Sunday, April 12, 2009

මතින් තොර නිවසක්



අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.

ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්, දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන් ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.

මේ මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින් සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක් සැපයුවා. දැන් අප, ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක් ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන් ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත් අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස් අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.

ඒ අතරම තවත් කියන කථාවක් තමයි කොල්ලෝ උනාම බොන්න ඔනි කියන එක. ඒත් අපි නම් අහලා තියෙන්නේ කොල්ලෝ බිලා කොලුකම නැති කරගන්නවායි කියලයි.(මත් පැන් පානය කිරිමෙන් ලිංගික ශක්තිය හින වනවාලු ) .අපි නම් දැකලා තියෙනවා සමහරුන් බිවුවාම තියෙන කොලුකමත් යටපත් වෙලා බලු කම ඉසමතු වෙනවා.

අද සමාජය ගත්තාම මත්පැන් කියන එකෙන් තමන්ගේ සමාජ තත්වය නිරුපනය වෙනවා කියලත් සමහරු හිතන් ඉන්නවා.මේ පනිවිඩය සමාජයට දිලා තියෙනේ අපේ වැඩිහිටියෝ. පොඩි කාලේ අපි විරයෝ තමයි අපේ තාත්තා, වැඩිහිටියෝ.ඒ අය අපි ඉදිරිපිට මත් පැන් බොන්නේ හරියට අමුර්තය පානයකරනවා වගේ සතුටකින්.ඔවුන් අපිට පෙන්නන්නේ සතුටින් ඉන්නනම් මත් පැන් බොන්න ඔනි කියන දේ.ඒත් ඔවුන් ඒ කරන්නේ ලොකු වැරැද්දක් කියලා ඔවුන්ට අවබෝධයක් නැ

මේ ලගදි හිතවතෙකුගේ ගෙදර ගිය වෙලාවේ මගෙන් ඉල්ලිමක් කරනවා ලබන වතාවේ ලංකාවට එකකොට ඩියුටි ෆ්‍රී එකෙන් එයාට හොද වර්ගයේ මත්පැන් බෝතල් කිහිපයක් ගෙනත් දෙන්නලු,සල්ලි දෙන්නම්ලු.මම හිතුවා එයාට බොන්න වෙන්න ඇති කියලා.ඒ ගැන ඇහුවහම කිවේ හිනා යන කතාවක්.දැන්ම ඉදන් මගුල් ගෙදරට ඔන හොද බඩු ගෙනත් තියාගන්න ඔනිලු.මොකද එයා වැඩ කරන කොම්පැනි එකේ ලොකු ලොක්කන්ට බාල බඩු දෙන්න බැහැලු. :D හැබැයි මිනිහට තවම මගුලක් හොයනවා. ඔයවගේ කතාවලට හිනාවෙන්නද අඩන්නද මන්දා?.

තවත් වතාවක එක් මල්ලි කෙනෙකුගෙන් ඇහුවා මල්ලි කලින් මත් පැන් බිලා තියෙනවාද කියලා.ඔහුගේ පිලිතුර වුනේ නැහැ යන්නයි.ඉට පස්සේ මම ඇහුවා දිගටම බොන්නේ නැකියලා ප්‍රතිපත්තියකද ඉන්නවාද කියලා.ඉට පස්සේ එයා කියනවා. එහෙම එකක් නම් නැ, ඉස්සරහට ජිවත් වෙන සමාජ තත්වය අනුව බොන්න වෙයිද දන්නේ නැලු :D

මොකක්ද ඔය සමාජ තත්වය, මත් පැන් බිලා ලගා කරගන්න පුලුවන්.සමහරු හිතන් ඉන්නේ ඉහල සමාජ මට්ටමකට යන්න නම් ඔය මත් පැන් බිම අනිවාර්ය දෙයක් කියලා.එක ඔය සල්ලිකාර බුද්ධිය හින අය මවලා තියෙන දෙයක්.ධනවතෙක් මත් පැන් බීවුවාත් ඔහු සමාජයේ හොදින් පිලිගැනෙනවා. එහෙත් දුප්පතෙක් බිවුවොත් ඔහු බේබද්දෙක්, ඔහුට සලකන්නේ පහත් මට්ටමින්.

