Thursday, March 25, 2010

අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) පවත්වාගෙන යැම ලාභදායිද? | Is it profitable to maintain a NRFC account?




අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC), බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පවත්වාගෙන යන ගිණුම් වර්ගයකි. මෙම ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේ USD/EUR/GBP/AUD වැනි විදේශ මුදල් ඒකක වලිනුයි.

අනේවාසික විදේශ මුදල් ගිණුම් ආකාර දෙකකින් පවත්වාගෙන යා හැක, එනම් ඉතිරිකිරිමේ ගිණුම් හා ස්ථාවර තැම්පතු ලෙසිනි.

NRFC ගිණුමේ ප්‍රතිලාභ

1) ලැබෙන පොලිය
2) ලැබෙන පොලිය ආදායම් බදු වලින් නිදහස් විම
3) විදේශ මුදලේ අගය වැඩිවිම නිසා ලැබෙන ප්‍රතිලාභය
4) ස්ථාවර තැම්පතු පවත්වාගෙන යන අයට එම තැම්පතුවල වටිනාකමින් 80%ක් දක්වා ණය මුදලක් ආකර්ශණිය පොලි අනුපාතිකයක් යටතේ ලබා ගත හැකිවිම.

ඇමරිකා එක්සත් ජනපද ඩොලර්(US$) වලින් පවත්වාගෙන යන ඉතුරුම් ගිණුම් සදහා ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ දැනට වාර්ශික පොලි අනුපාතිකට 2.5%ක් වන අතර ස්ථාවර තැම්පතු සදහා එය 3.5% (වසරක කාලයකට) සිට ඉහලට වේ.

මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වෙනුවට NRFC ගිණුම් පවත්වාගෙන යැම වාසි සහගතද යන්න සාගච්ජා කිරිමයි.
මෙහිදි ලැබෙන මුල්‍යමය වාසි(පොලිය හා ගිණුම පවත්වාගෙන යන මුදලේ අගය වෙනස් විම ) ගැන පමණක් අවධානය යොමු කර ඇත.

සාමාන්‍ය ගිණුමක හා NRFC ගිණුමක් සැසදිමේදි, සාමාන්‍ය ගිණුමක පොලිය NRFC ගිණුමකට වඩා වැඩිය. වර්තමානයේ සාමාන්‍ය ගිණුමක වාර්ශික පොලි අනුපාතිකය 5 - 6 %ක් වන විට NRFC ගිණුමක 2.5% ක් පමණවේ. 2009 වසරේ එය දල වශයෙන් 10-11% හා 2.5% ලෙස පැවතුනි.

බැලු බැල්මටම වාර්ශික පොලි අනුපාතිකය වැඩි නිසා සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යැම වාසි සහගත ලෙස පෙනුනද එය එසේ නොවිය හැක, මන්ද යත් NRFC ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ (US$ ලෙස සලකමු ) අගය සාමානයෙන් කාලයත් සමග වැඩි වන නිසාය.

පසුගිය දස වසරක කාලය තුල ඩොලරයේ අගය වෙනස්විම නිරුපණය කරන පහත ප්‍රස්ථාරයට අනුව 2001 මැද භාගයේ සිය 2009 අග භාගය දක්වා ඩොලර්යේ අගය වැඩිවි ඇති අයුරු පැහැදිලි වේ.


ප්‍රස්ථාර 1

ඒ අනුව NRFC ගිණුමක් පවත්වාගෙන යැම වැඩි වාසි සහගත දෙයක් විමට නම්
1) ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ වටිනාකම සිග්‍රයෙන් ඉහල යැම
2) සාමාන්‍ය ගිණුම් සදහා ලැබෙන පොලි අනුපාතිකය NRFC ගිණුමට ගෙවන පොලි අනුපාතිකය හා සසදන විට එතරම් ඉහල අගයක් නොගැනිම විය යුතුය.

2009 වසර ගත්කල එය NRFC ගිණුම් හිමියන්ට එතරම් ප්‍රතිලාභ ගෙනදුන් වසරක් නොවේ. එසේ වුයේ ඩොලරයේ අගය සැලකිය යුතු ලෙසින් වැඩි නොවිමත් NRFC ගිණුම් සදහා වාර්ශික පොලි අනුපාතිකය 2.5% වන විට සාමාන්‍ය ගිණුම් සදහා ගෙවන වාර්ශික පොලි අනුපාතිකය 10% ක වැනි අගයක තිබිමත්ය. එම වසරේ ඇමරිකානු ඩොලරයේ වටිනාකම ආසන්න වශයෙන්, ජනවාරි - රු.112 ,අප්‍රේල් - රු.120 හා අනෙක් මාස 10දිම රු.114ක් විය

එමෙන්ම 2009 වසරේ නොවැම්බර් මාසයේ සිට ඩොලරයේ අගය සිග්‍රයෙන් අවප්‍රමාණ වි ඇති ආකාරය පහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි.

ප්‍රස්ථාර 2


සරල උදාහරණයක් ගෙන බලමු.

