Monday, December 14, 2009

වරද වටහාදෙමු කරමු යලිත් නොකරන්නට....


මට මතක විදියට මේ සිදුවිම වුනේ එක වසරේදි හෝ දෙක වසරේදි. මම දවසක් ඉස්කොලේ ගිහින් බලනකොට ලියන්න පැන්සලක් ගෙනිහින් නැ. ඔන්න ඉතින් මම ලගින් හිටපු යාලුවෙක්ගෙන් පැන්සලක් අරගෙන. පොඩි හොරකමක්. කොහොමහරි එදා දවසේ ඉස්කොලෙ ඉවරවෙල ගෙදර ආවාම අම්මට මේ විස්තරේ කිව්වා.

අම්මා දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. " පුතේ අනුන්ගේ දේවල් හොරකම් කරන්න හොද නැ. අපායේ යනවා" ඔය අපායේ යන කතාවට නම් මම බය උනා. මොකද ඒ කාලේ අපාය ගැන දැනගෙන හිටිය දේවල් නිසා. කවුද කැමති කටු ඉබුලේ නගින්න, ලෝදිය බොන්න. අම්මෝ!

"ඉතින් එහෙනම් මම මේ පැන්සල හෙට ගිහින් ඒ ලමයාගේ බැග් එකට දාන්නම්" කියල මම කිව්වා. අම්මා කිව්වා "එහෙම කරන්න ගියොත් ඒ ලමයා එක දැකලා බනිද දන්නැනේ එක නිසා පැන්සල බුදු මැදුරෙන් තියලා, අයේමත් අනුන්ගේ දේවල් අවසරයක් නැතිව ගන්නේ නැ කියල පොරොන්දු වෙන්න කියලා." ඔන්න මම අපායේ යන්න තියෙන බයට වැදලාම පොරොන්දු වුනා.

මේ කථාව මට මතක් වුනේ මේ ඊයේ පෙරේදා සිද්ද වෙච්ච දෙයක් නිසා. අපේ ගෙදරට ආව ගිය ඉස්කොලේ 6 වසරේ ඉන්න මල්ලි කෙනෙක් කරපු වැඩක් නිසා. මෙයා ගෙදර ඇවිත් යනකොට ගිහින් තියෙන්නේ නිකන්ම නෙමේ, මොබිටෙල් ඩොන්ගල් එකත් අරගෙනමයි. පස්සේ කොහොම හරි මේ ගැන විමසුවම මුලදි නැ කිව්වත් පස්සේ පිලි අරන් තිබුණා එක ගත්තා කියලා. පස්සේ එක නැවත ගෙනත් දිලා තිබුණා.

එතනදි ඒ ළමයාගේ අම්මා හැසිරිලා තියෙන්නේ ඒ ළමයා කිසිම වරදක් නොකරපු ගානට. ඒක හොරකමක් නොවන බවත් නොදැනුවත්ව ගෙන එන්නට ඇති බවත් පවසමින් අර ලමයා කරපු ක්‍රියාවේ කිසිදු වැරද්දක් නැති බව ඔහුට ඇගවෙන විදියට හැසිරිලා. පසුව වැරද්ද තෙරුම් කරලා දුන්නාද දන්නැ.

එය හොරකමකට කලත් නැතිනම් නොදැනුවත් කම නිසා ගෙන ආවත් එක වැරද්දක්. දෙමවුපියන්ගේ යුතුකම තමයි ඒ වැරද්ද කුමනහෝ ආකාරයකට ළමයාට අවබෝධකරවලා දෙන එක. සමහර දෙමවුපියො නම් කරන්නේ ළමයට පහරදිලා තරවට්ටු කරලා අවබෝධකරල දෙන එක, සමහරු ඒක වෙනත් විවිධ ක්‍රම වලට අවබෝධකරවලා දෙනවා, අර අපායේ යනවා වගේ සංකල්ප යොදාගෙන. මට නම් හිතෙන්නේ පහරදිලා දඩුවමි කරනවාට වඩා හොදින් එක අවබෝධ කරලා දෙන එක හොදයි කියලා.

කොටුපාරක් වදිනවාට වඩා, එකේ ප්‍රතිඵලය කියල දෙන එකෙන් හිතට වදින ප්‍රමාණය වැඩි කියලයි මට හිතෙන්නේ. එහෙම අවස්ථාවල වැරැද්ද තේරුම් කරලා දෙන්න මුසාවක් කිවත් එකේ වැරද්දක් නැ.

තවත් අවස්ථාවක් මට මතකයි , ඒ අපේ මල්ලි අබාධිත අයෙක් (කොර අයෙකු ) සමච්චලයට ලක්කරපු අවස්ථාවේ අම්ම කියපු කතාව. අම්මා කිවිවේ අපි එහෙම කලොත් ඊලග ආත්මේ අපිත් ඒ වගේ වෙලා ඉපදෙනවා කියලා.

දරුවෙක් වරදක් කලානම් දෙමවුපියන්ගේ යුතුකම වෙන්න ඔනි දරුවට ඒ වැරැද්ද පෙන්නලාදිලා හරි මගට ගන්න එක. එහෙම නොකලහොත් අර දරුවා නැවත නැවතත් ඒ වැරැද්දම කරන්න පෙලබෙනවා. සමහර විට වැරැද්දට දෙමවුපියන් නොදුන්නු දඩුවම, ඉට වඩා බරපතල විධියට සමාජයෙන් ලැබෙවි.

Saturday, November 21, 2009

ආ.ද.ර.ය.