බලාගෙන ගියහම මත් පැන් බිමට පිලිගැන්මක් ලැබෙන්නෙත් ඇති නැති පරතරය අනුව තමයි.

මත් පැන් කිව්වාම මම හිතන විධියට නම් ඇල්කොහොල් අඩංගු ඔනැම පානයක් අයිති වෙනවා.ඒක අරක්කු, කසිප්පු, බියර් හෝ වයින් කුමක් වුනත් මත් පැන්ම තමයි.ඒත් අපේ සමහරු කියනවා අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා.අපේ සමහර කාන්තා පාර්ශවයේ(අම්මාවරු හා අනාගත අම්මාවරු ) උදවියත් මේ අරක්කු නොබොන එහෙත් බියර් බොන කාණ්ඩයට අයත්.

බියර් වල ඇල්කොහොල් සාන්ද්‍රණය 5% පමණ වන විට අරක්කු වල 30% පමණ වෙනවා.ඉතින් බියර් විදුරු 6ක් බිමයි, අරක්කු විදුරුවක් බිමයි එක සමානයි නේද? අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා කියන්නේ කාව රවට්ටන්නද?

බෞද්ධ ධර්මය මත්පැන් පානය අනුමත කරලානැ. එහි මත්පැන් පානයේ ආදිනව මනාව පැහැදිලි කරලා දිලා තියෙනවා.ලෞකික වශයෙන් අප්‍රමාදි ජිවිතයක් ලගා කරගන්නනම් මේ මත් පැන් වලින් ඇත් වෙන්න ඔනි.එහෙම නැතිවුනොත් එයතුලින් අපේ සංවරකමත්, අපේ චරිතයත් විනාශ වි අපි විනාශ මුඛයට යාවි. පන්සිල් වල පස්වෙනි සිල් පදය වන මත් පැන් මත් ද්‍රවය ගැනිමෙන් වැලකිමේ සිල් පදය රැක, මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන මේ මත් පැන් වලින් අපේ අනාගත පරපුර රැකගන්න නම් වැඩිහිටියන් එයින් වැලකි අදාර්ශමත් විය යුතුය.

සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල නම් සිටුපුත්‍රයාට ධනය, සතුට,පවුල් ජිවිතය විනාශ වන ධන විනාශ මුඛ හයක් දේශනා කර ඇත.එයින් එකක් වනුයේ මේ මත් පැන් පානයයි. ධනය විනාශවිම, ලෙඩ රෝග ඇතිවිම, ලැජ්ජා නැති තත්වයට පත්විම, සිහි කල්පනාව නැතිවිම යන දුර්විපාක ඇතිකරන මෙම විනාශ මුඛයෙන් ඉවත් විම අපේ යුතුකමයි, වගකිමකි.

"මතින් තොර නිවසක්" යන සංකල්පය සැම නිවසකම ක්‍රියාත්මක කල යුතුය. එවිට සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි අනගාරික ධර්මපාලතුමා නැගු හඩ ජය ගත හැකි වනු ඇත.

සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට (සිරිත් මල්දම)

යං මනුස්සා විවජ්ජෙන්ති - සප්පං ඝෝරවිසං විය ලොකේ විස සමානං තං - කෝ නරෝ පාතුමරහති

දරුණු විෂ ඇති සර්පනයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? (කුම්භ ජාතකය )



මෙම ලිපිය අතිපුජය මඩිහේප් පඥ්ඥාසිහ මහනායක හිමිපාණන් විසින් අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙන ලද්දකි. - www.sobhana.net/contact/sinhala/nayaka/pa047.doc


