Monday, December 22, 2008

ඔබේ පාසල කුමක්ද?

මම කැම්පස් ගිය පලවෙනි දවසේදිම අපේ කණ්ඩායමේ රැස්විමක් (Batch meeting) තිබුණා. ඒකේදි බැච් එකේ අය නම, පාසල, ගම හා පවුලේ විස්තර කියලා තමන්ව ඔක්කොටම හදුන්වලා දුන්නා. මගේ වාරය එනවිට මට පොඩි ප්රශ්නයක් මතුවුනා මගේ පාසල ලෙස හදුන්වලා දෙන්නේ මොකද්ද කියලා. මොකද මම පාසල් කිහිපයක් ඉගෙනගෙන තිබුන නිසා.

මට කලින් තමන්ව හදුන්වලා දුන්න අය පාසල ලෙස එක් පාසලක නමක් කියුව නිසා මටත් එක් පාසලක නමක් කියන්න හිතුනත්, පස්සේ මට හිතුනා පාසැල් දෙකේම නම් කියන්න. ඉතින් මම මගේ වාරයේදි මගේ පාසැල් ලෙස බෝමිරිය මදය මහා විදයාලය හා ශාන්ත බෙනඩික්ට් විදයාලය ලෙස හදුන්වලා දුන්නා. ඒ හදුන්වාදිමේදි කොලඹ ජනප්රිය පාසැල්වල අදයාපනය ලබලා පැමිණි අයත් හිටියා බව පැහැදිලිවුනා. ටික කාලයකට පස්සේ මට පෙනිගිය දෙයක් තමයි අර කොලඹ ජනප්රිය පාසැල් වලින් පැමිණි සමහරක් හිතවතුන් ඒ පාසැල්වල ඉගෙනුම ලබලා තියෙන්නේ වසර දෙකක වගේ කාලයක් කියන කාරණාව. මා දන්නා උසස් පෙළ සදහා කොලඹ ජනප්රිය පාසල්වලට ඇතුලත්වු බොහෝ හිතවතුන් මේ ගණයට ඇතුලත් වෙනවා. ඒඅය පාසැල් ජිවිතයේ වැඩිකාලයක් ඉගෙනුම ලබලා තියෙන්නේ එතරම් ජනප්රිය නොවු ගමේ පාසලේ. සාමානය පෙල හොදින් සමත් වෙලා තමයි අර ජනප්රිය පාසලට ඇතුලත් වෙලාතිබෙන්නේ. එත් ඔවුන් තමන්ගේ පාසලලෙස බොහෝ විට හදුන්වාදෙන්නේ අර ජනප්රිය පාසලයි. ඔවුන්ගේ බුද්දි වර්දනය, පෞරුෂ වර්දනයට වැඩි දායකත්වයක් දක්වන වසර හයක් පමණ ඉගෙනුම ලැබු පාසල පැත්තකට දමා කෙටි කලක් අදයාපනය ලැබු පාසල පමණක් ඉදිරියට දමනවා. තමන්ට ක්රිඩාවෙන් ඉදිරියට එමට මග පෙන්වු ගමේ පාසලේ වාර්ශික නිවසාන්තර තරගය නැරබිමට නොයතත් ජනප්රිය පාසලේ බිග් මැච් වැනි තරග නැරබිමට යන්නේත් ඒ පිලිබදව අන් අය හා දෝඩන්නේත් මහත්වු රුචියකිනි.

