Thursday, April 22, 2010

මියගිය බැදිම


දස මස කුසේ දරා
දස වස තුරුලේ හොවා
මෙලොවට බිහිකල
සුරතල් පුතණුව
සොයා පැමිණි මට

ලොව මුදවන්නට
පස්කම් සැප හැර
නිවන සොයා යන
බුදු පුතණුව හමුවිය

අම්මේ කියු කෙලිලොල් බස වෙනුවට
ඇසිනි අමතනු ශාන්ත වදනින්
එකම වදන වුව දැනිනි වෙනස මට තෙපලු විලසටත් වඩා
මා-පුත බැදිම මියගොස් යලි ඉපද ඇත, මහසඝ-උපාසිකා ලෙස

අකුරු කියාදි මා පුත් මනස වැඩු මට
දහම් කියාදි බණ කතා දෙසයි, බුදු පුතෙක් ලෙසින්
මා දෙපා නැමද අකුරු උගන්නට ගිය ඒ පුතණුව
පා නැමද, මා සමුගතිමි කදුලු නෙතින්.