Tuesday, June 1, 2010

සීපා ආර්ථික ඝාතකයෙක්ද? | Is the CEPA an economic murder?

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර අත්සන් තැබිමට යෝජිත සීපා ගිවිසුම පිලිබදව සටහනක්;

මිට පෙර මා ලියු "ගොහුරු මඩින් පන්නරයෙන්" හෙලිවන ආර්ථික ඝාතකයෝ ලිපියේ මා මුලින්ම ආර්ථික ඝාතකයන් ගැන සදහනක් කර ඇත. නැවත වරක් එම විෂය කතාකිරිමට සිදුවුයේ "සිපා" නමින් ක්‍රියාත්මක කිරිමට පිඹුරුපත් සකස් කරඇති ගිවිසුම නිසාය. මෙය ඉන්දියාව ආර්ථික ඝාතකයෙකු ලෙසින් අප රටේ ආර්ථිකය ඔවුන්ගේ ග්‍රහණයට ගැන්මට යොදන උපාය මාර්ගයක් ලෙස සිතිමට කරුණු ඇති බව සමහරු පවසති. කෙසේ වෙතත් සිපා ගිවිසුමට අත්සන් නොකරන බවට ජනාධිපතිතුමා ප්‍රාකාශ කර ඇති බව මාධ්‍ය වාර්ථා පලව තිබුණා.

මෙම සිපා ගිවිසුම පිලිබදව මහජනතාව කෙසේවෙතත් අවම වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්වත් තවම දැනුවත් කර නොමැතිවිම කණගාටුවට කරුණක්. මෙම ගිවිසුමේ පිටපතක් ලබා දෙන ලෙස ගම්පහ එ.ජා.ප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජයලත් ජයවර්ධන මහතා ඉන්දිය මහකොමසාරිස්තුමාගෙන් ඉල්ලිමක් කල බව මාධ්‍ය වාර්ථා කර තිබුණා.
කෙසේ වුවද මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේද නැද්ද යන්න රජය තවමත් ස්ථිරවම ප්‍රකාශකර නැහැ. එවන්වු තත්වයක් යටතේ එම ගිවිසුම පිලිබදව ජනතාව දැනුවත් විම කාලෝචිතයි.

"සිපා" යනුවෙන් හැදින්වෙන්නේ පුර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමයි (Comprehensive Economic Partnership Agreement). 1998දි හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අත්සන් කෙරුනු නිදහස් වෙලද ගිවිසුමේ තිබෙන අපට අවාසිදායක හා ගැටලු සහගත තත්වයන් ඉවත් කරනලෙස ශ්‍රි ලාංකිය අපනයනකරුවන් කලඉල්ලිමට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව මෙම සිපා ගිවිසුම යෝජානා කර ඇත.එම ගිවිසුම යටතේ සිදුකෙරුනේ සහන යටතේ භාණ්ඩ ආනයනය හා අපනයනය පමණකි.එහෙත් නව සිපා ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා යන දෙවර්ගයම ආනයනය හා අපනයනයට ඉඩ ලැබේ.
2008 වසරේ අත්සන් කිරිමට යෝජනාවි තිබුණු මෙම ගිවිසුම ජනාධිපතිතුමා කල් දැමුවේ දේශිය ව්‍යාපාරිකයන්ගේ ඉල්ලිම මතයි. දැන් එය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

භාණ්ඩ ආනයනය හා අපනයනය

සිපා ගිවිසුමේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ වාණිජ දෙපාර්තුමෙන්තුවයි.

මෙහි වාසි ගැන සදහන් කරන ප‍්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක ආචාර්යය සමන් කැලේගම මහතා පවසන්නේ මෙම ගිවිසුම නිසා මිල අඩු, නමුත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ, යතුරු පැදි, ජීප්, ලොරි, දුම්රිය හා කාර්යාල උපකරණ ඉන්දීය වෙළඳ පොළින් මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඒ අනුව, නිෂ්පාදකයින්ට සිය පිරිවැය අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් මේ නිසා අපනයන වෙළඳපොළට හෝ ආනයන සඳහා ආදේශක ලෙස අඩුපිරිවැය භාණ්ඩ නිපදවීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත්ය.
එම කරුණ සත්‍යය වුවද,දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය, කේ.එම්. වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ඒ සමගම මෙරට කර්මාන්තශාලා පිහිටුවා ඇති ව්දේශ සමාගම් ඉන්දියාවේ පිහිටාඇති මවු සමාගම් හෝ ශාඛා වැඩිදියුණු කර මෙරට ශාඛා වසා දැමිමට හැකියාවක් ඇති බවයි.

ගිවිසුම යටතේ මිල අඩු භාණ්ඩ මෙරටට ගෙන්වන්නට ඉඩ දෙන්නේ නම් ඒ මෙරට නිශ්පාදනය නොකරන හා දැනට පිටරටින් ආනයනය කෙරෙන ඒවා විය යුතුය.මෙරට නිශ්පාදනය කෙරෙන භාණිඩ ආනයනයට ඉඩ ලබාදුන්නහොත් ඒ තුලින් දේශිය ව්‍යාපාරිකයා වල පල්ලට යැම වැලක්විය නොහැකි කරුණක් වනු ඇත.අනෙක් කරුණ නම් අපට ආනයනය කල හැකි භාණ්ඩ(උදා. තේකොල, කුරුදු, ඇගලුම්) සදහා වැඩි සහන ලැබෙන ලෙස ගිවිසුම සකස්කල යුතුය.
එහෙයින් මෙම ගිවිසුමේ දැනට දන්නා කරුණු අනුව ඉහත මුලධර්මය ආවරණය වන ආකාරයට ගිවිසුම සකස්කිරිමෙන් අප රට වෙත යම් වාසි ලබා ගත හැකි වනවා ඇත.

