Tuesday, July 17, 2012

ස්ථාවර තැමිපතු ඇපයට තබා ණය ගැනිම වාසිදායකද?


බැංකුවලින් ණය ගන්න එක දැන් නම් ටිකක් අඩුවෙලා. ඒ ණය සදහා අය කරන අධික පොලි අනුපාතිකයන් නිසා. පෞද්ගලික ණය සදහා නම් එය දල වශයෙන් 16.5%-17.5% පමණ අගයක් වෙනවා.නමුත් කවුරු හරි තමන්ගේ දැනට ඇති ස්ථිර තැම්පතු ඇපයට තියලා ණයක් ගන්නවා නම්  පොලිය වෙන්නේ එම ස්ථිර තැම්පතුවේ පොලිය ට වඩ තවත් 2.5% ක අගයක්.එය දල වශයෙන් 11.5% (9%+2.5%) පමණ අගයක් වෙනවා.
කාට හරි ගැටලුවක් මතුවෙන්න පුලුවන් ඇයි අපි ස්ථිර තැම්පතු ඇපයට තියලා ණය ගන්නේ, ඒක අපිට අවාසි නේද කියලා.මොකද ණය වල පොලි අනුපාතිකය ස්ථාවර තැම්පතුවට ලැබෙන පොලියට වඩා වැඩි නිසා.

මෙතනදි මම කතාකරන්නේ ස්ථිර තැම්පතු ඇපයට තියලා ණය ගැනිම පිලිබදවයි.

සමහරෙකුට මුදල් අවශ්‍යතාවයක් උනාම කරන්නේ බැංකුවට ගිහින්  තමන්ගේ ස්ථිර තැම්පතුවේ තියෙන මුදල් කරල ලබාගන්න එක.තැම්පතුව කල් පිරෙන්න කලින් ආපසු ලබා ගත්තාම අපිට වෙන අවාසිය තමයි, එම තැම්පතුව වෙනුවෙන් ලැබිය යුතු පොලි මුදලට වඩා අඩු පොලි මුදලක් ලැබිම. තැම්පතුව දමා ඇත්තේ කල් පිරුනු පසු පොලිය බැර වන ලෙසට නම්, කල් පිරිමට පෙර ගැනිමේදි ගෙවන්නේ සාමාන්‍ය පොලි අනුපාතයටයි.උදාහරණයක් ලෙස 9%ක පොළියක් ස්ථිර තැම්පතුවට ලැබුණද කල්පිරිමට කලින් ලැබෙන්නේ 5%ක පොළියක්ය.එහිදි බැලු බැල්මටම 4%ක අලාභයක් සිදුවන බව පෙනේ.
ස්ථිර තැම්පතුවක් ඇති අයෙකුට ණයක් ගැනිමට අවශ්‍යවුව හොත් ඔහුට එය ලබාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
1.ස්ථිර තැම්පතුව ඇපයට තබා ණයක් ගැනිම
2.ස්ථිර තැම්පතුව මුදල් කිරිම
දැන් මෙම ක්‍රම දෙක වෙන වෙනම උදාහරණ සහිතව සලකා බලමු


2012 පෙබරවාරි 12 දින ඇරඹු රු. 500,000.00 ක ස්ථාවර තැම්පතුවක් ඇති අයෙකුට එම වසරේම ජුනි මස 12 දින (මාස 4ට පසු) 450,000.00ක මුදලක් අවශ්‍යවේ.

බැංවේ පොලි අනුපාතිකයන් පහත පරිදි වේ.
ස්ථිරි තැම්පතුව සදහා පොළිය (කල් පිරිමේදි )                      = 9%
ස්ථිරි තැම්පතුව සදහා පොළිය (කල් පිරිමට පෙර ගැනිමේදි ) = 5%
ස්ථිර තැම්පතුව ඇපයට තබා ලබා ගන්න ණය සදහා පොළිය(e.g-NSB Easy Card)= ස්ථිරි තැම්පතුව සදහා පොළිය  +2.5%= 9%+2.5%  = 11.5%

