Thursday, April 27, 2017

වාංග එට්කා (ETCA) වාංග

ලැයිම ඉතිරෙන්න අපේ උන් වැහි වැහැලා
තවත් නැ ඉඩක් ලගින්නට අපේ උන්ට මේ ඉමේ
ෂම්මුගේ ලොකු පුතා උපාධියගත්ත ගිය වසේ
ගනිනවා තහඩුවල සිදුරු වැතිරිලා
මඩ ගැ බිම්තලේ

මේ ලැයිම එසේ වුව
ධර්මාගේ ගමේ නම් එසේ නොම වෙතේ
හැකිය ගන්නට හොද රැකියාව අඩු වුවත් පඩිපත දොරේ
උබේ උන් කරන්දේ රුපියලට,
අපේ උන් කරයි අනා එකකට වඩා අඩුවෙන්.

ධර්මේ ඉඩදෙනවාද අපේ මේ ෂම්මුගේ එකාට
බින්න බැස උරාබොන්න
නුබේ දිවයිනේ රසේ.

Thursday, April 6, 2017

සම්ප්‍රයෝගය


"දුවෙක් ලැබිලා තියෙන්නේවාට්ට්ටුවට යන්න, අපි බබාවයි අම්මවයි තව ටිකකින් වාට්ටුවට එවන්නමි"

ගැහෙන හදින් රෝහලේ කොරිඩෝවේ බිත්තියකට බරව උන් පියසෝමට හෙදියගේ වචන ගෙනදුන්නේ මහත් සතුටකි, අස්වැසිල්ලකි.
පියසෝම වාට්ටුවට යනවිට එහි සිටියේ පියසොමගේත් දයානිගේත් දෙමවුපියන් මෙන්ම භුමිතෙල් කඩේ ජයසිරිත් පමණක්ම නොවේ, ජයසිරිට මදක් පිටුපසින් සිටි යුවල ජයසිරි මිට මාස කිහිපයකට පෙර පියසෝමලාට හදුන්වාදුන් පොලිසියේ රාජපක්ශ මහත්තයා හා නෝනා බව හදුනාගැනිමට පියසෝමට වැඩි කාලයක් ගත නොවිය.
පොලිසියේ මහත්තයාගේ බලාපොරොත්තු පිරුණු දිදුලන දැසේ රශ්මිය, පියසෝමගේ සතුටින් දිදිලු දැස් අඩපණ කිරිමට සමත් වුවා යැයි කිම අතිශයෝක්තියක් නොවේ.

හෙදියන් දෙදෙනෙකු විසින් වාට්ටුවට ගෙනා දයානිත්, ඔවුන්ගේ කිරිකැටි දියණියද පිලිගත්තේ පියසෝම වුවද ඉන් පසුව හෙදියන් ලදරුවා සම්බන්ධව දුන් උවදෙස් දයානිලාට වඩා උනන්දුවෙන් අසා සිටියේ පොලිසියේ මහත්තයාත් නොනාත්ය.
රෝද සතරේ වාහනය කොලඹ පාරේ කොලඹ දෙසට ඉගිලෙද්දි, රොද තුනේ වාහනය එම මගේම විරුද්ධ දිශාවට දයානිත් පියසොමත්  සමගින් ගැටුවේය.
 දකුණතින් දයානිගේ අත අල්ලා සිටි පියසෝම ඉටත් වඩා තදින් සිය වමතේ වු පාර්සලය අල්ලා සිටියේ දයාවතිට වු ආදරයේ අඩුවක් නිසා නම් නොවේ.

"මේ ඇහුනද, ඔහේ දැන් ඇදට ගියාගනං හොදා නොවැ,
හෙට උදෙන්ම බැංකුවට යන්නත් එපාය"

දරුවන් කියන්නේ දෙමවුපියන්ට මිල කල නොහැකි සම්පතක් බව පන්සලේ ලොකු හාමුදුරුවෝ බණකදි දේශනා බව දයානිට මතක තිබුණද, දරුවන් සතරදෙනෙකු සමග ආර්ථික සටනෙන් පාරාජිතව දුර්මුඛව සිටි දයානිලාට බුදු බණ පිලිපදිනවාට වඩා, දයානිලාගේ අපායක් වි තිබු පවුලට අලුතින් එකතුවන්නට සිටි කිරිසප්පයා පවුලෙන් පිටමංකර උන්ට වඩා හොද අනාගතයක් ලබාදිම සුදුසු යැයි තිරණය කලේ කිරිසප්පයා කුසට පිලිසිදගත්බව දැන ගත් දිනවලමය.

