Wednesday, January 7, 2009

සුන්දරිය

මැතකදි බ්ලොග් කිහිපයක පලකර තිබු එක් සමාජ යථාර්තයක් නෙත ගැටිම මෙම සටහනට හේතුවුනා.එම සටහන් සියල්ලෙන්ම කියවුනේ ගණිකාව යන යන සමාජ අන්ගයහි බොහෝ දෙනා කතානොකරන පැත්තකය.

මෙන්න එම සටහන් :
ඇයද පටාචාරාවකි..
අහිංසකාවිය (චම්පු කාව්‍යය)
අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ළඳුනේ...


අප කිසිම දිනක දොස්තර කෙනෙකු ,ඉන්ජිනේරුවෙක් ඉපදුනු බව අසා නැත. ඉපදෙනවිට අප සියල්ලෝම එක සමානවේ. එහෙත් පසුව විවිධාකාර හෙතුන් මත අප විවිධ පැතිවලට යොමුවේ.අප සියල්ලොම වැදගත් යැයි සම්මත රැකියාවක් කිරිමට කැමැත්තෙන් පසුවෙමු.එහෙත් අපෙන් සමහරෙකුට අකමැත්තෙන් වුවද පහත් යැයි සම්මත නිති විරෝධි රැකියාසදහා යොමුවෙයි.ඔවුන්ගෙන් සමහරෙකු එසේ යොමුවන්නේ වෙනත් අයගේ වරදිනි, නැතහොත් ජිවත් විමට වෙන මගක් නොමැති විම නිසාය.නමුත් බොහෝවිට විවේචනය වන්නේ, දඩුවම් ලබන්නේ, අපහාස ලබන්නේ ඔවුන් පමනකි, ඔවුන්ව එම තත්වයට පත්කල අය යහතින් වැජබේ
පාතාලයන් සිරගේ ලගිද්දි පාතාලයන් බිහිකල දෙශපාලනයන් රජ මැදුරුවල රජකරයි.වෙඩි පහරකින් සැමියා අහිමි කලවුන්, ඇය පාපි ජිවිතයකින් දරුවන් වැඩුමට වෙරදරනවිට ඇයට සිනාසෙයි.

මේ එවන් අම්මා කෙනෙකු ගැන මම අකුරු කල සිතුවිල්ලක්.(මෙය ඉරිදා ලන්කාදිප පුවත්පතේ පසුගිය කලාපයක පලවිය)

ජිප් රියේ ඉදිරියෙන්
එක් නිල දැරුවෙක්
තරු දෙකක් දෙඋරහිස
දිදුලන දහවලට
පිටුපස ගැහැනියක
මැදි වු යදම් වලට
දෙ අත්
පා පහර එල්ලවු
යටි බඩට හෙලුවා ඈ
කලු බුට් යුගල මත
කිවා කවුරුන්ද පිට එකෙක්
ගැහැනියගෙන්, තවෙකෙකුට
"මැ සුන්දරියක් රැ"
ඇතුලේ හිටියේ ඇ පමණයි
කවදත් එදා මෙන්
කිවා ඇ මහ සද්දෙන්
මමත් තව
එක් අම්මා කෙනෙක්
දරුවන් වැඩුමට
වෙර ගන්න අනෙක්
අම්මලා මෙන්
එත් එය
ඇසුනේ ඇට
විතරයි

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.