Sunday, July 9, 2017

අනුරාධපුරය චාරිකාව

දිනය : 2017 ජුනි 12
කණ්ඩායම: වැඩිහිටි 7, ලමා 3යි
නවාතැන්: අදාල නැත
ප්‍රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්
ක්‍රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹිම
කාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්
තොරතුරු ලබාගත් මාධ්‍යයන්: අන්තර්ජාලයේ විවිධ ලිපි,ටි.බි අරන්ගල්ල හා රුක්මණි අරන්ගල්ල ගේ සිරිලක සිරි චාරිකා කෘතිය. 
මාර්ගය: ගිරිතලේ> හබරණ>මරදන්කඩවල> අනුරාධපුරය> මිහින්තලේ 
නැරඹු ස්ථාන දැක්වෙන සිතියම්:





අනුරාධපුරය රාජධානිය 

 මහාවංසයට අනුව අනුරාධපුරය ප්‍රථම වරට ජනාවාස කරගෙන ග්‍රමයක් පිහිටවුයේ (ක්‍රි පූ. 6 සියවසේ) ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වු ආර්‍යයන් වන විජය කුමාරු ඇතළු පිරිසේ සිටි අනුරාධ නම් අයෙකු විසිනි.එම ග්‍රාමය (ක්‍රි පූ. 4 වන සියවසේ ) පණ්ඩුකාභය රජතුමන්  පුරයක් බවට පත් කරන ලදි. ක්‍රි පූ 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානිය ශ්‍රි ලංකවේ අගනුවර වශයෙන් පැවතුනි.

අනුරාධපුර වන්දනා ගමනකදි අනිවාර්‍යෙන්ම යන ස්ථාන නම්, අටමස්ථානයි.

අටමස්ථාන

1.1.    ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේ
1.2.    ලෝවාමහාපාය
1.3.    රැවන්වැලි සැය
1.4.    අභයගිරිය
1.5.    ථුපාරාමය
1.6.    ජේතවනාරාමය
1.7.    ලංකාරාමය
1.8.   මිරිසවැටිය


උදැසන 4.30ට පමණ ගිරිතලෙන් පිටත්වු අප උදැසන 6 වනවිට අපගේ ගමනේ මුලිකම අරමුණවු, ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේට කිරිපිඩු දානයක් පුජාකිරිම සදහා ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේ වෙත ලගාවුනා.නිවසින් පිලියෙල කරගෙන ආ දානය නිවසින්ම ගෙන ආ පාත්තරවල සකස්කර පුජා කලේ ගමනේ මුලිකම අරමුණ සාක්ශාත්  කරගනිමින්. ඉන් අනතුරුව ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිමට ගෙන ආ සිවුර පුජා කිරිමට, ඒ සදහා  බෝධින් වහන්සේගේ පිවිසුම් ගේට්ටුව අසල සිටින අයට දුන්විට, පදුරු සමග දෙන ලෙස ඔවුන් විසින් ඉල්ලා සිටිම නිසා, නැවත එය පඩුරු සමග ඔවුන්ට ලබා දිමට සිදු වුනා.

1.     ජය  ශ්‍රි මහා බෝධින් වහන්සේ

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 237ට පසුව එනම් ක්‍රි.පු. තුන්වන සියවසේදි දේවානම්පියතිස්ස රජ සමයේ, මිහිදු මාහිමියන්ගේ සොයුරියවු සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් විවිධ සමාජ ශ්‍රේණීන්ට අයත් වූ ශිල්පීන් රැසක්ද සමග, බුදුන් බුද්ධත්වයට පත්විමේදි පිටදුන් මහා බෝධියෙන් (පෙර ඇසතු වෘක්ෂය) ලබා ගත් දක්ෂිණ ශාඛාව භාරතයේ සිට මෙරටට වැඩම කරවනු ලැබිය.
පිරිනිවන් මංචකයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් කළ බව වංශකතාවල සඳහන් වේ. එයින් අධිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවවිම බොධින් වහන්සේගේ වැදගත්කම පිලිඹිබුවේ.

01. ධර්මාශෝක නරේන්ද්‍රයා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්නට කටයුතු යොදද්දී දක්ෂිණ ශාඛාව මහා බෝධියෙන් ඉබේම වෙන් වෙත්වා.
02 බෝධියෙන් මිදී රන් කටාරමේ පිහිටි දක්ෂිණ ශාඛාව ආකාශයට පැන නැඟී වලාවෙන් වැසී දින සතක් පවතීවා.
03. බෝධින් වහන්සේගේ පත්‍රයෙනුත්, බීජයෙනුත් සවනක් ඝණ බුදුරැස් විහිදේවා.


ශ්‍රි මහා බෝධින් වහන්සේ වටා පරිවාර බෝධීන් 41ක් හිඳුවා ඇති අතර මේවායින් තුනක් උඩ මළුවේ ද ඉතිරිවා ඊට පහළ මළුවේ ද ඇත.


වර්තමානයේ බෝධිය වටා ඇති ශෛලමය ප්‍රාකාරය ඉදිකරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය, එය එක් පැත්තකින් අඩි 330ක් ද අනික් පැත්තෙන් අඩි 274 ක් වන අතර උස අඩි 10කි. ඉහළ ම මළුවේ ඇත් පවුර හා ඇති රන් වැට 1969 දී මහනුවර ශ්‍රී මහා බෝධි ආරක්‌ෂක රන්වැට දායක සභාව විසින් කරවන ලද්දකි.

අතිතයේ බෞද්ධයෝ නිඳිමරා ගිනිමැල දල්වමින් බෝධිය වන සතුන්ගෙන් ආරක්ෂා කළහ. මේ සඳහා අවශ්‍යවු දර වර්ෂයකට සෑහෙන ප්‍රමානයක් රැස්කර ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත්හ. කල් යෑමේදී එම දිනය දරමිටි පෝයලෙසින් ද එම ක්‍රියාව දරමිටි පෙරහැර ලෙසින් ද හඳුන්වන්නට විය. 
2008 වසර වන විට අවුරුදු 2550 ක් ඉක්මවන බෝධින්වහන්සේගේ විශේෂිත චාරිත්ර විධි, රෝපණයෙන් සිට  අද දක්වා  ඒ සදහා  ඒ සදහා පත් කර ඇති අයවලුන් විසින් පවත්වාගෙන එනු ලැබේ.