කියවන්න:

http://si.wikipedia.org/wiki/මත්ද්‍රව්‍ය_හා_මත්පැන්_අයථා_පරිහරණය

http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_මත්ද්‍රව්‍ය_ප්‍රශ්නය

http://si.wikipedia.org/wiki/දුම්වැටි_තහනම

www.sobhana.net/contact/sinhala/nayaka/pa038.doc

http://www.dawahcorner.net/කිතුණු-දහමට-අනුව-මද්‍යපා/

19 comments:

  1. ඔබේ සටහන අද සමාජයට ඉතාමත් ගැලපෙන දෙයක්. මත්පැන් නැතුව අද කිසිම දෙයක් බැහැ. කොයි මත්පැන් ජාතිය බිව්වත් ඒකෙ තියෙන්නෙ ස්නායු විනාශක ඊතයිල් ඇල්කොහොල්. ස්නායු පද්ධතිය අඩපන කිරීමෙන් සහ සිහි බුද්ධිය විකල් කිරීමෙන් සතුටක් ලැබෙන බවක් එය බොන අය සිතන නමුත් එයින් වන්නේ සෞඛ්‍යයට හානියකි. මෙය ජාතික උවදුරක් මෙන් සලකා නැවත්ත අමද්‍යප ව්‍යාපාරයක් ආරම්ඹ කල යුතුය.

    ReplyDelete
  2. අමදයප වයාපාරය තවම පවතිනවා.එය ක්‍රියාත්මක වන්නේ කොට්ටේ ශ්‍රි නාග විහාරය කෙන්ද්‍රකොටගෙනයි.මමත් එහි සාමාජියක්. මමත් ඉස්සර මිතුරන් සැහෙන පිරිසක් එම සන්විධානයට බැන්දෙවුවා.ඒත් ඒයින් අමදයප ප්‍රතිපත්තියේ අද ඉන්නේ සුලූ දෙනයි. මට මතකයි මිට වසර ගණනාවකට පෙර එම සන්විධානයේ මෙහෙයවිමෙන් මතින් වැලකෙන බවට ප්‍රතීඥාදිමක් පාසැල් මට්ටමින් ක්‍රියාත්මක වුනා.

    ReplyDelete
  3. එතකොට රා කියන්නෙත් සුද්දො අපිට හන්දුන්වා දුන්න දෙයක්ද?
    මම කියන්නෙ නෑ ඒක අපේ සන්ස්කෘතික බීමක් කියල. ඒ උනාට මේවා බුදූන්ගෙ කාලෙ සිට තිබූ දේවල් නේද?

    ReplyDelete
  4. මේ ලිපිය අගෙයි. මත්පැන් බීම මම දකින්නේ නිසි මානසික ඒකාග්‍රතාවයක් නැති අයගේ ලක්ෂණයක් හැටියට. අපේ සමාජයේ දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන් පවුල් බොහෝමයක ගෘහමූලිකයා මතට ඇබ්බැහිවෙලා. ඒකෙන් තමයි ප්‍රශ්න බොහෝමයක් ඇතිවෙන්නේ. කාලීන ලිපියක්. බ්ලොග් ලියන බොහෝ අය මත්පැන් බීම සහ දුම්බීමට ඇබ්බැහි වෙලා, ඒගැන ධනවාදීව කතා බස් කර තිබෙනු දැක්කම මට ඇතිවුනේ කම්පාවක්.ඔවුන් ජීවිතේ නැති නාස්ති කරගනිමින් ඒක සාධාරණීකරනය කරගන්න හදනවා නේද.

