Thursday, March 25, 2010

අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) පවත්වාගෙන යැම ලාභදායිද? | Is it profitable to maintain a NRFC account?




අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC), බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පවත්වාගෙන යන ගිණුම් වර්ගයකි. මෙම ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේ USD/EUR/GBP/AUD වැනි විදේශ මුදල් ඒකක වලිනුයි.

අනේවාසික විදේශ මුදල් ගිණුම් ආකාර දෙකකින් පවත්වාගෙන යා හැක, එනම් ඉතිරිකිරිමේ ගිණුම් හා ස්ථාවර තැම්පතු ලෙසිනි.

NRFC ගිණුමේ ප්‍රතිලාභ

1) ලැබෙන පොලිය
2) ලැබෙන පොලිය ආදායම් බදු වලින් නිදහස් විම
3) විදේශ මුදලේ අගය වැඩිවිම නිසා ලැබෙන ප්‍රතිලාභය
4) ස්ථාවර තැම්පතු පවත්වාගෙන යන අයට එම තැම්පතුවල වටිනාකමින් 80%ක් දක්වා ණය මුදලක් ආකර්ශණිය පොලි අනුපාතිකයක් යටතේ ලබා ගත හැකිවිම.

ඇමරිකා එක්සත් ජනපද ඩොලර්(US$) වලින් පවත්වාගෙන යන ඉතුරුම් ගිණුම් සදහා ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ දැනට වාර්ශික පොලි අනුපාතිකට 2.5%ක් වන අතර ස්ථාවර තැම්පතු සදහා එය 3.5% (වසරක කාලයකට) සිට ඉහලට වේ.

මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වෙනුවට NRFC ගිණුම් පවත්වාගෙන යැම වාසි සහගතද යන්න සාගච්ජා කිරිමයි.
මෙහිදි ලැබෙන මුල්‍යමය වාසි(පොලිය හා ගිණුම පවත්වාගෙන යන මුදලේ අගය වෙනස් විම ) ගැන පමණක් අවධානය යොමු කර ඇත.

සාමාන්‍ය ගිණුමක හා NRFC ගිණුමක් සැසදිමේදි, සාමාන්‍ය ගිණුමක පොලිය NRFC ගිණුමකට වඩා වැඩිය. වර්තමානයේ සාමාන්‍ය ගිණුමක වාර්ශික පොලි අනුපාතිකය 5 - 6 %ක් වන විට NRFC ගිණුමක 2.5% ක් පමණවේ. 2009 වසරේ එය දල වශයෙන් 10-11% හා 2.5% ලෙස පැවතුනි.

බැලු බැල්මටම වාර්ශික පොලි අනුපාතිකය වැඩි නිසා සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යැම වාසි සහගත ලෙස පෙනුනද එය එසේ නොවිය හැක, මන්ද යත් NRFC ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ (US$ ලෙස සලකමු ) අගය සාමානයෙන් කාලයත් සමග වැඩි වන නිසාය.

පසුගිය දස වසරක කාලය තුල ඩොලරයේ අගය වෙනස්විම නිරුපණය කරන පහත ප්‍රස්ථාරයට අනුව 2001 මැද භාගයේ සිය 2009 අග භාගය දක්වා ඩොලර්යේ අගය වැඩිවි ඇති අයුරු පැහැදිලි වේ.


ප්‍රස්ථාර 1

ඒ අනුව NRFC ගිණුමක් පවත්වාගෙන යැම වැඩි වාසි සහගත දෙයක් විමට නම්
1) ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ වටිනාකම සිග්‍රයෙන් ඉහල යැම
2) සාමාන්‍ය ගිණුම් සදහා ලැබෙන පොලි අනුපාතිකය NRFC ගිණුමට ගෙවන පොලි අනුපාතිකය හා සසදන විට එතරම් ඉහල අගයක් නොගැනිම විය යුතුය.

2009 වසර ගත්කල එය NRFC ගිණුම් හිමියන්ට එතරම් ප්‍රතිලාභ ගෙනදුන් වසරක් නොවේ. එසේ වුයේ ඩොලරයේ අගය සැලකිය යුතු ලෙසින් වැඩි නොවිමත් NRFC ගිණුම් සදහා වාර්ශික පොලි අනුපාතිකය 2.5% වන විට සාමාන්‍ය ගිණුම් සදහා ගෙවන වාර්ශික පොලි අනුපාතිකය 10% ක වැනි අගයක තිබිමත්ය. එම වසරේ ඇමරිකානු ඩොලරයේ වටිනාකම ආසන්න වශයෙන්, ජනවාරි - රු.112 ,අප්‍රේල් - රු.120 හා අනෙක් මාස 10දිම රු.114ක් විය

එමෙන්ම 2009 වසරේ නොවැම්බර් මාසයේ සිට ඩොලරයේ අගය සිග්‍රයෙන් අවප්‍රමාණ වි ඇති ආකාරය පහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි.