දිනෙන් දින, මසෙන් මස, වසරෙන් වසර, ගෙවි ගොස් තිස් පන් වසක් ගතවිය...........
 


ඒදා තිබු පැල අද මහා වෘක්ෂයන් වි ඇත....
මහා වෘක්ෂයෝ පොලවට පස් වි ඇත.......
පස් වල සාරයෙන් නව පැල පිබිදි ඇත.......

"දයානි, දැන් කොහොමද උඹට?"
" දැන් නම් ටිකක් ගුණයි වගේ, ඒත් හිටපු ගමන් එනවා පපුවේ දැවිල්ලක්, පපුව නිකන් පිච්චිලා යනවා වගේ"
"ඔක තවත් බලා ඉදලා හරියන් නැ, අපි යමු හෙට අනිද්දම මහ ඉස්පිරිතාලේ"
" නැ නැ ඔනි නැ, හංදියේ ෆාමසියේ කොලුවාගෙන් ආයේ වංගියක් බෙත් ගමු……...අඩුවෙලා යයි"
" මෙච්චරකල් එතනින් නෙවැ බෙහෙත් ගත්තේ, කෝ අඩුවුවානා යැයි?"
කෝපයෙන් කි පියසෝම කියවමින් සිටි රේස් කොලය පසකින් ලා දයානි දෙස බැලුවේය.
පියසෝම හා  සතලිස් වසක්  කැ දිගයෙන් ලද පන්නරය දයානි නිහඩව කිරිමට සමත් විය.

"අනේ මගේ පපුව... පපුව......."
දයානිගේ කෙදිරියෙන් අලුයම අවදිවු පියසෝම පොරවා සිටි සරම ගැට ගසමින් දයානි වෙත දිව ආවේය.
ඇයි දයානියේ ඇයි?”
"මහත්තයෝ....... මගේ පපුව රිදෙනවා..... ඉන්ට බැ මට........."
" ඔහොම ඉන්න මම ඉස්සරහ ගෙදර වාහනය අරගෙන එන්නම් ඉස්පිරිතාලේ යන්න"

දයානිත් පියසෝමත් රැගත් රිය හැකි උපරිම වේගයෙන් මිදුම කපාගෙන රෝහල කරා ගමන් ගත්තේය.
 රෝහල වෙත ගෙන ගිය දයානිව පරික්ශා කල වෙද්යවරිය ඇයව ශල්‍යයාගාරය වෙත යොමුකලාය.
ශල්‍යයාගාරයහි පිවිසුමි  දොරටුවේ ඉහල දැල්වු රතු පැහැති විදුලි බුබුල දෙස ඇස්පිය නොහෙලා බලා සිටිනා පියසේන කොරිඩොව මත හිටියේ ගතින් පමණක්ය කියා කිවොත් එය නිවරදිය.
දයානිව ශල්‍යයාගාරයට ඇතුලු කිරිමෙන් පසුව ඔරලෝසුවේ පැය කටුව වටතුනකට පමණ ගිය තැන ශල්‍යයාගාරයන් පිටතට වෙද්යවරියක් රෝගියාගේ ඥාතින් පිලිබදව විමසිය

" නෝනා, මගේ කසාද ගැනි "
" ඔපරේශන් එක සාර්ථකයි, ඒත් ලෙඩාට ඉක්මනින් ලේ දෙන්න ඔනි, එක නිසා පුලුවන් තරම් ඉක්මනට ලේ දෙන්න කාව හරි එක්කන් එන්න, ලෙඩාගේ ලේ වරිගට පොසිටිවු,
මතකනේ පුලුවන් තරම් ඉක්මනින්, පරක්කු උනොත් එක ලෙඩාගේ ජිවිතයට නරක විධියට බලපාන්න පුලුවන්"

ගමේ තමන් දන්න හදුනන සියලු දෙනාට මෙන්ම තමන්ගේ නැසියන්ටද පණිවිඩ යැවිවද අදාල ලේ වර්ගය දානය කල හැකි අයෙක් සොයාගත නොහැකි විය.
බලපොරත්තු කඩවු පියසේන පිස්සෙකු මෙන් නැවත රෝහල වෙත දුව ආවේ රෝහලෙන් යම් පිලිසරණක් බලාගෙනය.

