Saturday, September 24, 2011

රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - දෙවන දිනය



උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

කුරගල

බෞද්ධාගමිකයන්ට මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ පුරාණයේ මෙහි රහතන් වහන්සේලා වැඩසිටි බවස සලකන නිසාවෙන් හා මෙහි ක්‍රි.පු. දෙවන ශතවර්ශයේදි බෞද්ධාරාමයක් පැවති නිසාවෙනි. එමෙන්ම මෙය බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියක් බව සදහන්වන බව සමහරු පවසති. බුදු රජානණ් වහන්සේ ලක්දිවට වැඩිය අවස්ථාවක, සමන් පව්වට වඩින අතරමග දිවා විහරණය කිරිම පිණිස මෙම ස්ථානයට පැමිණි බව සකලන නිසාවෙන් මෙමෙ ස්ථානය දිහා ගුහාව ලෙසද හැදින්වේ.
ඉට අමතරව මෙම කුරගල යනු සිංහල ජනවර්ගයේ ආරම්භක ජනවර්ගයක් ලෙසින් සමහරු සලකන යක්ශ ජනවර්ගයේ ප්‍රභල රජකෙනෙකු වන රාවණා රජුගේ ගිරිරාජධානි 7න් එකක් වන ඉන්ද්‍රගිරි රාජධානිය ලෙසද සලකයි. ක්‍රි.පු 1500ට පෙර ශ්‍රි ලංකාව පාලනය කල රාවණා රජුගේ ගිරිරාජධානි 7 මෙසේය2:

මහේන්ද්‍රගිරි රාජධානිය- රුහුණ
චන්ද්‍රගිරි රාජධානිය-සපරගමුව(වෙල්ලවත්ත)
ඉන්ද්‍රගිරි රාජධානිය-කුරගල
සිවගිරි රාජධානිය-සිගිරිය
හෙලගිරි රාජධානිය-දෙවුන්දර
මලයගිරි රාජධානිය-හන්තාන කන්ද, නුවර
මුල්ගිරි රාජධානිය-මුල්කිරිගල

එමෙන්ම රාමානයනට අනුව, රාවණා රජු සිතා දේවිය පැහැරගෙන ආ පසු, ඇය නැවත රැගෙන යාමට, රාමා කුමාරයා ලක්ශ්මන් හා හනුමන්තා සමග ලක්දිවට පැමිණ ඇත. (මෙසේ පැමිණි හනුමන්තා වෙනුවෙන් ඉදිකල කෝවිල හා ඒ අසලම ඇති සිතා අම්මාන් කොවිල ගැන මිට පෙර මා ලියා ඇත.)එහිදි ඇතිවි ගැටුමෙන් රාමා ජයගෙන සිතා දේවිය නැවත ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එම ගැටුමට, රාවණාගේ සොයුරා වි විභිශණ, රාමාට සහයෝගය දි ඇත. එම සහයෝගයට කලගුණ සැලකිමක් ලෙසින් ඉන්ද්‍රගිරි රාජධානිය රාමා විසින් විභිශණට ප්‍රධානය කර ඇති බව සදහන්ය.
තවත් කතාවක් වන්නේ වලගම්බා රජතුමා මෙහි සැගවි සිට සේනා රැස්කල ස්ථානයක් ලෙසයි.

මුහුදු මට්ටමෙන් අඩි 1000ක පමණ උසින් පිහිටි මෙයට පිවිසෙන්නේ ගල්පඩි පෙලක් තරණය කරමින් මුස්ලිම් ආගමිකයන් ඉදිකල තොරණක් යටින්ය. බෞද්ධ පසුබිමක් ඇති ස්ථානයක මුස්ලිම් තොරන් ඉදිවිම වෙනමම කතා කල යුත්තකි.


ගල්ගුහාවක ඇති විවරය නිසාවෙන් මෙම ස්ථානය ප්‍රථමයෙන් කුහරේ ගල ලෙසද පසුව කුරගල ලෙසින් හැදින්විමට පටන්ගෙන ඇති බව සදහන්ය.
කුරගල මුදුනේ සිට බලන විට ඇතින් දිස්වන දර්ශනය මනරම්ය.උඩවලවේ ජලාශය, උඩවලවේ වනෝද්‍යානයේ කොටසක් මෙන්ම බුදුගල ස්ථුපයද මනාව දිස්වේ.



