Wednesday, February 11, 2009

සැබැවු සිහින සොයා යන්නට


මේ ඉදවස්වල ලන්කාවට යන්නයි සුදානම, නිවාඩුවකට.නැදැ හිත්වතුන්ට ගෙනියන්න ඔනකරන බඩු ලිස්ට් එක්කනම් කලින්ම හදාගත්තා.ඒ බඩු ගන්න ඇවිදලා ඇවිත් තමයි මේක ලියන්න පටන්ගත්තේ.ලිස්ට් එකක් හදාගත්තේ නැතිනම් අනවශය දේවලුත් ගැනෙනවා, ඒ විතරද ගන්න ඔන දෙයක් මග ඇරුනොත් එකෙනුත් මටමයි කරදරේ.කලින්ම ගුවන් ප්‍රවෙශ පත්‍රනම් වෙන්කරගත්තා. මමනම් කැමති ශ්‍රි ලන්කන් ගුවන් සේවයෙන් යන්නයි. ඒත් එක මේවතාවේ නම් එක කරන්න බැරිවෙනවා.


ගුවන් සේවාව තෝරාගන්න විට මම බලපු ප්‍රදානම කාරනා තමයි ගෙනියන්න දෙන බඩුවල බර ප්‍රමාණය(Baggage Allowance) හා ප්‍රවේශපත්‍රයේ මිල.

ශ්‍රි ලංකන් හා කටාර් ගුවන් සමාගම් දෙකම් සදහන් කරන්නේ ගෙනා යාමට ඉඩදෙන බඩුවල බර ප්‍රමාණය 27 පමණක් බවයි. කටාර් ගුවන් සමාගමේ නියමිත ප්‍රමානයට වඩා වැඩිවන එක් කිලෝග්‍රැමයක් සදහා කටාර් රියාල් 30ක් පමණ(රු. 900ක්) අය කෙරෙනවා.ශ්‍රි ලන්කන්හිත් අයකෙරෙන්නේ ඒහා සමාන මුදලක්.

ඒත් සාමානයෙන් කටාර් ගුවන් සමාගම මුදල් අයකිරිමකින් තොරව ශ්‍රි ලංකන් ගුවන් සමාගමට වඩා බර ගෙන යාමට ඉඩදෙනවා. මැතකදි කටාර් ගුවන් සේවයේ ගිය මගේ හිතවතෙකුගේ බඩුවල බර 50ක් පමණ වුවද කිසිදු මුදලක් අය කරගෙන නැ.

තවද කටාර් ගුවන් සමාගමේ ඇති ක්‍රියාත්මක වන Privilege සමාජයේ සාමාජිකයින්ටද නියමිත බරටවඩා අමතර බර ගෙන යාමේ වරප්‍රසාදය හිමිවෙනවා. එහි සාමාජිකයන්ට අමතර බර සහනය හිමිවන්නේ Burgundy සාමාජිකයන්ට 10 Kg, සිල්වර් සාමාජිකයන්ට 15 Kg, ගෝල්ඩ් සාමාජිකයන්ට 20 Kg වශයෙනුයි. සාමාජිකත්වයන් මට්ටම තිරනය වන්නේ ලබා ගන්නා QPoints ප්‍රමාණය අනුවයි.මෙම QPoints එම ගුවන් සේවය භාවිතාකරන සැම වාරයකදිම අපගේ ගිණුමට එකතුවෙනවා.

ශ්‍රි ලන්කන් සමාගමෙත් මේ වගේම FlySmiles නමින් සමාජයක් තිබෙනවා. එහි සාමාජිකයන්ට අමතර බර සහනය හිමිවන්නේ සිල්වර් සාමාජිකයන්ට 12 Kg හා ගෝල්ඩ් සාමාජිකයන්ට 16 Kg වශයෙනුයි.

මිල ගණන් වලින් බැලුවත් කටාර් ලාභයි. කටාර් ගුවන් සමාගමේ යාම හා එම දෙකටම කටාර් රියාල් 1090(රු.33000) වෙනකොට ශ්‍රි ලන්කන් හි එය කටාර් රියාල් 1340ක්(රු40000) වෙනවා.

ගමන ගැන කිවොත් කටාර් ගුවන් සමාගමේ දෝහා සිට කොලබටත්, කොලබ සිට දෝහා වලටත් ඍජු ගුවන් ගමන් තමයි තියෙන්නේ.එකට පැය 4.45ක් ගත වෙනවා.