සේවා ආනයනය හා අපනයනය

සේවා සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ ප‍්‍රතිපත්ති අධ්‍යන ආයතනය වන අතර ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාගච්ජා කරන්නේ ආයෝජන මණ්ඩලයයි.

මෙම ගිවිසුමේ ඇති බරපතලම අංශය නම් සේවා ආයෝජනවලට ඉඩ ලබාදිමයි.එනම් උදාහරණයක් ලෙස ඉන්දියානු සන්නාලියෙකුට මෙහි පැමිණ, ව්‍යාපාරිකයෙකු ලෙස ඇදුම් මැසිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත්, එම ව්‍යාපාරය සදහා සේවයට ඉන්දියාවෙන්ම සන්නාලියන් ගෙන්වා ගැනිමත් කල හැකිය, එමෙන්ම ඔහුටද එම ව්‍යාපාරයේ සන්නාලියෙකු ලෙස සේවය කල හැකිය.
ඒ යටතේ මෙරටට ඉන්දියානු වෘත්තිකයන්,ගලා එනු ඇත. අද ලෝකයේ සමහරක් රටවල ඉන්දියානු ව්‍යාප්තිය බහුලව සිදුවි ඇත. මැදපෙරදිග මෙනම් යුරෝපයේද තත්වය එයයි.මාගේ මතකයේ පරිදි මා සේවය කරන කටාර් දේශයේ, කටාර් ජාතිකයන් ලක්ශ 7-8පමන සිටින අතර ඉන්දියානුවන්ද ලක්ශ 4ක් පමණ මෙහි සේවය කරති.එමෙන්ම අප දන්නා තවත් කරුණක් නම් ඔවුන් අඩු වැටුපකට වුවද පැමිණ සේවය කිරිමට සුදානම් පිරිසකි.
අප රටේ උගත් තරුණයන් රැකියා නොමැතිව සිටීද්දි ඉන්දියානුවන් මෙහි අඩු වැටුපට සේවය කිරිමට පැමිණිය හොත් රටේ විරැකියාව වැඩිවි රටේ තත්වය තවත් දරුණු වනු ඇත.

මෙහි අනෙක් අතට අපටද ඉන්දියාව වෙත ගොස් එසේ ව්‍යාපාර ඇරබිමට මෙන්ම සේවයේ යෙදිමට හැකියාව
ලැබේ. එහෙත් ව්‍යාපාරිකයන් පවසන්නේ පසුගිය කාලයේ පවා එසේ ව්‍යාපාර ආරම්භකිරිමට ගිය සමහට අප ව්‍යාපාරිකයන්ට විවිධ ගැටලු රාශියකට මුහුණ දිමට සිදුවු බවත් මෙම ගිවිසුමෙන් පසුවද එම තත්වය වෙනස් වේ යැයි විශ්වාසකල නොහැකි බවත්ය. අප ජනතාව ඔස්ටේලියාව, ඇමරිකාවට යාමට කැමති වුවද ඉන්දියාවට ගොස් ජිවත් විමට කැමත්තක් දක්වන් ඇතැයි සිතිය නොහැක.අනෙක් අතට ඉන්දියාවේ ජනග්‍රහණය හා අපරටේ ජනග්‍රහණය සංසන්ධනය කරන ව්ට අප ඉන්දියාවට සංක්‍රමණය විම එරටට දැනෙන ප්‍රමාණයට වඩා ඉන්දියානුවන් මෙරටට ගලා ඒම අපට දැනෙනු ඇත.
තවද උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමල ජනතාවගේ ගැටලු වලදි මෙන්ම ඊලාම් යුද්ධයේදි ඉන්දියාව මැදිහත්වන ආකාරය බලන විය ඉන්දියානුවන් මෙරටට ගලා ඒමෙන් පසු ඔවුන්ගේ මැදිහත් විම තව දැඩිවනු ඇතැයි සිතිය හැක.

එහෙයින් මෙම සේවා ආයෝජනය නම් අප රටට කොහෙත්ම හිතකර දෙයක් නොවේ. එහෙයින් එය පිටු දැකිය යුතුය.

ඉන්දියාව මෙම ගිවිසුම හරහා උත්සාහ කරන්නේ අප ආර්ථිකට ඔවුන්ගේ ග්‍රහණයට ගැනිමටද?



මුලාශ්‍ර: 1) 2010 ජුනි 02 ලංකාදිප පුවත්පතේ,මල්ටිකෙම් සමුහ ව්‍යාපාරයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතාගේ "සිපා ශ්‍රි ලංකාවට අහිතකර ඇයි" ලිපිය

2) වෛද්‍ය, කේ.එම්. වසන්ත බණ්ඩාර. ඉන්දු - ලංකා ‘සීපා’ ගිවිසුම උවමනා කාටද ?. අන්තර්ජාල ලිපිනය:http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=1825:2010-05-26-15-54-04&catid=1:latest-news&Itemid=269 [ප්‍රවේශවු දිනය:2010 ජුනි 02]

20 comments:

  1. සඳහන් කරල තියන කොන්දේසි වලට යටත් වෙලා ඕක අත්සන් කෙරුවොත් අපිට ඇපත් නෑ.දැනටමත් ඉන්දියාව අපේ රට සෑහෙන්න ආක්‍රමණය කරල තියෙන්නෙ.උන්ට ඕනෙ වෙළද පල ව්‍යාප්ත කර ගන්න.ඉන්දියන් බඩු ලංකාවටනම් එයි.ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන්න දෙයක් තමා නැත්තෙ.
    අර උගත් තරුණයන් ‍රැකියා නැතිව ඉන්න එකනම් ලැජ්ජාවට කාරණයක්.හැමෝම හොයන්න ‍රැකියා.‍රැකියා උපද්දන විදියක් ගැන ඔය උගත් පරපුර හිතන්නෙ නැති එකයි වැඩේ.

    ReplyDelete
  2. CEPA epoooooooooooooooooooooo!