මෙහි ගල් ගුහා 30-40ක් පමණ ඇති අතර ඉන් සමහරක කටාරම්ද කොටා ඇත.අතිතයේ මෙහි කලුගල් උලුවස්සක් තිබි ඇති අතර දැන් එය දක්නට නැත.

දැන් මුස්ලිම් ආගමිකයන්ට මෙහි ඇති වැදගත්කම බලමු. මොහමේදාන්(Mohammedan) නම් මුස්ලිම් ආගමේ ශාන්තුවරයෙක්ගේ සොහොන මෙහි ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙහි ඇති කුරගල පිහිටි ගුහාවෙන් ස්වර්ගයට යන මාර්ගය ඇති බවද ඔවුන් විශ්වාස කරයි. මුස්ලිම් භක්තිකයන් මෙය ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් හදුන්වයි. එසේ හදුන්වන්නේ ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු අල්ලා දෙවියන්ගේ මුනුපුරෙකු ලෙසද විශ්වාස කරයි.

"1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ."1

මෙහිදි භාරයක් වුවහොත් එක ඉශ්ඨ වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ජුලි හා අගෝස්තු මාසවලදි මෙම ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරි යයි.ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය වෙනුවෙන් 10,000-15,000ක් පමණ පිරිසක් පැමිනෙන බව සදහන්ය.

මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් හදුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති ඇති පුරාණ බෞද්ධ ස්ථානයක් මුස්ලිම් වුයේ කෙසේද? අප දන්නා පරිදි මුස්ලිම්වරුන් ශ්‍රි ලංකාවට පැමිනියේ වෙලදාම සදහාය, ඒ ක්‍රි.පු 2 ශතවර්ශයට බොහෝ කාලයකට පසුය.

"1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ."1

"මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය."1

නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.

කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.

දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ.


මෙම පුරාවිද්‍යා භුමියේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිම තහනම් බව සදහන් පුවරුව පිටුපස මෙන්ම ඒ අවට ඇති ඉදි කිරිම් දෙස බලන කල මතුවන ගැටලුව නම් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව අක්‍රිය කල බලවතා කවුද යන්නයි.
ඔහු ප්‍රභල බලවතෙකු බව සිතෙන්නේ මෙය කියවන විටදිය.

මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.

"

"නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත." 1

මානව හිමිකම් කොමිසමේ තිරණය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැදවා සාකච්ඡුාවක් පවත්වා තිබේ.

"දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර ..."1
පැය දෙකකට ආසන්න කාලයක් මුස්ලින් ආක්‍රමනිකයන් අල්ල ගත් බෞද්ධ ස්ථානයක් වු කුරගල සැරිසරා පෞරාණික ස්ථාන මෙන්ම මනරම් පරිසරයක සුවය වින්දෙමු. ගමන ආරම්භයේ සිය අවසානය දක්වා අපගේ මගපෙන්නවන්නන් ලෙස ගිය බලු මිතුරන් දෙදෙනා වෙනුවෙන් මාරි බිස්කට් සංග්‍රහයක් ලබාදි අය 11.15ට පමණ කුරගලින් පිටත් විමු. පිටත් වන මොහොතේ එක් බල්ලෙකු මා කෙරෙහි අමනාපයෙන් මෙන් අහල බලා සිටියේ වෙන්වන දුක නිසා නම් නොව උගේ ගොදුරක්වු අහිංසක වදුරු පැටිය, මා විසින් උට අහිමි කල නිසා විය යුතුය.


දුවිලි ඇල්ල



විනාඩි 30ක පමණ ගමනකින් පසුව දුවිලි ඇල්ලට පැමිණිමට හැකිවිය. ප්‍රවේශ ස්ථානයෙන් මුදල් ගෙවා ( වාහනයට රු.30ක් හා එක් අයෙකුට රු.10 (?)බැගින්) ප්‍රවේශ පත්‍ර මිලදි ගත යුතුය.

