Monday, May 2, 2016

පොකුණ

ගොඩ පොර ගසේ පාමුල උල්පත්                                   පෙලක
උනන දියෙන් පිරෙනා ලිද තිබේ ගල්හෙනේ                  කොනෙක
එන්නේ නාන්නට ගමේ කවුරුත් හැම                                       දිනක
අඩුවක් නැතිව සැමටම දෙන වින්දනේ, සිතල ජල                 කදක

ගොඩ පොර පාවෙයි ලිදේ ජලය                                         උඩ
සමහර ඒවා ගලනවා කාණුවේ                                            මඩ
දියබරි ගැවත් ඉද හිට එහෙ මෙහෙට                                    බඩ
නැ කිසි දිනක නෙත ගැටි විසකුරෙක් ලිද                                        බඩ

සිතල ජල පහස පමණක් නොවේ දෙන්නේ               මෙතන
ගම හැම විස්තර හුවමාරුව වෙන්නේ                             මෙතැන
යන එන මග දෙපස ගල් අන්නාසිත් ඇත අපි                නොකන
කජු, පේර වෙරලුත් ඇත පාර දිගට                               යන

අප නැවේ බාල්දියෙන් සිටගෙන කලු ගල් ලිං                    තලය
ලිං බැම්මේ කිරි මැටි කලකදි බොල් පිලිමෙක ජිවිතය                විය
අපේ බරත් බරක් නොවුනි ටයර් වලට ලිද ඉහමත්තේ              සිටිය
රබර් ගසට බැදි රෙදි වැල අප සැමගේම                                      විය

ඉසිනාවිට ලිද තරුණ සැම එකමුතුව ගම්                               පලාතේ
බවලත් උදවිය ගෙනාවේ වෙල්ල වැහුම් හා                                මියුරු තේ
කාරිය ඉවරවෙන විට කැම පැය පසුවි හෝරා දෙක තුනක්           යතේ
වෙහෙසක් නොවේ නිසා අපේ සතුට                                               සිතේ

හුංගන් මඩකරියන් රිංගන මඩ                                    පතුලේය
මඩ තුලින් උන් අල්ලන්නේ පොඩි                                අපිය
මාලුන් මැසින්නියෝ පිරි බේසම හරි                                බරය
අවසන ලිද වතුර පිරෙනා විට උන් දැමිමත් හරියට කල     යුතුය