එක් අහඹු දිනයකදී
අහඹු වු නිමේශයකදි
ඔබ මා මුනගැසුනද
එය සැබැවින්ම අහබුවක් නොව
සසර පුරාවට පැතූ පැතුමක,
ආත්මීය බැදීමක ඇරඹුමකි

ඉදින්, එය තවත් එක්
බැදීමක් පමණක්ම නොව
ආ.ද.ර.ය.
යන නිර්මාණාත්මක
අකුරු සතරේ පරතෙරට පැමිණි
ආශ්චර්යාත්මක සංසිද්ධියකි

ඒ සැබැවු පැතුම ඇති කල දේ බොහෝයි
දුක සතුට සිනහව කදුල
සියලු දේ මැදහත්ව විදිමින්
සසර පුරා ආ ගමනේ
මේ නැවතුමෙන් නික්මෙන තුරු
දෙදෙනෙකු ලෙසින් නොව එකෙකු ලෙසින්
බැදි විදින්නට, ජිවිතය
කාලයයි මේ

දිලාන්/චන්ද්‍රිකා

ජායාරුපය: http://www.dreamstime.com/thread_16593

Saturday, October 31, 2009

සිතා අම්මාන් කෝවිල




නුවර එළිය නගරයට ආසන්නව ඇති සංචාරකයින්ට වැදගත් එක් ස්ථානයක් වනුයේ සිතා අම්මාන් කෝවිලයි.

ඉන්දියානු විර කාව්‍යක් වන රාමායනයට අනුව රාම රජුගේ බිසව වු සිතා දේවියව රාවණා රජු විසින් පැහැරගෙනවිත් ලංකාවේ අශෝක් වනයේ සිරකර තබා ඇත.එම දේවිය සිර කර තැබු ස්ථානයේ මිට වසර දෙකකට පමණපෙර සිතා අම්මාන් කෝවිල ඉදි කරන ලද්දේ "සිතා අම්මාන් කෝවිල භාරකාර මණ්ඩලය මගිනි".

සිතා දේවිය මුදවාගෙන යාමට පැම්ණි වර්තමානයේ දේවත්වයෙන් සලකන හනුමාන් වෙනුවෙන් ඉදි කෙරුනුකෝවිල අසලින්ම මෙය ඉදි කර ඇත.

සිතා දේවිය සිරකර තබාගෙන ඇත්තේ මෙම ප්‍රදේශයේ බවට පහත සාධක පවතින බව සදහන්ය:

· සිතා දේවිය සිර කලේ ඝණ අශෝක වනයක බව රාමයනයේ සදහන් විම

· ශතවර්ෂයකට පමණ ඉහතදි මෙහි තිබි ප්‍රතිමා තුනක් හමුවි ඇත. එකක් සිතා දේවියගේවේ.

· රාවණාගේ මාලියය මේ අවට ප්‍රදේශයේ තිබු බව විශ්වාස කිරිම

මෙහි සිතාදේවියගේ, හනුමාන්ගේ හා ලක්ෂ්මන්ගේ ප්‍රතිමා තුනක් දක්නට ඇත.මෙහි ඇති ගගේ අනෙක් ඉවුරේ ඇති ගල සිතාදේවිය භාවනා කල ස්ථානය ලෙසින් හදුන්වනු ලබනවා.

රාමායනයේ, රාවණා රජු විසින් රාමාගේ සොයුරු ලක්ෂ්මන් විසින් රාවණාගේ සොයුරිය වු සුපර්නිකාගේ නාසය,කන් කපා හිංසා කිරිමට පලිගැනිම සදහා සිතා දේවිය දඩුමොණර යානයෙන් ලක්දිව විරගන්තොට නම් ස්ථානයට පැහැරගෙන ආ බව සදහන්ය.

එමෙන්ම සිතා දේවිය සිරකර තබන ලද සිතා කොටුව නම් ස්ථානයේ සිට අශෝක වනය වෙත සිතා දේවිය රැගෙන ගියේ සිය රාජධානියේ සුන්දරත්වය පෙන්විමට බව විශ්වාසකරයි.එම මාර්ගයේ පිහිටා ඇතැයි සලකන සිතා කදුලු පොකුණ ලෙසින් හැදින්වෙන පොකුණ සිතා දේවියගේ කදුලු වලින් නිර්මාණය ජනප්‍රවාදවල සදහන්ය. මෙම ප්‍රදේශයේ ඇති සිතා මල් එම ප්‍රදේශයටම ආවේණික මල් වර්ගයකි.

ගුරුලපොත ලෙසින් හැදින්වෙන්නේ රාවණා රජුන්ගේ ගුවන් යානා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානය පිහිටිස්ථානය බව සැලකේ.හනුමාන්ට සිතාදේවිය හමුවුවා යැයි සලකන්නේ හක්ගල උද්හිත උද්‍යානය පිහිටිස්ථානයේදිය.


මුලාශ්‍ර:

http://www.tourslanka.com/ramayana-sri-lanka.php

http://www.lankalibrary.com/heritage/sita.htm

http://www.sltda.lk/ramayana

http://www.angelfire.com/sc3/1010/ashokavana.html

http://en.wikipedia.org/wiki/Ramayana_sites_in_Sri_Lanka

http://kalyan97.wordpress.com/2007/11/06/1200/

http://www.tourslanka.com/ramayana-sri-lanka/tours/RAM05001-ramayana-site-tours-excursions-4n-5d.php

http://www.lakdasun.com/forum/index.php?topic=449.0