2.     ලෝවාමහා ප්‍රාසාදය


ඉන් අනතුරුව අප ගියේ ආසන්නයේම තිබෙන ලෝවාමහාපාය වෙතයි.

දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා මෙසේ පැවසීය. නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’. ඉනික්බිති රහතන් වහන්සේ අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩ භරණීනම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත් එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා දුටුගැමුණු රජතුමාට (ක්‍රි. පූ 161 - 137)   කහවනු කොටි තිස්තුනක් වැය වි ඇති බව සදහන් වේ.
මෙම ගොඩනැගිල්ල ආවරණය සදහා ලෝහ තහඩු යොදාගෙන තිබු හෙයින්, 'ලෝහ ප්‍රාසාද' යන නම්න් මෙහ හැදින්වු බව පොත පතෙහි සදහන් වේ.
සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි (.පූ .ක්‍රි( 137 - 119) මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී ලෝවාමහාපාය ගිනිගත් බවත් කියැවෙයි. දෙවන සිරිනාග රාජ්‍ය සමයේ ද නැවතත් මෙය ගිනිගත් බැවින් එය පස්මහල් කොට නිමැවී ය.
 මහල් නවයකින් යුත් කාමර දහසක්ද කූටාගාර දහසක්ද තිබු මෙහි පලමු මහල පෘථග්ජන භික්ෂුන්ටද, දෙවන මහල  ත්‍රිපිටකධාරි භික්ෂුන්ටදතුන්වන මහල සෝවාන් ඵලයට පත්වුවන්ටද, සිවුවන මහල  සකෘර්දාගාමිටදපස්වැන්න අනාගාමි වුවන්ටද වෙන් කර සෙසු මහල් රහත් හිමිවරුන්ටද වෙන් කර තිබුනු බව පොත පතෙහි සදහන්ය. දැනට මෙහි අඩි 12ක් පමණ උස ගල් කණු 40හේ පේළි 40ක් එනම් ගල් කණු 1600ක් ඇත.

3.     රුවන්වැලි සැය


 අපේ මිලග නැවතුම පුජනිය රුවන්වැලි මහා සැයයි.

දුටුගැමුණු රජතුමාවිසින්  ක්‍රි.පු. 161-137 කාල වකවානුවේදි බුදුරජාණන් වහන්සේගේ ශාරිරික ධාතුන් වැඩි ප්‍රමාණයක්(සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක්) නිදන් කර ඉදිකරවන ලද මෙහි වැඩ ඔහු ජිවත්ව සිටියදි නීම කිරිමට නොහැකිවු අතර සම්පුර්ණයෙන් ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා විසිනි. මෙය ස්වර්ණමාලි, රත්නමාලි, මහාථුප හා රැවන්වැලි යන නම් වලින්ද හැදින්වේ.
මෙම චෙත්‍යය ඉදිකිරිමෙදි  එම ස්ථානයේ තිබු ස්වර්ණමලි නම් දෙවගන අධිගෘහිත තෙළඹු ගස කපා ඉවත් කිරිමට සිදුවු අතර, එහිදි ඇය ගස කපා ඉවත් කිරිමට එකගවුයේ චෙයිත්‍යය ඇගේ නමින් නම් කිරිමට පොරොන්දුවිමෙන් පසුව බව ජනශ්‍රිතියේ එයි.
මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ස්වර්ණමාලීමහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය.
රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද අලි සපත්තුපලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් වෙඬරුමැටිනොහොත් නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ලංකාවේ ස්තූපනම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)
මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.
එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්‍රමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.  එක එක දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් කහවණු ද ඛාද්‍ය භෝජ්‍යයන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය

ලක්දිව අගනගරය අනුරාධපුරෙන් බැහැරවිමත් සමග වන වැදුනු රැවන්වැලි සැය, 1872දි ප්‍රතිසංකරණය කිරිම ආරම්භකල අතර එය 1940දි නිම කර කොත් පලදවන ලදි.
වර්ථමානයේ මෙහි උසින් අඩි 300ක්, වට ප්‍රමාණය අඩි 942ක් ද සමචතුරශ්‍රාකාර චෙත්‍ය මලුවේ (සලපතල මලුවේ) පැත්තක දිග අඩි 472ක්ද, වැලි මලුවේ පැත්ත්ක දිග අඩි 676ක්ද  පළල අඩි 662ක්ද වේ.

 රුවන්වැලි සැය වැදිමෙන් අනතුරුව බසවක්කුලම වැව් මායිමෙන් අපි ගමන් කලේ ඉසුරුමුණිය විහාරය වැදිමටයි.අප ගමන් ගත් ථුපාරාම මාවතේ ජන කෞතුකාගාරයක් පිහිටා තිබුණද කලින් එය නොදැන සිටිම නිසා හා අනෙක් සිද්ධස්ථාන වැදිමට කාල වේලාව මදිවේ යැයි සැක කල නිසා එය මග හැර අපි අපේ සැලසුමේ මිලග ගමනාන්තයට ගමන් කලා.

4.     ඉසුරුමුණිය විහාරය 

දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ. 250-210) ගොඩ නංවන ලදමෙම විහාරයට පසුමලිනව වසභ රජතුමා විසින් පොහෝ ගෙයක් කරවආදි ඇත. ඒ වගේම තමයි ක්‍රි.ව. 209 – 231 කාලයේදී වෝහාරක තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුර ඉඳිකර ඇති  බවද සදහන්ය.
ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත මතයක් වේ.
විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහිගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතරඑයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇතවඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම  පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.



