Wednesday, April 25, 2012

කුඩම්මාගේ සැලකිලි ලබන විදෙස්ගත සේවා නියුක්තිකයෝ

ශ්‍රි ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාධ්‍ය වන්නේ මිලියන 1.8ක් පමණ වන  විදෙස්ගත සේවා නියුක්තිකයන්ය.  ඔවුන් විසින් මෙරටට එවු මුදල් ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් බිලියන වලින්, 2008 වසරේදි  2.8ක් ද, 2009 වසරේදි 3.3 ක්ද වු අතර එය 2010දි 3.8ක් වැනි අගයක් විය. 2012 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 5.0ක් වැනි ඉහල අගයක් ගත් එය 2016දි ඇමරිකානු ඩොලර් බිලියන  7.0ක් වන බවට ගණන් බලා ඇත.දල වශයෙන් ගත්කල එය දල දේශිය නිශ්පාදිතයෙන් 7% හා අපනයන ආදායමෙන් 36%කි.
වර්තමාන රජයද  විදෙස්ගත සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය සදහා යම්යම් ක්‍රියාමාර්ග ගෙන ඇත, එහෙත් ඒවා ඔවුන් මෙරටට කරන්නාවු සේවය සලකාබලන විට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.   විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් වන  මෙහෙය නිසාවෙන් ඔවුන්ට රජය මගින් විවිධ ආකාරයේ වරප්‍රසාද ලබාදි තිබිණි. එහෙත් ක්‍රමක්‍රමයෙන් එම වරප්‍රසාද කප්පාදු කරගෙන යන බව පෙනෙන්නට තිබේ.


ජායාරුපය : මෙතනින්

2008 වසරේ ජුලි 9 දින සිට තිරු බදු සහන දිමනාව (Duty free allowance) යටතේ අගල් 32ට වැඩි LCD රුපවාහිනි, ස්වයංක්‍රිය රෙදි සොදන යන්ත්‍ර වැනි භාණ්ඩ වර්ග 7ක් ගෙන එමට නොහැකි වන ලෙස නියමයක් පනවන ලදි.

මෙරටට ලක්ශ 20කට වඩා එවා ඇති  විදේශ සේවා නියුක්තිකයන්ට වසර 10ක් දක්වා පැරණි වාහන සිය සමිපතමයෙකුට තැගි කිරිමට හැකි වන ලෙස ලබාදි තිබු තැගි බලපත්‍ර (Gift permit) වරප්‍රසාදය රජය විසින් පසුගිය වසරේ අග භාගයේදි නතර කරන ලදි.එය මැතකදි සිදුවු ප්‍රභලම කප්පාදුවකි.

  විදේශ සේවා නියුක්තිකයන්ට ලබාගැනිම අනිවාර්යවු ජාතික රක්ශණ භාර අරමුදලේ රක්ෂණාවරණය ලබාදිම පසුගිය 20 සිට(අප්‍රේල් 20)  දින සිට නතරවි ඇත.එය ඉදිරියේදි නැවත අරඹන බව අදාල ආයතනයන් සදහන් කර තිබුනු බව මාධ්‍යන්ගේ පලවිය.

මේ අතර රජය විසින් මහින්ද චින්තනයේ එක් පොරොන්දුවක් වු විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප ක්‍රමයක්  ලබාදිමේ අරමුණින් 2011 මාර්තු 28 දින  පනතක් සම්මත කර "විදේශ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල" නමින් අරමුදලක් බිහිකරන ලදි. එයට මෙන්ම එයට සමගාමිට කරලියට ආ පෞද්ගලිම විශ්‍රාම වැටුප් ක්‍රමයද,  නැගුණු මහජන විරොධය හමුවේ හමස් පෙට්ටියට ගොස් ඇති බවට පෙනෙන්නට තිබේ.

මහින්ද  චින්තනයේ තවත් එක් පොරොන්දුවක් වුයේ තිරු බදු සහන දිමනාව ඇමරිකානු ඩොලර් 1750 සිය 5000 දක්වා වැඩි කිරිමයි. 2007 වසරේ මුලභාගයේදි රජය විසින් එම පොරොන්දුව ඉශ්ඨ කිරිමට යන බවට මාධ්‍ය වාර්ථා පලවිය, නමුත්  අද වන තෙක් එය ඉටුවි නොමැත.