2009 ජනවාරි මස 2 දින US$ 1000 ක් NRFC ගිණුමට හා රුපියල් 112,996.50 (1US$= 112.9965) සාමාන්‍ය ඉතිරිකිරිමේ ගිණුමට එවු අයෙකුට ලැබෙන ප්‍රතිලාභ වෙන වෙනම ගණනය කරමු.

NRFC :
යෙදවු මුදල: US$ 1,000.00
වාර්ශික පොලි අනුපාතිකය : 2.5%
31-12-2009 දිනට පොලිය : 1,000.00 * 2.5% = US$ 25.00
31-12-2009 දිනට මුලු මුදල : 1000.00+25.00 = US$ 1025.00 = Rs. 117,244.01 (1US$= 114.3874)

සාමාන්‍ය ගිණුම්
යෙදවු මුදල: RS. 112,996.50 (US$ 1,000.0)
වාර්ශික පොලි අනුපාතිකට : 10.6 %
31-12-2009 දිනට පොලිය : 112,996.50 * 10.6% = Rs. 11,977.63
31-12-2009 දිනට මුලු මුදල : 112,996.50+11,977.63 = Rs. 124,874.13

ඉහත උදාහරණයට අනුව අදාල තැනැත්තාට NRFC ගිණුමක් පවත්වාගෙන යැමෙන් කිසිදු වාසියක් සිදුවි නැත

එහෙත් මෙවන් අවස්ථාවක් සලකන්න.
ඉහත පරිදිම ජනවාරි මස 02 දින NRFC ගිණුමක් ආරම්භ කර එහි මුදල් අප්‍රේල් මස නැවත රුපියල් බවට හැරවුයේ නම්;

NRFC :
යෙදවු මුදල: US$ 1,000.00
වාර්ශික පොලි අනුපාතිකය : 2.5%
31-04-2009 දිනට පොලිය : (1,000.00 * 2.5%)/3 = US$ 8.33
31-04-2009 දිනට මුලු මුදල : 1,000.00+8.33 = US$ 1,008.33 = Rs.121,073.51 (1US$= 120.0729)

සාමාන්‍ය ගිණුම්
යෙදවු මුදල: RS. 112,996.50
වාර්ශික පොලි අනුපාතිකය : 10.6 %
31-12-2009 දිනට පොලිය : (112,996.50 * 10.6%)/3 = Rs. 3,992.54
31-12-2009 දිනට මුලු මුදල : 112,996.50+3,992.54 = Rs. 116,989.04

ඉහත උදාහරණයට අනුව නම් අදාල තැනැත්තාට NRFC ගිණුමක් පවත්වාගෙන යැම සාමාන්‍ය ගිණුමක් පවත්වාගෙන යැමට වඩා වාසි සහගතය.

ඒ අනුව පැහැදිලි වන්නේ ගිණුමෙන්වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ඩොලරයේ අගය ඉහල ගිය අවස්ථාවේදි මුදල්, රුපියල් වලට පත් කිරිමෙන්ය. එනම් රුපියල අස්ථාවර වන කාලයන්හිදිය. රුපියල අස්ථාවර වි ඩොලරයේ අගය ඉහල යැම රටට එතරම් හිතකර නොවුවත් එය NRFC ගිණුම් හිමියන්ට නම් හිතකර තත්ත්වයකි.

ඩොලරයේ අගය අඩු වුවහොත් එය NRFC ගිණුම් හිමියන්ට සුභදායි නොවේ, එවිට ඩොලරයේ අගය අඩුවිම නිසා සිදුවන පාඩුවද දරා ගැනිමට සිදුවේ.

NRFC ගිණුමෙන් ලැබෙන ප්‍රධානම වාසිය පොලිය නොව ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ අගය වැඩිවිම නිසා වන මුල්‍යමය වාසියයි.

බැංකු පොලි අනුපාතිකයන් ලබාගත්තේ මෙතනින්
විදේශ මුදල් හුවමාරු අනුපාතිකයන් ලබාගත්තේ මෙතනින්

පසු සටහන:

09-06-2011 සිට 14-06-2011 දක්වා ඩොලරයේ අගය වෙනස් විම.
ප්‍රස්ථාර A


2010 මැයි මාසය තුල ඩොලරයේ අගය වෙනස් විම
ප්‍රස්ථාර B


Wednesday, March 3, 2010

මහලු විය



දෙපා වාරු නැති සැරයැටි හිමි නැති
මහලු විය අද පැමිණිලා
පෙරදා මා රැකි උන් අද මා හැර ගොස්
මේ මහ මග මා තනිවෙලා....

හිසට සෙවන දෙන මහ මන්දිර තනන්නට
මුදල් සොයන්නට පිය නැගු මාවත අද මා තනිවෙලා
පෙර දින රියනැවතුම
මා නිවසයි අද දින

එදා සුරතේ එල්ලි ගිය පුතණුව
අද ඉගිලි යනවා මාදුටු විගසම
හෙලු දාබිදු උන් වඩවන්නට
සිහිවන විට ගලයි කදුලු බිදු දෙනෙතේ අගින්

කාලය ඉගිලෙයි නොසිතු ලෙසින්
අහිමිව ගිය මා පැතු ලෝකය
ගැන නොම පසු තැව්, හිමිවන්නට යන
කැම පැකට්ටුව වෙත පියනගමි සෙමින්