    ReplyDelete
  5. මත්පැන් යන්නට ඇති අර්ථ නිරූපනයේ වයින් ස්ප්‍රිතු, ස්ප්‍රිතු, වයින්, රා බියර් සහ මධ්‍යසාරයෙන් සමන්විත හෝ මධ්‍යසාර අඩංගු දියර ද සුරාබදු ආඥා පනතේ කාර්යයන් සඳහා ඇමතිවරයා මත්පැන් යැයි ප්‍රකාශ කරනු ලබන ඕනෑම ද්‍රව්‍යයක් ඇතුලත් වේ.(http://www.excise.gov.lk/faq-1.php?id=1&locale=si)

    රා කියන්නේ සුද්දාගේ කාලයටත් පෙර සිට තිබ්බ මත් පැන් වර්ගයක්.
    ඔවු බුදුන්ගේ කාලයේත් තිබුණා.මතක ඇති නේද නාලාගිරි දමනය කතාව.
    ඒත් එය බුදුන්වහන්සේ අනුමත් කල දෙයක් නොවෙයි.රා පමනක් නොවේ වෙනත් වැරදි දේවල් රාශියක් බුදුන්ගේ කාලයේ තිබුණා.මිනිමැරුම්,සොරකම්,ගණිකා වෘත්තිය.ඒත් ඒවා වැරදි වැඩ.එදා බුදුන් අනුමත කලෙත් නැ අද නිතිය අනුමත් කරන්නෙත් නැ.

    ReplyDelete
  6. මං හිතන්නෙ අපේ මිනිස්සුන්ට සීමාවක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නෙ. රට රට වල මිනිස්සු එක වීදුරුවක් බීලා ගෙදර යන කොට, අපේ මිනිස්සු බෝතලයක් අරං වාඩි වෙනවා. අපි තමයි බීමත්කම ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ. බුද්ධාගමෙත් කියනවානෙ සීමාවන් ගැන - ඕනෑවට වඩා කන එක උනත් ප්‍රශ්නයක් තමයි...
    ගෘහ මූලිකයාගෙන් දරුවො බොන්න පුරුදු වෙනවා කියන එකටත් එකඟ වෙන්න අමාරුයි, මොකද අපේ අප්පච්චිත් කාපු බීපු මනුස්සයෙක්නෙ.

    ReplyDelete
  7. @ Serendib_Isle:
    පහත උපුටා ගැනිම බලන්න

    "ගමේ සම්තියේදි යමක් යෝජනා කරන තම පියා මහා විරයෙක් සේ පුතෙකුට පෙනෙනු ඇති.ගමේ පොදු කටයුතුවලදි හැකි හැම අයුරකින්ම දායකත්වය සපයන තම පියා දකින පුතුට ඇතිවන්නේ මහත් ආඩම්බරයකි.එසේ හොද දකින අයුරින්ම බිමත්ව අය සමග ගයන රගන තාත්තා දෙස උපහාසයෙන් සමාජය බලන අයුරුද පුතුට පෙනෙයි.මිතුරන් ඉදිරියේදි මහත් අභිමානයකින් මත්පැනින් සංග්‍රහ කරන පියා දකින් පුතුද එලෙසම තම මිතුරන්ට සංග්‍රහ කළයුතු බව සිතට ගනි."

    ආදරය විවාහයට පෙර සහ පසු - චාන්දිමා මුනමලේ ඇපා

    ReplyDelete
  8. මේ සංඛ්‍යාලේඛන මම දැක්කේ එක්තරා බීර සමාගමකින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙයි.

    දියුණු රටවල (දියුණු යැයි කියාගන්නා රටවල)

    සැර අඩු මත්පැන් (බියර්,වයින් වැනි) භාවිතය: 67%
    සැර බීම වර්ග (අරක්කු, විස්කි,බ්‍රැන්ඩි වැනි) භාවිතය: 33%


    ශ්‍රී ලංකාවේ:

    සැර අඩු මත්පැන් (බියර්,වයින් වැනි) භාවිතය: 6%
    සැර බීම (අරක්කු, විස්කි,බ්‍රැන්ඩි වැනි) භාවිතය: 28%
    නීති විරෝධී මත්පැන් (කසිප්පු හෙවත් වෙල් ෆැන්ටා) : 66%

    නියමයි නේ..... ධර්මද්වීපයට ගිය කළ.....

