Sunday, April 5, 2009

ගහ දන්නා අපිට කොල කඩා පැම

බුද්ධ ධර්මය තුල මහත්වු දැනුම සම්භාරයක් අන්තර්ගතව ඇත.පන්සල කේන්ද්‍රවු,  අතිත අධයාපන ක්‍රමය විදේශ ආක්‍රමණ හමුවේ අභාවයට නොගියේ නම්, එහි ඵල අදද අපිට ලබා ගන්නෙමු. නමුත් එය එසේ නොවු නිසා අපි අද ලබාගන්නේ ක්‍රිස්තියානි ආගමේ අභාශයෙන් බිහිවු බටහිර දැනුමකි.එහෙත් බටහිර දැනුමට වඩා ගවු ගණනාවක් ඉදිරියෙන් ඇති බුද්ධ ධර්මය තුල ඇති එම දැනුම වර්තමානයේද දහම් පාසැල් මගින් යම් පමණකට සමාජයට ලබාදේ.

බුද්ධ ධර්මය තුල ඇති අප දන්නා දේ බටහිර විදයා සංකල්ප මගින් හෝ වෙනත් ආකාරයකින් පසුකාලිනව අපිට උගන්වන විට අපට සිහිවන්නේ සිංහලේ කියමනක් වන "ගහ දන්නා මිනිහාට කොල කඩා පානවා වගේ" යන කියමනයි.

මේ ආකාරයට බුද්ධ ධර්මය තුල ඇති, එහෙත් අප වෙනත් සංස්කෘතින්ගෙන් බිහිවු දැනුම ලෙස පසුව ලබාගන්නා දේවලින් කිහිපයක් පහත පෙල ගස්සවා ඇත.

පලමුවෙන්ම මගේ මතකයට එන්නේ සරසවියේදි කලමනාකරණය යටතේ හැදැරු ප්‍රශ්න විසදිමේ ක්‍රියාවලියයි (Problem Solving Process). එය පියවර කිහිපයකින් යුක්ත වෙනවා.

1)     Identify and Select the Problem - ප්‍රශ්නය හදුනා ගැනිම

2)     Analyze the Problem                   - ප්‍රශ්නය විශ්ලේශනය කර හේතු සොයාගැනිම

3)     Generate Potential Solutions      - විසදුම සෙවිම

4)     Select and Plan the Solution       - විසදුම තෝරාගැනිම

5)     Implement the Solution               - විසදුම ක්‍රියාත්මක කිරිම

6)     Evaluate the Solution                  - විසදුම ඇගයිම

 

 දැන් බලන්න දහම් පාසලේ පොඩි පන්ති වලදි ඉගෙනගත් චතුරාර්ය සත්ය.

 01 දුක්ඛ ආර්යය සත්‍යයයි - දුක

02. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් - දුක ඇතිවීමට හේතුව

03. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන්- දුක නැති කිරීම

04. දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදා ආර්ය සත්‍යයෙන් - දුක නැති කිරීමේ මාර්ගය

දුකින් මිදෙන්න දන්න අපිට ප්‍රශ්න විසදිම මොන කජ්ජක්ද?

 

අහලා තියෙනවානේද 5S සංකල්පය. පහත කොටස උපුටාගත්තේ වෙදය රත්නසිරි බණ්ඩාර මහතාගේ දිවිමගට බුදු සිසිල  පොතෙන්”.

1)      සෙයිතොන්

නිවරදි ක්‍රමවේදයන් තෝරාගෙන ඒවා නිසි ආකාරයෙන් අඩු නැතිව පිලිවෙලට සකස් කර අනුගමනය කිරිමේ ප්‍රතිපත්තිය (සුපටිපන්න ගුණය)

 2)      සෙයිකෙත්සු

සෘජු ප්‍රතිපත්ති ඇති බව එනම් සම්මත නිවරදි ආකාරයට ක්‍රියා කරන ප්‍රතිපත්තිය (උජුපටිපන්න ගුණය )

  3)      සෙයිසො

පිරිසිදුව පවිත්‍රව තබා ගැනිම. අනවශයදේ ඉවත්කර අදාල ප්‍රතිපත්තිය හා ක්‍රම පමණක් අනුගමනය කිරිම මගින් වැරදි මිශ්‍ර විමට ඉඩ නොදිම හෙවත් පවිත්‍ර බව සුරැකිම. (ඤාය පටිපන්නෝ ගුණය )

4)      සෙයිරි

අනවශය දැ ඉවත් කිරිම හෙවත් හෙවත් අපහරණය හා කාර්යය පහසු වන අයුරින් අවයශය දේ නිවැරදි ක්‍රමවේදයක් තෝරා ඒ අනුව තබා ගැනිම (සාමිචි පටිපන්නෝ ගුණය )

5)      ෂිට්සුකේ

ස්වයං විනය ආරක්ශා කිරිම. නියම කරගත් ප්‍රතිපත්ති අවංකව (ස්වයං විනය ආරක්ශා කිරිම) ඉටුකිරිම. ඉටු කලයුතු කාර්යයන් තිබියදි ඒවා පසෙකලා කාල වේලාවන් අනවශය දේට හෝ වැය නොකර දියුණුවට වැඩ කිරිම. (උජුපටිපන්න ගුණය )

 

මිලගට යොමු වෙන්නෙත් සරසවියෙදි නැවත ඉගෙනගත්, එහෙත් ඉට බොහෝ කාලයකට පෙර සිට දැනසිටි මුලධර්මයකටයි.

බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට දේශනා කර ඇත්තේ තම සිවුර සොහොනක දමා ගිය රෙදිකඩකින් මසාගන්නා ලෙසත්, එය සිවුරක් ලෙස පරිහරණය කිරිමට සුදුසු  නොවු තැන එය පා පිස්නාවක් ලෙස යොදාගන්න ලෙසත්ය.පා පිස්නාවක් ලෙසද භාවිතා කිරිමට නොහැකි ලෙස දිරාපත්වු පසු බිත්තියට තබා මැටි ගසන ලෙසට උන් වහන්සේ අනුශාසනා කර ඇත.

මෙම දේශනාව තුල අව භාවිතය (Reduce), නැවත භාවිතය(Reuse) හා ප්‍රතිචක්තිකරණය(Recycle) යන සංකල්ප අන්තර්ගතව ඇත.

අව භාවිතය (Reduce), නැවත භාවිතය(Reuse) හා ප්‍රතිචක්තිකරණය(Recycle) යනු වර්තමානයේ බටහිර විද්වතුන් ඉහලින් කතාකරන, අපි බටහිරින් නිර්මාණය වු දැනුමක් ලෙස ඉගෙනගන්නා 3R සංකල්පයයි ( 3R Concept).

තව කොපමන කාලයක් මෙසේ ගහ දන්න අපිට කොල කඩා පාන්නට ඉඩදි බලා සිටියයුතුද?

1 comment:

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.