එහෙත්  2006 වසරේ අයවැයෙන්, මෙරටට පෙරලා පැමිණෙන විදෙස්ගත සේවා නියුක්තිකයන්ට සුලු ව්‍යාපාර ඇරඹිම දිරිදෙනු වස්, ඇමරිකානු ඩොලර් 5000ක,ගමන් මල්ලට පරිබාහර තිරු බදු සහන දිමනාවක් (Duty free allowance- Non baggage) ලබා දිම අගය කලයුතුය.


මේසා විදේශ විනිමයක් ගෙන එන ඔවුනට රජයෙන් නිසි සැලකිල්ලක් හිමි නොවිම කණගාටුවට කරුණකි.
මෙයින් පැහැදිලි වන්නේ රටට වැඩිම විදේශ විනිමයක් උපායා දෙන  විදෙස්ගත සේවා නියුක්තිකයන්ට රජයෙන් දක්වනේ කුඩම්මාගේ සැලකිල්ලක් බවයි.

 රජය මගින් ඔවුන් වෙනුවෙන් යම්යම් වරප්‍රසාද/සුභසාධන වැඩ ක්‍රියාත්මක කලද ඒවා තවත් පුලුල් කල යුතුය. අවම වශයෙන් මහින්ද චින්තනයේ සදහන් පොරොන්දුවක් වන    තිරු බදු සහන දිමනාව ඇමරිකානු ඩොලර් 1750 සිය 5000 දක්වා වැඩි කිරිම ඉශ්ඨ කර, දැනට නතර කර ඇති තැගි බලපත්‍ර (Gift permit) නැවත ක්‍රියාතමක කරන්නේ නම් එය කාලෝචිත බව සිතමි.

(2012 මැයි 27 - ඉරිදා ලංකාදිප)

Friday, April 13, 2012

ඉඹුල් කිරිබත්


සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

බ්ලොග් එකට තවත් අංගයක් එකතු කරනන් හිතුවා. ගෙදර ඉන්න කාලේ අම්මා උයල දෙනා දෙයක් කාල හිටියට දැන්නම් උයල දෙන්න කෙනෙක් නැ, අපිම උයාගෙන කනවා. ගෙදරින් විතරක් නෙමේ රටිනුත් ඇත් වෙලා ඉන්නවා උනාට ලංකාවේ කැම බිම වලින් නම් ඇත් වුනේ නැහැ.
මිට ටික කාලේකට උඩදි පබ්ලිස් සිල්වා මහත්මයා රුපවාහිනි වැඩසටහනකදි ප්‍රකාශ කලා දෙමවුපියෝ තමන්ගේ ලමයින්ට කොයි විශ්වවිද්‍යාලේ උපාධිය අරගෙන දුන්නත් වැඩක් නැහැ කුස්සියේ උපාධිය නැතිව කියලා.
ඒ කථාවෙත් ඇත්තක් තිබෙනවා. මමත් විශ්ව ව්ද්‍යාලේ උපාධියක් ගත්තට කුස්සියේන් උපාධිය තියා සහතිකයක්වත් අරන් තිබුණ් නැනේ. මෙහේ ආවට පස්සේ තමා යන්තම් කුස්සියට හුරු වුනේ.
ඔහොම උය උය ඉදලා, එක වාරයක් නිවාඩුවට ලංකාවට ගිය වේලාවක සුප ශාස්ත්‍රය ගැන ලිය වෙච්ච පොතක් ජායාපිටපත් කරගෙන ආවා. මලයා කෝකි රස්සාවට පුරුදුවෙන නිසා,එයා ලග නම් පොත් ගොඩක් තිබුණා, එයින් එකක් තමා මම ගත්තේ.
ඉතින් එහෙම ගෙනාපු පොත තමයි ඇනිටා ද සිල්වා හා මහින්ද පාලිතරත්න ලියපු "කැම වට්ටෝරු 1000" කියන පොත.
මම ඉතින් හිතුනු හිතුනු වෙලාවට ඔය පොතෙන් කැම වට්ටෝරු බලල හදනවා. එ විතරක් නෙමේ, මගේ ප්‍රියම්භිකාවත් හොදට කැම ජාති හදන්න එහෙම දන්න නිසා, එයාගෙනුත් කැම වට්ටෝරු වගේම උපදෙසුත් ලැබෙනවා.ඉතින් මම හිතුව එහෙම හදන කැම වට්ටෝරුව සමගම පල කරන්න.

