Sunday, February 21, 2016

මැෂිම

සන්නාලි අමිමාගේ මුදල්වු දහඩියේ සවියෙන්
දස වසකට පෙර කැන්දන් නුඹ,
ඉරිච්ච කලිසම, දිරච්ච කමිසය
මේ සැම පිලියම් කල නුඹ,
තෙල් වෙනුවට කදුලු බිබි
හනික දිවුව නුඹ,
අන්තිමට,
අපේ කුසගින්නට
උකස් කඩේට සින්නවු නුඹ

Thursday, February 11, 2016

අනාගත වෙදදුරු හඩ



හිතවත, නවතින්න මදකට,
ඔබ මා වෙහෙසුන අරමුණ මතකද?,
වෙදදුරෙක් වන්නට, ගත සිත සුවලන
දනන්ගේ ඇප උපකාරවු හෝඩියේ සිට

ඔබ දිනා තරගයෙන් පිවිසියා රජයේ වෙද විදුහලට
මා මදක් පසුබැ නිසා නොහැකිවිය එය ලබන්නට,
මට පසුපසින් සිටි බොහෝ දෙන එය ලබන විට දුශ්කර පදනමින්,
එහෙයින්,
නොමැතිද අයිතියක් මා හට පෞද්ගලික වෙද විදුහලට පිවිස වත්
ඒ හීනය  යථාර්තයක් කරගන්නට

මේ සිරිලක මුදල්
ඉතිරි කර මේ රටේ
ගන්නා සුදුසුමක් කිමද
නොවටින්නේ
පර දේශ සුදුසුමක් තරම්වත්?

රැකගත යුතු නොවේද 'නිදහස් අධ්‍යාපනය',
ජාති, ආගම්, කුල, තරාතිරම, මුදල් ඇති නැති සියලුදෙන හට
ඉගෙනිමට ඇති අයිතිය.