දැන් මේ ගැන ලියුවා ඇති. දැන් හදන්න පටන්ගන්න ඔනේ නිවාඩු ඉන්න කාලය සදහා ඇස්තමේන්තුවක්.කලින්ම තිරණය කරන්න ඔනේ මොනවටද මම වියදම් කරන්නේ, කියක් වියදම් කරනවාද කියලා. නැතිනම් මම අනවශය දේවලටත් වියදම් කරලා සල්ලි නාස්ති කරාවි.

තව පැය 36කින් මමත් මවු බිමේ. මිලග සටහන නම් ගෙදර ඉදන් තමයි ලියන්න හිතන් ඉන්නේ.


දුවිලි කැටුව එන

වියලි සුලගෙන් මිදි

සිහිල් මද නල සොයා

පියඹ එන්නම් මවුනි

ඔබ තුරුලට..


සැබැ නොවු පියතුම සිහින

සැබැවි ඇති යුරු

දැක ගන්නට නෙත් දෙකින්

පියඹ එන්නම් මවුනි

ඔබ තුරුලට..


Tuesday, February 10, 2009

සිතන්නට යමක්...

පසුගිය දිනක අපි කටාර්හි ඉස්ලාම් කලා කෞතුකාගාරය නරඹන්න ගියා.එහි තිබු විවිධ දේවලින්, පහත සටහන හිතන්න යමක් දුන්නු එකක්.


එයින් කියවෙන එක් කරුනක් වන්නේ ඔවුන් ඉන්දියාවේ නිර්මාණයක් වන බිංදුව හා දශමය සංඛයා අවශෝෂනය(Assimilated) කරගත් බවයි.


මෙහි අවශෝෂයක කරගැනිම කුමක්ද? වෙනත් සංස්කෘතියක් බිහිකල යම් නිර්මාණයන් එලෙසම අපද භාවිතා කලහොත් එය අනුකරණය කිරිමකි.අනුකරණයකදි එයින් අපේ අනන්යයතාවය නිරුපණය නොවේ.
වෙනත් සංස්කෘතියක් බිහිකල යම් නිර්මාණයන් අපේ සංස්කෘතියට ගැලපෙන ලෙස වෙනස් කර භාවිතයට ගැනිම අවශෝෂනයයි.


බුද්ධාගමේ ආභාශයෙන් නාගාර්ජුන ස්වාමින් වහන්සේ නිර්මාණයකල ශුනයතාවාදය හිතුකොටගෙන භාරතියයන් නිර්මාණයකල ශුනය හෙවත් බින්දුව යන සංකල්පය හා ගණිතය සදහා භාවිතාකල සංකේත යුරෝපයට ගියේ අබු අබ්දුල්ලා මුහමඩ් නම් පර්සියානු ජාතික ගණිතඥයා විසිනි.එමෙන්ම මුස්ලිම් ජාතිකයන්, භාරතයෙන් බිහිවු එම දශමය පද්ධතිය හා එවකට පැවති වෙනත් සංකේතත් සිය සංස්කෘතියට අවශේෂයනකරගෙන ඔවුන්ට ආවේනික සංකේත ක්රතමයක් බිහිකරන ලදි.එය පහත අරාබි සංකේත හා හින්දු සංකේත දෙස බැලිමේදිද පැහැදිලිවේ. එම නිසා වර්තමානයේ මුස්ලිම් ජාතිකයන් සතුව ගණීතය සදහා ඔවුන්ටම ආවේනික සංකේත ක්රහමයක් පවති



ලංකාවේද අතිතයේ, ගණනය කිරිම් ඇතුලු විවිධ කටයුතු සදහා භාවිතා කල ගණිත සංකේත තිබුනද වර්තමානයේ එවා අභාවයට ගොස් ඇති අතර අප භාවිතා කරන්නේ හින්දු ඉලක්කම් පමණකි.එය එසේ වුයේ අප සංස්කෘතිය තුලට හින්දු ඉලක්කම් අවශෝෂයන කරනු වෙනුවට අප එය තුලට අවශෝෂයන වුනිසාය.
අප එම හින්දු ඉලක්කම් වලින් සුදුසුදේ ලබාගෙන අප සතුව තිබු දැනුමට එකතු කර නව සංකේත බිහි කලේ නම් අද වෙනම ශ්රි් ලාංකිය ඉලක්කම් ක්රලමයක් පැවතිමට ඉඩ තිබුනි.

ඒ වැරද්ද අනාගතයේදි යලි සිදුවිය යුතුද?