Wednesday, March 25, 2009

අතිතය අමතක නොකිරිම හා අතිතයේ ජිවත් නොවිම

මිනිහෙක් වැටිලා ඉන්න වලෙන් ගොඩ ඇවිල්ලා සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙනවාට සමහරු කැමති නැ. තමන්ගේ තත්වයේ හිටපු කෙනෙක් උඩට යන එක සමහරුන්ට වාවන්නේ නැ. එකෙක් උඩට ගියහම අනිත් අය නිතරම බලන්නේ වැරැද්දක් අල්ලගන්න. ඉස්සර වෙච්ච වැරදි ගැන කථා නොකරපු අය නොකල වැරදි පටවමින් විවේචනය කරන්න පෙලබෙනවා. ඒ අර වාවගන්න බැරි කම නිසා වෙන්න ඔනි.

වැස්සට තෙමෙන වහලයට අලුත් උලු හෙවිල්ලුවාම කියන්නේ දැන් උන්ට හරි ගිහිල්ලා කියලා. ඉට පස්සේ නොදැක ගියොත් කියනවා, හරි ගිහින් නිසා දැකලා අහක බලන් ගියා කියලා.

මිනිහෙක් දියුණු වුනාට පස්සේ තමන්ගේ අතිතය අමතක කරන්න හොද නැ.තමන්ට ඒ තත්වයට එන්න උපකාරිකරපු අයට පුලුවන් විදියට උපකාරි කරන්න ඔනි.ඒ විතරක් නොවෙයි තමන් වටේ ඉන්න නැති බැරි හිතවතුන්, නැදැයන් ටත් පුලුවන් විධියට උපකාරි කරන එක තමයි යුතුකම.එයින් එකෙක්වවත් ඉන්න තත්වයෙන් ඉහලට ගන්න පුලුවන් වුනොත් එය මහා පුණය කර්මයක් වේවි.

හැබැයි අතිතය අමතක කරන්න හොද නැති වුණාට එයින් කියවෙන්නේ නැ අපි අතිතයේම ජිවත් වෙන්න ඔනි කියලා.

අපි ජිවත් වෙන්න ඔනේ අතිතයේවත්, අනාගතයේවත් නොවෙයි, වර්ථමානයේයි. ඒත් සමාජයේ සමහරු බලාපොරොත්තු වෙනවා අපි අතිතයේ විදියටම ජිවත් වෙන්න ඔනි කියලා. ඒක එහෙම නොවුණ හොත් චෝදනා එල්ල කරනවා අතිතය(මුල ) අමතක වෙලා කියලා.

සමාජය බලාපොරොත්තුවන සියලුදේ අපිට ලබාදෙන්න බැ. අපිට කරන්න පුලුවන්, අපිට හරි කියලා හිතෙන විධියට වැඩ කරන එකයි.

අතිතය අමතක කිරිම හා අතිතයේ ජිවත් විම යන දෙකම නොකල යුතුය.

1 comment:

  1. "මිනිහෙක් වැටිලා ඉන්න වලෙන් ගොඩ ඇවිල්ලා සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙනවාට සමහරු කැමති නැ. තමන්ගේ තත්වයේ හිටපු කෙනෙක් උඩට යන එක සමහරුන්ට වාවන්නේ නැ. එකෙක් උඩට ගියහම අනිත් අය නිතරම බලන්නේ වැරැද්දක් අල්ලගන්න. ඉස්සර වෙච්ච වැරදි ගැන කථා නොකරපු අය නොකල වැරදි පටවමින් විවේචනය කරන්න පෙලබෙනවා. ඒ අර වාවගන්න බැරි කම නිසා වෙන්න ඔනි."

    හුගක්ම හිත ගිය කොටසක් තමයි මන් මේ උපුටලා පෙන්නුවේ... මොකද මේවා මගෙ ජීවිතේත් ලබාපු තෑගි ...

    හුගක් අගයනවා ඔබේ ලිපිය...

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.