    ReplyDelete
  3. සීපා ගිවිසුම ස්ථීරවම අත්සන් කරනවා - කෙහෙළිය රඹුක්වැල්ල

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා ගිවිසුම මෙම වසර අවසානය වන විට ස්ථීර වශයෙන්ම අත්සන් කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6778:2010-06-04-05-57-14&catid=35:2008-10-13-08-30-14&Itemid=63)

    ReplyDelete
  4. සිපා, සාට්ස් නමින් කරලියට

    ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ත‍්‍රියාත්මක කිරීමට යෝජතව තිබූ සීපා ගිවිසුම වෙනුවට සාටිස් නම් ගිවිසුමක් ක‍්‍රියාත්මන කිරීම සඳහා දෙරට අතර සාකච්චා පැවැත්වෙන බව වාර්තා වේ. සාටීස් යනු සෆ්ටා ගිවිසුමේ දිගුවක් ලෙසද සැලකිය හැකිය.

    ‘දකුණු ආසියානු සේවා අශ‍්‍රිත නිදහස් වෙළඳ ගිවිසුම’ ලෙස නම් කර ඇති මෙම ගිවිසුම මඟින් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු සියළුම වෘත්තිකයන්ට දෙරට අතර නිදහසේ සේවා සඳහා ගමන් කිරීමට ඉඩ සැලසෙන බව පැවසේ. මෙම ගිවිසුම කෙටුම්පත් කර ඇත්තේ ලොක වෙළඳ සංවිධානයේ උපදෙස් සහ අධීක්‍ෂනය යටතේ බවද වාර්තා වේ.

    අදාල ගිවිසුමේ මූලික සැකිල්ලට මීට කලකට පෙර නේපාලයේදී දෙරාටේ බලධාරීන් විසින් අත්සන් තබා ඇති අතර අද පස්වරුවේ වාණිජ දෙපාර්තමේන්තුවේදී ගිවිසුම ක‍්‍රියාත්ම කිරීමට අදාල තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

    කෙසේ වෙතත් මෙම එකඟතාවය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා වෘත්තිකයන් වෙත ආරාධනා කර ඇත්තේ අවසන් මොහොතේ වන අතර ඒ අදාල ගිවිසුම අධ්‍යනය කිරීමට ඉඩ ලබා නොදීමේ අරමුණින් එසේ කරන්නට ඇතැයි වෘත්තිකයෝ පවසති.

    කෙසේ වෙතත් සීපා ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා යම් විරෝධයක් දැක්වූ වත්මන් වාණිජ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාද හිටපු ප‍්‍රධානී ගෝමි සේනාධීර මෙන් ඉන්දියාවට නතුව ඇත්තේ දැයි එම වෘත්තිකයෝ සැක මතු කරති

    http://www.lankacnews.com/sinhala/main-news/59114/

    ReplyDelete
  5. ඉන්දියානු ලාබ ශ‍්‍රමිකයන් මෙරට සියලූ රැකියා අල්ලා ගනීවි
    May 30, 2012 at 11:22 am | Lanka C News.

    ඉන්දියාව විසින් සිටීස් ගිවිසුම හරහා ඉල්ලා ඇති සේවා අංශ සඳහා අප රට විවෘත කළහොත් සියලූම ක්‍ෂෙත‍්‍රවල ඉන්දියානු ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණ රැකියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එමගින් ශ‍්‍රී ලංකාවේ සේවා ක්‍ෂ්ත‍්‍රවල ආධිපත්‍යය ඉන්දියාව විසින් ඉතා කෙටිකලකදී අත් පත් කර ගන්නවාට කිසිදු සැකයක් තිනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

    එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වේ.

    මාධ්‍යවලටද පිටපත් සහිතව යොමු කර තිබු එම ලිපිය මෙසේය.

    සීපා ගිවිසුම වෙනුවට සාටිස් ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලීම

    මීට වසර 2කට පෙර මූලික පතිපත්තිමය රාමුවක් ලෙස අත්සන් කළ දකුණු ආසියානු සේවා වෙළද ගිවිසුම හෙවත් සාටිස් ගිවිසුමට අදාළ කොන්දේසි අඩංගු අවසාන ලියවිලි සකස් කිරීම මේ වනවිට වාණිජ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකොට ඇත. ඒ පිළිබදව ඔබතුමාටද වාර්තා වී ආතැයි අපි කල්පනා කරමු. එම ගිවිසුම අනුව සාර්ක් රටවල් තම රටවල් විසින් ව්වෘත කළයුතු සේවා අංශ පිළිබදව ඉල්ලීම් එකිනෙකා වෙත යැවිය යුතුය. ඉන්පසු රටවල් විසින් එම ඉල්ලීම බාරගත් බවට සහතික වූ පසුව ගිවිසුම ක‍්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය.

    ඒ අනුව ඉන්දියාව අප රටේ ගිවිසුම් සේවා අංශ විවෘත කරන ලෙස දීර්ඝ ඉල්ලීම් ලයිස්තුවක් ඉදිරිපත්කොට ඇත. ඊට ප‍්‍රතිචාර ලෙස වාණිජ දෙපාර්තමේන්තුව විසින් ලේඛනයක් යවා ඇති බව වාර්තාවේ. මෙම තීන්දු කිසිවකට අදාළ අමාත්‍යවරයාගේ, කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවද වාණිජ දෙපාර්තමේන්තුව විසින් පවසා ඇති බවද වාර්තා වේ. එවැනි තත්වයක් තුළ අඩුම තරමින් එසේ විවෘත කිරීමට එකග වන සේවා අංශ මොනවාදැයි මෙම නිලධාරීන් විසින් මහජනයාට හෝ අඩු තරමින් විද්වත් වෘතිකයන්ටවත් දැනුම්දී නැත. එසේ ඉතා බරපතල ලෙස මහජන නිලධාරීන් විසින් ස්වාධිපත්‍ය උල්ලංගනය කිරීමක් ලෙස අපි විශ්වාස කරමු.