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
එක් රජ කුමරෙකු සතුරන් සමග යුද්ධයට යැමේදි ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාදයේවේ.අඩි 131ක් උස මෙය ආරම්භ වන්නේ වලවේ ගගෙනි.

වාහන නැවතුම් ස්ථානයේ වෙලද සැලක්, වැසිකිලි හා විවේක ස්ථානයක්ද වේ. කලින් ඇණවුම් කලේ නම් දිවා ආහාර මෙම වෙලද සැලෙන් මිලදි ගත හැකිය.
පඩිපෙලවල් හා අත්වැල් මනාව සකස් කර ඇත.ඒ ඔස්සේ පහලට පැමිණ, එක් ස්ථානයකින් (පඩි පෙලවල් අවසානයේ ඇති අඩි පාරේ හමුවන තුන්මන් හන්දියෙන්)වමට ගිය විට දිය ඇල්ලේ ඉහල කොටසේ, ගගට ලගා විය හැක. දකුණු පසින් දිය ඇල්ල මනාව දිස්වන ස්ථානයකට ලග විය හැක.
ඉහල කොටසේ ජල පහරින් මුහුණ පමණක් සෝදාගත්තේ ඉතා ප්‍රවේශමෙනි,ඒ මන්ද යත් එහි ඇති අනතුරුදායක තත්වය වටහාගත් නිසාවෙනි. මේ අවට වනාන්තරයද අලින්ගෙන් ගහන එකකි.
දිය ඇල්ලෙන් සමුගත් අය 12.45ට පමණ එතනින් පිටත් විය.

සමනල වැව


අප කලින් ගිය මාර්ගය ඔස්සේම නැවත පඹහින්නට පැමිණ බඹරකන්ද දිය ඇල්ල බලා යැම අපගේ අරමුණ විය.සමනල වැවේ සුන්දරත්වය මෙන්ම එහි අසාර්ථකත්වය කියාපාන වැවු බැම්මේ සිදුරෙන් පිටවන ජල කද(ලොකෙ ලොකුම ජල කාන්දුව?-රජවක සිය පඹහින්නට එක මාර්ගය, වලවේ ගග පසු කරන ස්ථානයට මෙම ජල කාන්දුව පැහැදිලිව දැකිය හැක. ) මෙන්ම ගල් පුරවා තලා සැදු මිටර් 530ක් දිග මිටර් 110ක් උස වේල්ලද දැක බලා අප සවස 2.30 පමණ වන විට බඹරකන්දට පැමිණියෙමි.
ලංකාවේ දෙවනියට විශාලතම ජලවිදුලි බලාගාරය වන සමනල වැව බලාගාරය නැරඹිමට නොහැකිවුයේ එය නැරඹුමට අවසර ලබාදෙන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් වන හෙයිනි.


බඹරකන්ද දිය ඇල්ල

මේ අපගේ චාරිකාවේ අවසාන නැරඹුම් ස්ථානයයි.ලංකාවේ උසම දිය ඇල්ල වුවද කුඩා ජල පහරක් පහලට ඇද හැලෙන්නේ මේ කාලයේ වර්ශාව මද නිසාවෙනි.වලවේ ගගේ අතු ගංහාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වන මෙහි උස අඩි අඩි 263කි.මෙම ස්ථානයට ගෝමලි කන්ද, බලතොදුව කන්ද, වංගෙඩිගල කන්ද ඉතා අලංකාරව දර්ශනයවේ.
වාහන නැවතුමේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ පයින් පැමිණ, අඩු පාරක් ඔස්සේ ගොස් කුඩා පාලමක් පසු කර පයිනස් වවා ඇති කන්දේ මදක් ගිය විට ඇල්ල පාමුලට පැමිණිය හැක.
ජායාරුපය: වංගෙඩිගල කන්ද

ලංකාවේ උසම මෙන්ම ලෝකයේ උසින් 299 ස්ථානයේ පවතින මෙම දිය ඇල්ලෙන් ස්නානය කිරිමට අප වාසනාවන්තයන් විමු. ඇග කිල්ලිපොලයන සිතලක් පැවතියද ගතට දැනෙන සුවය එය පරයන්නට සමත් විය.

