Saturday, January 31, 2009

කාලය



නෙතට රස දෙන

සිතට සුව දෙන

මතුපිටින් දකින දේ,

එයමද ඇතුලතින් තිබෙන්නේ?

දනින් ඇවිදින කාලයේ

තිබු ලස්සනයි, ලස්සන

පිටින් ඇතුලත

දෙකෙම එකසේ

සිතෙන් පමනක් බිහිවන

එකමදේ,

එයයි අප

වෙනසක් වඩන්නේ



කාලය යනු ප්‍රඥප්තියකි.එනම් කාලය යනු පන්චේන්ද්‍රයන්ගේ සෘජු උපයෝගිතාවයක් නොමැතිව මනස

විසින් කරනු ලබන නිර්මාණයකි.

(මහාචාර්ය නලින් ද සිල්වා)

Sunday, January 25, 2009

හරියට කොපි කරමුද?


පසුගිය කාලයේ බ්ලොග් අඩවි කිහිපයක පලවු වටිනා ජායාරුප කිහිපයක් මට වෙනත් වෙබ් අඩවියක් තුලදි දැකගන්න ලැබුණා. එමෙන්ම සමහරක් එම ජායාරුප විද්යුත් පණිවිඩ ලෙසද මට ලැබි තිබුණා.මේ කිසිම තැනකදි එම ජායාරුපය ලබාගත්තේ කොතනින්ද යන්න සදහන් කර තිබුනේ නැ.එය එම ජායාරුපයේ මුල් හිමිකරුවාට දක්වන අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ.හැකි හා සුදුසු සැම අවස්තාවකදිම අප ජායාරුප හෝ වෙනත් තොරතුරු ලබාගත් මුලාශ්‍රයන්ද ඒවා සමගම දක්වන්නේනම් සුදුසුවේ.

සාමානයෙන් පර්යේශන වාර්තා වැනි වැදගත් ලිපි ගොනු වලදිනම් එම වාර්තාව සැකසිමට අධයනය කල වෙනත් මුලාශ්‍ර වාර්තාවේ අවසානයට දක්වයි. එලෙසම බ්ලොග් අඩවියක පලකරන ලිපියක් තුල පොතකින්,වෙබ් අඩවියකින් හෝ වෙනත් මාධයකින් උපුටාගන්න ලද තොරතුරු ඇතුලත්වේනම් එම තොරතුරු උපුටා ගත් මුලාශ්‍රයයන් ලිපියේ අවසානයට දැක්විම ඒ ගැන වැඩි තොරතුරු සොයායැමට රුචි පාඨකයන්ට රුකුලකි. බ්ලොග් නිර්මානයක් තුල ඇති යම් කාරනාවකට සම්බන්ධ හෝ එම නිර්මානය සදහා තොරතුරු උකහාගත් වෙනත් වෙබ් අඩවියක් ඇතිනම්, එතනම එම වෙබ් අඩවියට ලගාවිය හැකි ලෙස සම්බන්ධතාවයක් (Hyper link)ලබා දිමද කල හැකිවේ. දැනට සින්හලෙන් මුලාශ්‍ර සදහන් කිරිමේ පිලිගත් ක්‍රමයක් පවතින්නේද යන්න මා නොදනිමි. කලකට පෙර මා විසින් සින්හල පොත් කිහිපයක් ගෙන එය පරික්ශාකල නමුත් එවායේ මුලාශ්‍ර සටහන් කර තිබුණේ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන්ටය.

මුලාශ්‍ර සදහන් කිරිමට භාවිතාකරන එක් ක්‍රමවේදයක් වන්නේ හාර්වර්ඩ් රෙෆරන්සින් ක්‍රමයයි.එම ක්‍රමය ආශ්‍රයෙන් සැකසු මුලාශ්‍රයන් දැක්විය හැකි ආකාරයන් පහත දක්වා ඇත.

1) පොත්

එක් කර්තෘ කෙනෙකු පමණක් ඇත්විට,

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· · මුද්‍රිත වර්ශය වරහන් තුල <නැවතිමේ තිත >

· පොතේ නම ඇල අකුරු වලින් (නැවතිමේ තිත )

· ප්‍රකාශයට පත්කල ස්ථානය (: )

· ප්‍රකාශකයා(නැවතිමේ තිත )

උදා: නලින් ද සිල්වා.(1998). අපේ ගම.කොලඹ:ගුණසේන ප්‍රකාශකයෝ.