    ඉන්දියාව විසින් ඉල්ලා ඇති සේවා අංශ අප රට විසින් විවෘත කළහොත් සියලූම ක්‍ෂෙත‍්‍රවල ඉන්දියානු ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණ රැකියා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එමගින් ශ‍්‍රී ලංකාවේ සේවා ක්‍ෂ්ත‍්‍රවල ආධිපත්‍යය ඉන්දියාව විසින් ඉතා කෙටිකලකදී අත් පත් කර ගන්නවාට කිසිදු සැකයක් අපට නැත. එම නිසා අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නිලධාරීන් පිරිසක් විසින් දියත්කොට ඇති මෙම අත්තනෝමතික මෙහෙයුම නවත්වා සාටිස් ගිවිසුමට අදාළ ක‍්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවන ලෙසය. ඉන්පසුව ඒ පිළිබ`දව මහජන සංවාදයක් ඇති කිරීමට ඉඩ සලසන ලෙසද අපි ඉල්ලා සිටිමු. කලබලයේ සහ හොර රහසේ වැදගත් ආර්ථික තීන්දු ගැනීමෙන් ආපසු හැරවිය නොහැකි වැරදි සිදුවන බවටද කිසිදු සැකයක් අපට නැත. ඒ නිසා අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මහජන සංවාදයකට පසුව අදාළ සේවා අංශවල දේශීය ව්‍යාපාරිකයන්ගේ හා වෘතිකයන්ගේ විරෝධයක් නොමැති අංශ පමණක් සීමාවන්ට යටත්ව විවෘත කළ හැකිද යන කාරණය සොයා බලන ලෙසය.

    ඔබට ජය.

    ආචාර්ය ගුණදාස අමරසේකර,

    සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

    ReplyDelete
  6. රනිල්-මෝදි සමග ‘සෙපා’ යළි මතුවේ… චීන නිදහස් වෙළඳ ගිවිසුමට අබ සරණද ?


    සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක් දක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.

    ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෙපා ගිවිසුම සම්බන්ධයෙන් ලංකාව බියට පත්විය යුතු නැති බවත් මෙම ගිවිසුම මගින් දෙරටටම ප්‍රතිලාභ අත්වනු ඇති බවයි.

    මේ නිසා, විශ්වාසදායී ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිටත් නිදහස් වෙළඳ ගිවිසුමක් තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවේ 2000 වසරේදීයි.

    මෙම ගිවිසුම තවත් පුළුල් කරමින් දෙරට අතර සේවා අංශයද විවෘත කරමින් සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව 2003 වසරේදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ අතල් බිහාරි වජ්පායි මහතාගේ ප්‍රමුඛත්වයෙන් සංවාදයක් ඇතිවිය.

    මෙම සංවාදය කිරීම සඳහා දෙරට විසින් විද්වත් කණ්ඩායම් දෙකක් පත්කළ අතර මෙරට කණ්ඩායමේ නායකත්වය කෙන් බාලෙන්ද්‍රන් මහතා දරද්දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ එවක රිසර්ව් බැංකුවේ ප්‍රධානී රකේෂ් මොහාන් මහතායි.

    ලංකාවේ ආණ්ඩු පෙරළිය, චීන නිදහස් වෙළඳ ගිවිසුම සහ සෙපා

    ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළි හමුවේ සෙපා ගිවිසුම යටගිය අතර පසුගිය රජය විසින් චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු සකස් කළේය.

    සෙපා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට ඇතිවී තිබූ සමාජ කතිකාව තරම් කථිකාවක් චීන නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මතු නොවීම කණගාටුවට කරුණකි.

    එහි අඩු ලුහුඬුකම් පිළිබඳව විද්වත් සමාජයට පවා අදහසක් ලබාගැනීමට තරම්වත් කාලයක් ලබා නොදී එය අත්සන් කිරීමට පසුගිය රජය උනන්දුවක් දැක්වීය.

    රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යවරයා වීමත් සමග දැන් කරළියට පැමිණ තිබෙන්නේ සෙපා ගිවිසුමයි. චීන නිදහස් වෙළඳ ගිවිසුම යට ගොස් තිබේ.

    ඉන්දියාව සහ චීනය ලංකාවට ඇති උනන්දුව

    මෙම ගිවිසුම් දෙක ඉදිරියට ගෙන යාමට ඒ ඒ රටවලට තිබෙන දැඩි වුවමනාව මගින්ද පෙනෙන්නේ උපාය මාර්ගික වශයෙන් ලංකාව තුළ සිය අධිපත්‍ය පැතිරවීමට චීනය සහ ඉන්දියාවට තිබෙන උනන්දුවයි.

    චීනය ආධිපත්‍යය පතුරුවන විට ඉන්දියාව පීඩනයට පත්වන අතර ඉන්දියාවට වාරය පැමිණෙන විට චීනය පීඩනයට පත්වේ. ප්‍රායෝගික දේශපාලන සත්‍ය වන්නේ එයයි.

    සෙපා ගිවිසුමට එරෙහි විරෝධතා

    සෙපා ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධ වූ පාර්ශවයන් අතර දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ලංකා පදනම යන සංවිධාන ප්‍රමුඛව කටයුතු කළේය.

    ඔවුන් තර්ක කළේ දැවැන්ත වෙළඳ පොළක් හිමි ඉන්දියාවට ලංකාවේ සේවා අංශයද විවෘත කිරීම තුළින් ලංකාවට දැඩි අහිතකර බලපෑමක් ඇති වනු ඇති බවයි.

    මෙම ගිවිසුමේ සේවා නිදහස් කිරීමට අනුව ඉන්දියාව සේවා අංශ 80 ක් පමණ නිදහස් කිරීමට එකඟ වී තිබූ අතර ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සේවා අංශ 20 ක් පමණ නිදහස් කිරීමට එකඟ වී තිබුණි.