    ReplyDelete
  9. @ නේෂාධ පෙරේරා :

    ලංකාවේ නිති විරෝධි මත්පැන් භාවිතය වැඩි වෙන්න හේතුව මිනිස්සුන්ගේ අදායම අඩුකම.
    මොනවා කරන්නද?
    මත්පැන් ගැන ප්‍රභල විරෝධතාවයක් සමාජයේ ඇති කරන්න ඔනි. එක පටන් ගන්න ඔනි තමන්ගේ ගෙදරින්.ඒ තුලින් තමන්ගේ ලමයින්ගේ මනසට මත්පැන් විරෝධි ආකල්පයන් ඇතුල් කරන්න ඔනී.එය අනාගතයේ මතින් තොර සමාජයක් බිහිකරන්න හොද අඩිතාලමක් වේවි.

    ReplyDelete
  10. මත්පැන් ගැන ලියවුනු තවත් ලිපියක්.
    http://tharunaya.info/mx0125/article/link_image/article.php?id=161&page=tharunaya

    ReplyDelete
  11. http://lanka1.wordpress.com/2010/05/05/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/

    ReplyDelete
  12. සිඟාලෝවාද සූත්‍රයේ එන විනාශ මුඛ 6න් එකක තමයි "සිහි කල්පනාව නැතිවිම". මෙන්න එකට ඒ වගේ එක් අවස්ථාවක්. :D

    http://www.facebook.com/video/video.php?v=324495892924

    ReplyDelete
  13. All Stumulators to tung and nurve system But differant result to Health

    Tea -Tanin
    Coffe -Caffan
    Soft drinks -colouring/Preservatives/Flavers
    Alcohol/Beer-Methonol
    like lot of drugs etc.

    Please comment my idea

    ReplyDelete
  14. @ Podi baba: Thank you for the comment.I think you are correct.
    We have to be away from any thing which has bad effect to our health.

    ReplyDelete
  15. @ Seandid:
    මේ බලන්න, වැඩිහිටියෝ දෙමවුපියෝ කරනදේ ලමයිනුත් කරන හැටි.

    http://www.youtube.com/watch?v=_7jagr-9Er8&feature=player_embedded

    ReplyDelete
  16. හැඳින්වීම

    ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත්තේ වසර 2015 වනවිට ලෝකයේ සමස්ථ මරණ සංඛ්‍යාහවන් 10% ක් දුම්බීම ආශ්‍රිත රෝග නිසා සිදුවනු ඇති බවයි. මේවනවිට දුම්පානය ආශ්‍රිත රෝග වලින් සෑම වසරයකම ලොවපුරා පුද්ගලයන් ලක්‍ෂ 05 ක් මියයන බව එම වාර්තාව පෙන්වා දෙනු ලබයි.ශ්‍රීලංකාවේ ජනගහනයෙන් 15000-25000 අතර ප්‍රමාණයක් දුම්බීම හේතුකොටගෙන වාර්ෂිකව මියයන බව නවතම වාර්තා පෙන්වා දෙනු ලබයි.මරණ බහුල වීමට බලපාන මෙම හේතුව ඉවත් කිරීමට හෝ පාලනය කිරීමට හෝ නීතිරීති සකස් කිරීමට බොහෝ රටවල් දැන් උනන්දුවෙයි. එංගලන්තය 2007 වසරේ ජූලි පළමු වෙනිදා සිට ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් කරනු ලැබීය.


    ශ්‍රීලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත
    ශ්‍රී ලංකාව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත 2006 දෙසැම්බර් පළමු වෙනිදා සිට රට පුරා ක්‍රියාත්මක කර තිබේ.දුම්කොළහා මධ්‍යසාර නිසා ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට මෙන්ම සදාචාරයට සිදුකෙරෙන අනර්ථය වැළැක්වීම මේ පනත ක්‍රියාත්මක කිරීම‍ට හේතු විය. මෙම පනතේ ප්‍රධාන අරමුණ වනුයේ දුම්කොළ හා මධ්‍යසාර ආශ්‍රිත හානි තුරන් කිරීම සඳහා මහජනතාව විශේෂයෙන් ළමයි දුම්පානයට හා මධ්‍යසාර භාවිතයට යොමු වීම අධෛර්යමත් කිරීමය.

