Monday, December 29, 2008

සරසවි මිතුරෝ 2007

2007 වසරේ දිග හැරුම…

2007 වසරේ සරසවි මිතුරෝ පලමු වැඩසටහන වුනේ උසස් පෙලට පිවිසෙන සිසුන්ට උසස් පෙල පිලිබදව දැනුවත් කෙරෙන වැඩසටහනයි. එය ක්රියාත්මක වුනේ සන්ගමයේ ලේකම් නුවන්ගේ අදහසකට අනුවයි. අපි ඒ සදහා සම්මන්ත්රණයකුත්, සිසුන්ට පොත් පින්චක් ලබා දෙන්නත් සැලසුම් කලා.පොත අප විසින් ගුරුවරුන්ගේ අනුශාසකත්වයෙන් යුතුව පිලියෙල කරන්න කටයුතුකලා.
ගණිත, ජිව විදයා, වාණිජ හා කලා අන්ශ සදහා එක් අන්ශයකට සාමාජ්කයින් දෙදෙනා බැගිනුත් පත් කරන අතරම එක් ගුරුවරයෙකුත් පත් කලේ හොද මග පෙන්විමක් ලබා ගැනිමේ අදහසින්.

අප විසින් ඒ ඒ විශයයන් යටතේ
• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• විශ්ව විදයාල උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

යන කොටස් යටතේ විස්තර කරනු ලැබුවා.ඉට අමතරව
• ඉංග්රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
යන කොටස්ද පොතට ඇතුලත් කලා.

අපිට මේ පොත මුද්රිලත කෘතියක් ලෙස ලබා දෙන්න අත්වැලක් වුනේ අමිත් පුස්සැල්ල ගුරු පියාණන්. 2007 වසරේ සාමානය පෙළ ප්රතිඵල නිකුත් වෙලා දින තුනකට පසුව අපි උසස් පෙළට පිවිසුමක් සම්මන්ත්රණයේදි මේ උසස්පෙළට පිවිසුමක් පොත් පින්ච සිසුන්ට ලබා දුන්නා. සම්මන්ත්රණයේදි එක් එක් අන්ශ ප්රධානින් විසින් පොත් පින්චේ සදහන් කොටස් යටතේම, කරුණු සාගජ්චා කරනු ලැබුවා.

ඉට අමතරව
තෝරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
ඉංග්රි්සි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
යන කොටස් දෙක මා විසින් පැහැදිලි කලා.

ඔය දවසෙම තමයි මගේ උපාධි නිබන්දනයේ මුලික කොටස (Synopsis submission) භාරදෙන්න තිබුනේ.ආතතිය කියන වචනේ තේරිම හොදටම තෙරෙන්නේ ඔය වගේ අවස්තාවලදි තමයි.කොහොමහරි වැඩේ හොදට කෙරිච්ච එක ගැන නම් සතුටුයි.

ඒ සමගම සුභ පැතුම්පතේ වැඩෙත් අපි පටන් ගතතා. සුභ පැතුම්පත තමයි අපි සන්ගමයේ අරමුදල තරකරන්න තෝරාගත්ත වයාපෘතිය. බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහාවිහාරයේ චෙතයය තමයි අපේ වෙසක් සුභ පැතුම්පත සදහා තෝරාගත්තේ.













ඊ ඉලගට කරන්න තිබිනෙ අපේ වැදගත්ම වැඩේ, ඒ තමයි සරසවි සිසු ප්රභණාම උලෙල.
මෙවර අපි අලුත් අන්ගයක් එකතු කලා.ඒ "දක්ශතා දැක්වු උසස් පෙළ සිසුන් ඇගයිම" නමින් උසස් පෙල පන්තිවල පසුගිය වාර විභාගවලින් වැඩි ලකුණු ලබාගත් සිසු සිසුවියන් ඇගයිමයි.උලෙළ සදහා ප්රදාන අරාධිත අමුත්තිය ලෙස පාසලේ ආදි ශිශයා , ජයවර්ධනපුර විශ්ව විදයාලයේ කතිකාචාර්ය රුපිකා සේනාධිර මහත්මියට ආරාධනා කලා.මෙවර"විභාග සමත්විමේ මග" සදහා දායකත්වය ලබාදුන්නේ වෙදය රත්නසිරි බන්ඩාර මහත්මා.අපි මුද්‍රණය කල සමරු කලාපයෙන් ලද අදායම වැඩසටහනේ සාර්ථකත්වයට මනා පිටුවහලක් වුනා.




ඒ වැඩෙත් ඉවරයි. 2007 වසරට කරන්න සැලසුම් කරපු සියලු දේ සාර්ථකව නිම කලා.
බලමු අරමුනු ටික ඉටු කලාද කියලා.