    කෙසේවෙතත්, මෙය කරුණු හරිහැටි අවබෝධ කර නොගෙන එල්ල කරන පුහු විරෝධයක් බවත් මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් ලංකාවට ලෝකයේ දැවැන්තම වෙළඳ පොළක් විවෘත වනු ඇති බවත් නැගෙන තවත් විද්වත් මතයකි.

    මේ නිසා, සෙපා ගිවිසුම අත්සන් කිරීම මගින් ලංකාවට පුළුල් වාසි අත්කර ගතහැකි යැයි ඔවුන්ගේ මතයයි.

    වටින්නේ නිවැරදි දේ කිරීමයි

    පවතින තත්ත්වය අනුව සෙපා ගිවිසුම ඉදිරියට රැගෙන යාමට වැඩි අවස්ථාවක් තිබේ. සෙපා වුවත් චීන නිදහස් වෙළඳ ගිවිසුම වුවත් අවශ්‍ය වන්නේ රටට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ගිවිසුමකට එළඹීම මිස රටක බලයට පීඩනයට යටවී ඔවුන් ඉල්ලන ගිවිසුම් වලට එළඹීම නොවේ.

    විරෝධතා තිබුණත් සෙපා හොඳ නම් එය අත්සන් කිරීමේ වරදක් නොමැත. නමුත්, එයට පෙර ගිවිසුමේ දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳව ගැඹුරෙන් හැදෑරීම සහ සමාජය තුළ පුළුල් කථිකාවක් නිර්මාණය කිරීම වැදගත් වේ. සෙපා රටට අහිතකර නම් මෝදි උනන්දු වූවාට එය අත්සන් කළ යුතු නැත.

    මෙය චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමටද අදාළය.

    Sourse: https://lankacnews.com/sinhala/main-news/129423/

    ReplyDelete
  7. අපිට ඕනෑ සල්ලි ඇති චීනයද? චීනයට ණය ඉන්දියාවද?‘ - part 1

    සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. එමගින් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි.
    1. දෙරට අතර භාණ්ඩ අලෙවිය
    2. දෙරට අතර සේවා අලෙවිය
    3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම
    4. දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ
    ඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුළත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.
    ආර්ථික ආක‍්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.
    නූතන ලෝකයේ යුධමය ආක‍්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීම ස`දහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කර ගනිමින් ගිවිසුම් මගින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක‍්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරාගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වු කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක‍්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක‍්‍රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත ස`දහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමගින් සුළු පිරිසකගේ සුභසාධනය ස`දහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදු වේ. මෙම ආර්ථීක ආක‍්‍රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ.
    බොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශික වන අතර ඇතැම් විට එවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මු`ඵ ඇමෙරිකාවම ගිවිසුම් මගින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප‍්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත් ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය යන පොත්වල මනාව සඳහන් වෙයි.
    මෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම ස`දහා බලගතු රටවල දක්‍ෂ නිළධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත‍්‍රවල ඇති සියලූ අඩුපාඩු තුළින් රිංගා ගත හැකිවන ලෙස සූක්‍ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළෙ`ද ගිවිසුම්වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුමේ කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකි වන අතර ද්වීපාර්ශික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමටාම පවා ආයතනයක් නොමැති වනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිපදෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප‍්‍රසාදවලට බිලීබා ගැනීමද සිදු වේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දිභට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කථාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක‍්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප‍්‍රචාරයක් ගෙනයයි. මේ සඳහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍යයන් දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදුකරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග‍්‍රහණයට හසුවු ආර්ථිකයක් ඇති රටක් බවට පත්කරයි.

    http://www.lankadeepa.lk/index.php/business/310083

    ReplyDelete
  8. අපිට ඕනෑ සල්ලි ඇති චීනයද? චීනයට ණය ඉන්දියාවද?‘ - part 2

    ඉන්දියානු ආර්ථික අධිරාජ්‍යය සිහිනය සහ ඉන්දු ශ‍්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම.
    ඉන්දියානුවන් විසින් ඉතා සූක්‍ෂම ලෙස ශ‍්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ‍්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් ම`ගින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4 ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡුා වට 4 ක් පමණක් අවසන් කර එවකට ශ‍්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළ දී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක‍්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මගින් භාණ්ඩ වෙළෙඳාම පමණක් ආවරණය වන අතර එමඟින් ශ‍්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප‍්‍රස්තාරයෙන් දැක්වේ.
    web
    ඉහත ප‍්‍රස්තාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතත්, නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට පමණ සීමාවී අවුරුදු 10 ක් පුරාම එකතැන පල්වෙමින් පවතියි.
    ඉහත කී ඇ.ඩො. මිලියන 500 ක පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ‍්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනීයයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙනයාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.
    යෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.
    ඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීරණ ආර්ථික ගිවිසුම ඉතාමත් සුපරික්‍ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත සීපා ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක‍්‍රමණ යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් වේ.
    ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ‍්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩිවේ. ඉන්දියාවේ ශ‍්‍රමබලකාය මිලියන 523 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප‍්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිත ප‍්‍රමාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිත ප‍්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යටතේ සීපා වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ‍්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාශයන් මොනවාදැයි තර්කානුකූලව අපට සිතිය හැකියි. සීපා ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග‍්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රාජ්‍යයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප‍්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනීයයි.