මිනිසා සහ අශ්ව හිස
ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති මිනිසා සහ අශ්ව හිසනමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ. ඒ කැටයම් සියල්ල ජීවමාන රූප ලෙසින් දිස් වෙන තරමටම ඒවා අතිශය සියුම් විදිහට නිර්මාණය කර තිබීම
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහස් වලට අනුව මේ කැටයමින් පිළිබිඹු කරන්නේ කපිල සෘෂිවරයා බව සඳහන් වෙනවා. මේ කැටයම් ගැන දීර්ඝ වශයෙන් පර්යේෂණාත්මක ලිපියක් ඉදිරිපත් කරන මහාචාර්ය. සෙනරත් පරණවිතාරණ ශුරීහු මේ කෘතියෙන් පෙන්නුම් කරන්නේ පර්ජන්‍ය” හා අග්නි” (පර්ජන්‍ය කියන්නේ වැස්ස වලාහක දෙචියන්අග්නි යනු ගින්නට අධිපති දෙවියන) ලෙසයි.

ඉසුරුමුණි පෙම් යුවල
මෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. තවත් මතයක් තමයි සටන් බිමට යන්න සුදානම් වෙලා ඉන්න සෙබලෙක් තම පෙම්වතියගෙන් සමුගන්නා මොහොත බවයි. 
දිය නාන ඇත් රජ හා ඇත් රූප
මේ කැටයම් ඇති පර්වත පාමුල තිබෙන ගල් පොකුණේ ජල ක්‍රීඩා කරමින් සිටින ආකාරය කැටයම් කර ඇති ඇත් රූප වලින් පෙන්නුම් කරන්නේ වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයාගේ (පර්ජන්‍යගේපැමිණීම නිසා සතුටු වන ඇතුන් බව ආචාර්ය පරණවිතාරණ මහතාගේ මතයයිමිනිසා සහ අශ්ව හිස කැටයම වගේම දියකෙලිනා හස්තීන්ගේ කැටයම් දෙකත් භාරත දේශයේ පල්ලව කලා ශිල්ප සම්ප්‍රදායේ බලපෑම් පෙන්නුම් කරනවා.

දුටුගැමුණු රජ පවුල
මේ කැටයමෙන් පිළිබිඹු වෙන්නේ රජ වාසල දර්ශනයක් බව පරණවිතාරණ මහතාගේ මතයයි. 



ඉසුරුමුණිය විහාරයේ රථ ගාලේ අනෙක් අන්තයෙන්, රන්මසු උයනේ පිවිසුම පිහිටා ඇත.

5.     රන්මසු උයන

අක්කර 40 ක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම උද්‍යානයහිපිහිටි ගල් පර්වත හා ගල් පුවරු යොදාගනිමින් ඉදිකිරීම් සිදු කොට ඇති ස්නානය සදහා ඉදිකල අලංකාර අංග සම්පූර්ණ පොකුණු දෙකක් ස්නානාගාර යනාදී උද්‍යානයක දැකගත හැකි සියළුම අංගෝපාංගයන් දැකගත හැකි වේ. එමෙන්ම            දිය අගලකින් වටවූ ගෙඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නශ්ඨාවශේෂයන්ද (වාඩිවිමට තැනු ගල් ආසනක්‍රීඩා සදහා පැමිනි රාජකීයන්ට ඇදුම් මාරු කිරීම සදහා පොකුණට යාබදව ඉදිකල කුටි, පොකුණට බැසීමට පෙර අත්-පා සේදීමට ඉදිකල "පාදෝවනි"උයන්බිම පුරා විසිර පවතී.තවද එක් පොකුණක දෙපසින්පිහිටි ගලෙහිම දියකෙලිනා ඇතුන්ගේ සිතුවම් කැටයම් අලංකාරව නෙලා ඇත.







වෙස්සගිරි සෙල්ලිපියෙහි විස්තර වන අන්දමට තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන සිට කෙළ ගෙයට (කදලී ගෘහ) උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බැව් කියවේ
රන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැවේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසාවැවට යාබදව පිහිටියදඍජුවම විවෘත ඇල මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කල නොහැක්කකි. මෙනිසා තිසාවැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැක. තවද පොකුණුවැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ සහ පොකුණුවල ජලයේ ඇතිවේ (දළ වශයෙන් 100 kPa පමණ). මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත්පොකුණු වල ස්නානයට සුදුසු තත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්දතිය තුලදී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍රම යොදා තිබිය යුතු අතරඋමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීමද කල යුත්තකි. එම පිඩනය බිසේ කොටුවකින් පාලනය කල  බවට සාක්ෂි ඇත.රන්මසු උයනේ පොකුණු වලට ජලය සැපයූ ආකාරයපුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එහෙයිනි.

රන්මසු උයනට අයත් අංක 34 නම් ලෙනෙහි විශ්ව චක්‍රය ලෙස හඳුන්වනු ලබන රූප සහිත විශේෂ සංඛේත චක්‍රයක් දැකගත හැකිවේ. මීටර 1.8 ක පමණ විශ්කම්භයක වෘත්තයකින් යුතු මෙහි විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ව රූප පිහිනා යන අයුරින් දක්වා ඇත. එම සත්වයින් අතර මතස්‍යයින්හක් බෙල්ලන්කැස්බෑවන් හෝ ඉබ්බන්කකුළුවාමුහුදු අශ්වයාමුහුදු සිංහයා හා දැල්ලෙකු යැයි සිතිය හැකි ජලජ ජීවීන් වේ.
මෙහි සටහන් වෘත්තය මධ්‍යයේ සම සතරැස් කොටුවක් තුළ වෘත්ත හතක් වේ. ඒ වටා විවිධ පරිමාවෙන් යුතු කොටු දක්වා තිබෙන අතර සෑම කොටුවක් මැද කිසියම් ජ්‍යාමිතික හැඩතලයක් බැගින් දැක්වේ. එම හැඩතල අතර කොටස් හතරකට බෙදන ලද කුඩා වෘත්ත කිහිපයක්දඡත්‍රයකට සමාන සංඛේතදහඳුනාගත නොහැකි හැඩතලද වේ.
මෙම චක්‍රයේ ඉහල කොටසේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්පනති පනශ යනුවෙන් පාඨයක් වේ. එහි තේරුම පනස් තුනක් යන්න වේ. මේ චක්‍රයේ ඇති සත්ව රූප හා ජ්‍යාමිතික හැඩතල වල එකතුව එක සමාන වන අතර සත්ව රූප විස්ස හා ජ්‍යාමිතික හැඩතල තිස්තුනක එකතුවද පනස් තුනක් වේ. ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්‍ර සටහනේ එකතුවද එකිනෙක ගැලපෙයි.
·         චක්‍රය - මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් ඉස්මතු කෙරේමධ්‍යයේ දැකගත හැකි චතුරස්‍රය මැද පිහිටි වෘත්ත හත සප්ත මහා සාගරය ලෙසදඑහි ඇතුලත පිහිටි තිත මහාමේරුවදඅනෙකුත් සංඛේත මගින් හිරු හා සඳුදජලජ සත්වයන් මගින් ජලජ ලෝකයද නිරූපණය කරන බැව් පවසයි.එච්.සී.පී. බෙල්)
මුලාශ්‍ර:විකිපිඩියා

දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය සිය පෙම්වතිය වු අශෝකමාලාවන් රන්මසු උයනේදි හමුවු බවට ජනප්‍රවාදයේ එයි. උද්‍යාන පාලකයා සතු වගකිම් සදහන් සෙල් ලිපියක් වෙස්සගිරියේ ඇත.

යුධ ජයග්‍රහණය වෙනුවෙන් පලාත් නවයේ ඉදිවන චෙත්‍යය නවය අතරින් උතුරු මැද පලාතේ ඉදිවන සදහිරු සැය පසුකරමින් අප ගමන් කලේ මිරිසවැටිය වෙතයි. 

6.     මිරිසවැටිය


තමා ආහාරයට ගන්න සැම දෙයකම පලමු කොටස සන්ඝරත්නයට දන් දි අනුභව කිරිම දුටුගැමිණු රජතුමාගේ පුරුද්දක් වියඑහෙත් එක් දිනක් බැදපු මිරිස් ව්‍යඥජනයක් එසේ සන්ඝරත්නයට  නොදි අනුභව කිරිමට සිදුවිය.එය තමා අතින් සිදුවු වරදක් ලෙස සලකා රජතුමාවිසින් මිරිසවැටිය චෙත්තය කරවු බව සදහන්ය.

මෙය ඉදිකිරිමට වසර තුනක් ගතවු බව පැවසේ.මෙහි වාහල්කඩසලපතල මලුව හා වැලි මලුව යන අංග දක්නට ලැබෙන අතර වාහල්කඩ කැටයම් අදද දක්නට ලැබේ.

වර්ථමානයේ චෙත්තයේ උස අඩි 209ක්ද වට ප්‍රමාණය අඩි 536ක්ද වේ. අඩි 70ක් දිග දාන ශාලාවක් මෙහි තිබු බව එහි නටබුන් සනාථ කරයි.


මිරිසවැටිය වන්දනා කිරිමෙන් පසුව අප  ගමන් කලේ ථුපාරාමය වෙතයි.

7.     ථුපාරාමය

මෙය ලක්වැසියන් බුදුදහම වැලදගැනිමෙන් පසුවමෙරට ඉදිකල ප්‍රථම චෙ‍යිත්‍යයයි.දෙවන පැතිස් රජතුමා විසිනි(ක්‍රි.පු. 250-210 විසින් මහමෙවුනා උයනේ  ඉදිකල මෙහි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන්කර ඇති බව සැලකේ. අඩි 11 අගල් 2ක් උසවු වෘත්තාකාර මලුවක පිහිටා ඇති මෙහි අද මෙහෙ උස අඩි 64ක්ද වට ප්‍රමාණය අඩි 194ක්ද වේ. මෙය වට කොට වසභ රජු විසින් වටදාගෙයක් සාදවා ඇතවර්ථමානයේ මෙහි දක්නට ලැබෙන ගල් කණු එම වටදාගෙයි ගල් කණු ලෙස සැලකේ.ආරම්භයේ ධාන්යාකාර හැඩයක් ගත් මෙය පසුව කල ප්රථිසංස්කරණ වලින් පසුව ඝණ්ඨාකාර  හැඩයක් ගෙන ඇත. මේ ආශ්‍රිතව ඇත් පොකුනබෝධිඝරයපිළිමගෙයපදලස චේතියදානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.



8.     ලංකාරාමය

ඉන් පසුව අප ථුපාරාමයට ඉහලින් පිහිටි ලංකාරාමය වෙත ගමන් කලා.ලංකාරාමය  ආශීතව චෙත්‍යයට අමතරව ඒ අසල තවත් ගොඩනැගිලි කිහිපයකම නටබුන් දක්නට ලැබෙනවා.

අභයගිරියට දකුණු පසින් පිහිටා ඇති මෙය අනුරාධපුරයේ ඇති දාගැබ් අතර ඉතා කුඩාම දාගැබවේ.මෙය සෝමාරාමය/මණිසෝමාරාමය ලෙසින්ද හැදින්වේ.


වළගම්බා රජතුමා සෝළින් සමග කල යුද්ධයෙන් පැරදි පලායන විටමන්දගාමි ගමනින් යන රථය සතුරන්ට අසුවිය හැකිබව තෙරුම් ගත් රජතුමාගේ බිසවක වු සෝමාදේවිය රථයෙන් බැස රජතුමාට පලායාමට ඉඩ සැලසුවාය.එ හේතුව නිසා වළගම්බා රජතුමා විසින්සෝමා දේවිය සිහිවිම පිනිස යුද්ධය ජය ගත් පසු මෙය කරවන ලද බව සැලකේ.දාගැබ පොලවට වඩා අඩි 10-12 උස වෘත්තාකාර වෙදිකාවක ඉදිකර ඇත. දාගැබ වටා ථුපඝරයක් තිබු බවට සැලකිය හැකි ගල් කණු තවමත් දක්නට ලැබේ.ආම්ලාකාර (නෙල්ලි ගෙඩියක ) හැඩය ගන්න මෙහි විශ්කභය අඩි 35ක් බවට ගණනය කර ඇත.චෙත්‍යගරය සදහා ගල් කනු 88ක් යොදාගෙන ඇති බවට විශ්වාස කරන අතර ඒවායින් 51ක්ම කැඩි බිදි ගොස් ඇතතවත් 2ක් අතුරුදහන් වි ඇත.

