Sunday, February 21, 2016

මැෂිම

සන්නාලි අමිමාගේ මුදල්වු දහඩියේ සවියෙන්
දස වසකට පෙර කැන්දන් නුඹ,
ඉරිච්ච කලිසම, දිරච්ච කමිසය
මේ සැම පිලියම් කල නුඹ,
තෙල් වෙනුවට කදුලු බිබි
හනික දිවුව නුඹ,
අන්තිමට,
අපේ කුසගින්නට
උකස් කඩේට සින්නවු නුඹ

1 comment:

  1. සන්නාලියනේ සන්නාලියනේ..මේ හිමිදිරි උදේ..

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.