ප්‍රස්ථාර 2


සරල උදාහරණයක් ගෙන බලමු.

2009 ජනවාරි මස 2 දින US$ 1000 ක් NRFC ගිණුමට හා රුපියල් 112,996.50 (1US$= 112.9965) සාමාන්‍ය ඉතිරිකිරිමේ ගිණුමට එවු අයෙකුට ලැබෙන ප්‍රතිලාභ වෙන වෙනම ගණනය කරමු.

NRFC :
යෙදවු මුදල: US$ 1,000.00
වාර්ශික පොලි අනුපාතිකය : 2.5%
31-12-2009 දිනට පොලිය : 1,000.00 * 2.5% = US$ 25.00
31-12-2009 දිනට මුලු මුදල : 1000.00+25.00 = US$ 1025.00 = Rs. 117,244.01 (1US$= 114.3874)

සාමාන්‍ය ගිණුම්
යෙදවු මුදල: RS. 112,996.50 (US$ 1,000.0)
වාර්ශික පොලි අනුපාතිකට : 10.6 %
31-12-2009 දිනට පොලිය : 112,996.50 * 10.6% = Rs. 11,977.63
31-12-2009 දිනට මුලු මුදල : 112,996.50+11,977.63 = Rs. 124,874.13

ඉහත උදාහරණයට අනුව අදාල තැනැත්තාට NRFC ගිණුමක් පවත්වාගෙන යැමෙන් කිසිදු වාසියක් සිදුවි නැත

එහෙත් මෙවන් අවස්ථාවක් සලකන්න.
ඉහත පරිදිම ජනවාරි මස 02 දින NRFC ගිණුමක් ආරම්භ කර එහි මුදල් අප්‍රේල් මස නැවත රුපියල් බවට හැරවුයේ නම්;

NRFC :
යෙදවු මුදල: US$ 1,000.00
වාර්ශික පොලි අනුපාතිකය : 2.5%
31-04-2009 දිනට පොලිය : (1,000.00 * 2.5%)/3 = US$ 8.33
31-04-2009 දිනට මුලු මුදල : 1,000.00+8.33 = US$ 1,008.33 = Rs.121,073.51 (1US$= 120.0729)

සාමාන්‍ය ගිණුම්
යෙදවු මුදල: RS. 112,996.50
වාර්ශික පොලි අනුපාතිකය : 10.6 %
31-12-2009 දිනට පොලිය : (112,996.50 * 10.6%)/3 = Rs. 3,992.54
31-12-2009 දිනට මුලු මුදල : 112,996.50+3,992.54 = Rs. 116,989.04

ඉහත උදාහරණයට අනුව නම් අදාල තැනැත්තාට NRFC ගිණුමක් පවත්වාගෙන යැම සාමාන්‍ය ගිණුමක් පවත්වාගෙන යැමට වඩා වාසි සහගතය.

ඒ අනුව පැහැදිලි වන්නේ ගිණුමෙන්වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ඩොලරයේ අගය ඉහල ගිය අවස්ථාවේදි මුදල්, රුපියල් වලට පත් කිරිමෙන්ය. එනම් රුපියල අස්ථාවර වන කාලයන්හිදිය. රුපියල අස්ථාවර වි ඩොලරයේ අගය ඉහල යැම රටට එතරම් හිතකර නොවුවත් එය NRFC ගිණුම් හිමියන්ට නම් හිතකර තත්ත්වයකි.

ඩොලරයේ අගය අඩු වුවහොත් එය NRFC ගිණුම් හිමියන්ට සුභදායි නොවේ, එවිට ඩොලරයේ අගය අඩුවිම නිසා සිදුවන පාඩුවද දරා ගැනිමට සිදුවේ.

NRFC ගිණුමෙන් ලැබෙන ප්‍රධානම වාසිය පොලිය නොව ගිණුම පවත්වාගෙන යන මුදල් ඒකකයේ අගය වැඩිවිම නිසා වන මුල්‍යමය වාසියයි.

