Thursday, June 16, 2016

සුනාපරන්ත කටාරයේ තතු…

 තණකොල ගසක්වත් නොවැඩෙන මහ                     පොලව
කතරක්ය මේ දිවයින පවතින, මේ                            ලොව
වසරකට දින තුන සතරකි වැටෙන්නේ වැස්ස                  නව
නැතිදෝ බලන්නේ දෙවියනි, දෙස මේ                                 දිව

ගැබුරට කණිනවිට මේ කර්කශ මහ                                      පොලව
මතුවේ තෙල්, ගැස් සම්පත අඩු                                              නැතිව
සොයයි ආදායම තෙල්, ගැස් සම්පත පටවා විදෙස් රට                            තව
ගැස් ආදායමයි පලමු තැන මෙහි, වැටුනද තෙල                       දෙවනුව

කර්කශ පොලව මත අතුරා සරුම                                        පස
එය තුල සිටුවා තණ, වැල් හා විවිධ                                     ගස
යොදනවා අසුචි වලින් උකහා ගත් ජලය, හරි අගේට                 යස
ඒවා දුටුවිට නොම සිතේ මෙය කතරක්ය,නොමැති                       ගස

එක් සෘතුවක, දහවල නගිනවා උණුසුම සෙල්සියස් පනහටත්                                        උඩ
දැනෙන්නේ සිටිනා ලෙසයි රත්වු තැටිය                                                                   උඩ
තව සෘතුවක, ගොම්මන උණුසුම දැනෙන්නෙම නැ සෙල්සියස් පහලෝවෙන්                           උඩ
දැනෙයි අපි ඉන්නේ සිතල නුවර එලියේ,ලක්දිව රටේ                                                   උඩ

සියොලගම වසා යන එන සැම තැනම                            යති
මුහුණු වැස්ම  උස්ස උස්ස අහර                                   ගති
කලු හැර වෙන පැහැ ඇදුම් නැත, උන්ගේ                    ගති
 පිරිමින් තරම් නැතද, මේ දිව කතුන් සැහෙන්න                වෙති
  
රාමසාන් යනු මේදිව                                                              අවුරුද්ද
උපවාස කරයි මුසල්මානු රට වැසියන් අහර                                    නුබුද
ලක්දිව එකෙන් සිටියා සිපිරිගේ රාමසාන් කල ප්රසිද්ධියේ අහර              බුද
සමරයි රට වැසි රාමසාන්  නොඇසුනත් හේවිසි                                 නද

නිති රිති දරුණුම නැ සෞදි                                                             වගේ
එනමුත් ලිහිලුත් නැ ඩුබායි                                                             වගේ
නිදහස ඇතත් අදහන්න ආගම                                                        මගේ
නැත තවමත් පන්සලක් යන්නට, ඔබ කිතු පල්ලි යනවා                                වගේ