    http://www.lankadeepa.lk/index.php/business/310083

    ReplyDelete
  9. අපිට ඕනෑ සල්ලි ඇති චීනයද? චීනයට ණය ඉන්දියාවද?‘ - part 3

    චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය
    වසර 2000 ට ලඟාවනවිට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ටි‍්‍රලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ටි‍්‍රලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.ඩො. ටි‍්‍රලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලිගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථීකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ටි‍්‍රලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. ෂඵත්‍ ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වන විට ඉන්දියානු ආර්ථිකයට ලඟාවිය හැක්කේ ඇ.ඩො. ටි‍්‍රලියන 3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ටි‍්‍රලියන 13 කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරඟයෙන් සැබෑ ලෙසම ජයගැනීමට චීනය සමත් වී ඇති බව පැහැදිලිය.
    චීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20 ක ආධාර.
    ආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දසවසර තුළ ශ‍්‍රී ලංකාවට මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුණු ඉන්දියාව අපට කෙනෙහිලිකම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙනඑන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළ දී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප‍්‍රධානතම වෙළෙ`ද ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො. බිලියන 66 ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, ඉන්ටනැෂනල් ට්‍රේඩ් නිව්ස් යන ආයතනයේ ප‍්‍රකාශනයක සඳහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකගවී ඇති බවත්, සඳහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ‍්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මගින් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.
    අප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආයෝජනද?
    ඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තවදුරටත් පැවතීමට නම් ශ‍්‍රී ලංකාව කෙසේවත් ක්‍ෑඡු් වැනි ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ‍්‍රී ලංකාවට මිත‍්‍රශීලි ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත‍්‍රශීලී නොවන ක‍්‍රියාපටිපාටියකි.
    තත්ත්වය මෙසේ බැවින් ශ‍්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන, අපට සෘජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගතයුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණය ගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ‍්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම්වලට අවනත වීමටද ශ‍්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගතයුතු කරුණකි.

    http://www.lankadeepa.lk/index.php/business/310083

    ReplyDelete
  10. අපිට ඕනෑ සල්ලි ඇති චීනයද? චීනයට ණය ඉන්දියාවද?‘ - part 4

    එබැවින් අද දිනයේ ප‍්‍රබලම අවශ්‍යතාවය වනුයේ සීපා වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩකිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ‍්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.
    2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධුර කාලය පටන්ගත් විගසම ශ‍්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ‍්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතිකවී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වු දේ ඉෂ්ට කර ඇද්ද යන්න පිළිබ`දව මනා අධ්‍යයනයක් සිදුකිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප‍්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දිර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාව තුළද සිදුවන්නේදැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ‍්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති සඳහා විශාල ලෙස පරික්‍ෂණ පවත්වා දඩුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපාර මගින් රටට හානිවී ඇති සිද්ධීන් එකකටවත් පරීක්‍ෂණ පවත්වා හෝ දඩුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.
    රටක තරුණ පරපුරේ වගකීම
    ඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවදානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප‍්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමග අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.
    සීපා ගිවිසුමේ ඇති අවදානම පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි මාර්ගයෙන් දැනුවත් විය හැක.
    www.nocepa.com හා www.cepaepa.com

    http://www.lankadeepa.lk/index.php/business/310083

    ReplyDelete
  11. ඉන්දියාවේ සහයට ඇමරිකාව සීපා ගිවිසුම කරට ගනී.. අත්සන් තැබීමට සියල්ල සූදානම්..
    July 25, 2015 at 12:00 pm | lanka C news

    ලෝක ඉතිහාසයේ පළමු වරට වෙනත් රටවල් දෙකක් අතර සිදුවන ද්වී පාර්ශ්වික ආර්ථික එකඟතා ගිවිසුමක් ‍වෙනුවෙන් වෙනත් රටක් මැදිහත්වීම මේ දිනවල සිදුවෙමින් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වී ඇති මෙම පුද්ගලයාගේ මූලික ඉලක්කය වී ඇත්තේ මහ මැතිවරණය අවසන් වූ වහාම සීපා ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සැළැස්වීමයි.

    මාස දෙකක කාලයක් සඳහා කර ඇති මෙම පත්වීම අනුව ලංකාවේ සීපා විරෝධී පුද්ගලයින් හා සංවිධාන හමුවී ඔවුන්ගේ ඇති සීපා විරෝධය සමනය කිරීම මොහුගේ එක් කාර්යයකි. චීනය මෙරට සිදුකරන ආයෝජන දුර්වල කිරීමටත් එම අවස්ථාව ඉන්දියාවට ලබාදී පසුව ඉන්දියාව හරහා ලංකාවට ප්‍රවේශ වීමටත් ඇමරිකාව මෙම සැළසුම් සකස් කර ඇත. එම සැළසුම්වලට අනුව මහ මැතිවරණයෙන් රනිල් බලයට පත්වූ පසු(-ඔවුහු එසේ සිතා සිටිති) සැප්තැම්බර් මාසයේ මැද වන විට සීපා ගිවිසුමේ කෙටුම්පත අවසන් කිරීම හා/හෝ හැකිනම් ගිවිසුම අත්සන් කිරීම දක්වා ගෙනයාමටත් මෙම වැඩබලන අධ්‍යක්ෂවරයා පත් කර ඇත.

    ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ “America wants to make India the Economic Power in this region, and therefore we support CEPA and no escape” යනුවෙනි.

    https://lankacnews.com/sinhala/news/133999/

    ReplyDelete
  12. ඉන්දියාව සමඟ ‘සීපා’ ගිවිසුම අත්සන් කරන්න සියල්ල සූදානම්.. – අගමැති
    August 10, 2015 at 4:08 am | lanka C news

    ඉන්දියාව සමඟ සීපා ගිවිසුම අත්සන් කිරීමට සියළු කටයුතු සූදානම් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොළඹදී පැවති වාණිජ සමුළුවකදී ප‍්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මවුබිම ලංකා පදනම සඳහන් කරයි.

    එහි සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමනායක මහතා විසින් මේ බව සඳහන් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා වෙත යොමු කරන ලද ලිපි මෙහි දැක්වෙයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය මෙතනින්

    https://lankacnews.com/sinhala/news/134571/

    ReplyDelete
  13. ‘සීපා’ සියල්ල සූදානම්.. අවසන් සාකච්චා සඳහා අගමැති රනිල් ඉන්දියාවට..
    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති සීපා ගිවිසුමේ අවසන් අදියරයන්ට පැමිණි ඇති බව ඉන්දීය මාධය වාර්තා කරයි.

    http://lankacnews.com/sinhala/news/135491/
    ලබන 14 වන දින ඉන්දියාවේ සංචාරයක යෙදීමට නියමිත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චා සිදු කෙරෙනු ඇතැයිද සඳහන්ය.

