Tuesday, June 1, 2010

සීපා ආර්ථික ඝාතකයෙක්ද? | Is the CEPA an economic murder?

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර අත්සන් තැබිමට යෝජිත සීපා ගිවිසුම පිලිබදව සටහනක්;

මිට පෙර මා ලියු "ගොහුරු මඩින් පන්නරයෙන්" හෙලිවන ආර්ථික ඝාතකයෝ ලිපියේ මා මුලින්ම ආර්ථික ඝාතකයන් ගැන සදහනක් කර ඇත. නැවත වරක් එම විෂය කතාකිරිමට සිදුවුයේ "සිපා" නමින් ක්‍රියාත්මක කිරිමට පිඹුරුපත් සකස් කරඇති ගිවිසුම නිසාය. මෙය ඉන්දියාව ආර්ථික ඝාතකයෙකු ලෙසින් අප රටේ ආර්ථිකය ඔවුන්ගේ ග්‍රහණයට ගැන්මට යොදන උපාය මාර්ගයක් ලෙස සිතිමට කරුණු ඇති බව සමහරු පවසති. කෙසේ වෙතත් සිපා ගිවිසුමට අත්සන් නොකරන බවට ජනාධිපතිතුමා ප්‍රාකාශ කර ඇති බව මාධ්‍ය වාර්ථා පලව තිබුණා.

මෙම සිපා ගිවිසුම පිලිබදව මහජනතාව කෙසේවෙතත් අවම වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්වත් තවම දැනුවත් කර නොමැතිවිම කණගාටුවට කරුණක්. මෙම ගිවිසුමේ පිටපතක් ලබා දෙන ලෙස ගම්පහ එ.ජා.ප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජයලත් ජයවර්ධන මහතා ඉන්දිය මහකොමසාරිස්තුමාගෙන් ඉල්ලිමක් කල බව මාධ්‍ය වාර්ථා කර තිබුණා.
කෙසේ වුවද මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේද නැද්ද යන්න රජය තවමත් ස්ථිරවම ප්‍රකාශකර නැහැ. එවන්වු තත්වයක් යටතේ එම ගිවිසුම පිලිබදව ජනතාව දැනුවත් විම කාලෝචිතයි.

"සිපා" යනුවෙන් හැදින්වෙන්නේ පුර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමයි (Comprehensive Economic Partnership Agreement). 1998දි හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අත්සන් කෙරුනු නිදහස් වෙලද ගිවිසුමේ තිබෙන අපට අවාසිදායක හා ගැටලු සහගත තත්වයන් ඉවත් කරනලෙස ශ්‍රි ලාංකිය අපනයනකරුවන් කලඉල්ලිමට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව මෙම සිපා ගිවිසුම යෝජානා කර ඇත.එම ගිවිසුම යටතේ සිදුකෙරුනේ සහන යටතේ භාණ්ඩ ආනයනය හා අපනයනය පමණකි.එහෙත් නව සිපා ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා යන දෙවර්ගයම ආනයනය හා අපනයනයට ඉඩ ලැබේ.
2008 වසරේ අත්සන් කිරිමට යෝජනාවි තිබුණු මෙම ගිවිසුම ජනාධිපතිතුමා කල් දැමුවේ දේශිය ව්‍යාපාරිකයන්ගේ ඉල්ලිම මතයි. දැන් එය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

භාණ්ඩ ආනයනය හා අපනයනය

සිපා ගිවිසුමේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ වාණිජ දෙපාර්තුමෙන්තුවයි.

මෙහි වාසි ගැන සදහන් කරන ප‍්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක ආචාර්යය සමන් කැලේගම මහතා පවසන්නේ මෙම ගිවිසුම නිසා මිල අඩු, නමුත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ, යතුරු පැදි, ජීප්, ලොරි, දුම්රිය හා කාර්යාල උපකරණ ඉන්දීය වෙළඳ පොළින් මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඒ අනුව, නිෂ්පාදකයින්ට සිය පිරිවැය අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් මේ නිසා අපනයන වෙළඳපොළට හෝ ආනයන සඳහා ආදේශක ලෙස අඩුපිරිවැය භාණ්ඩ නිපදවීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත්ය.
එම කරුණ සත්‍යය වුවද,දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය, කේ.එම්. වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ඒ සමගම මෙරට කර්මාන්තශාලා පිහිටුවා ඇති ව්දේශ සමාගම් ඉන්දියාවේ පිහිටාඇති මවු සමාගම් හෝ ශාඛා වැඩිදියුණු කර මෙරට ශාඛා වසා දැමිමට හැකියාවක් ඇති බවයි.

ගිවිසුම යටතේ මිල අඩු භාණ්ඩ මෙරටට ගෙන්වන්නට ඉඩ දෙන්නේ නම් ඒ මෙරට නිශ්පාදනය නොකරන හා දැනට පිටරටින් ආනයනය කෙරෙන ඒවා විය යුතුය.මෙරට නිශ්පාදනය කෙරෙන භාණිඩ ආනයනයට ඉඩ ලබාදුන්නහොත් ඒ තුලින් දේශිය ව්‍යාපාරිකයා වල පල්ලට යැම වැලක්විය නොහැකි කරුණක් වනු ඇත.අනෙක් කරුණ නම් අපට ආනයනය කල හැකි භාණ්ඩ(උදා. තේකොල, කුරුදු, ඇගලුම්) සදහා වැඩි සහන ලැබෙන ලෙස ගිවිසුම සකස්කල යුතුය.
එහෙයින් මෙම ගිවිසුමේ දැනට දන්නා කරුණු අනුව ඉහත මුලධර්මය ආවරණය වන ආකාරයට ගිවිසුම සකස්කිරිමෙන් අප රට වෙත යම් වාසි ලබා ගත හැකි වනවා ඇත.

