Wednesday, March 25, 2009

අතිතය අමතක නොකිරිම හා අතිතයේ ජිවත් නොවිම

මිනිහෙක් වැටිලා ඉන්න වලෙන් ගොඩ ඇවිල්ලා සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙනවාට සමහරු කැමති නැ. තමන්ගේ තත්වයේ හිටපු කෙනෙක් උඩට යන එක සමහරුන්ට වාවන්නේ නැ. එකෙක් උඩට ගියහම අනිත් අය නිතරම බලන්නේ වැරැද්දක් අල්ලගන්න. ඉස්සර වෙච්ච වැරදි ගැන කථා නොකරපු අය නොකල වැරදි පටවමින් විවේචනය කරන්න පෙලබෙනවා. ඒ අර වාවගන්න බැරි කම නිසා වෙන්න ඔනි.

වැස්සට තෙමෙන වහලයට අලුත් උලු හෙවිල්ලුවාම කියන්නේ දැන් උන්ට හරි ගිහිල්ලා කියලා. ඉට පස්සේ නොදැක ගියොත් කියනවා, හරි ගිහින් නිසා දැකලා අහක බලන් ගියා කියලා.

මිනිහෙක් දියුණු වුනාට පස්සේ තමන්ගේ අතිතය අමතක කරන්න හොද නැ.තමන්ට ඒ තත්වයට එන්න උපකාරිකරපු අයට පුලුවන් විදියට උපකාරි කරන්න ඔනි.ඒ විතරක් නොවෙයි තමන් වටේ ඉන්න නැති බැරි හිතවතුන්, නැදැයන් ටත් පුලුවන් විධියට උපකාරි කරන එක තමයි යුතුකම.එයින් එකෙක්වවත් ඉන්න තත්වයෙන් ඉහලට ගන්න පුලුවන් වුනොත් එය මහා පුණය කර්මයක් වේවි.

හැබැයි අතිතය අමතක කරන්න හොද නැති වුණාට එයින් කියවෙන්නේ නැ අපි අතිතයේම ජිවත් වෙන්න ඔනි කියලා.

අපි ජිවත් වෙන්න ඔනේ අතිතයේවත්, අනාගතයේවත් නොවෙයි, වර්ථමානයේයි. ඒත් සමාජයේ සමහරු බලාපොරොත්තු වෙනවා අපි අතිතයේ විදියටම ජිවත් වෙන්න ඔනි කියලා. ඒක එහෙම නොවුණ හොත් චෝදනා එල්ල කරනවා අතිතය(මුල ) අමතක වෙලා කියලා.

සමාජය බලාපොරොත්තුවන සියලුදේ අපිට ලබාදෙන්න බැ. අපිට කරන්න පුලුවන්, අපිට හරි කියලා හිතෙන විධියට වැඩ කරන එකයි.

අතිතය අමතක කිරිම හා අතිතයේ ජිවත් විම යන දෙකම නොකල යුතුය.

Saturday, March 21, 2009

ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි සිට

තමා හට අදාල, වැදගත් වන දේ ගැන නොසිතා තමන්ට අදාල නොවන නොවැදගත් දේ ගැන අවදානය දක්වන අය මේ සමාජයේ කොතෙක් නම් වෙසෙත්ද? එමෙන්ම තමාගේ අඩුපාඩු හදා ගැනිම කෙසේ වෙතත් අනුන්ගේ වැරදි ගැන කතාකරන්නන් අනන්තවත්ය.

"ඔවා දෙනු පර හට

තමා සම්මතෙහි සිට

දුසිරිත දනන් දෙන ඔවා

වැද්දන් දෙසන බණ වැනි"

ලෙස රණස්ගලු ස්ථවිර ලොකෝපකාරයෙහි සදහන් කර ඇත්තේ එවැන්නන් ගැනය.

එමෙන්ම අලුත් ගිවිසුමේ එන පරිදි ක්‍රිස්තුත් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද පහත උපදෙස්වලින්ද ප්‍රකාශ කෙරෙන්නේ එවන්නවුන් ගැනය.

"නුබේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේහිද? නොහොත් නුබේම ඇසේ දැවය තිබෙද්දි, සහෝදරයාට කථාකොට නුබේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්නට අවසර දෙන්න යැයි ඔහුට කෙසේ කියන්නේද?

වංචාකාරය , පලමු කොට නුබේ ඇසෙන් දැවය පහ කරපන්න; එවිට නුබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්නට නුබට හොද හැටි පෙනෙන්නේය.

සෙන් කථා වල එන "බුද්ධත්වය" නම් කථාවෙන්ද විස්තර වන්නේ එවන් නොවැදගත් දෙ ගැන සිතු ශිෂයෙකු පිලිබදවය.

කමකුරා (Kamakura) යුගයෙහි විසු ෂිකා (Shika) ඇදුරුතුමා වෙත එක් ශිෂයෙකු පැමිණියේය. ඔහු ගුරුතුමා ඉදිරියට විත් "මම පුන්චි දවසේ ඉදලම ටෙන්දයි(Tendai) නිකායේ බුදු සමය ඉගෙන ගත්තා,මට එකේ තේරුම් ගන්න බැරි ගැටලුවක් තියෙනවා. තණකොලයි ගසුයි පවා බුදු වෙනවා කියලා. එක මට හරිම පුදුමයි."

එය ඇසු ගුරුතුමා මෙසේ පැවසිය.

"තණකොලයි ගසුයි බුදු වෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද?" මුන්නැහේ කවදාවත් කල්පනා කලාද මුන්නැහේ බුදු වෙන්නේ කොහොමද කියලා.අනතුරුව ශිෂයයා පැවසුවේ කවදාවත් ඒ ගැන සිතා නැති බවයි, අනතුරුව ගුරුතුමා ඒ ගැන කල්පනා කරන ලෙසට ශිෂයාට පැවසිය.

සියල්ලන් සම්මතයේ සිය ඔවදන් දෙන්නේ නම්ද, තමුන්ගේ ඇසේ ඇති දැවය පලමු කොට ඉවත්කොට, අනුන්ගේ රොඩු ඉවත් කරන්නට යන්නේ නම් කෙතරම් අගනේද?

Thursday, March 19, 2009

දහඩිය උකසට තැබිම

කරමාලයක්
දහඩියෙන් ඉපැයු,
අතින් අත යයි
විටදි අපි අසරණ,
දැනෙන විට
කුසගින්න
නොමැතිවිට
කාසි ගන්නට
පොත් පැන්,
කකුල් දෙක
දිව යන්නේ
දහඩිය උකස්කර
මුදල් ගෙන
පනින්නට එන
කඩුලු