බැංකු පොලි අනුපාතිකයන් ලබාගත්තේ මෙතනින්
විදේශ මුදල් හුවමාරු අනුපාතිකයන් ලබාගත්තේ මෙතනින්

පසු සටහන:

09-06-2011 සිට 14-06-2011 දක්වා ඩොලරයේ අගය වෙනස් විම.
ප්‍රස්ථාර A


2010 මැයි මාසය තුල ඩොලරයේ අගය වෙනස් විම
ප්‍රස්ථාර B


9 comments:

  1. ow.
    meka hari.
    namut market eka gana awadhanayen inna one

    ReplyDelete
  2. Hi

    I am a non-resident and had an NRCF for sometime. I dont use it any more, bringing in cash when I come to SL is better.

    Anewasikaya
    http://anewasika.blogspot.com

    ReplyDelete
  3. "bringing in cash when I come to SL is better"

    If you are getting good interest by keeping you money on your resident country's bank, then you are correct.

    ReplyDelete
  4. 2010 - මැයි මස රජය විසින් වාහන ආනයනය සදහා පැනවු බදු 50%කින් අඩු කිරිම ගිණුම් හිමියන්ට බලපාන අයුරු;

    ආනයන වැඩිවිම සමග ඩොලරයේ ඉල්ලුම වැඩිවේ. ඩොලරයට ඇති ඉල්ලුම වැඩිවිමත් සමගම රුපියල අව ප්‍රමාණවේ. එය තවත් ලෙසකින් පවසන්නේ නම් එක් ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ගණන වැඩි වේ.එය ගිණුම් හිමියන්ගේ පැත්තෙන් වාසිදායක තත්වයකි.

    ReplyDelete
  5. 2010 ජුනි මස වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන විදේශ ව්‍යවහාර මුදල් මත පනවා තිබූ බදු ඉවත් කිරිම ගිණුම් හිමියන්ට බලපාන අයුරු;

    වාණිජ බැංකු විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු මෙරටට ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ එකතු කළ අගය මත බද්ද, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද හා ජාතිය ගොඩනැගිමේ බද්ද මේ යටතේ ඉවත් කර තිබෙනවා.ඉහත බදු නිසා වාණිජ බැංකු විදේශ මුදල් ආනයනය සිමා කර තිබුණා.
    එම නිසාවෙන් රට තුලට ඩොලර් ගලා ඒම වැඩිවිමද එහෙයින් ඩොලරයට ඇති ඉල්ලුම අඩුවී ඩොලරය අව ප්‍රමාණවේ. තවත් ලෙසකින් පවසන්නේ නම් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගණන අඩු වේ.එය ගිණුම් හිමියන්ගේ පැත්තෙන් අවාසිදායක තත්වයකි.

    ReplyDelete
  6. රජය මගින් බැංකු ණය වලට ගෙවිය යුතු පොලී අනුපාතිකය අඩුකිරීම නිසා, බැංකු විසින් ඉතිරි කිරීමේ ගිණුම් වලට ගෙවන පොලී අනුපාතිකයත් අඩු කළා.මේ තත්වය මම හිතන්නේ NRFC ගිණුම් වාසිදායක වෙන්න බලපායි.(විශ්ලේශනය කළ යුතුයි)

    ReplyDelete
  7. රුපියල් තැම්පතුවලට ගෙවන පොලිය තුලින් අඩුවිම NRFC ගිණුම් හිමියන්ට සෘජු වාසියක් වෙනවායි මම සිතන් නැ, එහෙත් මුදල් රුපියල් තැම්පතු ගිණුම් වලට නොයවා NRFC ගිණුම් වලට යැවිමට පෙලබෙන්න එය හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.

    ReplyDelete
  8. අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF) මගින් ශ්‍රි ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 2.6ක ණය මුදල පිලිබද පැවති සත්වන සමාලෝචනයේදි IMF දැක්වු අදහස් NRFC ගිණුම් හිමියනට බලපාන ආකාරය:

    "In this event, the central bank should allow the exchange rate to reflect market forces ..."
    ඉහත උපුටාගැනිම එම සමාලෝචනය පිලිබද වාර්ථාකල ඩේලි මිරර් පුවත් පතෙන්.