කර්තෘන් කිහිප දෙනෙකු ඇතිවිට,

උදා: කමල් ද සිල්වා, අරුණ පතිරණ සහ පියල් ගජනායක. (1998). කෘශිකර්මයේ නව ප්‍රවනතා.කොලඹ:ගුණසේන ප්‍රකාශකයෝ.

2) සගරා

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· · මුද්‍රිත වර්ශය වරහන් තුල <නැවතිමේ තිත >

· ලිපියේ නම <නැවතිමේ තිත >

· සගරාවේ නම ඇල අකුරු වලින් <කොමාව>

· වෙලුම් අන්කය හා කොටස් අන්කය වරහන් තුල

· පිටු අන්කය "පිටුව" හා තිත සමග/පිටු අන්ක පරාසයක් ලෙස "පිටු" හා තිත සමග

උදා: උදා: දයාරෝහණ අතුකෝරාල.(2008).අපේ රට ශ්‍රි ලන්කාවයි.සම්පත, 30(3)පිටු. 30-35.

3) අන්තර්ජාලයේ වෙබ් අඩවියක

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· පිටුවේ නම ඇල අකුරු වලින් < නැවතිමේ තිත >

· අන්තර්ජාල ලිපිනය (:)

· වෙබ් අඩවියේ සම්පුර්ණ ලිපිනය

· කොටු වරහනක් විවෘත කරන්න

· ප්‍රවේශවු දිනය (:)

· වසර , මාසය ,දිනය

· කොටු වරහන වසන්න

උදා: දිලාන් ද සිල්වා. අපි වවමු කටාර් නගමු. අන්තර්ජාල ලිපිනය: http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 10]

* ලේඛකයාගේ නම නොමැතිනම් පලමුව වෙබ් පිටුවේ නම ඇල අකුරු වලින් සදහන් කල හැකිය.

උදා: අපි වවමු කටාර් නගමු. අන්තර්ජාල ලිපිනය: http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 10]

මුලාශ්‍ර:

1) Harvard Referencing. අන්තර්ජාල ලිපිනය: http://essential.tbs.bcu.ac.uk/harvard.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 22]

Tuesday, January 13, 2009

අපි වවමු කටාර් නගමු


පසුගියදා අමාතය රෝහිත බෝගොල්ලාගම මහතා කටාර්හි නිල සන්චාරයක නිරත විය.මෙම සන්චාරයේ අරමුනු වුනේ ශ්‍රි ලන්කාව තුල ආයෝජන අවස්ථා පුලුල් කිරිමත් සන්චාරක කර්මාන්ත ප්‍රචලිත කිරිම හා කම්කරු හා රැකි රක්ෂා පිලිගද ගැටලු සාගචිජා කිරිමත්ය. එහිදි අමාතයවරයා විසින් ශ්‍රි ලන්කාව තුල කෘශිකාර්මික කටයුතු සදහා කටාර් රජය වෙත ඉඩම් ලබාදිමට කැමැත්ත පල කර තිබෙනවා. අමාතයවරයා පවසා ඇත්තේ ශ්‍රි ලන්කාව තුල වැඩිපුර ඉඩම් හා හොද කාලගුනයක් පවතින බවත් එම සම්පත් කටාර් සමග හුවමාරු කරගැනිමට කැමති බවත්ය.තවදුරටත් ඔහු පවසා ඇත්තේ ඒ සදහා හවුල් ගිවිසුමකට (Joint venture) කැමති බවත්ය.

ශ්‍රි ලන්කාව වටා ඇත්තේ මහ මුහුදය, එහෙත් අප පිටරටින් මාලු ආනයනය කරමු. රටතුල ගොවි තැනට අවශය තරම් සම්පත් තිබුනත් අප සහල් ආනයනය කරමු. එම හේතුන් නිසා ලන්කාවේ ඇත්තේ රින වෙලද ශේෂයකි.එයින් ගොඩ යැමට අපට අවශයතාවයක් නැතිද?