"අනේ දොස්තර නොනේ, මම හැම තැනටම පණිවිඩ යැවුවා ඒත් ඔනි කරන ලේ වර්ගය තියෙන කෙනෙක් මට හොයගන්න බැරි වුනානේ"
" එහෙම නම් කොහොමද අපි ලෙඩාගේ ජිවිතය බේරාගන්නේ, කොලඹින් ගෙන්න ගන්න වෙලාවක් නැ, දැනටත් පරක්කු වැඩි
" අනේ මගේබුදු දොස්තර නොනේ, මගේ නෝනව බේරලා දෙන්න, නෝනට බුදුබව අත්වෙයි."
දැත් එක්කර කදුලු කැට කඩා හැලෙන අසරණ දැස් කල ඉල්ලිම වෙද්යතුමියගෙන් හදවතින් ඉල්ලිමක් ලෙසට ඇයට දැනුණි.
" තාත්තේ, මමත් පොසිටිව්, මම මේ අම්මා වෙනුවෙන් ලේ දෙන්නම්"

ලේ බැංකුව වෙත යන වෙද්යවරිය පසුපසින් පියසේන ගමන් කලේ තමන්ගේ ආදරණිය බිරිදගේ පන නල රැදි ඇත්තේ වෙද්යවරියගේ ලේ බිදුවල බව දන්නා නිසාවෙන් තම සිතෙහි මෝදුවු ගෞරවය නිසාවෙනි.
ලේ දානයට ඇදේ හාන්සිවු සිය ජේෂ්ඨයය නිලධාරි වෙද්යතුමියගෙන් ලේ ගැනිමට සැරසුනු හෙදිය, වෙද්යවරිය ඇදසිටි ඇදුමේ අත මතක් ඉහලට කලේ ලේ ගැනිම පහසුවිම පිණිසය.
වෙද්යවරියගේ නිරාවරණය වු අතෙහි වු සලකුණක් දුටු පියසේන එයද සමග ක්ශණිකව වසර 35කට ඉහත අතිතයට ගියේ පියසේනටද නොදැනිමය.
හෙදිය සිය රාජකාරිය ඉටුකිරිමට සැරසෙනවාත් සමගම එයට බාධකල පියසේන, ඉදිරියට පැන වෙද්යවරියගේ අත සිය දෙතින්ම අල්ලාගෙන දෙස බලා සිටියේ එතැන සිටි සියලුදෙන වික්ශික්ප්ත කරමින්ය.

"ඇයි?......., මොකද මේ වෙලා තියෙන්නේ?"
" නෝනා?........ මේ….. මේ….. අතේ තියෙන ලපේ...... ඒක කොහොමද උනේ?"
" ඇයි?, ඒක මගේ උපන් ලපයක්"

සමගම නැගිට අඩි කිහිපයක් පසු පසට ගිය පියසේන නොකියාම එම කාමරයෙන් පිටත්ව ගියේය.
පියසේනගේ හැසිරිම වෙද්යතුමියට මෙන්ම එහි සිටි අන් අයටද ගැටලුවක් වුවද රුධිර දානයද, පාරවිලයනය නියම ලෙස සිදුවිය.
එම සිදුවිමෙන් පසුව පියසේන රෝහල වෙත නොපැමිණියද දයානි රෝහලේන් පිටවන දින ඔහු නැවත පැමිණියේය.