එමෙන්ම ආදිශිෂය සංගම්වලට බැදිමේදි සමහරුන් සම්බන්දවන්නේ අර ජනප්රිය පාසලේ ආදිශිෂය සංගමයට පමණයි. එමන්ම ඔවුන් සමාජයේ ඉහලට එමට දායකත්වය දැක්වු ගමේ පාසලට ඔවුන්ගෙන් ඉටුවියයුතු යුතුකම් ඉටු කරන්නේ නැ.ඒවෙනුවට සම්පත් බහුලව ඇති, ශක්තිමත් පදනමක් ඇති ජනප්රිය පාසලේ දියුණුවට පමණක් දායකවෙයි.
කොලඹ ජනප්රිය පාසල් වලට ශිෂයත්ව විභාගයෙන් හා සාමානය පෙල විභාගයෙන් සමත්වෙන දක්ශයින් එකරාශිවේ. එමෙන්ම භෳතික හා මානව සම්පත් වලින්ද එම පාසැල්වලට අඩුවක් නැත. එම නිසා ඒපාසැල් වලින් පිටවන අය සමාජයේ ඉහල මට්ටමේ රැකියාවල නිරතවේ. එම නිසා තමන් එම ජනප්රිය පාසලේ අදයාපනය ලැබු බව ආඩම්බරයෙන් පැවසිමේ වරදක් නැතද වරද ඇත්තේ එය තුලින් තමන්ගේ අභිවෘද්දිය සදහා වැඩි දායකත්වයක් දැක්වු පාසල යටපත් කරන්නේ නම්ය. එම නිසා එසේ උසස් පෙළ සදහා ජනප්රිය පාසැල්වලට ගමේ පාසලේසිට ගිය හිතවතුන් හැකි සැම විටම ඒ ජනප්රිය පාසලේ නම සමග ගමේ පාසලේ නමද සදහන් කරමින් ඒ අදාල ගෞරවය ලබාදෙන්නේ නම් උච්තවේ.
හුගක් දෙමවුපියන් තමන්ගේ දරුවාව ජනප්රිය පාසලකට ඇතුලත් කිරිමට කැමැත්තක් දක්වනවා. වර්තමානයේ ඇති නිති අනුව පාසැල්වලට සිසුන් ඇතුළත් කිරිමේදි ආදිශිෂයන්ට විශේෂත්වයක් හිමිවෙනවා. ජනප්රිය පාසලක ඉගෙනුම ලැබු සමහර අය එම පාසලේ ආදිශිෂය සංගම්වලට බැදි සේවය කරන්නේ තමන්ගේ දරුවාව එම පාසලට දැමිමේ යටි අරමුණ ඇතිවයි. ඒ සමගම තමන්ට හැකි පමණ තමන් අදයාපනය ලැබු ගමේ පාසලටද තම යුතුකම් ඉටු කරන්නනේනම් එය ඔබ යුතුකම් අමතක නොකරන හොද පුරවැසියෙකු රටට බිහි කිරිමේ ගෞරවය ඔබ ඉගෙනුම ලැබු පාසැල් වලට ලබාදිමකි. එමෙන්ම එය ඔබ ජිවිත්වන සමාජය ඔබව වැදගත් සාමාජිකයෙකු ලෙස සැලකිමටද හේතුවේ.
ඔබ වෛදය, ඉංජිනේරු හෝ ප්රමාණ සමික්ශක වැනි වෘත්තිකයෙක්ද? නැතහොත් පෞද්ගලික හෝ රාජය අංශයේ සේවය කරන අයෙක්ද? එසේත් නැතිනම් සරසවි ශිෂයෙක්ද?

වෘත්තිකයෙක්, සරසවි ශිෂයෙක් හෝ වෙනත් රැකියාවක නියුක්ත වුවෙකු ලෙස ඔබ, ඉගෙනුම ලැබු පාසැල් වලට ඔබෙන් ඉටුවිය යුතුකම් ඉටුකර ඇතිද?

4 comments:

  1. ekane kiyanne campus eke inne alayo kiala.

    ReplyDelete
  2. ඉහත ආකාරයේ අය ඈත්තේ සරසවියේදි පමනක් නොව ඔවුන් බාහිර සමාජයේද ඇත.එමෙන්ම එය පාසලේ නම කිමටම සිමා නොවේ.තමා ඉහල තෑනකට ගිය පසු ඒ තෑනට එමට උදවු අය අමතක කරන්නවුන්ද මේ ගනයට අයත් වේ.

    සරසවියක එක් කන්ඩායමක සිටින අතලොස්සක නිසා සමස්ත සරසවියම එම ගොඩට ඈද දමන්නේ ඇයි? ඉහත ලිපියේ සදහන් මුල අමතක නොකරන අය(ඔබට අනුව අලයන් නොවන්නන්)ගෑන කතානොකර අනෙකුත් අය(ඔබට අනුව අලයන්)ගෑන කතාකරන්නේ ඇයි? සරසවියට යා නොහෑකිවිම නිසා හෝ වෙනත් හේතු නිසා අසාධාරන හේතු මත සරසවිය විවේචනය කිරිමට නොපෙලබෙන්න.

    ReplyDelete
  3. මමත් බොහෝ විට ඒ අයව දැකලා තියනවා.. මම නම් පළමු අවුරුදු 11 ම ඉගන ගත්තේ එකම පාසලක ඒ නිසා මම පාසල අහපු ගමන් කියන්නේ ඒ පාසලේ නම.. ‍අවසන් වසර දෙක මම ඉගන ගත්ත පාසල සමග මගේ තියෙන බැදීම ඉතාම අල්පයි

    ReplyDelete
  4. ඔය දේ මමත් කරනවා. ඒත් මම අවුරුදු 2ක් ඉගෙන ගත්ත ඒ ජනප්‍රිය පාසල මගේ පාසල හැටියට කීම නිසා මේ දක්වා මට ලැබුණු දේ බොහොම යි. හැබැයි මං අවුරුදු 6ක් ඉගෙන ගත්තු පාසල අමතක කරලා නම් නෑ.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.