    සක්‍රීයව දුම්පානය කරන්නන් නිසා අක්‍රීය දුම්පානයට ගොදුරු වන්නන්‍ට අනපේක්‍ෂිතව සිදුවන හානිය වැළැක්වීමටද පොදු ස්ථානවල දුම්පානය තහනම් කෙරෙන වගන්ති වලින් පැහැදිලි වන කරුණකි.පනතට අනුව අවුරුදු 21 ට අඩු පුද්ගලයන් මධ්‍යසාර හෝ දුම්කොළ නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම,අලෙවියට ඉදිරිපත් කිරීම සඳහා යෙදවීම,ඒ සඳහා අනුබලදීම නොකළයුතු බව සඳහන් කොට ඇත.මෙම වරද කරනු ලබන පුද්ගලයන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයක වරදකරු කරනු ලැබිය හැකි අතර රු:4000ට නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීම හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටත් කළ හැකිය.

    එසේම ජනයාට ප්‍රවේශ වීමට හැකියාව තිබෙන ස්ථානයක දුම්කොළ නිෂ්පාදන හෝ මධ්‍යසාර බෙදාහැරීමේ විකුණුම් යන්ත්‍ර සහ ස්වයංසේවා ක්‍රම ක්‍රියාත්මක කිරීමටද කිසිඳු තැනැත්තෙකුට නොහැක.තවද දුම්කොළ නිෂ්පාදනයන් අඩංගු හැම පැකැට්ටුවකම සෞඛ්‍යට හානිකරබවට අනතුරු ඇඟවීමක් සහ එක් එක් දුම්කොළ නිෂ්පාදනවල අඩංගු තාර හා නිකොටින් ප්‍රමාණය පිළිබඳව සඳහන් කිරීමකින් තොරව ඒ නිෂ්පාදන විකිණීමද පනත මඟින් තහනම් කර ඇත. එසේම එම ලේබලය පහසුවෙන් කියවිය හැකි අයුරින් පැහැදිලිව පෙනෙන සේ දැක්විය යුතු අතර විවිධ ප්‍රමාණයේ පැකැට්ටු වලට අදාළ ප්‍රමාණයේ ලේබල් නියම කරනු ලැබිය යුතුය.මෙම විදිවිධානය කඩකරන කවරෙකු හෝ රුපියල් 2000 නොඉක්මවන දඩයකට හෝ වසරකට නොවැඩි සිරදඬුවමකට හෝ දඩය හා සිරදඬුවම යන දෙකටම යටත් වන බව පනතේ සඳහන්වේ.

    ReplyDelete
  17. එසේම ලංකාවෙන් පිටත සිට ලංකාවටදුම්කොළ හෝ මධ්‍යසාර පිළිබඳ දැන්වීම් ජනමාධ්‍යය තුළින් ප්‍රචාරණය කිරීමද පනතට අනුව වරදකි. මෙම විදිවිධානය කඩකරන යම් තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන නඩුවිභාගයකින් පසු වරදකරු කරනු ලැබීමෙන් රුපියල් මිලියන දෙකකට නොවැඩි දඩයකට යටත් විය යුතුය.


