Tuesday, December 16, 2008

නමක් ගැන යමක්

“හේවාගම් කෝරලයේ පදිංවි පනික්කිරාලලාගේ කුසුමාවති වන මම මෙතැන් පටන් මුදියාන්සේලාගේ කෞශලයා ලෙස භාවිතාකරන බව ජනතාවට මෙයින් දැනුම් දෙමි.”

ඉහතින් දැක්වුයේ වර්තමානයේ පුවත්වත් වල පලවන එක්තරා ආකාරයේ දැන්විමකි. මෙහි අරමුණ දැනට භාවිතාකරන සිය නම වෙනස් කරගත්බව ප්රසිද්ද කිරිමයි. යමෙකු තමන් උපදින විටම තම දෙමාපියන් දමන නම වෙනස්කිරිමට පෙලබෙන්නේ ඇයි. මෙහිදි මා සිතන පරිදි කරණා දෙකක් බලපායි. එකක් තමන් භාවිතාකරන නම අවලස්සන, නොගැලපේ යැයි ඇති හැගිමයි. අනෙක පෙලපත් නාමයෙන් තමන් අඩු පෙලපතකට හෝ කුලයකට අයත් බව නිරුපනය විමයි.මේ කාරණා දෙකටම නැතිව නම් වෙනස් කරන අයද ඇත, ඒ සක්විති වැනි මිනිසුන් රැවටිමට නම් වෙනස් කරනවුන්ය.

පුද්ගල නාමයක් වනාහි ඔනැම අයෙකුව වෙන්කර හදුනාගත හැකි දෙයකි. ඉහත උදාහරණයයේ එන කුසුමාවති යන අය දන්නා අයෙකුට එම නම ඇති පුද්ගලයා ගැන මැවෙන රුපය “ලස්සන රුපයන් ඇති, නුගත්, කාන්තාවක්” යන්න විය හැක. එය ඇය කුසුමාවති ලෙස ආමන්තණය කලද කෞශලයා ලෙස ආමන්තණය කලද වෙනස් නොවනු ඇත. ඔනැම අයෙකු ලොව ඇති වචන අතුරින්වඩාත්ම කැමති වචනය තම නම විය යුතුය. එහෙත් තමන්ගේ නමට, තමන්ට අවශයය නමක් යොදා ගැනිමේ අවස්ථාව අපට අහිමිවන්නේ එය සිදුවන්නේ අප “අ” කියවිමටත් පෙර සිට නිසාය. තමන් ගේ නම අවලස්සන හෝ කාලයට, දේශයට නොගැලපේ යැයි ආකල්පයක් නිසා තම නමට අකමැති අයෙකු, ඒ නම වෙනුවට තමන් රුචි නමක් යොදාගැනිමේ වරදක් දැකිය නොහැක.

පුරාණයේ රජවරුන් විසින් විවිද නම්බුනාම, තනතුරු ලබාදිම නිසා හා වෙනත් වරප්රසාද මත සමහරුන්ගේ පෙලපත් නාමයන් සකස්වි ඇත. මෙහිදි උසස් තනතුරු දැරු අය ඉහල පෙලපත් වලට අයත් යැයිද පහල තනතුරු දැරු අය පහල පෙලපත් වලට අයත් යැයිද සැලකිනි. වර්තමාන ලංකාවේ මේ කුලපරතරය නැතිවෙමින් පවතියි. ඒහෙත් ඒ පිලිබදව තකන අය තවමත් සිටිනා බවට එක් සාදකයකි, ඉහත ආකාරයේ දැන්විම්.

මිනිසෙකුගේ උස් පහත් බව තිරණයවිය යුත්තේ ඔහුගේ උගත්කම,හැදියාව අනුව මිස කුලය අනුව නොවිය යුතුය. එහෙත් විවාහයන් වැනි වැදගත් කටයුතුවලදි පවා සමහර බුද්දිමත් නොවු ඇති වැඩිහිටියන් ඒගැන තැකිම කණගාටුවට කරුණකි. ස්ත්රි, පුරුශ ලෙස බෙදිම් බෙදි, අනතුරුව ජාති, ආගම් ලෙස බෙදුනු මිනිස් සමාජයේ තවත් එක් බෙදිමකි මෙම කුල වාදය. තමා අනෙකාට වඩා උසස් යැයි කියාගන්නට උත්සාහ කරන අන්ද මිනිසුන් ඒ ගැන තැකුවද , බුද්දිමත් අප එවැනි එවැනි පටු චින්තනයන්ට අනුගත නොවිය යුතුය.බුද්දිමත් දෙමවුපියන්ද සිය දරුවන්ගේ සිත්තුලට මෙවැනි අදහස් නොදැමිය යුතුය. යමෙකු සිය නම පහත් යැයි සිතා නම වෙනස් කරන්නේනම්, ඔහු හිනමානයන් පෙලෙන්නෙකු විය යුතුය.

1 comment:

  1. මමත් බොහෝ වෙලාවට දැකලා තියන මේ වගේ දැන්වීම්.. ඒවා බැලුවම පේනවා බොහෝ දුරට නමේ වාසගම වෙනස් කරලා හෝ නව කාලෙට ගැලපෙන විදියට ‍නම වෙනස් කරලා කියලා.. වෙලාවකට හිනාත් යනවා.. කොහොම උනත් ඒ ඒ අයගේ කැමැත්තනේ...

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.