Sunday, September 28, 2008

ඔබේ ජාතිය

මෙම බ්ලොග් සටහන කියවන සැම අයෙකුම පහත ගැටලු දෙක සදහා පිලිතුරු ලබාදෙනු ඇතැයි මා සිතමි.


1) ඔබේ ජාතිය කුමක්ද?
2) ඔබ එම ජාතියට අයත් වන්නේ යැයි පවසන්නේ කුමන පදනමක් මතද?



To view in PDF format:Click

Thursday, September 18, 2008

ප්‍රභාකරන්, කරුණා හා J.V.P


2008-08-24 දින ලංකාදිප පුවත් පතේ පල්වු ඉහත ලිපියහි අරමුණ පභාකරන් ගේ විනාශය අත ලග බව ඇගවිම විය යුතුය.
එහෙත් එහි සදහන් ප්‍රභාකරන් මහත්මයා, ජේවිපි කාරයන් යන වචන දෙක නිසා ලේඛකයා ගේ එම අරමුණට යමි හානියක් වි ඇත.
දශක තුනකට ආසන්න කාලයක් පටන් රට යුද්දයෙන් දෙකඩ කිරිමට තැත් දරන ප්‍රභාකරන් මහත්මයකු වන්නේ කෙසේද? මහත්මයා යනු මිනිසාගේ, පුරුෂ ලිංග කොට්ථාශය හැඳින්විමට යොදන ගෞරව නාමයකි. වර්තමාන මිනිසා වන හෝමෝ සේපියන්ස් යන වචනයේ අර්තය බුද්දිමත් මානවයා යන්නයි.
මෙරට ආර්ඨික මර්මස්තාන වලට පහර දෙමින්, රාජය නායකයින් ඝාතනය කරමින්, ආගමික ස්ථාන විනාශ කරමින් තම මලගම කරා ගමන් ගන්නා ප්‍රභාකරන් මහත්මයෙකු නොවේ. එපමනක්ද නොව ඔහු බුද්දිමත් මානවයකු ලෙස හැදින්විමද වැරදිය.
පුවත් පතක පලකරන භාෂාව ශිෂ්ට සම්පන්න විය යුතු නිසා L.T.T.E නායකයා හැදින්විමට “පභාකරන්” ලෙස පමණක් යෙදිය යුතුය.
කරුණා වනාහි කලකට පෙර ප්‍රභාකරන් වැනිම ජිවියෙකි. එහෙත් මිනිමරු අංගුලිමාල, අංගුලිමාල තෙරුන් වුවා සේ, දැන් ඔහු නිසි මගට පැමිණ ඇත. එහෙයින් “වර්තමාන කරුණා” හැදින්විමට මහත්මයා යන නාමය යෙදිමේ වරදක් නැත. එහෙත් එය ඔහු අපාගත විම වැලක්විමට නමි සමත් නොවනු ඇත.
J.V.P යනු කරුණා මෙන්ම තුවක්කුවෙන් පශ්නවලට විසඳුම් සොයන්නට ගොස් නැවත හරි මගට පැමිණි කණ්ඩායමකි. රටේ පිලිගත් දේශපාලන පක්ෂයක් වන ඔවුන්ට “කාරයන්” ලෙස ඇමතිම සුදුසු නොවේ.
UNP කාරයන්, JVP කාරයන් නොව, UNP පාක්ෂිකයන් JVP පාක්ෂිකයන් විය යුතුය.
මා කුඩාකල දිනක් හිතවත් අක්කා කෙනෙකු සමග පැමිනෙන විට මා “පත්තරකාරයා එනබව” ඇයට පැවසුයේ ඇය පත්තරයක් මිලදි ගැනිමේ අවශයයතාවයෙන් සිටි බව මා දැන සිටි නිසාවෙනි. පසුව ඇය මට දුන් අවවාදය වුයේ පත්තරකාරයා යන වචනය වෙනුවට “පත්තර මුදලාලි” වැනි වචනයක් යොදන ලෙසයි.
ඔනැම මිනිසෙකු තමාට සමාජයේ පිලිගැනිමක් ලැබෙනවාට රුච්වෙයි.
මැස්ලෝගේ මිනිස් අවශයතාවලිය හි සිවුවන අදියර වන්නේ “බුහුමන් අවශයතා (Ego – Esteem)
හෙවත් තත්වය, පිලිගැන්මයි.

එහෙයින් අප සමාජයේ ජිවත්වනවිට අපට උදවු කරන අයට පමනක් නොව කිසිවෙකුට “කාරයා” යන පදය අගට යොදා හැදින්විම නොකල යුතුය. පත්තරකාරයා , කිරිකාරයා, නොව පත්තරමුදලාලි/මාමා, කිරිමාමා විය යුතුය.
අප සමාජයට ලැබිය යුතු පිලිගැනිම ලබාදුන්න හොත් සමාජයද අපට ලැබිය යුතු පිලිගැනිම ලබා දෙනු ඇත.


