේ මෙතනදිය. මාර්ගය අයිනේ ඇති බංකු මෙන්ම ආරක්ශිත බැම්මක්ද ආහාර රසවිදිමට රුකුලක් විය.
දෙහන කන්දෙන් ඇරඹෙන මෙම දිය ඇල්ල බඹරබොටුව ගගේ අතු ගංගාවකින් නිර්මාණය වි ඇත. මෙට ලංකාවේ දිය ඇලි අතර 27 ස්ථානයේ පසුවේ.
දෙහන ඇල්ල පුරාණයේ ප්‍රදේශිය රජ කෙනෙකුගේ වධකාගාරයක් ලෙස භාවිත කර ඇතිබව ජන ප්‍රවාදයේ වෙයි. වධකයින් දමන ස්ථානය නිසා දමන ඇල්ල වු බවත්, එය පසුව දෙහන ඇල්ල වු බවත් සදහන්ය.

දෙහෙන ඇල්ල ලගටම වුවද යා හැක. එය සමිපයට ගිය විට ගත දැවටෙන සිත ජල බිදු ගතට මෙන්ම සිතටද දෙන්නේ මහා සුවයකි.
ගෙන ආ පොලිතින් ඇතුලු සියලු දැ එකතු කර වැන් රථයට දැම්මේ, ආහාර මෙන්ම පරිසරයද රස වින්දද, පරිසරය අනුභව කිරිම වගකිවයුතු පුරවැසියන් ලෙස නොකල යුතු බැවිනි.

අපගේ සැලසුම වුයේ රැවුලදොලා නම් ප්‍රදේශයේ පිහිටි ස්ථානයකින් නැමටයි. එහෙත් මෙම ස්ථානයේදි හමුවු ප්‍රදේශවාසින් පැවසුයේ එය බිලිගන්නා ස්ථානයක් බවත්, නැම අනතුරුදායක බවත්ය. ඔවුන් යෝජනාකලේ මිට ටිකදුරකින් තිබෙන ස්ථානයක්ය.

එ අනුව, එම ස්ථානය සොයා අප 2.15ට පමණ දෙහන ඇල්ලෙන් පිටත් විමු. විනාඩි 5ක පමණ කාලයකින් නියමිත ස්ථානයට ලගාවිය.
එය පාලමක් අසල පිහිටි ජල පහරකි. ගල් අතරින් ගලා බසිනා ජල කද දුටු අප ඒ වෙත ඇදිගියේ නිරායාසයෙනි.
සිතල ජලපහරේ රිසිසේ විදි සුවයට බාධාකල කකුල්වලට කෙටු මාලුන් හා නැවත පැමිණෙන විට කකුල් බදාගත් කුඩැල්ලන් හැර වෙනත් බාධා එහි නොවිය. අප නැ ස්ථානයන් ගැබුරු නැත. එහෙත් ටිකක් ඉහලට වන්නට ගැබුරු ස්ථාන ඇති බව පෙනුණි.
එතනින් පිටත්වි අප බේරුවත්ත ඇල්ල බලා පිටත් විමු.

බේරුවත්ත ඇල්ල

බේරුවත්ත ඇල්ල යනු මිටර් 50ක් උස ඇල්ලකි. මෙය ප්‍රධාන මාර්ගයේ සිට මිටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත. දිය ඇල්ලට යන ස්ථානයේ කිසිදු නාමපුවරුවක් නැතිමුත් ප්‍රදේශවාසින්ගේ උපකාරයෙන් ස්ථානය කිසිදු අපහසුවකින් තොරව සොයාගන්නා ලදි.

මෙයද අලංකාර දිය ඇල්ලකි.එහෙත් පාමුල ඇති ගැඹුරු වල බිය උපදවන සුලුය.මෙය වෙත යාමේදි කුඩැල්ලන්ගෙන් ප්‍රවේසම් විය යුතුය.

සවස 3.45ට පමණ පිටත් වු අප මිලග නැවතුම වන අලුපොල ඇල්ල බලා ගමන් කලෙමු.

අලුපොල ඇල්ල

සවස 4.30 පමණ වන විට අලුපොල ඇල්ලට ලගාවිය.මහල් තුනකින් යුතුව ඇද හැලෙන මෙය මිටර් 68ක උසින් යුක්තය.මෙම ප්‍රදේශයේ අධික ලෙස අලි සිටිය බවත්, අලි එකතු වන පොල අලිපොල වි පසුව එය අලුපොල ලෙස භාවිතා කරන බව සදහන්ය.



අලුපොල ඇල්ල ගැන නඩේගුරා කණ්ඩායමෙන් කල වාර්ථා වැඩසටහනක්


දිය ඇල්ල අසල නැමටද පුලුවන.ඇල්ලට නුදුරින් ඇති තේ කඩයෙන් තේ පානය කර මදවේලාවක් එහි රැදි සිට අප බලංගොඩ බලා පිටත් විමු.
මාගේ සැලසුමේ වුයේ සවස 5.30ට බලංගොඩට පැමිණිමයි. අප බලංගොඩ රෙස්ට් ඉන් වෙත පැමිණියේ හරියටම 5.30ටයි. :P
අතර මග දුටු සුන්දරත්වය
අපට යැමට නොහැකිවු දිය ඇල්ලක් ඇතට දිස්වන් අයුරු.

රාත්‍රිය
කලින්ම මෙම ස්ථානය වෙන්කරගෙන තිබුන නිසා ඔවුන් අප වෙනුවෙන් කාමර 2ක් වෙන් කර තිබිණි. මෙම ප්‍රදේශය අවට වෙනත් නවාතැන් පලවල් වලින් මිල ගනණ් විමසා මෙම ස්ථානය තොරාගත්තේ එය මාගේ අය වැය හා ගැලපුනු නිසාය.