9.     සදකඩපහණ(අභයගිරිය භික්ෂු ආරාම සංකිර්ණය/මහසෙන් මාලිගය)

අපේ මිලග නැවතුම උනේ අභයගිරිය භික්ෂු ආරාම සංකිර්ණයයි, මෙය මහසෙන් මාලිගය ලෙස ගුගල් සිතියම් වල පෙන්වනවා.මෙහි විශේශත්වය නම් අනුරාධපුර යුගයට අයත් එක් අලංකාර සඳකඩ පහණක් මෙහි පිහිටා තිබිමයි.

අනුරාධපුර යුගයේ සදකඩපහණවල පොදුවේ විමසා බලන විට මධ්‍යයේ නෙළුම් මලක පෙති ලෙසින් නෙළා ඇත. (අර්ධ නෙළුම් මලකි) මේ සියලුම නිර්මාණ සදකඩ පහණ රවුමක අර්ථයක් ලෙසින් නිර්මාණය කර ඇති නිසා මෙසේ නිමවා තිබේ. නෙළුම් මලට පසුව තීරුවේ ලියවැලකි. එයින් පිටත තීරුවේ එකිනෙක ලුහුබැඳ ගමන් කරන හංසයින් පෙළකි. එම හංසයින් පෙළට පසු පිටත තීරුවේ ලියවැලකි.

එයින් පිටත තීරුවෙහි ඔවුනොවුන් ලුහුබැඳ ගමන් කරන ලෙසින් (සජීවිව) ඇතා, සිංහයා, අශ්වයා සහ ගවයා ඉතා තාත්වික අන්දමින් නෙළා ඇත. ලංකාවේ හමුවන ඉතා විශිෂ්ටතම සඳකඩපහණ වන්නේ අනුරාධපුර යුගයේ සඳකඩපහණ ය. මේ සඳකනඩපහණේ අවසානයට නෙළා ඇත්තේ පළා පෙති මෝස්තරයකි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සදකඩපහනෙහි නිරුපනයන් අර්ථ දක්වා ඇත්තේ මෙලෙසයි.

·         පළා පෙති - ගිනි දලු- එම ගිනිදලු වලින් සංකේතවත් වන්නේ රාගය නමැති ගිනිදැල් වලින් සත්වයා වෙළී සිටින ආකාරයයි.
·         සතුන් සතර දෙනාගෙන් පිළිවෙළින් සිංහ, අශ්ව, හස්ති (ඇතා) සහ ගවයා -ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භය.
·         ලියවැල - තෘෂ්ණාව
·         හංසයින්ගෙන් - සංසාරයෙන් එතරවීම.
·         නෙළුමෙන් - බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හැඳින්වූ පරිදි ලෝකයේ ඉපදී එහි නොඇලී මතු වී සිටින ආකාරයයි.

අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩ පහණ තුනක් ඇත. එම පුදබිම් මෙසේය.

1. අනුරාධපුර මහසෙන් මාලිගය ගොඩනැගිල්ල ඉදිරිපිට ඒ සඳහා ඇතුළුවන දොරටුවේ බිම ඇකි සඳකඩ පහණ. 
2. අනුරාධපුරයේ බිසෝමාලිගය ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිරිපස ඇති සඳකඩ පහණ .
3. අනුරාධපුරයේ ථූපාරාමයේ දළදා මාලිගය ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පාමුල සඳකඩපහණ.




10.     ඇත් පොකුණ


සඳකඩ පහණ නරබා අභයගිරියට  යන අතර මග අපි නතරවි, ඇති පොකුණ නැරබිමට අමතක කලේ නැ.
ශ්‍රී ලංකාවේ විශාලතම පොකුණ වන මෙය අභයගිරි ස්තූපයට නිරිත දෙස ලංකා‍රාමයට ආසන්නව, අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලාගේ පැන් අවශ්‍යතා සපුරණු පිණිස ඉදිකොට ඇති පොකුණකි. වර්ථමානයේදී මෙය ඇත් පොකුණ ලෙස හැඳින්වූවත් අතීතයේදී මෙය මාස්පොත පොකුණ වශයෙන් හැඳින්වූ බව සඳහන් වෙයි.
දිගින් මීටර 159 ක් හා පළලින් මීටර 52.7 ක් පමණ වන මෙම පොකුණෙහි ගැඹුර මීටර 9.5 ක් පමණ වේ.
අභයගිරි භූමියේ ඇති විශාලතම පොකුණ වශයෙන් ගැනෙන ඇත් පොකුණට ජලය ගෙන එන උමං මාර්ග තුනක්‌ හඳුනාගෙන තිබේ. ඉන් දෙකක්‌ උතුරින් හා එකක්‌ දකුණන් ය. උතුරින් ඇති පෙරිමියන්කුලම වැවේ ජල මට්‌ටම ඉහළ යනවිට එක්‌ උමං මාර්ගයක්‌ ක්‍රියාත්මක වන අතර දකුණු උමං මාර්ගය හඳුනාගෙන ඇතත් පාදාගෙන නොමැත. එයට බුලංකුලම වැවෙන් ජලය ලබාගත්තා විය හැකි ය.
වැවේ සිට නළ මාර්ග ඔස්සේ ජලය බිසෝකොටුවට ගෙන එන අතර, එහි සිට නලයක් ඔස්සේ ඇත් පොකුණට ජළය ගෙන යයි.පොකුණේ රළපනාවක ආකාරයට සැකසූ  ගල් බැම්ම වෙසෙසින්ම  බැලිය යුත්තකි. එමෙන්ම පොකුනේ සිට ජලය පිට කිරීම සඳහා ජල පෙරනයක් සහිත නළ මාර්ගයක් යොදාගෙන තිබීම සුවිශේෂී ලක්ෂණයකි.