ගුරුවරුන්, ආදි ශිෂය සංගමය, සුභ පතන්නන්ගේ සංගමය, ඇතුලු සියලු සංගම් හා වත්මන් ශිෂය පරපුර සමග සහයෝගයෙන් පාසලේ දියුණුවට කටයුතු කිරිම - ඔවු.

සරසවි ප්රවේශ ලබන සිසු සිසුවියන් ඇගයිම - ඔවු, සරසවි සිසු ප්රසණාම තුලින් එය ඉටු කලා.

දැනට පාසලේඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අදයාපන කටයුතු සදහා උපකාර කිරිම - ඔවු, උසස්පෙළට පිවිසුමක් පොත් හා සම්මන්ත්රසණය හා විභාග සමත් විමේ මග වැඩමුලුව තුලීන්

සාමාජිකයන් අතර සුහදතාවා ඇති කිරිම හා ඔවුන්ගේ සුබසාදනයට කටයුතු කිරිම - මගේ කාල සිමාව තුලදි නම් කරගන්න බැරි විනා. එය ඉදිරියෙදි සිදුවේවි කියා සිතනවා.


කුශාන්, ටෙනිශා, සුදිර,නුවන්, සුරන්ග, ජානක,මහේශ්, චමිලානි, ඉනෝකා, සජිත ඇතුලු අනෙකුත් සොයුරු සොයුරියන්ගෙනුත් විදුහල්පතිතුමා, විල්සන්ට් ගුරුපියාණන් ඇතුලු පාසැලෙනුත් අමිත් පුස්සැල්ල ගුරු පියාණන්ගෙනුත් ලැබුනු සහයෝගය නිසා තමයි අපිට ඒ ගමන යන්න පුලුවන් වුනේ.

මේ ගැන සටහනකට ඇතුලත් කලේ මෙය කියවිම තවත් එවැනිම සන්ගමයක් බිහිවිමට පදනම වේවි යැයි සිතුනු නිසයි.
එය එසේ වන්නේ නම් දන්වන්න. මගේ උපරිම සහයෝගය ලබා දෙනවා.


නිමි

1 comment:

  1. උසස් පෙළට පිවිසුමක් කෘතියෙන් අපි එ ඒ අංශයන්ගෙන් උසස් පෙළ හදාරා පිවිසිය හැකි උපාධි පාඨමාලා පිලිබදව සාගච්ජා කලේ, විශයන් තෝරාගැනිමේදි සමහර සිසුන්ට එ විශයන් හදාරා පිවිසිය හැකි උපාධි පාඨමාලා පිලිබදව අවබෝධයක් නොමැති බව දන්නා නිසායි.එය මනාව ඔප්පු වන නිදසුනක් තමයි මේ.
    -----------

    උසස්‌ පෙළ කලා අංශයේ ප්‍රථමයාට සරසවි වරම් අහිමි වෙයි

    නිලන්ත මදුරාවල

    පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සචින්තනී කෞෂල්‍යා ශිෂ්‍යාවට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වීම නිසා මෙවර (2012) යළි විභාගයට පෙනී සිටියි.

    එම විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා සිසුවිය අපේක්‍ෂාවෙන් සිටි නමුත් ඇය පෙනී සිටි භූගෝල විද්‍යාව, චිත්‍ර හා සිවිල් තාක්‍ෂණය යන විෂය සංකලනය අනුව එම පාඨමාලාව හැදැරීම සඳහා ඇතුළත්වීමට නොහැකි වී ඇත.

    සිංහල, සංස්‌කෘත හා පාලි වැනි විෂයයන්ගෙන් උසස්‌ පෙළට පෙනී සිටි සිසුන්ට පවා ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුවත් එම පාඨමාලාවට සමීප විෂය ක්‍ෂේත්‍රයක්‌ වන සිවිල් තාක්‍ෂණය හැදැරුවකුට ඒ සඳහා ඇතුළත් වීමට නොහැකි වී ඇතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු යෑයිද සිසුවිය විභාගයට පෙනී සිටි සිවිල් තාක්‍ෂණ විෂය ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටීම සඳහා සුදුසුකමක්‌ නොමැති බවද කී දිසානායක මහතා විවිධ පාඨමාලාවලට ඇතුළත් කර ගැනීම සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණයන්ට පෙනී සිටීමට සිදුවීම සිසුන්ට හිසරදයක්‌ මෙන්ම අසාධාරණයක්‌ බවද කීවේය.

    (http://www.divaina.com/2012/05/16/news22.html)

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.