බලංගොඩ/බෙලිහුල් ඔය හා බඹරකන්ද අවට නවාතැන්පොලවල් වල මිල ගනන් සමහරක් පහත ඇත.

1. Bambarakanda rest - 1800 per head ( Half board) - T.P: 071 1707692

2. Belihul oya rest (Belihuloya)- 6820 per triple bed room ( Meals ?)- T.P: 045 228 0156
3. Water garden(Belihuloya) - 7810 per triple bed room ( Half board)- T.P: 045 228 0254
4. River Garden (Belihuloya) - 6100 per triple bed room ( Half board)- T.P: 045 228 0222/3
5. Landa house (Belihuloya)- 5300 per double bed room (Meals?)- T.P: 0772 923366

6. Dharshan Inn (Balangoda) - 1250 per Double bed room (Meals?)- T.P: 045-2222674
7. Chamara Rest (Balangoda) - 880 per Triple bed room (Without Meals)- T.P: 045-2287244
8. Balangoda Resort Inn(Balangoda) - 1000 per bed room(4/5 peoples) (Without Meals)- T.P: 045-2287207

කෙසේවෙතත් මාගේ තෝරා ගැනිම එතරම් හොද තෝරා ගැනිමක් නොවන බව පසුව මට වැටහිණි. මිල ගණන් අඩු වුවත් තත්වය බාලය, විශේෂයෙන් වැසිකිලි.
ඔවුන්ගේ කොකියා පිලියෙල කරන රාත්‍රි ආහාරය එතරම් හොද නැති නිසා පිටතින් ගන්නා ලෙස පැවසිමට ඔවුන් කාරුණික විම ගැන නම් ස්තුතිවන්ත විය යුතුය.
පිටතින් ගෙනා ආහාර අනුභව කර කලින්ම නින්දට ගියේ දෙවැනි දවස ගැන සිහින මවමින්ය.

වැදගත් දුරකථන අංක:
රත්නපුර පොලිසිය: 045 2222223
රත්න ලංකා පෞද්ගලික රෝහල: 045 2223090
රත්නපුර මහ රෝහල: 045 222 2261~5
රථ වාහන අලුත්වැඩියා ස්ථාන: D. S. S. N. Auto Engineering (Pvt) Ltd - 045 2 224560


දෙවන දවසින් හමුවෙමු..



Sunday, June 12, 2011

ඉංග්‍රිසියට සිරෝ(Zero) ආවේ කොහෙන්ද?

මිට පෙර සිතන්නට යමක්...නම් සටහනේ මා බුද්ධාගමේ ආභාශයෙන් නාගාර්ජුන ස්වාමින් වහන්සේ නිර්මාණයකල ශුනයතාවාදය හිතුකොටගෙන භාරතියයන් නිර්මාණයකල ශුනය හෙවත් බින්දුව යන සංකල්පය යුරෝපයට ගිය ආකාරයත් සදහන් කලා.
මෙම ලිපියේ අරමුණ ශුනය නැමති සංඛ‍යාව ඉංග්‍රිසියෙන් "Zero" වුයේ කෙසේද යන්න දැක්විමයි.

ඉංග්‍රිසි භාෂාව වෙනත් භාෂා වලින් යම් යම් වචන අවශෝෂනය කරගෙන ඇත. එම වචන හැදින්වෙන්නේ "Loanwords"යන නමිනි. Zero ද එසේ අරාබි භාෂාව හරහා ඉංග්‍රිසියට එකතු වු Loanword එකකි.

බින්දුව(Zero) අරාබි භාෂාවෙන් ආරම්භවන්නේ “sifr - صفر ”(Sifar ලෙස වෙනත් තැනක සදහන් විය) ලෙසිනි. එය ඉතාලි භාෂාවෙන් “zefiro” වේ.ඉංග්‍රිසි භාෂාව පැරණි ඉතාලි භාෂාවෙන් එය අවශෝෂණය කරගෙන ඇති බව සදහන්ය.

පහත වචනද ඉංග්‍රිසි භාෂාවට එකතු වි ඇත්තේ අරාබි භාෂාවෙනි.

1. Admiral

2. Alcohol - අරාබි වචනය: “al kohl”

3. Algebra - අරාබි වචනය: “al jabr"

4. Arsenal

5. Zero

6. Syrup

7. Sugar

8. Spinach

9. Sofa

10. Soda

11. Orange

12. Mattress

13. Magazine

14. Lemon

15. Jar

16. Guitar

17. Giraffe

18. Coffee

19. Cotton

20. Candy


මුලාශ්‍ර:http://www.englishonline.org.cn/en/vocabulary-grammar/twenty-twenty/arabic-loanwords#tabs-203380-3

Friday, April 1, 2011

සතුරාට එරෙහිව අවි ගැනුම හෙවත් ඉගෙනිම

අනු/අව කලන

අ/කාබනික සමග විද්‍යුතය

දහසකුත් දේ පසුකර

සරසවිය


Management සහ Economics සමග Procurement

Course work සහ Project work අඩුනැතිව නිමකර

වෘත්තිය දිවිය


CPD, APC ට අමතරව නොයෙක් professional courses

මකන්නට B.Sc. යේ තනිය


නිශ්චිත ඇරබුමක් හෝ අවසනක් නැත

එදා සිට අද තුරා

අද සිට හෙට තුරා

පියෙන් පිය දිවෙන

ඉගෙනුම ඉගෙනුම


එයයි අවිය

හැසිරවු නිසිලෙසට

ගෙල සිදින්නට

දුප්පත් සතුරු පෙල.