Sunday, January 25, 2009

හරියට කොපි කරමුද?


පසුගිය කාලයේ බ්ලොග් අඩවි කිහිපයක පලවු වටිනා ජායාරුප කිහිපයක් මට වෙනත් වෙබ් අඩවියක් තුලදි දැකගන්න ලැබුණා. එමෙන්ම සමහරක් එම ජායාරුප විද්යුත් පණිවිඩ ලෙසද මට ලැබි තිබුණා.මේ කිසිම තැනකදි එම ජායාරුපය ලබාගත්තේ කොතනින්ද යන්න සදහන් කර තිබුනේ නැ.එය එම ජායාරුපයේ මුල් හිමිකරුවාට දක්වන අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ.හැකි හා සුදුසු සැම අවස්තාවකදිම අප ජායාරුප හෝ වෙනත් තොරතුරු ලබාගත් මුලාශ්‍රයන්ද ඒවා සමගම දක්වන්නේනම් සුදුසුවේ.

සාමානයෙන් පර්යේශන වාර්තා වැනි වැදගත් ලිපි ගොනු වලදිනම් එම වාර්තාව සැකසිමට අධයනය කල වෙනත් මුලාශ්‍ර වාර්තාවේ අවසානයට දක්වයි. එලෙසම බ්ලොග් අඩවියක පලකරන ලිපියක් තුල පොතකින්,වෙබ් අඩවියකින් හෝ වෙනත් මාධයකින් උපුටාගන්න ලද තොරතුරු ඇතුලත්වේනම් එම තොරතුරු උපුටා ගත් මුලාශ්‍රයයන් ලිපියේ අවසානයට දැක්විම ඒ ගැන වැඩි තොරතුරු සොයායැමට රුචි පාඨකයන්ට රුකුලකි. බ්ලොග් නිර්මානයක් තුල ඇති යම් කාරනාවකට සම්බන්ධ හෝ එම නිර්මානය සදහා තොරතුරු උකහාගත් වෙනත් වෙබ් අඩවියක් ඇතිනම්, එතනම එම වෙබ් අඩවියට ලගාවිය හැකි ලෙස සම්බන්ධතාවයක් (Hyper link)ලබා දිමද කල හැකිවේ. දැනට සින්හලෙන් මුලාශ්‍ර සදහන් කිරිමේ පිලිගත් ක්‍රමයක් පවතින්නේද යන්න මා නොදනිමි. කලකට පෙර මා විසින් සින්හල පොත් කිහිපයක් ගෙන එය පරික්ශාකල නමුත් එවායේ මුලාශ්‍ර සටහන් කර තිබුණේ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන්ටය.

මුලාශ්‍ර සදහන් කිරිමට භාවිතාකරන එක් ක්‍රමවේදයක් වන්නේ හාර්වර්ඩ් රෙෆරන්සින් ක්‍රමයයි.එම ක්‍රමය ආශ්‍රයෙන් සැකසු මුලාශ්‍රයන් දැක්විය හැකි ආකාරයන් පහත දක්වා ඇත.

1) පොත්

එක් කර්තෘ කෙනෙකු පමණක් ඇත්විට,

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· · මුද්‍රිත වර්ශය වරහන් තුල <නැවතිමේ තිත >

· පොතේ නම ඇල අකුරු වලින් (නැවතිමේ තිත )

· ප්‍රකාශයට පත්කල ස්ථානය (: )

· ප්‍රකාශකයා(නැවතිමේ තිත )

උදා: නලින් ද සිල්වා.(1998). අපේ ගම.කොලඹ:ගුණසේන ප්‍රකාශකයෝ.

කර්තෘන් කිහිප දෙනෙකු ඇතිවිට,

උදා: කමල් ද සිල්වා, අරුණ පතිරණ සහ පියල් ගජනායක. (1998). කෘශිකර්මයේ නව ප්‍රවනතා.කොලඹ:ගුණසේන ප්‍රකාශකයෝ.

2) සගරා

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· · මුද්‍රිත වර්ශය වරහන් තුල <නැවතිමේ තිත >

· ලිපියේ නම <නැවතිමේ තිත >

· සගරාවේ නම ඇල අකුරු වලින් <කොමාව>

· වෙලුම් අන්කය හා කොටස් අන්කය වරහන් තුල

· පිටු අන්කය "පිටුව" හා තිත සමග/පිටු අන්ක පරාසයක් ලෙස "පිටු" හා තිත සමග

උදා: උදා: දයාරෝහණ අතුකෝරාල.(2008).අපේ රට ශ්‍රි ලන්කාවයි.සම්පත, 30(3)පිටු. 30-35.

3) අන්තර්ජාලයේ වෙබ් අඩවියක

· ලේඛකයාගේ නම <නැවතිමේ තිත>

· පිටුවේ නම ඇල අකුරු වලින් < නැවතිමේ තිත >

· අන්තර්ජාල ලිපිනය (:)

· වෙබ් අඩවියේ සම්පුර්ණ ලිපිනය

· කොටු වරහනක් විවෘත කරන්න

· ප්‍රවේශවු දිනය (:)

· වසර , මාසය ,දිනය

· කොටු වරහන වසන්න

උදා: දිලාන් ද සිල්වා. අපි වවමු කටාර් නගමු. අන්තර්ජාල ලිපිනය: http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 10]

* ලේඛකයාගේ නම නොමැතිනම් පලමුව වෙබ් පිටුවේ නම ඇල අකුරු වලින් සදහන් කල හැකිය.

උදා: අපි වවමු කටාර් නගමු. අන්තර්ජාල ලිපිනය: http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 10]

මුලාශ්‍ර:

1) Harvard Referencing. අන්තර්ජාල ලිපිනය: http://essential.tbs.bcu.ac.uk/harvard.html [ප්‍රවේශවු දිනය:2009 ජනවාරි 22]

4 comments:

  1. ආහ්... Harvard Referencing . . . මතක් කරන්න එපා මල ජරාව... Assingment වලට ඕකෙන්ම References හරියට දාන්න කිව්වම තමයි ඉතිං @#$%^&*. . .

    ReplyDelete
  2. මේ පෝස්‍ට් එකට තරහකට නෙමෙයි උඩ Comment එක දැම්මේ... හොඳ අදහසක්... Copy කරනකොට මූලාශ්‍ර සඳහන් කරන්න ඕනා. ඒ උනාට Harvard Referencing මතක් වෙන කොට පොඩ්ඩක් තරහ යනවා. :D

    ReplyDelete
  3. අන්තර්ජාල ලිපිනයත් හයිෆර්ලින්ක් එකක් විදිහට අපට සම්බන්ධ කරන්න පුළුවන්නේ. උදා :- Harvard Referencing කියන එකටම ලින්ක් එක සම්බන්ධ කිරීම.
    අනික් එක කතෘගේ නමේ වාසගම අන්තිමට යෙදීම
    උදා :- අතුකෝරාල,දයාරෝහණ වෙනුවට දයාරෝහණ අතුකෝරාල ලෙස යොදන්න පුළුවන්. මම හිතන්නේ ඒ ක්‍රමය කියවන්නාට පහසුවක් වේවි.

    ලිපියේ මුල වචන කියවන්න බෑ. ‍ෆොන්ට් සයිස් එක ටිකක් අඩු කරන්න.එහෙම නැත්නම් වෙන ටෙම්ප්ලේට් එකක් දාන්න :)

    ReplyDelete
  4. ස්තුතියි. මම ඔබේ යෝජනාව පිලිගත්තා

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.