1.ස්ථිර තැම්පතුව ඇපයට තබා ණයක් ගෙන කල්පිරුනු පසු එක මුදල් කර ණය ගෙවිම


අවාසි : ණය පොළිය ගෙවිමට සිදුවිම
වාසි : ස්ථිර තැම්පතුව එලෙසම පැවතිම

ස්ථාවට තැම්පතුවේ වටිනාකම =500,000.00
ලබාගත හැකි ණය මුදල          = 450,000.00 (සාමාන‍යෙන් තැම්පතුවේ වටිනාකමින්  90%ක්)


පොලි ගෙවිමට සිදුවන කාලය =  මාස 8 (12-4)

මසකට පොලිය =  450,000.00 * 11.5% /12 = 4,312.50

ගෙවිමට සිදුව මුලු පොළිය = 34,500.00
පොලිය ගණනය කරන්නේ හිනවන ශේෂ කරමයට නම් ගෙවිමට සිදුවන මුලු පොලිය මිටත් වඩා අඩුවේ.

2.ස්ථිර තැම්පතුව මුදල් කිරිම


අවාසි : ස්ථිර තැම්පතුව අහිමි විම
         ගතවු කාලය සදහා (මාස 4) ස්ථිර තැම්පතුවට ලැබෙන වැඩි පොලිය වෙනුවට සාමාන්‍ය පොළිය ලැබිම.

වාසි : ණය පොලිය ගෙවිමට සිදු නොවිම
ගතවු කාලය =  මාස 4

කල් පිරිමෙන් පසුව ලැබෙන පොළිය= 500,000.00*9% = 45,000.00
ස්ථිර තැම්පතුව ඇවරකිරිමේදි ලැබෙන පොළිය= (500,000.00*5% /12 )*4 = 8333.33
අලාභය = 36,667.67 (45,000.00-8333.33)


2013 පෙබරවාරි 12 කල් පිරිමට ඇති තැම්පතුවක් ඉට පෙර ඇවරකිරිමෙන් අනිවාර්යෙන් සිදුවන්නේ අලාභයකි.ඒ ඉදිරි මස ගණනාවක් සදහා ලැබිමට ඇති පොළිය අහිමිවිම නිසාවෙනි.

නමුත් ඉහත පලමු ක්‍රමය, එනම් ස්ථිර තැම්පතුව මුදල් නොකොට ඒ ඇපයට තබා ණයක් ගැනිම තුලින් සිදුවන අලාභ අවම කර ගත හැකිවේ.එසේ වන්නේ එහිදි ස්ථාවර තැම්පතුව කල් පිරෙන විට ලැබෙන පොළිය අහිමි නොවන නිසාවෙනි.එහෙත් පලමුව එලඹෙන කල්පිරෙන දිනයේදිම තැම්පතුව ඇවරකර ණය පියවුයේ නැතිනම් එය ඔහුට අවාසිදායකය.

පලමු ක්‍රමයේදි ලැබෙන ශුද්ධ ලාභය = 36,667.67-34,500.00 =2166.67


ඉහත සැලකුයේ ආරම්භ කල දිනය හා ණය ලබා ගන්න දිනය අතර මාස 4ක පරතරයක් ඇති අවස්ථාවක්ය. පහත දැක්වෙන්නේ හා නිරුපනය කර ඇත්තේ අනෙකුත් සියලු සාධක නියතව තිබියදි, එම පරතරය  1 සිය 12 දක්වා විචලනය කිරිමේදි ලැබුණු  ශුද්ධ ලාබයයි.

පරතරය(මාස)  ශුද්ධ ලාබය

1     -4521
2     -2291
3     -62
4     2167
5     4396
6     6625
7     8854
8     11083
9     13313
10   15542
11   17771
12   20000


එයින් පැහැදිලි වන්නේ ස්ථාවර තැම්පතුව ආරම්භකර/කල්පිරි මාස 4ට වඩා ගතවි ඇතිනම් පමණක් එය ඇපයට තබා ණයක් ගෙන නැවත කල්පිරුණ් පසු ණය එය ඇවරකර පියවිම වඩා වාසි සහගත බවයි.එම කාලය මාස 4ට වඩා අඩු වනවිට ණය ලබා නොගෙන ස්ථිර තැම්පතුව මුදල් කර සිය අවශ්‍යතාවට ඉටුකර ගැනිම වාසිසහගත වේ.

සටහන:ඉහත ගණනයන්හිදි රුපියලේ අගයහි වෙනස්විම සැලකිල්ලටගෙන නැති බව සලකන්න.