"දයානි, ඔයාට මට කියන්න දෙයක් තියෙනවා,
ඔයාට මතකයි නේද අපේ පොඩිම දුව......,
ඉපදුන දවසේදිම අපි අර රාජපක්ශ කියලා පොලිසියේ මහත්තයෙකුට හදාගන්න දුන්නා........ මේ ඉස්පිරිතාලේදි…….. මේ වාට්ටුවෙදිම"
දයානිගේ මුවින්  වදනක් හෝ පිට නොවුනද දෙකපුල් තෙත්කල කදුලු බිදු බොහෝ දේ කිය.

"අනේ මගේ දුව.......අද හිටියනම්....."
 "හිටියනම් නෙමේ දයානි අපේ දුව ඉන්නවා"
අගක් මුලක් නොතෙරෙන කථාවෙන් තිගැස්සුනු දයානිගෙ තිරස් උඩුකය සිරස් වුයේ නිරායාසයෙනි..
" මොනවා? ඉන්නවා, කොහෙද?"
දයානි, ඔයාගේ ඔපරේෂන් එක කරපු දොස්තර නෝනා"
" ඉතින්....."
" අපේ දුව, දයානි"

පියසේනගේ හඩ සතර දෙසින් නැවත නැවත දෝංකාර දෙන බව දයානිට දැනුනි, අනපේක්ශිතව දැන ගත්දෙයින් මදකට ගොලුවු  දයානි නැවත සිය නිහඩ බව නිමකලාය.

" අනේ දෙයියනේ....... මගේ දුව.......ඔයා කොහොමද එහෙම කියන්නේ..... කොහොමද දැන ගත්තේ......"
"ඔයාට මතකයි නේද අපේ දුවගේ අතේ තිබුනා තරුවක හැඩේ උපන් ලපයක්.....අන්න උපන් ලපෙන් තමයි මම මගේ දුවව අදුරගත්තේ.....උපන් දවසේම අපෙන් පිට කරපු දුව...... අනේ මගේ දුවේ... සමාවෙයන් අපිට..."

" මේ ඇවිල්ල ඉන්නේ,
ඒදා මම ලේ දෙද්දි මොකෝ බයවෙලා වගේ පැනලා දිවුවේ? එදායින් පස්සේ අදයි දැක්කේ"
"නෝනා... නෝනා අර පොලිසියේ රාජපක්ශ මහත්තයා නොනාගේ කවුරු හරිද?"
"ඔවු, මගේ තාත්තා, ඔයා මගේ තාත්තාව දන්නවාද?"

දෙමහල්ලන්ගේ හංගාගත් මුහුණතෙන් ගලා හැලෙන කදුලු හැර වෙන යමක් වෙද්යවරියට නොපෙනුනි.
සිය පන්මල්ලට අත යැවු දයානි එයින් ගත් යමක් වෙද්යතුමියට දුන්නාය.

"මොකක්? මේ මගේ පොඩි කාලේ පිංතුරයක්, අපේ ගෙදර මේ වගේම ෆොටෝ එකක් තියෙනවා, තාත්තා කිවුවේ එක මම ඉපදුන දවසේම ගත්ත එකක් කියලා, ඔයාලාට කොහෙන්ද මේක?"

පිලිතුරක් නොලැබුනද අසරණ ඇස්වලින් බොහෝදේ කියනවෙන බව වෙද්යවරියට නිරායාසයෙන්ම වැටහුණි. ඒදේ නිරාකරණය කරගැනිමට සුදුසුම පුද්ගලයා වු සිය පියා හෙවත් රාජපක්ශට ඇය සිය දුරකථනයෙන් අමතා සියලුදැ අග සිට මුලටම කිවාය.
මෙතෙක් කල් තමන් ජාතක කල දෙමවුපියන් ගිය ගොස් බව සිතා සිටි ඇයට දැන් සත් වැටහි ඇත.

" අම්මේ......"
"ඔවු මගේ දුවේ උඹේ අම්මා.....අපිට සමාවෙයන්........නැති බැරි කම නිසයි අපි එහෙම කලේ"
"මට තේරෙනවා අම්මේ....තාත්තා මට කිව්වා ඇත්ත,
අපි ආයේ එකතුවුනා අම්මේ, ආයේ කාටවත් මගේ අම්මවයි තාත්තාවයි මගෙන් වෙන් කරන්න බැ"