Wednesday, February 11, 2009

සැබැවු සිහින සොයා යන්නට


මේ ඉදවස්වල ලන්කාවට යන්නයි සුදානම, නිවාඩුවකට.නැදැ හිත්වතුන්ට ගෙනියන්න ඔනකරන බඩු ලිස්ට් එක්කනම් කලින්ම හදාගත්තා.ඒ බඩු ගන්න ඇවිදලා ඇවිත් තමයි මේක ලියන්න පටන්ගත්තේ.ලිස්ට් එකක් හදාගත්තේ නැතිනම් අනවශය දේවලුත් ගැනෙනවා, ඒ විතරද ගන්න ඔන දෙයක් මග ඇරුනොත් එකෙනුත් මටමයි කරදරේ.කලින්ම ගුවන් ප්‍රවෙශ පත්‍රනම් වෙන්කරගත්තා. මමනම් කැමති ශ්‍රි ලන්කන් ගුවන් සේවයෙන් යන්නයි. ඒත් එක මේවතාවේ නම් එක කරන්න බැරිවෙනවා.


ගුවන් සේවාව තෝරාගන්න විට මම බලපු ප්‍රදානම කාරනා තමයි ගෙනියන්න දෙන බඩුවල බර ප්‍රමාණය(Baggage Allowance) හා ප්‍රවේශපත්‍රයේ මිල.

ශ්‍රි ලංකන් හා කටාර් ගුවන් සමාගම් දෙකම් සදහන් කරන්නේ ගෙනා යාමට ඉඩදෙන බඩුවල බර ප්‍රමාණය 27 පමණක් බවයි. කටාර් ගුවන් සමාගමේ නියමිත ප්‍රමානයට වඩා වැඩිවන එක් කිලෝග්‍රැමයක් සදහා කටාර් රියාල් 30ක් පමණ(රු. 900ක්) අය කෙරෙනවා.ශ්‍රි ලන්කන්හිත් අයකෙරෙන්නේ ඒහා සමාන මුදලක්.

ඒත් සාමානයෙන් කටාර් ගුවන් සමාගම මුදල් අයකිරිමකින් තොරව ශ්‍රි ලංකන් ගුවන් සමාගමට වඩා බර ගෙන යාමට ඉඩදෙනවා. මැතකදි කටාර් ගුවන් සේවයේ ගිය මගේ හිතවතෙකුගේ බඩුවල බර 50ක් පමණ වුවද කිසිදු මුදලක් අය කරගෙන නැ.

තවද කටාර් ගුවන් සමාගමේ ඇති ක්‍රියාත්මක වන Privilege සමාජයේ සාමාජිකයින්ටද නියමිත බරටවඩා අමතර බර ගෙන යාමේ වරප්‍රසාදය හිමිවෙනවා. එහි සාමාජිකයන්ට අමතර බර සහනය හිමිවන්නේ Burgundy සාමාජිකයන්ට 10 Kg, සිල්වර් සාමාජිකයන්ට 15 Kg, ගෝල්ඩ් සාමාජිකයන්ට 20 Kg වශයෙනුයි. සාමාජිකත්වයන් මට්ටම තිරනය වන්නේ ලබා ගන්නා QPoints ප්‍රමාණය අනුවයි.මෙම QPoints එම ගුවන් සේවය භාවිතාකරන සැම වාරයකදිම අපගේ ගිණුමට එකතුවෙනවා.

ශ්‍රි ලන්කන් සමාගමෙත් මේ වගේම FlySmiles නමින් සමාජයක් තිබෙනවා. එහි සාමාජිකයන්ට අමතර බර සහනය හිමිවන්නේ සිල්වර් සාමාජිකයන්ට 12 Kg හා ගෝල්ඩ් සාමාජිකයන්ට 16 Kg වශයෙනුයි.

මිල ගණන් වලින් බැලුවත් කටාර් ලාභයි. කටාර් ගුවන් සමාගමේ යාම හා එම දෙකටම කටාර් රියාල් 1090(රු.33000) වෙනකොට ශ්‍රි ලන්කන් හි එය කටාර් රියාල් 1340ක්(රු40000) වෙනවා.

ගමන ගැන කිවොත් කටාර් ගුවන් සමාගමේ දෝහා සිට කොලබටත්, කොලබ සිට දෝහා වලටත් ඍජු ගුවන් ගමන් තමයි තියෙන්නේ.එකට පැය 4.45ක් ගත වෙනවා.

දැන් මේ ගැන ලියුවා ඇති. දැන් හදන්න පටන්ගන්න ඔනේ නිවාඩු ඉන්න කාලය සදහා ඇස්තමේන්තුවක්.කලින්ම තිරණය කරන්න ඔනේ මොනවටද මම වියදම් කරන්නේ, කියක් වියදම් කරනවාද කියලා. නැතිනම් මම අනවශය දේවලටත් වියදම් කරලා සල්ලි නාස්ති කරාවි.

තව පැය 36කින් මමත් මවු බිමේ. මිලග සටහන නම් ගෙදර ඉදන් තමයි ලියන්න හිතන් ඉන්නේ.


දුවිලි කැටුව එන

වියලි සුලගෙන් මිදි

සිහිල් මද නල සොයා

පියඹ එන්නම් මවුනි

ඔබ තුරුලට..


සැබැ නොවු පියතුම සිහින

සැබැවි ඇති යුරු

දැක ගන්නට නෙත් දෙකින්

පියඹ එන්නම් මවුනි

ඔබ තුරුලට..


2 comments:

  1. ශ්‍රි ලංකන්හි ප්‍රධාන ගමන් මල්ලේ 32Kg ද අතේ ගෙනියන ගමන් මල්ලේ 7Kg ද ගෙනයාමට ඉඩ ලබාදෙන බව ඔවුන් සදහන් කරනවා.

    සටහන:
    මා පසුගිය වාරයේ ශ්‍රි ලංකන්හි ගමන් ගන්නා අවසථාවේ මාගේ Main baggage හි බර 40Kg ද හි Hand baggage බර 7Kgද වුනා. භාරගන්න අවස්ථාවේ ඔවුන් Main baggageහි ඉඩ දෙන්නේ 32Kg පමණක් බවත් බර අඩුකර පැමිණෙන ලෙස දැන්වුනා. එවිට මා න් 8Kg ඉවත් කර(පාර්සල් 2ක්) එක මා සමග සිටි මිතුරෙක්ට ලබාදුන්නා. පසුව මා 32Kgවු ගුවන් සමාගම වෙත භාරදි 7Kg වු මාගේ ද රැගෙන එක වෙත ගියා.අතර මගදි මාගේ මිතුරා, මම ඔහුට ලබාදුන් 8Kgවු පාර්සල් දෙක මට නැවතත් මට ලබා දි ඔහු වෙනත් අවශ්‍යතාවයක් සදහා පිටව ගියා. කෙසේ හෝ මා නොදැනුවත්වම Gate එක වෙතම ගියා.එහිදි ගුවන් සමාගමේ නිලධාරින් මා අත තිබු ගමන් මලු 3 දැක එක් අයෙකුට මලු 3ක් ගෙනයන්න ඉඩ නොදෙන බව සැලකර 1ක් ඔවුන් භාරයට ගත්තා.පසුව ඔවුන් එයද ගුවන් යානය වෙත් යොමු කර තිබුණා.
    එම ගමනේදි මා ගෙනගිය 40+7=47Kg ම ගෙන ආවේ මා විසින්ම කිසිදු අමතර ගෙවිමකින් තොරවයි.

    ReplyDelete
  2. http://apeahasa.blogspot.com/2009/11/baggage-and-hand-luggage.html

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.