රියදුරාගේ උපදෙස් නිසා අතර මගින් කැම නොගෙන, ඇල්ල අසල තැනකින් කැම ගැනිමේ අදහසින් ගිය අපට වුයේ බඩගින්නේම නා, ආපසු එනවිට සවස 4.30ට පමණ දහවල් ආහාරය ගැනිමටයි.
අවසානයේ රාත්‍රි 9.30 පමණ වන විට අප ගිය මාර්ගය ඔස්සේම, සම්පුර්ණ ගමනවු කිලෝමිටර් 462ක දුර සම්පුර්ණ කර නැවත කඩුවෙලට පැමිණිමට හැකි විය.


තවත් චාරිකාවකින් යථා කලයේ හමුවෙමු.



ස්තුතිය:
* කඩුවෙල සදහම් කැබ් ආයතනයට හා රියදුරු මහතාට-කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අප ප්‍රවාහනය කිරිම වෙනුවෙන්.
* නවාතැන් පහසුමක් (තත්වය කෙසේ වුවත්) ලබාදුන් බලංගොඩ රෙස්ට් ආයතනයට
* චාරිකාව සැලසුම් කිරිමට ලබාදුන් අමිල සහය වෙනුවෙන් ලක්දසුන් වෙබ් අඩවියට හා එහි කසුන්ට, විශේෂයෙන් මිතිල අයියාට.
* අනෙක් සහයෝගය දුන් සැමට



------------------------------------

2. කඩරොදගම සුධිර.(2005). සපරගමු පලාතේ දිය ඇලි පුද සිරිත් විමර්ශනයම.කොලඹ:එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

12 comments:

  1. Kuragala is a very important place. Thanks for posting this information here. I also believe this is one place of ancient Sinhalese.

    ReplyDelete
  2. මල්ලි මේ ලිපිය නියමේටම ලියලා තියෙනවා..නිකOම හිතට එන දේ ලියන්නේ නෑතුව..කතාවට අදාල කරුණුත් ඒවා ලබා ගත් ස්ථානත් නිවෑරදිව සදහන් කරලා ලියලා තියෙන මේ ලිපිය ට මයියා ගේ ඉහලම ප්‍රසදය

    ReplyDelete
  3. එසේ ලිමට මම ආභාශය ලබා ගත්තේ ලක්දසුන් ෆොරමයෙන්. එහි ආකාරයට ලියවුනි චාරිකා වාර්තා ගණනාවක්ම තිබෙනවා.

    මේ චාරිකාවය ගැන එම ෆෝරමයේ මිතිල අයියාගෙන් උපදෙස් ලබාගැනිමේදි, ඔහු ඉලිමක් කලා චාරිකාව අවසානයේ වාර්ථාවක් ලියන ලෙස.එ නිසයි මා එය සිංහලෙන් ලියා මගේ බ්ලොග් එකේ පල කලේ.

    ReplyDelete
  4. ඉහත ලිපියේ මා විසින් බලන්ගොඩ රෙස්ට් ඉන් බාල තත්වය පිලිබදව සදහන් කලෙමි. එසේම එය පිලිබදව බලන්ගොඩ නගර සභාවය අයත බ්ලොග් අඩවියේ ප්‍රතිචාරයක් ලෙස දැක්වුයෙමි. එහිදි ඔවුන් මගෙන් තවදුරටත් කරුණු විමසාසිටි අතර, අවසානයේ ඔවුන්ගෙන් ලැබුණු පිලිතුර මෙයයි.ඒ සදහා ගතවුයේ දින දෙකක් පමණකි.
    --------------------------------
    මහත්මයාණනි

    ඔබගේ ගැටඵව පීළිබද සොයා බැලීමට බළන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කටයුතු කර ඇති අතර ඉදිරි දින 30 තුල එම අපිරිසිදු නාන කාමර හොද තත්ත්වයට පිලිසකර නොකල හොත් එම ‍තානායමෙහි බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බව බළන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දන්වා සිටී.
    මෙවැනි අප නගරයේ ඇති අඩුපාඩු පෙන්වා දීම පීළීබද අප ඔබට ස්තුති වන්න වන අතර ඉදිරියටත් අප සමගින් රැදී සිටිනු ඇතැයි අප බලා‍පොරොත්තු වෙමු.