11.     අභයගිරි දාගැබ


වලගම්බා රජතුමාට  විසින් කරවන ලද මෙම දාගැබ මෙරට ශාසන ඉතිහාසයේ එක් වැඩගත් සන්ධිස්ථානයක් වන්නේ, මෙය ඉදිකිරිම ශ්‍රි ලංකාවේ ශාසනය මහාවිහාර හා අභයගිරිය ලෙස නිකාය දෙකකට බෙදිමට මුල පිරු හෙයිනි.සෝලින් සමග යුද වැදි පලායමින් සිටි වලගම්බා රජතුමාට මෙම භුමියේ සිටි ගිරි නිගණ්ඨයා 'මහා කලු සිංහලයා පලා යනවෝ' යැයි කැ ගසා ඇත.පසුව සටනින් ජය ගත් රජතුම එම ගිරි නිගණ්ඨයා  නසා, ඔහු සිටි ස්ථානයේ අභයගිරිය විහාර සංකීර්ණය කරවා (ක්‍රි.පු. 89-77)තමන් යුධවැදි සිටිනවිට උදවු උපකාරකල කුපික්කල තිස්ස හිමියන්ට පුජා කර ඇත, ඒ ඉහත කි නිකාය භේදය ඇතිවිමට මුලික හේතුවයි.මෙහි මුල් ඉදිකිරිමේ උස අඩු 400ක් වු නමුත් දැන් එය අඩි 245කි, එමෙන්ම වට අඩි ප්‍රමාණය අඩි 1100ක්ද පහත මඵව අක්කර 15ක්ද උඩ මඵව අක්කර 8ද වන අතර  සමචතුරශ්‍රකාර සලපතල මඵවේ එක් පැත්තක දිග අඩි 587කි. පසු කාලිනව කහවනු 4000ක් වියදම්කර තුන්වැනි සේන රජතුමා (ක්‍රි.ව.938-940) සලපතල මඵවේ ගල් ඇතිරු බවත් සදහන්වේ.අභයගිරි විහාර සංකිර්ණය තුල සංඝාරාම 27ක් පමණ තිබු බව පැරණි නටබුන් වලින් තහවුරු වි තිබේ. දාගැබට බටහිර පසින්  භික්ෂුන් වහන්සේලා පරිහරණය කල දාන ශාලාවක්, එහිම කැද හා බත් ඔරුද දක්නට ලැබේ. සලපතල මඵවේ දක්නට ලැබෙන යුප කනුව පුරාණ්යේ චෙත්‍ය ගර්භය මත සවිකර තිබුණු යුප කණුවක් ලෙස අනුමාන කෙරේ. අභයගිරි සංකිරිණයට ප්‍රවිශ්ඨවන දොරටු සතරේම මිටර් 150ක් දිග හා මිටර් 50ක් පළල ඇත් පොකුණු 4ක් දක්නට ලැබේ.මෙම පොකුණූ වලට පෙරියකුලම  වැවෙන් ජලය සැපයෙන්නට ඇතැයි සැලකේ.නවීණතම යන්ත්‍රෝපකරණ යෙදා‍ගෙන මේ නිර්මාණය කිරීමට පෙදරේරුවන් 500 ක් ද වර්ෂ 6 ක් 7ක පමණ කාලයක් ද රන්පවුම් දසලක්ෂයක් ද අවශ්‍ය වන බව පැවසේ. අභයගිරිය නිමවීමට ගඩොල් කෝටි 2ක් පමණ වැය වන්නට ඇති බව ද පැවසේ.



12.     සමාධි බුදු පිළිමය

ඉලගට අපි ගියේ අභයගිරි ආරාම සංකීර්ණය තුලම පිහිටා තියෙන සමාධි බුදු පිළිමය වදින්න.
සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණය තුලයි පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි.
අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත. සමාධි බුදු පිළිම වහන්සේ 3 වන හෝ 4 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන
මේ පිළිමය එහි ඇති පරිපුර්ණත්වයත්, ශාන්ත ස්වභාවයත්, කලාත්මක ගුණයත් හේතු කොටගෙන අනෙක් කිසිදු පිළිමයකට වඩා සුවිශේෂ වෙයි. නාබද්ද පිළිමයකි, එනම් නෙලූ පර්වතයෙන් සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන ඇත. එහි එක් විශිෂ්ඨත්වයක් වන්නේ, ප්‍රතිමාවහන්සේ දෙස ඉදිරිපසින් කුමන කොනයකින් බැලුවද, එකම විලාසයකින් දිස්විමයි.



13.     කුට්ටම් පොකුණ

පේ මිලග නැවතුම කුට්ටම් පොකුණ. 

අභයගිරි භික්‍ෂූන් වහන්සේලාට ජලස්නානය කිරීම සඳහා මෙම කුට්ටම් පොකුණ කරන ලදී.  ප‍්‍රමාණයෙන් හා මෝස්තරයෙන් එකිනෙකට වෙනස් වූ පොකුණු දෙකක් එකට යාබදව පිහිටීම නිසා මෙය කුට්ටම් පොකුණ යැයි නම් කර බව පරණවිතාන මහතා පෙනුම් කර දේ. ශෛලම නිර්මාණයක් වන අතර ක‍්‍රමවත්ව එක මත එක ගල් අතුරා කර ඇත. පහළට බැසීමට ඇති පඩිපෙළ දෙපස ඇති කැටයම පොකුණු දෙකෙහි දෙ ආකාරයකි. එකක කොරවක් ගලෙහි හැඩය ගෙන නිම කර ඇති අතර අනෙකෙහි සීඝ‍්‍ර බෑවුමක් සහිත අත් වැලක් නිර්මාණය කර ඇත.

සෑම පියගැට පෙළක් මස්තකයේම ඉතා දැකුම් කලු ලෙස සකස් කෙරුණු පුන්කලස් කොවක්ගල් වලට ඉහළින් කැටයම් කර ඇත. මෙම පුන්කලස් වලත් සුවිශේෂත්වයක් ඇත පුන්කලස් තුලින් පිටතට ඉහිරුණු මල් පොහොට්ටු මෙහි කැටයම් කර තිබේ.

