Monday, December 14, 2009

වරද වටහාදෙමු කරමු යලිත් නොකරන්නට....


මට මතක විදියට මේ සිදුවිම වුනේ එක වසරේදි හෝ දෙක වසරේදි. මම දවසක් ඉස්කොලේ ගිහින් බලනකොට ලියන්න පැන්සලක් ගෙනිහින් නැ. ඔන්න ඉතින් මම ලගින් හිටපු යාලුවෙක්ගෙන් පැන්සලක් අරගෙන. පොඩි හොරකමක්. කොහොමහරි එදා දවසේ ඉස්කොලෙ ඉවරවෙල ගෙදර ආවාම අම්මට මේ විස්තරේ කිව්වා.

අම්මා දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. " පුතේ අනුන්ගේ දේවල් හොරකම් කරන්න හොද නැ. අපායේ යනවා" ඔය අපායේ යන කතාවට නම් මම බය උනා. මොකද ඒ කාලේ අපාය ගැන දැනගෙන හිටිය දේවල් නිසා. කවුද කැමති කටු ඉබුලේ නගින්න, ලෝදිය බොන්න. අම්මෝ!

"ඉතින් එහෙනම් මම මේ පැන්සල හෙට ගිහින් ඒ ලමයාගේ බැග් එකට දාන්නම්" කියල මම කිව්වා. අම්මා කිව්වා "එහෙම කරන්න ගියොත් ඒ ලමයා එක දැකලා බනිද දන්නැනේ එක නිසා පැන්සල බුදු මැදුරෙන් තියලා, අයේමත් අනුන්ගේ දේවල් අවසරයක් නැතිව ගන්නේ නැ කියල පොරොන්දු වෙන්න කියලා." ඔන්න මම අපායේ යන්න තියෙන බයට වැදලාම පොරොන්දු වුනා.

මේ කථාව මට මතක් වුනේ මේ ඊයේ පෙරේදා සිද්ද වෙච්ච දෙයක් නිසා. අපේ ගෙදරට ආව ගිය ඉස්කොලේ 6 වසරේ ඉන්න මල්ලි කෙනෙක් කරපු වැඩක් නිසා. මෙයා ගෙදර ඇවිත් යනකොට ගිහින් තියෙන්නේ නිකන්ම නෙමේ, මොබිටෙල් ඩොන්ගල් එකත් අරගෙනමයි. පස්සේ කොහොම හරි මේ ගැන විමසුවම මුලදි නැ කිව්වත් පස්සේ පිලි අරන් තිබුණා එක ගත්තා කියලා. පස්සේ එක නැවත ගෙනත් දිලා තිබුණා.

එතනදි ඒ ළමයාගේ අම්මා හැසිරිලා තියෙන්නේ ඒ ළමයා කිසිම වරදක් නොකරපු ගානට. ඒක හොරකමක් නොවන බවත් නොදැනුවත්ව ගෙන එන්නට ඇති බවත් පවසමින් අර ලමයා කරපු ක්‍රියාවේ කිසිදු වැරද්දක් නැති බව ඔහුට ඇගවෙන විදියට හැසිරිලා. පසුව වැරද්ද තෙරුම් කරලා දුන්නාද දන්නැ.

එය හොරකමකට කලත් නැතිනම් නොදැනුවත් කම නිසා ගෙන ආවත් එක වැරද්දක්. දෙමවුපියන්ගේ යුතුකම තමයි ඒ වැරද්ද කුමනහෝ ආකාරයකට ළමයාට අවබෝධකරවලා දෙන එක. සමහර දෙමවුපියො නම් කරන්නේ ළමයට පහරදිලා තරවට්ටු කරලා අවබෝධකරල දෙන එක, සමහරු ඒක වෙනත් විවිධ ක්‍රම වලට අවබෝධකරවලා දෙනවා, අර අපායේ යනවා වගේ සංකල්ප යොදාගෙන. මට නම් හිතෙන්නේ පහරදිලා දඩුවමි කරනවාට වඩා හොදින් එක අවබෝධ කරලා දෙන එක හොදයි කියලා.

කොටුපාරක් වදිනවාට වඩා, එකේ ප්‍රතිඵලය කියල දෙන එකෙන් හිතට වදින ප්‍රමාණය වැඩි කියලයි මට හිතෙන්නේ. එහෙම අවස්ථාවල වැරැද්ද තේරුම් කරලා දෙන්න මුසාවක් කිවත් එකේ වැරද්දක් නැ.

තවත් අවස්ථාවක් මට මතකයි , ඒ අපේ මල්ලි අබාධිත අයෙක් (කොර අයෙකු ) සමච්චලයට ලක්කරපු අවස්ථාවේ අම්ම කියපු කතාව. අම්මා කිවිවේ අපි එහෙම කලොත් ඊලග ආත්මේ අපිත් ඒ වගේ වෙලා ඉපදෙනවා කියලා.

දරුවෙක් වරදක් කලානම් දෙමවුපියන්ගේ යුතුකම වෙන්න ඔනි දරුවට ඒ වැරැද්ද පෙන්නලාදිලා හරි මගට ගන්න එක. එහෙම නොකලහොත් අර දරුවා නැවත නැවතත් ඒ වැරැද්දම කරන්න පෙලබෙනවා. සමහර විට වැරැද්දට දෙමවුපියන් නොදුන්නු දඩුවම, ඉට වඩා බරපතල විධියට සමාජයෙන් ලැබෙවි.

4 comments:

  1. ඒක හරි..
    අම්මලා පොඩි කාලේ වැරදි කරාම තරවටු කරපු නිසා තමයි, අදටත් අපි කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ඉන්නේ..
    වැරැද්දට රුකුල් දුන්නොත් ඌ එදා ඉදලාම ඒ වැරැද්ද කරන්න ගන්නවා..

    ReplyDelete
  2. දැන් අම්මලා එහෙම තමයි. තමුන්ගෙ දරුවා උතුම්. කවදා හරි ලොකුම විනශයත් එ අම්මටම තමයි. බුදු දහමට අනුව දෙමාපියන්ගෙන් වෙන්න ඔනා යුතුකම් 5 ක් තියනවා.
    1. වරදෙන් මුදවා ගැනිම්
    2. නිවරදෙ හි යෙදවිම.
    3. ශිල්ප,ශාස්ත්‍ර යෙදවිම.
    4. කර්මාන්තයක් පවරාදිම
    5. සුදුසු කල්හි විවහයක් කරදිම

    මුලින්ම තියන්නෙ වටිනාම කරුන වෙන්න ඔනා. එකනෙ එක මුලින්ම දාලා තියන්නෙ නෙ.

    දැන් අම්මලා තාත්තල මෙ දෙවල් දන්නෙත් නැහැ. අපෙ අම්මලට අපි ගමනක් යන්න කලින් වදින්නෙ අපිට 1,2 හොදට කියලා දුන්න. 3 නත් උපරිම කරා.

    ReplyDelete
  3. බොරුකියන එකනම් අනුමත කරන්න අමාරුයි. එතකොට ඇත්තක් කිව්වත් බොරුකියල හිතයි.

    ReplyDelete
  4. මෙතනදි මම බොරු කියනවා කියල අදහස් කලේ දරුවාව යහ මගට ගැනිමේ චේතනාවෙන් කියන බොරු.
    පස්සේ කාලෙක දරුවා කිවේ බොරුවක් බව තෙරුම් ගත්තා වාගේම තෙරුම් ගනිවි, අම්මා/තත්තා බොරු කිවේ තමන්ගේ යහපත උදෙසා බව.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.