    ස්තුතියි !

    පරිගණක අංශය
    බළන්ගොඩ නගර සභාව
    ------------------------

    මෙවන් කාර්යක්ශම නගර සභාවක් ගැන දැන ගැන්මට ලැබිම සතුටට කරුණකි.

    ReplyDelete
    Replies
    1. Dear Brother, i really appreciate this documentary as a Buddhist. Why our buddhist people still waiting to release this ancient buddhist vihara ! let's create a community for this task; other vice this place wont be released for us to protect. Why we can't notice the president about this. Let's gather as one and make arrangements to notice our Buddhist politicians. Really Thanking you for doing such great task for the future protection of our Great temples. pdwicky@gmail.com (Let start this from some where and will do something.

      Delete
  5. Thanks for the comment. I think already peoples like Kolonne Sri Shantha Vijaya thera get together and try to get this place back to Buddhist. However they were failed due to several reasons. They can't get it back even there is a judgement by the Human right commission. Therefore we can understand the power against the Judgement.

    I think President/Government is well aware about the Kuragala since the Ministry of Cultural also attended for the meeting on 2011/05/03.They may not going to execute the judgement since it may lead to a religious issue. We should careful when dealing with such problems.

    Kuragala muslims are well established there for more than 4 decades. Therefore we shouldn't try to wipe out Muslims. Because it may lead to an issue.

    We should visit Kuragala and worship as a Buddhist pilgrimage place. If any Buddhist organization can build a temple with necessary facilities, it may be a help to protect as Buddhist place. Otherwise they may wipe out the remaining ruins too.

    ReplyDelete
  6. කොළොන්නේ ශාන්ත හිමියන් ඉදිරිපත් කල පැමිණිල්ල මත මානව හිමිකම් කොමිසම 2009 වසරේ ලබාදුන් මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී.

    බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව අනවසරයෙන් පදිංචි වි සිටින මුස්ලිම්වරුන් නෙරපිමට නියෝයක් ලබාදි ඇත.

    මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇත.
    ඒ පිලිබදව ලියවුනු ලිපියකි මේ.
    -----------------------------------------

    කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට


    කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව් ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි. දහනම වන ශත වර්ෂය ආරමිභයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුනේ වනගත ගමිමාන කීපයක් පමණකි. කූරගල අසළම පිහිටියේ තන්ජමයි.දුරාතීතයේ දී භික්ෂූන් වහණ්සේලාගේ තපෝවනයක් ව පැවති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග‍්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.

    මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යැපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුලු පිරිසක් ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්ල්‍ය සදහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුල විශ්වාශයක් පවතී. කල්තොට මැද බැද්ද බුදුගල වැලිපොතයාය ආදී ගම්මාන වලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීරණයේ නටබුන් දැක බලා ගෙන කූරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවති විශ්වාශය නිසාවෙනි.

    මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිඳුවී මේ වන්දනා නඩ හිටුවන් ගල හා කූරගල තරණය කරති. ප‍්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන විසින් රහතුන් වහණ්සේලාට පූජා කරන ලද කටාරමි කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහණ්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප‍්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්ල්‍යට ලක ලෑස්ති වෙති. කූරගල පර්වතයට තාණ්ඩුල්‍යෙය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසි වරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශෝන ගල් ගේ ට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියන් පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමග වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශී‍්‍ර පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිම කොට ආපසු ගම් රටවල් බලා පිටත්ව ගියහ. වර්තමානයේ මේ කිසිම වන්දනා කරුවකුට මේ ස්ථානයේ මේ පාම්පරික චාරිත්‍ර ඉටු කරලිය නොහැකිය එයට හේතුව මසුලිම් වරු විසින් ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ගල්ලෙන් අත්පත් කර සිටීමයි. මොවුන්ගේ මෙම ආක්‍රමණයට යම් ඉතිහාසයක් ඇත.