අප සතු සම්පත් වලින් අපටම කෘශිකාර්මික නිශ්පාදන බිහිකර අපනයනය කිරිමට හැකියාව පවතිද්දි විදේශ රටක් එයට ඇදාගන්නේ ඇයි?සාමානයෙන් හවුල් ගිවිසුම්(Joint Venture ) මගින් යම් වයාපෘතියක් ආරම්භකිරිමට සිදුවන්නේ එක් පාර්ශවයකට එය තනිවම කල නොහැකි නිසාය. කෘශිකර්මාන්තය ගත්කල එයට අවශය මානව(ශ්‍රම,බුද්ධි ) සම්පත් මෙන්ම භුමියද පවතින්නේ කටාර් වල නොව අප සතුවය. එමෙන්ම කෘශිකාර්මික වැඩපිලිවෙලකට අවශය මුදල් රටට නැති බව කිව නොහැකිය. කටාර් සතුව ඇත්තේ මුදල් පමනකි.එහෙයින් අප ඔවුන් සමග ගිවිසුමකට යැමෙන් සිදුවන්නේ අපට ලැබිය යුතු විශාල ප්‍රතිලාභයක් නැතිවිමක්ය.

තවද එම ගීවිසුමට අනුව දැනට අප කටාර් වෙත අපනයනය කරන භෝග නිශ්පාදනය කලහොත් ඒ නිසා අපගේ අපනයන වලින් ලබන ආදායම අඩුවි, රින වෙලද ශේෂය තවත් වැඩිවිය හැක.

මුදල් නොමැතිනම් කලයුතු වන්නේ ඔවුන්ගෙන් ණය මුදලක් ලබාගැනිමයි. ඒ සදහා ඔවුන්ට අප ඒ මුදල් යොදා අරබන වයාපෘතිවලින් ලැබෙන ඵලදාව යම් සිමිත කාලයක් නොමිලේ ලබාදිමන් වුවද ගෙවිය හැකිය.(BOOT .මිලදි ගැනිමේ ක්‍රමයේ මෙන්)

මහින්ද චින්තනයේ ඇති එක් වැදගත් අන්ශයක් වන්නේ කෘශිකර්මාන්තය නගාසිටුවිමයි. අපි වවමු රට නගමු තේමාව යටතේ ඒ සදහා ගෙන ගිය වැඩපිලිවෙල ප්‍රසන්ශනියවේ. අප සතු ඉඩම් අස්වද්දන්නේ නැතිව පිට රැටියන්ට ලබාදිම එම චින්තනයට එකග නොවේ. එය එසේ වුවහොත් එය හැදින්විය හැක්කේ අපි වවමු කටාර් නගමු යන තේමාවෙන්ය.

විදේශ ආයෝජකයින් ලන්කාවට ගෙන්විය යුත්තේ අපට තනිවම කලහැකි වයාපෘතින් ආරම්භකිරිමට නොව අපට කල නොහැකි දේ කිරිමටයි. මැතකදි බණ්ඩාරගම ප්‍රදේශයේ ආරම්භකල විදුලි මනු නිපදවිමේ කර්මාන්ත ශාලාව එයට හොද නිදසුනකි.

අප කලයුතුවන්නේ අප සතු වගාකල හැකි ඉඩම් අස්වද්දා ඵලදාව අපනයනය කිර එහි සම්පුර්ණ වාසිය අප ලබාගැන්ම මිස එයින් කොටසක් විදේශයකට ලබා දිම නොවෙයි.

BOOT (Build Own Operate Transfer)

මෙම මිලදි ගැනිමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ යම් කිසි වයාපෘතියක්(උදා:විදුලි බලාගාරයක් ඉදිකිරිම ) ආරම්භ කිරිම සදහා රජයට මුදල් නොමැති අවස්තාවන්හිදිය.එවැනි අවස්තාවලදි රජය පෞද්ගලික සමාගමක් හෝ වෙනත් ආයතනයක් සමග ගිවිසුමකට එලබේ.ගිවිසුම අනුව එම පෞද්ගලික සමාගම අදාල වයාපෘතිය නිමකිරිමෙන්(Build) පසුව ඔවුන්ට එහි අයිතිය (Own) හිමිවේ. එමෙන්ම ඔවුන් එය ක්‍රියාත්මය කලයුතුය(Operate ) එම කාලයතුලදි ඔවුන් සිය වියදම් හා සධාරණ ලාභයක් ලබාගනි. අනතුරුව ගිවිසගත් කාලයක් අවසානයේදි එහි අයිතිය නැවත රජය වෙත පැවරේ(Transfer)