    එහි සදහන් වන්නේ මහ බැංකුව විසින් වෙලදපොල සැබැ තත්වය හුවමාරු අනුපාතිකයන් මගින් පිලිඹිබු විමට ඉඩදිය යුතු බවයි.
    එනම් වර්ථමානයේ හුවමාරු අගයන්ගෙන් සැබැ තත්වය නිරුපණය නොවේ.
    වර්ථමානයේ හුවමාරු අගය පහල මට්ටමක, එනම ඩොලරයට ගෙවන රුපියල් ගණන අඩු මට්ටමක පවති.එක වෙනත් ආකාරයකින් පවසන්නේ නම් වර්ථමානයේ රුපියල ශක්තිමත්ය.
    එය NRFC ගිණුම් හිමියණ්ට සුභදායක නොවුවත් රටට නම් හිතකර තත්වයකි.

    2010 වසරේ ජුලි මාසයේ සිට 2011 වසරේ ජුනි මාසය දක්වා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ගණන(හුවමාරු අනුපාතිකය ) මෙසේය.සැම මසකම 9/10 හෝ 11 දින පැවති අගයන් ගෙන ඇත.
    ජුලි-112.67, අගෝස්තු-111.58,සැප්තැම්බර්-111.88,ඔක්තොම්බර්-111.00,නොවැම්බර්-110.86,දෙසැම්බර්-110.15,ජනවාරි-110.12,පෙබරවාරි-110.18,මාර්තු-109.28,අප්රේ1ල්-109.54,මැයි-108.99,ජුනි-108.73.
    ඉහත අනුපාතිකයන් ගෙන් පිලිඹිබු වන්නේ පසුගිය වසර පුරාවටම හුවමාරු අනුපාතිකය ක්ර‍මයෙන් අඩුවි ඇති බවයි.(ඉහත ප්‍රස්ථාර බලන්න.)

    IMF හි උපදෙස් අනුව කෘතිමව පහල අගයක පවත්වාගෙන යන හුවමාරු අනුපාතිකයන්ගේ පාලනය ඉවත් කලහොත් සිදුවන්නේ හුවමාරු අනුපාතිකයන් වැඩි විමයි. එය NRFC ගිණුම් හිමියනට සුභදෙයක් වුවද රටට නම් අයහපත් ප්‍රතිථලගෙන දෙන්නකි.

    ඉහත කි සමාලෝචනය පැවැත්වුනේ පසුගිය සිකුරාදා (09-06-2011) වේ.9 වෙනිදා සිය අද(14-06-2011) දක්වා ඩොලරයේ අගය වෙනස් විම ඉහත ලිපියේ පසු සටහන යටතේ දක්වා ඇත.එයින් ඩොලරයේ අගයේ ධනාත්මක වැඩිවිමක් පෙන්නුම් කරයි. එ අනුව ඩොලරය ඉදිරියෙදි තවදුරටත් වැඩි වන බව නිගමනය කල හැක.

    ReplyDelete
  9. අප විසින් ඉහත සදහන් කල නිගමනයන් සාර්ථක වු අවස්ථාවන්:
    ----------------------------------------------
    2010 - මැයි මස රජය විසින් වාහන ආනයනය සදහා පැනවු බදු 50%කින් අඩු කිරිම ගිණුම් හිමියන්ට බලපාන අයුරු;

    2010 මැයි මස වාහන බද්ද අඩු කිරිම පිලිබද අප ඉහත පල කල නිගමනයන් සත්‍ය විය. එනම් එම තිරණයන් පසුව ඩොලරයේ අගයහි යම් වර්ධනයක් සිදු විය.

    ඉහත පසු සටහන යටතේ ඇති ප්‍රස්ථාර B හි 2010 මැයි මාසය තුල ඩොලරයේ අගය වෙනස් විම පෙන්නුම් කර ඇත. එයට අනුව මැයි මාසයේ ඩොලරයේ අගයහි පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    (ප්‍රස්ථාර B යමු ප්‍රස්තාර 2 හි මැයි/ජුනි මස කොටසහි විශාලනයකි)
    ---------------------------------------------

    2010 ජුනි මස වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන විදේශ ව්‍යවහාර මුදල් මත පනවා තිබූ බදු ඉවත් කිරිම ගිණුම් හිමියන්ට බලපාන අයුරු;

    ඉහත B ප්‍රස්ථාරය බැලිමේදි මැයි මාසය පුරාවට වර්ධනය වු ඩොලරය ජුනි මාසයේ සිට නැවත අඩු විමට පටන් ගෙන ඇති බව පැහැදිලි වේ.එසේ විමට රජය විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන විදේශ ව්‍යවහාර මුදල් මත පනවා තිබූ බදු ඉවත් කිරිම හේතුවියැයි සිතිය හැක.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.