Saturday, March 21, 2009

ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි සිට

තමා හට අදාල, වැදගත් වන දේ ගැන නොසිතා තමන්ට අදාල නොවන නොවැදගත් දේ ගැන අවදානය දක්වන අය මේ සමාජයේ කොතෙක් නම් වෙසෙත්ද? එමෙන්ම තමාගේ අඩුපාඩු හදා ගැනිම කෙසේ වෙතත් අනුන්ගේ වැරදි ගැන කතාකරන්නන් අනන්තවත්ය.

"ඔවා දෙනු පර හට

තමා සම්මතෙහි සිට

දුසිරිත දනන් දෙන ඔවා

වැද්දන් දෙසන බණ වැනි"

ලෙස රණස්ගලු ස්ථවිර ලොකෝපකාරයෙහි සදහන් කර ඇත්තේ එවැන්නන් ගැනය.

එමෙන්ම අලුත් ගිවිසුමේ එන පරිදි ක්‍රිස්තුත් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද පහත උපදෙස්වලින්ද ප්‍රකාශ කෙරෙන්නේ එවන්නවුන් ගැනය.

"නුබේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේහිද? නොහොත් නුබේම ඇසේ දැවය තිබෙද්දි, සහෝදරයාට කථාකොට නුබේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්නට අවසර දෙන්න යැයි ඔහුට කෙසේ කියන්නේද?

වංචාකාරය , පලමු කොට නුබේ ඇසෙන් දැවය පහ කරපන්න; එවිට නුබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්නට නුබට හොද හැටි පෙනෙන්නේය.

සෙන් කථා වල එන "බුද්ධත්වය" නම් කථාවෙන්ද විස්තර වන්නේ එවන් නොවැදගත් දෙ ගැන සිතු ශිෂයෙකු පිලිබදවය.

කමකුරා (Kamakura) යුගයෙහි විසු ෂිකා (Shika) ඇදුරුතුමා වෙත එක් ශිෂයෙකු පැමිණියේය. ඔහු ගුරුතුමා ඉදිරියට විත් "මම පුන්චි දවසේ ඉදලම ටෙන්දයි(Tendai) නිකායේ බුදු සමය ඉගෙන ගත්තා,මට එකේ තේරුම් ගන්න බැරි ගැටලුවක් තියෙනවා. තණකොලයි ගසුයි පවා බුදු වෙනවා කියලා. එක මට හරිම පුදුමයි."

එය ඇසු ගුරුතුමා මෙසේ පැවසිය.

"තණකොලයි ගසුයි බුදු වෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද?" මුන්නැහේ කවදාවත් කල්පනා කලාද මුන්නැහේ බුදු වෙන්නේ කොහොමද කියලා.අනතුරුව ශිෂයයා පැවසුවේ කවදාවත් ඒ ගැන සිතා නැති බවයි, අනතුරුව ගුරුතුමා ඒ ගැන කල්පනා කරන ලෙසට ශිෂයාට පැවසිය.

සියල්ලන් සම්මතයේ සිය ඔවදන් දෙන්නේ නම්ද, තමුන්ගේ ඇසේ ඇති දැවය පලමු කොට ඉවත්කොට, අනුන්ගේ රොඩු ඉවත් කරන්නට යන්නේ නම් කෙතරම් අගනේද?

6 comments:

  1. ඇත්ත නේන්නම්, අනුන් සොයන්න වෙහෙසෙනවාට වඩා තමාව සොයා ගැනීමයි වටින්නේ කියලා බුද්ධ දේශනා වලත් සඳහන් වෙනවානේ. බොහොම ස්තූතියි මේ කතාව මම මීට පෙර අහලා තිබුනේ නෑ.

    ReplyDelete
  2. වටිනා ලිපියක්, ඕනෑම කෙනෙකුට භේදයක් නැතිව කියවන්නට පුළුවන්. ඇත්ත තමා කතාව, මේ බිලෝග් අවකාශයේ අයට හොඳ අවවාදයක්.

    ReplyDelete
  3. වටිනා අදහසක්. අපි කවුරුත් ඒ ගැන තව වැඩියෙන් ඒ ගැන හිතනවා නම් හොඳා.

    ReplyDelete
  4. ‍බොහොම ස්තූතියි මේ ලිපියට.. මම ‍ගොඩක් කැමතියි.

    ReplyDelete
  5. බුද්ධ ධර්මය සහ ක්‍රිස්තියනි ධර්මය වැනි ආගම් කීපයක් උපයෝගී කරගෙන ලියන එකනම් හුගක්ම අගයන්න ඕනා... හුගක් අය ලිපි ලියන්නේ තමන්ගෙ ආගම මුල් කරන් විතරයි.

    ඒ අතින් ඔබ සාදාරනය ඉස්ට කරලා තියෙනවා... මගේ ප්‍රනාමය

    ReplyDelete
  6. @මනෝජ් :ඒකට හේතුව වෙන්නේ හුගදෙනෙක්ට අනෙක් ආගම් ගැන අවබෝධය අඩු විම.පුලුවන් විදියට අනික් ආගම් ගැනත් දැනගන්න අපි උනනදු වෙන්නෙ ඔනි. මොකද සැම ආගමකින්ම ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා.

    අනෙකුත් අදහස් දක්වපු අයටත් ස්තුතියි

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.