සේවා ආනයනය හා අපනයනය

සේවා සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ ප‍්‍රතිපත්ති අධ්‍යන ආයතනය වන අතර ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ ආයෝජන මණ්ඩලයයි.

මෙම ගිවිසුමේ ඇති බරපතලම අංශය නම් සේවා ආයෝජනවලට ඉඩ ලබාදිමයි.එනම් උදාහරණයක් ලෙස ඉන්දියානු සන්නාලියෙකුට මෙහි පැමිණ, ව්‍යාපාරිකයෙකු ලෙස ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත්, එම ව්‍යාපාරය සදහා සේවයට ඉන්දියාවෙන්ම සන්නාලියන් ගෙන්වා ගැනිමත් කල හැකිය, එමෙන්ම ඔහුටද එම ව්‍යාපාරයේ සන්නාලියෙකු ලෙස සේවය කල හැකිය.
ඒ යටතේ මෙරටට ඉන්දියානු වෘත්තිකයන්,ගලා එනු ඇත. අද ලෝකයේ සමහරක් රටවල ඉන්දියානු ව්‍යාප්තිය බහුලව සිදුවි ඇත. මැදපෙරදිග මෙනම් යුරෝපයේද තත්වය එයයි.මාගේ මතකයේ පරිදි මා සේවය කරන කටාර් දේශයේ, කටාර් ජාතිකයන් ලක්ශ 7-8පමන සිටින අතර ඉන්දියානුවන්ද ලක්ශ 4ක් පමණ මෙහි සේවය කරති.එමෙන්ම අප දන්නා තවත් කරුණක් නම් ඔවුන් අඩු වැටුපකට වුවද පැමිණ සේවය කිරිමට සුදානම් පිරිසකි.
අප රටේ උගත් තරුණයන් රැකියා නොමැතිව සිටීද්දි ඉන්දියානුවන් මෙහි අඩු වැටුපට සේවය කිරිමට පැමිණිය හොත් රටේ විරැකියාව වැඩිවි රටේ තත්වය තවත් දරුණු වනු ඇත.

මෙහි අනෙක් අතට අපටද ඉන්දියාව වෙත ගොස් එසේ ව්‍යාපාර ඇරබිමට මෙන්ම සේවයේ යෙදිමට හැකියාව
ලැබේ. එහෙත් ව්‍යාපාරිකයන් පවසන්නේ පසුගිය කාලයේ පවා එසේ ව්‍යාපාර ආරම්භකිරිමට ගිය සමහට අප ව්‍යාපාරිකයන්ට විවිධ ගැටලු රාශියකට මුහුණ දිමට සිදුවු බවත් මෙම ගිවිසුමෙන් පසුවද එම තත්වය වෙනස් වේ යැයි විශ්වාසකල නොහැකි බවත්ය. අප ජනතාව ඔස්ටේලියාව, ඇමරිකාවට යාමට කැමති වුවද ඉන්දියාවට ගොස් ජිවත් විමට කැමත්තක් දක්වන් ඇතැයි සිතිය නොහැක.අනෙක් අතට ඉන්දියාවේ ජනග්‍රහණය හා අපරටේ ජනග්‍රහණය සංසන්ධනය කරන ව්ට අප ඉන්දියාවට සංක්‍රමණය විම එරටට දැනෙන ප්‍රමාණයට වඩා ඉන්දියානුවන් මෙරටට ගලා ඒම අපට දැනෙනු ඇත.
තවද උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමල ජනතාවගේ ගැටලු වලදි මෙන්ම ඊලාම් යුද්ධයේදි ඉන්දියාව මැදිහත්වන ආකාරය බලන විය ඉන්දියානුවන් මෙරටට ගලා ඒමෙන් පසු ඔවුන්ගේ මැදිහත් විම තව දැඩිවනු ඇතැයි සිතිය හැක.

එහෙයින් මෙම සේවා ආයෝජනය නම් අප රටට කොහෙත්ම හිතකර දෙයක් නොවේ. එහෙයින් එය පිටු දැකිය යුතුය.

ඉන්දියාව මෙම ගිවිසුම හරහා උත්සාහ කරන්නේ අප ආර්ථිකට ඔවුන්ගේ ග්‍රහණයට ගැනිමටද?



මුලාශ්‍ර: 1) 2010 ජුනි 02 ලංකාදිප පුවත්පතේ,මල්ටිකෙම් සමුහ ව්‍යාපාරයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතාගේ "සිපා ශ්‍රි ලංකාවට අහිතකර ඇයි" ලිපිය

2) වෛද්‍ය, කේ.එම්. වසන්ත බණ්ඩාර. ඉන්දු - ලංකා ‘සීපා’ ගිවිසුම උවමනා කාටද ?. අන්තර්ජාල ලිපිනය:http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=1825:2010-05-26-15-54-04&catid=1:latest-news&Itemid=269 [ප්‍රවේශවු දිනය:2010 ජුනි 02]