To view in PDF format:Click

මගේ කුරුටු ගී පොත

කාලයක සිට කවි නිසදැස් ලියුවත් එවා බෝහෝමයක් අස්ථාන ගත වුනේ කොලවල ලියු නිසා.පාසලේදි, සරසවියේ දි හිතට එන දේ පදය රචනාවක් ලෙසින එලියට එන්නේ ඒ වෙලාවේ අතට අහුවෙන කොල කැබැල්ලකින්.
බ්ලොග් සටහන් අතර සැරිසරද්දි සොයුරියක් සටහන් කරලා තිබෙනවා දැක්කා ඇය පාසල් කාලයේදි කවි පබැදුමි සදහා පොතක් වෙන් කරලා තියාගත් බව.මටත් හිතුනා මගේ ණිර්මාන සදහා පොතක වෙන් කරන්න.
(අනුන් කරන දේකරන්න ගියොතින් අපිත් වදුරෝ වෙනවා……….. කියලා ගිතයකින් කියවුනත් හොද දෙයක් කාගෙන් හෝ ඉගෙනගත්තාට වරදක් නැතැයි මට හිතෙනවා. ඒත් අනුන්ගේ දේ එලෙසම අනුකරනය නොකර එයින් ගත යුතු දේ අවශෝෂණය කර තමන්ට ආවේනික දෙයක් ගොඩ නැගිම තමයි විය යුතු දේ.)
කොහොමහරි මම ලංකාවෙන් එනකොට අරගෙන ඇවිත් තිබුන අභයාස පොත් දෙකෙන් එකක් මේ සදහා යොදාගන්න හැකිවුනා.මම අතට ගත්ත පොත NSP වෙලඳ නාමයෙන් එන අභයාස පොතක්. ඒ පොතේ කවරේ ඇතුල් පැත්තේ සටහන් කරලා තිබුනා “සිරිත් මල් දමේ” එක කවියක්.
අගුරු හුණු කැට ගෙන
විහිලු නො ලියනු තැන තැන
බිත්ති කණු කිසි තැන
යමක් නො ලියනු අයුතු විලසින

ලංකාවේ පොදු පවාහන සේවාවක , පාරවල් වලට යාබද තාප්ප වල ලියල තියන තේරුමක් නැතිදේවල් මතක් වෙන කොට මට හිතෙන්නේ සිරිත් මල් දම වැනි උපදේශනාත්මක කාවයවල ආභාශය ඒ අයට ලැබිලා නැතුව ඇති කියලයි.
ඒත් සරසවියේ පාසැලේ තිබෙන කැටපත් පවුරක සිතුවිලි “අයුතු විලසින් ලියපු දේවල්ස් නෙමෙයි කියලයි මට හිතෙන්නේ.
ලංකාවේ පොදු පවාහන සේවාවල ,තාප්ප වල ලියල තියන දේවල් දැකලා තියන මට රටින් බැහැරව කටාර් දේශයට ආවාමනමි එහි පවාහන සේවාවල , තාප්ප වල අයුතු දේවල් ද්කින්න ලැබුනේ නැ.ඒ සිරිත් මල් දම නොතිබුනාට තිබෙන නිති රිති නිසා වෙන්න ඔනේ.
ලංකාවේ බෞද්ද අපි හැදුනේ වැඩුනේ බෞද්ද පරිසරයක. බුදුරජාණන්වහන්සේ පණඝාතයේ ආදිනව පෙන්වලා දුන්නා මිස නිති රිති දාලා වලක්වන්න උත්සහා කලේ නෑ.
හරි දේ තේරුම් අරගෙන වැරදි දෙයින් වැලකිය යුතුයි.එතකොට අපිටත් පුලුවන් වෙවි ලස්සන ලංකාවක් ගොඩනැගිමේ කොටස් කරුවෙකු වෙන්න.


උගත්කම අපේ කම
සමග සිතේ ඇති මිනිස් කම
වැදු මව හැදුණු රට සමග සැම
වෙනුවෙන් කලයුතු දේ ඇත බොහෝම

හරි වැරදි බේරා ගෙන
කරනු හරි දේම හැකි පමණ
වගකිම අපේ සමාජය ගැන
ඉටු කරනු ලක්පුතෙකු ලෙස හැකි පමණ

බස් රියේ දුම්රියේ පාසලේ
පොදු සැම තැන,අප යනේන සැම වෙලේ
සුරැකුවොත් තම නිවස මෙන් අපේ කලේ
විය හැකිය රන් පුතෙක් මේ සිහලේ

සටහන: සිරිත් මල් දමේ කවි අසිපත බ්ලොග් අඩවියයෙන් බලා ගන්න පුලුවන්(http://asipatha.blogspot.com/2007/10/2.html
ලංකාදිප පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේත් දැන් සිරිත් මල් දමේ කවි පලකරනවා.

To view in PDF format:
Click