උතුරු පොකුණ ලෙස සැලකෙන ප‍්‍රමාණයෙන් තරමක් කුඩා පොකුණේ දිග අඩි 92 වන අතර එහි පෙන 5 ක නාගයා සහිත මුරගලක් ද දක්නට ඇත. දකුණු පොකුණ අඩි 132 පමණ වන බව සඳහන් වේ. මෙම පොකුණු දෙකෙහිම ගැඹුර අඩි 17 ක් වේ. පොකුණු දෙක අතර පරතරය අඩි 18 වන අතර පොකුණු දෙක වටා ඇති ඔපමට්ටම් කළ ගලින් නිම වූ මිටි තාප්පය එහි ආරක්ෂාවටයි. මෙම පොකුණු වල තිබෙන හැඩය ආයත චතුරස‍්‍රාකාර ලෙස හඳුන්වන හැඩයයි. මේ පොකුණු සෑදීමට බදාම භාවිතා කර නොමැත.
පොකුණු මිදුලට බසින ප‍්‍රධාන ප‍්‍රාකාරයේ සිට සකල නිර්මාණයම කළුගලින් නිම කිරීම ශිල්පියාගේ ප‍්‍රතිභාව මැනවින් නිරූපණය කරයි. මින් දිස් වන්නේ රාජකීය මුහුණුවරක් නොව ආගමික මුහුණුවරක් වීම අගය කළ යුතුය. මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති පඩි පේළි මත හිඳගෙන බඳුන්වලින් ජලය ගෙන ස්නානය කල හැකි පරිදි පොකුණු වල ඉවුරු තනා තිබීමයි.
එසේම කුඩා පොකුණේ උතුරු කෙළවරේ අඩි 6කින් යුතු කුඩා වතුර කෙමියක් ද දකින්නට පුළුවන්. මේ කෙමියේ මාර්ගයෙන් වෙනත් ස්ථානයක සිට පොකුණට ජලය සපයාගෙන ඇති බව කියවෙයි. එසේ පොකුණට පිටින් එන ජලයේ වැලි මඩ ආදිය එකතු වී ගලා එනු පිණිස අඩි 4 ක සමචතුරස්‍රාකාර කුඩා බිසෝ කොටුවක් පවා දකින්නට පුළුවන්.
ළමුවෙන්ම එම නල මාර්ගයෙන් රැගෙන එන වැව් ජලය මකර කටකින් කුඩා පොකුණට වැටෙනවා. එතැන් සිට මහ පොකුණට ජලය රැගෙන යන්නේ පොළොව මට්ටමට යටින් පිහිටි නලයක් මගින්. මේ ආකාරයට පුරවාගනු ලැබූ ජලය ප‍්‍රයෝජනයට ගැනීමෙන් පසුව අපිරිසිදුවූ ජලය බවට පත්වෙනවා. අනතුරුව එම ජලය ඉවත් කර පොකුණු දෙකම හිස් කෙරෙනුයේ කුඩා පොකුණේ තිබෙන පිටාර දොරටුවෙන්.මේ පොකුණු දෙකම එකම අවස්ථාවකදී නිර්මාණය කළ ඒවා නොවන බව පෙනී යනවා. මෙම කාරණය පොකුණු දෙකේ තිබෙන ගෘහ නිර්මාණ ලක්ෂණ අධ්‍යයනය කිරිමෙන් පැහැදිලි වෙනවා.

14. ගල් පාලම 1(මල්වතු ඔය)

කුට්ටම් පොකුණට මදක් මෙහායින් 'ගල් පාලමට' යන දිශාව පෙන්වන පුවරුවක් නෙත ගැටුනා.ඉතින් රියදුරාට කියලා එතන සිට කිලෝ  මිටර් 4ක් පමන දුරුන් තිබෙන ඒ ගල් පාලම බලන්න පිටත් වුනා.ගස් කොලන් හා පෞරාණික ගොඩනැගිලි වලින් පිරිච්ච අනුරාධපුර පෞරාණික නගරයේන් මදකට ඇත්වෙලා වෙල්යායක් මැදින් වැටුනු පාරෙන් අපි ගමන් කලා.පලමුව අපිට පොඩි ගල් පාලමක් මුණ ගැසුනත්, අපි කෙලින්ම ගියා ලොකු ගල් පාලම බලන්න.මල්වතු ඔයට ඉහලිත් නිර්මාණය කර ඇති මෙම ගල් පාලම අනුරාධපුරයේ  සිට පිටත ප්‍රදේශකරා ගමන් කිරිමට තිබු මාර්ග පද්ධතියට අයත් පාලමක් ලෙස සැලකේ.මේ හරහා දිවයිනේ උතුරු ගමන් මාර්ගය වැටි තිබු බවද සැලකේ.මල්වතු ඔයේ පිටාර මට්ටම ගැන සැලකිල්ලට ගෙන සිටුවන ලද  ගල් කණු මත හරස් අතට  ගල් පුවරු තබා  ඒ මත  දිගු අතට  එකිනෙක යාවන සේ තරමක් සුමට ගල් පුවරු තබා මෙය  නිර්මාණය කර ඇත.




15. ගල් පාලම 2(හාල් පානු ඇල)

ඉහත ලොකු ගල් පාලමට මදක් අනුරාධපුරය පැත්තට වන්නට මෙම කුඩා ගල් පාලම හාල් පානු ඇල හරහා පිහිටා ඇත.


16.     ජේතවනාරාමය


ඉලගට අපේ අනුරාධපුර නගරයේ වදින අවසාන සිද්ධස්ථානය,ජේතවනාරාමය.