    Cont'd below

    ReplyDelete
  7. දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. ඉංග්‍රීසීන් ගෙන් ඉඩම් බදු ගත් මුස්ලිම් වරු වෙළෙඳ ව්‍යාපාර වල බලය අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය. මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි. නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය. මරික්කාර් නම් මුස්ලිමි වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලවිව ඉඳි වන්නේ මේ භූමිභාගයේ ය.

    මුස්ලිම් වරු දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. ‘ මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුනු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යෑම සඳහා එකම මග වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම්සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නමි මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප‍්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.’

    නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම් වරු කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.

    ‘කල්තොට ආරචිචි නමටයි….. අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’

    දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම් වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ‍්‍රි පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු විය. ප‍්‍රධාන ශ‍්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත් මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැළ ඉවත් කර ගැනීමට සිදුවුවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දෆ්තර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත‍්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත් වී ඇත්තේ එකොලොස්වන ශත වර්ශයේදීය.10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයින් ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයා ද මෙහි සිටි බව මේ ඊනියා ප‍්‍රකාශනයේ සඳහන් වේ.එහෙත් ඔවුන් නීති විරෝධී කංසා වෙළෙඳාම් කරන්නන් බව එම පත්‍රිකාවේ ඇතුලත් කර නැත.

    Cont'd below

    ReplyDelete
  8. හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලදී. ක‍්‍රි.පූ.දෙවනි සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහණ්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනා ගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල පූජ්‍ය වටද්දර ඥාණ්ස්සර හිමි යන නායක හිමි වරුන් ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තුමා මෙම නිගමනයන් ස්ථීර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයින් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි. වෙසෙසින්ම මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරන ලද පසු එහි මුර සේවයට දමන ලද රැකවල් කරුවන් ගේ අනුග්‍රහය ලද මුස්ලිම් වරු කූරගල ගල්ලෙන් වල සිය ඉඳිකිරීම් වැඩි දියුණු කළහ. 1977 න් පසු බලංගොඩ මන්ත්‍රීවරයා වශයෙන් සිටි අබුසාලි මහතා පල්ලි භාරකාර මණ්ඩලයක් පිහිටුවා මුස්ලිම් වරුන්ට කූරගල පදිංචියට ඉඩ ලබා ගත්හ. ආර්. ප්‍රේ මදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු බෞද්ධ පක්ෂයේ ද හඬට කන් දී මුස්ලිම් වරුන්ට කූරගල ගල පාමුළ අක්කර විස්සක භූමි භාගයක් 1992 දී ලබා දුන්හ. පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කරන ලෙසටද නියෝග කළේය. නමුත් එය සිදු නොවීය. පසුව මඩ කලපුවේ සිට මුස්ලිම් වරු මෙම නව ඉඩමට ගෙනත් පදිංචි කරන ලද අතර පැරණි ආරාම සංකීර්ණය නිදහස් නොකෙරුණී.

    පූජ්‍ය මැදගම ධම්මානන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක යන ස්වාමීන් වහණ්සේලා අනුශාසකත්වය දරණ මැදපෙරදිග හෙළබිම සංවිධානයේ මූලිකත්වයෙන් කූරගල පර්වත පාමුල පිහිටි පූජ්‍ය වටද්දර ඤණිස්සර හිමියන් ගේ ආවාස ගෙය වැඩි දියුණූ කර කූරගල ශ්‍රී පාද රජ මහවිහාරය යන නමින් විශ්‍රාම ශාලා සහිත අභිනව විහාරස්ථානයක් ඉඳිකර 2003 සැප්තැම්බර් 8 දින විවෘත කරන ලද අතර බෞද්ධ වන්දනා කරුවන් ගේ ඉල්ලීම පරිදි වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ ඉල්ලීම පරිදි 2004.11.16 දරන ලිපියකින් තාණ්ඩුලෙය්‍ය පබ්බතය ශීර්ෂයේ බුදු පිළිම වහණ්සේ නමක් ඉඳිකරලීමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුවෙන් අවසරය ඉල්ලා සිටින ලදී. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.. නමුත් මුස්ලිම් වරු මේ ස්ථානයේ දිගින් දිගටම ඉඳිකිරීම් කර ගෙන ගියහ. ඔවුන්ගේ වාර්ෂික උත්සව පවත්වන අවස්ථාවන්හිදී පුරාවිද්‍යා නඩත්තු අංශ වල මැදිහත් වීමෙන් අලුත් වැඩියාවන් ද කරන ලදහ.කූරගල පර්වතය අසල ඒ කාලයට විශාල ගවයින් පිරිසක් ඝාතනය කර මේ පූජ භූමිය ලේ වලින් තෙමා හරින ලදහ. රජයෙන් ඒ පිළිබඳ විරුද්ධත්වයක් ද ප්‍රකාශ නොවුණි. මෙම කරුණු පදනම් කොට ගෙන පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් 2005 වර්ෂයේ දී මානව හිමිකම් නඩුවක් ගොනු කෙරුණි. එහි වග උත්තර කරුවන් වූයේ පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බලංගොඩ පොලිස් ස්තානාධිපති ප්‍රාදේශිය ලේකම් හා සපරගමුව පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ වරයාය.