    පනත‍ට අනුව දුම්පානය කළහැකි හා නොකලහැකි ස්ථාන


    පනතට අනුව දුම්පානය කළහැකි ස්ථාන මෙන්ම දුම්පානය නොකළහැකි ස්ථානද දක්වා ඇත.කාමර තිහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති හෝටලයක,ආගන්තුක නිවාසයක,තාවකාලික නවාතැන් පොළක,අවම වශයෙන් පුද්ගලයන් තිහකට වාඩිවී සිටීමට ඉඩකඩ ඇති යම් ආපන ශාලාවක හෝ සමාජ ශාලාවක,යම් ගුවන් තොටුපොළක ඒවායෙහිද දුම්පානය කළ හැක්කේ ඒ සඳහා අනන්‍ය ලෙස වෙන්කරන ලද අවස්ථාචෝචිත පරිදි කොටු කරන ලද ස්ථානයක හෝ ප්‍රදේශයක බව පෙන්වා දී තිබේ.එසේම එම ප්‍රදේශයට ප්‍රමාණවත් හා නියමිත පරිදි ප්‍රමිතියට අනුව වාතාශ්‍රය ලබාදිය යුතු බවද පනතේ සඳහන්වේ. මෙසේ නොකරන තැනත්තන් උපවගන්තිවල විදිවිධාන උල්ලංඝනය කරන නිසා පනත යටතේ වරදකරු‍වෙකු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පවත්වන නඩු විභාගයකින් පසුව වරදකරු කිරීමේදී රුපියල් 2000 ට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම යන දෙකටම ඔහු යටත්විය යුතුය. පනත් වගන්තියේ කාර්යය සඳහා පොදු ස්ථානයක් යනුවෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශවිය හැකිවූ ද යම් ස්ථානයක් අදහස්වේ.
    දුම්පානය තහනම් යැයි පනත මඟින් දක්වා ඇති ස්ථාන වනුයේ,රජයේ දෙපාර්තමේන්තු,ව්‍යවස්ථාපිත අදිකාරි,ව්‍යවස්ථාපිත මණ්ඩල,කාර්යාල පරිශ්‍ර,බැංකු,අධිකරණ ශාලා,ශ්‍රවණාගාර,ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍යශාලා,සායන,‍බෙහෙත් ශාලා,විද්‍යාගාර,පාසල්,විශ්ව විද්‍යාල,වෙනත් අධ්‍යාපනික ස්ථාන, පුස්තකාල,කෞතුකාගාර,ආගමික ස්ථාන,හෝටල්,ආගන්තුක නිවාස,තාවකාලික නවාතැන් පොළවල්, නේවාසිකාගාර,ආපනශාලා,සමාජ ශාලා,අන්තර්ජාල මධ්‍යස්ථාන,චිත්‍රප‍ට ශාලා,නාට්‍ය රඟහල්,සුපිරි වෙළඳසැල්,ගුවන්තොටුපොළ,දුම්රිය ස්ථාන,බස්නැවතුම් පොළවල්,විවේකාගාර,පොදු වැසිකිළි ගොඩනැගිලි,තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන දක්වා ඇත.


    පනත ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගැටලු.

    දුම්කොළ නිෂ්පාදන භාවිතයට පුරුදු වූ ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවටද මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ගැ‍ටලුවක‍ට මුහුණ පෑමට සිදුවිය.එනම් දුම්පානය කළයුතු හා නොකළයුතු ස්ථාන නොදැන සිටීමයි. පොලිස් නිලධාරින් පවා නිසිපරිදි දැනුවත් නොවූ බව ඒ දිනවල ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළායැයි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු බොහෝ දෙනෙකු නිදහස් කෙරුණු හෙයිනි.මෙයට හේතුව දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ පනත ගැන නොදැන සිටීමයි.ජනමාධ්‍ය යොදාගෙන සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබාදීම තුළින් මෙ‍ම ගැ‍ටලුව විසඳා ගැනීම හොඳ ක්‍රමයකි.

    උපුටා ගැනීම:(දෙසතිය 2007 මැයි කලාපය).
    --------------
    Copied from: www.blogkasun.blogspot.com

    ReplyDelete
  18. මුස්ලිම් ආගමේ මත්පැන් හා දුම්වැටි පිලිබද ඉගැන්විම්.

    http://www.yahamaga.com/textfils/Resrch/mathpan.php

    http://www.yahamaga.com/textfils/Resrch/smook.php

    ReplyDelete
  19. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.