    වත්මන් රජය යටත් සීපා ගිවිසුම අත්සන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයිද ඉන්දීය රජය විශ්වාස කරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

    ReplyDelete
  14. සීපා එනවා. සූදානම් වෙන්න. මලික්ගේ ප්‍රකාශය ගම්මන්පිල හෙළි කරයි.

    පසුගිය නොවැම්බර් මාසෙ 5 වෙනිදා වෝටස් එජ් හෝටලයේ පැවති උත්සවයකදී කොයිල් නමින් හදුන්වන තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය ඇමතූ මලික් සමරවික්‍රම අමාත්‍ය වරයා ප්‍රකාශ කරනවා සීපා වලට විරුද්ධ වීමෙන් පලක් නෑ. 2016 මැයි මාසෙ සීපා ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අභියෝග වලට මුන දෙන්න ලෑස්තිවෙලා මේ විරෝධතා හකුලගන්න කියල. සීපා නිසා ලංකාව ඉන්දියාවේ ආර්ථික කොලනියක් වෙන බව අපි රටට මින් පෙරත් පැහැදිලි කලා. අද 5% වන මෙරටේ විරැකියාව වසර දෙක්ක ඇතුලත 10% ඉක්මවා යනවා. ලංකාවේ කම්කරුවෙකු රුපියල් 1000 සක අවම වැටුපක් ඉල්ලද්දි රුපියල් 200ට වැඩකරන ඉන්දියානු කම්කරුවෙක් ලංකාවෙ ඉන්නකොට අපි හැමෝම ජාති ආලය පැත්තක තියල ලාබයට සේවය සපයන අය වෙත හැරෙනවා. වෛද්‍ය වරුද, නීතිඥයන්ද, බාබර්ද, ටේලර්ද හැම තැනකම සිදුවෙන්නේ මේ දෙයමයි. බලා ඉද්දි මේ රටේ ආර්ථිකය කඩා වැටෙනව.

    ඒ නිසා ලංකාව ඉන්දියාවට ආර්ථික වශයෙන් යටත් කරන ඉන්දියාවේ ආර්ථික කොලණියක් බවට පත්කරන සීපා අත්සන් කරල රට නැවත නිවැරදි කල නොහැකි උගුලක හිරකරන්න එපා කියල අපි මේ ආණ්ඩුවට කියනව.

    1815 උඩරට ගිවිසුම අත්සන් කරලා රදලයො සුද්දොත් එක්ක එකට සැමරුව. වාරියපොල සුමංගල හිමි සුද්දදගෙ කොඩිය ඇදල දාපු එකට අපේ රදලයො විරුද්ද වුනා. හැබැයි අවුරුදු තුනක් යද්දි ඒ අයට තේරුනා අපිට වැරදුනා කියල. කැප්පෙටිපොල, දුල්ලෑවෙ, මඩුගල්ල වැනි සුද්දගෙ පැත්තෙ හිටපු නිලමෙලම තමයි සුද්දට එරෙහිව ආයුධ අතට ගත්තේ. නමුත් එතකොට අපි පරක්කු වැඩි. ඈත එපිට සුද්ද වගේ නෙවෙයි කිලෝමීටර් 32 එහාපැත්තෙ ඉන්න ඉන්දියාන් කාරය රට ඇතුලට දාගත්තට පස්සේ කනෝ කනෝ කියල කෑගහනව මිසක් ආපහු ඉන්දියාවට යවන කතානම් බොරු. ඔබතුමාලට අපි කියන දේ ගැන ගැටළුවක් තියෙනවනම් අපි සමග සංවාදයකට එන්න. මේ රටේ ආර්ථිකය විනාශවෙන දෙයක් ලෙස මෙය අපි ප්‍රභලවම කියන නිසා කරුණාකරල මේ ගැන අපිත් එක්ක සංවාද කරන්න. ඒ සංවාදයේදී අපි වැරදිනම් ඔබතුමන්ල නිවරදිනම් අපි ලෑස්තියි සීපා පිලිගන්න. නමුත් ඔබලා බලපෑමට යටත්වෙලා ඉන්දියාවට කළගුණ සලකන්න මේ විනාශයනම් කරන්න එපා කියල මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    අද දවසේ ෆිජි ඉරනම හෙට දවසේ ලංකාවට

    ඒ වගේම ඉන්දියානු ශ්‍රමිකයන් මේ ආකාරයෙන් ලංකාවට ආවොත් ෆීජි රටට වෙච්ච දේ ලංකාවය වෙන අවදානමක් තියෙනව. ෆීජි රටේ අද බහුතරය ඉන්දීය සංක්‍රමනිකයන්. දේශිය ජනතාවට වඩා ඉන්දීය සංක්‍රමණිකයන්. ඒ නිසා අද ඒ රටේ ජනාධිපති අගමැති වෙලා රට පාලනය කරන්නේ ඉන්දීය සංක්‍රමණිකයන්. දේශීය ජනතාව බලවත්ව ඉන්නේ යුධ හමුදාවේ පමනයි. හමුදා කුමන්ත්‍රණයක් කරල රටේ බලය බලෙන් අල්ලාගන්නවා හැරුණුවිට කවදාවක් තමන්ගේ රටේ බලය ඡන්දයෙන් ලබාගන්න ෆිජි රටේ ස්වදේශික ජනතාවට නොහැකි වෙලා තිබෙනවා.

    අද දවසේ ෆිජි රටේ ඉරනම හෙට දවසේ ලංකාවට උදාකර දෙන්න එපා කියල අපි මේ ආණ්ඩුවට කියනවා.

    http://lankacnews.com/sinhala/news/137695/

    ReplyDelete
  15. ‘සීපා’ නම නෑ.. වෙන නමකින් ඉන්දු-ශ‍්‍රි ලංකා ගිවිසුම ගහනවා – මලික්..