ඔන්න පලවෙනි කැම තමයි ඉඹුල් කිරිබත්.

1) ඉඹුල් කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය:
කැකුලු හාල් 500g
පොල් කිරි කෝප්ප 3යි
පොල් ගෙඩියක පොල්
සිනි 450g
කරදමුන්ගු ඇට කිහිපයක්
ලුණු

සාදන ක්‍රමය:
* පලමුව පොල් පැණි සාදා ගන්න
සිනි ටික තාචිචියට දමා රත් කරනවිට, සිනි දියවි පැණි සැදේ.එයටම ලුණු, කරදමුංගු හා පොල් ඒකතු කරන්න. සිනි රත්කරන කොට දියවුනේ නැතිනම් වතුර පොඩ්ඩක් දාන්න.දැන් පැණි හොදට පොල්වලට එකතු වෙනකන් හැදි ගාන්න.

* කෙසෙල් කොලයක් හෝ පොලිතින් කොලයක් ගෙන, එයට කිරිබත් දමා එය මැදට පොල් පැණි දමා දෙපැත්තට අඹරවා ගන්න.




ඉඹුල් කිරිබත් වල ඉඹුල් තියෙන්නේ කොහෙද?
ඉඹුල් කිරිබත් හදන්න කෙසෙල් කොල/පොලිතින් වගේම පුවක් ගහේ කොලපොතත් පාව්ච්චි කරන්න පුලුවන්.කොලපතේ ඔතා හදනවිට එසි ස්වරුපය කොට්ට ගෙඩියක හැඩය ගනි. කොට්ට ගෙඩි යනු නිදාගන්න කොට්ට වලට දමන පුලුන් හැදෙන ගස්ය. මෙම ගෙඩි පුලුන් ගෙඩි යන නමින් මෙන්ම ඉඹුල් ගෙඩි යන නමින්ද සමහර පලාත්වල හැදින්වේ.
ඉඹුල් ගෙඩියය ස්වරුපය ගන්නා කිරිබත් නිසා මෙය ඉඹුල් කිරිබත් ලෙසින් හැදින්වේ.
සිනි මගින් පැණි ගැනිම මෙන්ම නියම කිතුල් පැණිද මේ සදහා භාවිතා කල හැකි බව සදහන්ය. නියම කිතුල් පැණි භාවිතා කිරිමේදි වඩා රසවත් බව පැවසේ.

කිරිබත් හා අපේ ඉතිහාසය
* කිරිබත් ලංකාවේ ජාතික ආහාරය ලෙස 2010 නොවැම්බර් 18දින ජනාධිපති මහින්ද රාජපක්ෂ 65 වන උපන්දිනදි ප්‍රකාශයට පත් කරන ලදි.
* බෞද්ධ සංස්කෘතියේ මුලින්ම කිරිබත් ගැන සදහනක් වන්නේ සිදුහත් බෝසතාණෝ ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී බුද්ධත්වයට පත් වීමට පෙර ලද ආහාරය වූයේ ද සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලද කිරි පිඬු දානයයි.
* ගැමුණු කුමරා මහළු මාතාවක් දුන් කිරිබතක් අනුභව කරද්දී දුන් අවවාදය අනුව යුද කර ජය ලැබූ බව ද ජන ප්‍රවාදයේ සඳහන් වේ.


මෙන්න තවත් ඉඹුල් කිරිබත් කතාවක්

Saturday, April 7, 2012

මුලික බලු අවශ්‍යතා


අදහස් ප්‍රකාශකිරිමේ අයිතිය, 
ඔනැම තැනම යැමේ ඒමේ නිදහස,
මුලික මිනිස් අවශ්‍යතාවයන් -  Freedom of speech, assembly, association, movement & etc. (Chapter 3- 14),
1978දි රිචර්ඩ් ලොකු මාමා,
සම්මත කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම.

එහෙත් අවාසනාවකට නැත මුලික බලු අවශ්‍යතා,
78 ව්‍යවස්ථාවේ.
මහින්ද මාමේ, ලගදි එන 13+ සංශෝධනයන්වත්
නැති කරමුද ඒ අඩු පාඩුව,
කකුල් සතරේ බලු අපිට අහිමි.

නිරුපණය:ටොමියා