    1971.12.03 අංක 14987 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව රක්ෂිතයක් බව පිලිගන්නා නමුත් රක්ෂිතයක් බවට පත් කිරීමට පෙර සිට ඉඳිකර ඇති ඉඳි කිරීම් ඉවත් කිරීම ගැටලු සහගත වන බවද එම නිකායේ උත්සව කාලවලදී තාවකාලික වූ ඉඳි කිරීම් වලට අවසර දීමට පුරා විද්‍ය දෙපාර්තමේන්තුව සිදු කර ඇති බව පිළි ගන්නා බවද මෙම මානව හිමිකම් නඩු වේදී ප්‍රධාන වග උත්තර කරු වන පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයා පිළි ගත්තේය. මෙහිදී පෙත්සම් කරුවන් දන්වා සිටි කාරණා ඉතා වැදගත් ය. එහි මෙසේ සඳහන් වේ. ‘දෆ්තර් ජෙයිලානි නම් වූ ආගමික නිකායක් විසින් තම කටයුතු සඳහා මෙම බෞද්ධ පරිසරය තුල විශාල ලෙස සත්ව ඝාතන හා බිලි පූජා පැවැත්වීමද එහි පැමිණෙන පිරිස් විසින් බෞද්ධ පුරා වස්තු මත හුණු හා තාර වැනි දේ ගෑමෙන් ද පිළිම කඩා දැමීමෙන් ද මහත් විනාශයක් කර ඇත. ඓතිහාසික බෞද්ධ ආගමික පරිසරය මින් පරිහාණියට පත්වන බවද පෙනෙන අතරම පුරාවිද්‍යාත්මක වස්තූන් ලෙස මෙවැනි ඓතිහාසික ස්ථාන රැක බලා ගැනීම හා දැක බලා ගැනීමේ අයිතිවාසිකම උල්ලංඝණය වන ලෙස කටයුත් සිදුව ඇති බව පැහැදිළිය. මෙම ස්ථානයේ තාප්ප තොරන් කඩපිල් නැවතුම් ශාලා කැසිකිලි වැසිකිලි සත්ව ඝාතන හා සත්ව ලැගුම් හල් තැනීම එම නිකාය මගින් සිදු කරන්නේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් දෙපාර්තමේන්තුව ලබා දෙන අවසර පත්‍රය මගින් බවද පැහැදිලි වේ. නමුත් බෞද්ධයින් වෙනුවෙන් ඉඳිවන බුදු පිළිමයට පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා තහනමක් පණවා ඇත.’

    Cont'd below

    ReplyDelete
  9. පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

    මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

    - මතුගම සෙනෙවිරුවන්
    (http://www.lankacnews.com/sinhala/main-news/58569/)

    ReplyDelete
  10. නියමයි. අපූරුවට ලියපු ලිපියක්. ස්තූතියි මට ලින්කුව ලබා දුන්නාට.

    ReplyDelete
  11. නියමයි. අපූරුවට ලියපු ලිපියක්. ස්තූතියි මට ලින්කුව ලබා දුන්නාට.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.