    ලබන වසරේදී ඉන්දියාව සමඟ ආර්ථික හා සේවා ගිවිසුමක් අත්සන් කිරිමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා යොමු කල ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි

    http://lankacnews.com/sinhala/news/137952/

    ReplyDelete
  16. CEPA coming as ETCA, says GMOA

    A group International Trade Ministry officials will leave for India on December 21 to make a final decision on the Economic and Technology Cooperative Agreement (ETCA) with India which was earlier known as Comprehensive Economic Partnership Agreement (CEPA), Government Medical Officers' Association (GMOA) revealed on Monday. The revelation was made by International Trade Minister Malik Samarawickrama during a meeting held yesterday with GMOA members who continuously opposed the long-pending CEPA/ETCA. GMOA member Dr. Haritha Aluthge told the Daily Mirror that according to International Trade Minister Samarawickrama, a final decision on the long-pending agreement would be made on December 22. “We pointed out the kind of damage that will be posed to the Sri Lankan trade community. We were informed by the minister that they would finalize the ETCA only after reading the facts in the agreement and studying them,” Dr. Aluthge said. However, during a media briefing held yesterday by the GMOA, its Secretary Dr. Nalinda Herath said all arrangements have been made to sign the CEPA/ETCA agreement between Sri Lanka and India in January. “Though the name CEPA has been changed to ETCA, we still cannot accept allowing unemployed Indian professionals to enter the Sri Lankan labour market. As we previously said, we extend our fullest support to the Government to improve the quality and skills of Sri Lankan professionals up to international standards. But, instead of uplifting local labourers, the government is going to hire Indians. As the ones who opposed the ETCA, we have had to face defamation from some people. Since we oppose it, the GMOA’s and all state professionals’ reputation is being defamed by some people. The public should be concerned over this due to the impending dangers it would cause,” Dr. Herath explained. (Piyumi Fonseka)

    http://www.dailymirror.lk/98529/cepa-coming-as-etca#sthash.iqpbtDC9.dpuf

    ReplyDelete
  17. Economic, technical agreement with India instead of CEPA – Ranil tells Parliament

    Prime Minister Ranil Wickremesinghe told Parliament today (09 December) that an economic and technical cooperation agreement should be signed with India instead of the Comprehensive Economic Partnership Agreement (CEPA).

    While speaking further, the Prime Minister said that this proposed agreement would be only for the goods and technical sector and would not be applicable on professional services.

    Ranil Wickremesinghe added that such agreements would be signed with countries like China and Singapore, that these new agreements could provide employment opportunities for hundreds of thousands of Sri Lankan youth thus providing a permanent solution to unemployment issues.

    http://bizenglish.adaderana.lk/economic-technical-agreement-with-india-instead-of-cepa-ranil-tells-parliament/

    ReplyDelete
  18. මෙරට පෞද්ගලික රෝහල්වල ඉන්දීය වෛද්‍යවරුන් සේවය කිරීම සම්බන්ධව නියාමනය කිරීමේ නීතිය මීට වඩා පුළුල් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ (28 වැනිදා) සවස තම සංගමය හා පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ සවස ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා හමුවී තම ගැටලු සම්බන්ධව සාකච්ඡා කළ බවද වෛද්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ඉන්දු ලංකා වෙළෙඳ හා තාක්‍ෂණ ගිවිසුමට අදාළ කෙටුම්පත පෙබරවාරි මාසයේ සකස්‌ කර ජුනි මස අත්සන් කරන බව ඇමැතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවත් වෛද්‍ය හේරත් මහතා මේ යටතේ තොරතුරු තාක්‍ෂණය සහ නැව් සෑදීමට අදාළ ව්‍යාපෘති පමණක්‌ අරඹන බව ඇමැතිවරයා කී බවද ප්‍රකාශ කළේය.

    මෙම ගිවිසුම සම්බන්ධව ඉදිරියේදී සිදුකෙරෙන සෑම සාකච්ඡාවක්‌ සඳහාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනකුට සහභාගි වීමට අවස්‌ථාව ලබාදෙන බවද ඇමැතිවරයා පොරොන්දු වූ බව වෛද්‍ය හේරත් මහතා කීවේය. එමෙන්ම මෙරට වෛද්‍යවරුන් යොදවා විදේශ විනිමය ඉපයීමට අවශ්‍ය ක්‍රමවේදය ඉතා ඉක්‌මනින් සෑදීමට ඇමැතිවරයා එකඟ වූ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය

    http://www.divaina.com/2015/12/29/news22.html

    ReplyDelete
  19. ඉන්දු-ශ‍්‍රී ලංකා ගිවිසුම ජුනි මසට පෙර අත්සන් කරනවා..

    එළැඹෙන ජූනි මස නිමවන්නට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම අත්සන් තබන බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයි කියා සිටියේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසියක් වන ආකාරයෙන් සකස් නොකරන බවත්, මේ හරහා ඉන්දීය වෙලෙදපොළට ඇතුළුවීම මෙරට ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වනු ඇති බවයි.

    මෙම ගිවිසුම මගින් මෙරට තොරතුරු තාක්ෂණික හා නෞකා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයන්ට අදාළ සේවා පමණක් ඉන්දියාව වෙත විවෘත කිරීමට දැනට සැලසුම් කර තිබුණද වෙනත් කිසි සේවාවක් විවෘත කිරීමට අදහසක් නැතැයිද ඔහු කියා සිටියේය.

    http://lankacnews.com/sinhala/news/139769/

    ReplyDelete
  20. ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙරට ඉංජිනේරුවෝ හාන්සියි.. වහා සටන් කැඳවයි..

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත.

    මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්‍රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී.

    පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    http://lankacnews.com/sinhala/news/139783/

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.