ලෝකයේ ලොකුම දාගැබ ලෙස හැදින්වෙන මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276-303) විසින් කරවන ලද මෙහි ආරම්භයේදි උස අඩි 400ක් ලෙස සැලකේ. වර්තමානයේ මෙහි උස අඩි 232ක්ද පාදම අඩි 1147ක්ද වේ. චෙත්තය මලුව අක්කර 8ක්ද එහි පැත්තක දිග අඩි 576ක්ද වේ.  මෙම දාගැබ ගීසා පිරමීඩ දෙකකට පමණක් උසින් වූවක් සේ සැළකේ. පිලිස්සූ ගඩොල් 93,300,000 ක් මේ දාගැබ සෑදීම සඳහා යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට අඩි 28 පමණ යටට ගඩොලින් සාදන ලද පදනමක් මතය.
ඒ අසල පිහිටා ඇති ජේත නැමති උද්‍යානය (පෙර නන්දන වනය ) නිසා මෙම දාගැබට එම නම ලැබි ඇතිබව සැලකේ.
මෙහි සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරු වල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග‍්‍රහයෙන්ද කවුරුන් ඊට දායක වූයේද යන්න පවා ලියා ඇති බව අද පවා දැක ගත හැකිය. මෙම දාගැබට අයත් ප‍්‍රධාන දොරටු වලට මුහුණ පා සිටින ලෙසින් දාගැබට සම්බන්ධ කර සාදන ලද වාහල්කඩ සතරක් තිබී ඇත. එහි නටබඹුන් ඒ අසළ ඔබට දැකගත හැකිය. 
මේ දාගැබ අවට වූ භූමියෙහි ඉතා විශාල වූ බුදු පිළිමගෙයක නටඹුන් ද දැකගත හැකිය. එහි උළුවස්ස අනුව හා ඒ බුදු පිළිමයේ පාද ඇති නෙළුම් මල අනුව එම බුදු පිළිමය කොපමණ විශාලද යන්න ඔබට දාකගත හැකිය.
දාගැබට බටහිර දිසාවෙන් විහාර මන්දිරයක නටබුන් දක්නට ලැබේ.
 මීට අමතරව මෙම ජේතවනාරාම පුදබිමට අයත් වූ බෝධීන් වහන්සේ සඳහා සාදන ලද බෝධිඝරය ද භික්ෂූන් වහන්සේලා සඳහා වූ පොහොය ගෙය සන්නිපාත ශාලාවද මෙම ජේතවනාරාම පුදබිමේ දැක ගත හැකිය.
බුදුරජාණන් වහන්සේගේ පටිධාතුවත්, කේස ධාතුවත්, ශාරිරික වෙනත් ධාතුන් වහන්සේලාත් මෙහි මෙහි නිදන් කර ඇතිබව සැලකේ.
අනුරාධපුරයේ උසම උඵවස්ස පිහිටා ඇත්තේද මේ අසලය, එහි පොලවෙන් උඩ කොටස අඩි 27ක්ද යට කොටස අඩි 8ක්ද වන බව කියවේ. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.



සවස තුන පමන වන විට ඉහත විස්තර කල සියලු සිද්ධස්ථාන  වන්දනා කර අවසන්වු බැවින්, කලින් සැලසුම් නොකලද කාල වේලාව තිබු නිසා අප මිහින්තලා පුද බිම වෙත පිටත් වුනා.

17. මිහින්තලේ

මිහින්තලා පුදබිම ලක්දිවට බුදුදහම රැගෙන පැමිණි මිහිදු මහනාහිමි ඇතුලු පිරිස එකල මෙරට රජතුමාවු දේවානම්පියතිස්ස රජතුමා මුන ගැසුනු ස්ථානය ලෙස සැලකේ.

අනුරාධපුරයේ සිට ඇ 12 මාර්ගයේ කිලෝමිටර් 14ක් පමණ ගිය පසු මිහින්තලා පුදබිමට ලගාවිය  හැකියි.රථ ගාලේ වාහනය නවතා ඉන් පසුව සිද්ධස්ථාන වෙත පයින් යා යුතුය.රථ ගාල අසලින් ආරම්භ වන මාර්ගයේ පඩිපෙල් මතින් මද වෙලාවක් ගමන් කල පසු තැනිතලා භුමියකට ප්‍රවේශ වේ. එම භුමියේ සිට තවත් පඩි තරණය කර එකිනෙකට වෙනස් උස්භුමි වල පිහිටි පහත විස්තරකර ඇති සිද්ධස්ථාන වන්දනා කල හැකිය.

1. කණ්ඨක චෙත්ත‍යය
මුලාශ්‍ර:විකිපිඩියා


2. මහ ස්තුප


3. මිහිදු සැය
මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට (දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු) උපතිස්ස රජ විසින් කරවන ලදි.
4.ආරාධනා ගල 
අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනට බව මහාවංශයේ සදහන් වේ.



5. අම්බස්ථල දාගැබ
මිහිදු මහ රහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා මුණගැසුනු ස්ථානය වන මෙහි, මෙම දාගැබ මහාදථික මහානාග රජතුමා විසින්  බුදු රජාණන් වහන්සේගේ උර්ණ රෝම ධාතුන් වහන්සේ තැම්පත් කර කරවන  ලද පැවසේ.පසුකාලිනව මෙය වටදා ගෙයක් බවට පත් කරන ලද බව කියවේ.
6. රජ රුවක්



18. කලුදිය පොකුණ

මිහින්තලයේ සිය කිලෝමිටරයක් පමණ දුරින් A1 9 මාර්ගයේ මිහින්තලයේ සිට ගල්කුලම දෙසට වන්නට පිහිට් කලුදිය පොකුණ ආරාම සංකිර්ණය  4වන කාශ්‍යප රජතුමා  විසින් ධම්මරුචික නිකායික භික්ෂුණ් වහන්සේලා උදෙසා  ඉදිකරන ලද 'හදයුණ්හ' විහාරය  බවට අනුමාන කරයි.අඩි 200ක් දිගය අඩි 70ක් පළලද වන කලුදිය පොකුණ  මෙහි ඇති සුවිශේෂි අංගයකි.අවට වෘක්ශලතා හා ගල් පර්වත ආදියේ සේයාව වැටිම නිසා ජලය අදුරු පැහැයෙන් දිස්විම නිසා කලුදිය පොකුණ ලෙස මෙය ව්‍යවහාර කරයි.



නැවත පොලොන්නරුව බලා එන ගමනේදි හබරණ වන රක්ශිත කලාපයේදි නෙත ගැටුනු දසුන් කිහිපයක්.