Tuesday, April 21, 2009

BEYOND FRAME(BF) ගේ නිරුවත

අපහාස ප්‍රතිචාර දැක්විමට ඉඩ දිමෙන් හෙලිවන BEYOND FRAME ගේ නිරුවත.


මේ සටහන ලිවිමට සිත් වුයේ පසුගිය දින කිහිපයක පටන් බ්ලොග් අඩවි කිහිපයක් උපයෝගිකරගෙන කිසියම් නිවටයින් පිරිසක් විසින් එක් සොයුරිය ඉලක්ක කරගෙන, කරන අපහාස නිසායි..ඇගේ  නමින් කමෙන්ට් දැමිමෙන්ද, ඇගේ නව කතාවේ චරිත යොදාගෙන විවිධ දෙබස් දැමිමෙන්ද මොවුන් ඇයට අපහාස කිරිමේ  උත්සාහයක යෙදේ.

එහෙත් මෙසේ තමන්ගේ නමින් ප්‍රතිචාර දැක්විම නිසා අපහසුතාවයට පත් වුයේ ඇය පමනක්ද නොවේ..සුදාරක,Shan මෙන්ම BF (BEYOND FRAME )ද එසේ අපහසුතාවයට ලක් වි ඇත.

එම පදනම් විරහිත ප්‍රතිචාර දමන නිවටයින් ගැන කතාකල යුතු නැතැයි සිතමි. මන්දයත් අනන්‍යතාවයකින් යුතුව ඉදිරියට පැමිණ කතා කිරිමට තරම් පෞරුෂත්වයක් නැති අය වෙනුවෙන් කාලය ගත කිරිම නිශ්ඵල ක්‍රියාවක් වන බැවිනි. මෙහිදි මා සාගච්ජාවට ලක් කරන්නේ ඇගේ නමින් කමෙන්ට් දැමිමෙන් මඩ ගැසිමට මනා සහයෝගයක් ලබා දෙන, එහෙත් තමන්ගේ නමින්

·        වෙනන් අය, වෙනත් අඩවි වල කමෙන්ට් දැමිමෙන් අපහසුතාවයට පත් අනාගතය වෙනුවෙන් පෙනි සිටින BF ගැනය..

·        තමාගේ නමින් වෙනත් අය කමෙන්ට් දැමිමෙන් තමන් අපහසුතාවයට පත් කිරිමේ උත්සාහයක් ඇති බව තේරුම් ගෙන වෙනත් අඩවි වල කමෙන්ට් දැමිමෙන් වැලකුනු BF ගැනය.

·        බ්ලොග් අඩවියකට කෙලින් ප්‍රතිඋත්තරදිමට අමාරු නිවටයින් ගැන අනුකම්පා කරන BF ගැනය.

ප්‍රතිඋත්තරදිමට අමාරු නිවටයින්ට අනුකම්පාකරන BF, ඔහුගේ අඩවිය තුල වෙනත් බ්ලොග් කරුවන්ට අපහාස කිරිමට ඉඩ ලබා දෙන්නේ  නිවටයින් ගැන අනුකම්පාවෙන්ද, අඩවිය වෙත දැමෙන කමෙන්ට් ගණන වැඩි විම දක්නට රිසි නිසාද නැත හොත් වෙනත් හේතුවක් නිසාදැයි දැනගනු රිසියෙමි.

මෙහි හාස්‍යම කරුණ මෙයයි.පහත කොටස BF විසින් Beyond Frame නැමැති විජාතිවාදියායන මාර්තෘකාව යටතේ ලියන ලද ලිපියෙන් උපුටා ගත්තකි.

 

අප දෙවර්ගයක බ්ලොග් comments මකන බව ඇත්ත එකක් කුණුහරුපය අනෙක වෙන අයට අපහාසවන පරිදි පළ කරන ප්‍රතිචාරයන්ය


අනෙක් අයට අපහාස වන කමෙන්ට් ඉවත් කරන බව කියන BF එම සොයුරියට අපහාසයක් වන ලෙස යොදා ඇති කමෙන්ට් ඉවත් නොකරයි. එයින් පෙනෙන්නේ මේ අයගේ ප්‍රතිපත්තියක් නැති, සදාචාරයක් නැති බ්ලොග් ලියවිල්ල නොවන්නේද?

මර්ධනය නිසා රට හැරගිය මාධයවේදින් හා මතධාරින් ගැන කතාකරන BF තවත් එක් නිදහස් මතධාරිනියක් මර්ධනයට අනුබල දෙයි. සියල්ලම වචන පමණකි.ඔහු කියන දේ ඔහු ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකරයි.

මෙහිදි මේ සොයුරියට මේ මඩ ප්‍රහාර එල්ල කිරිමට හේතුව වන්නේ ඇය රණවිරුවන් වෙනුවෙන් හා කොටින්ගෙන් බැට කන අහිංසක ජනයා වෙනුවෙන් කතාකිරිමයි. රට වෙනුවෙන් පෙනි සිටිමයි..එය වරදක්ද?වල්පොල රාහුල හිමියන් කැලණිය සරසවියේ උපාධි ප්‍රධානොත්සවයේදි කල කතාව අනුවනම් එය එය වරදක් නොවේ..උන්වහන්සේ ප්‍රකාශ කලේ දේශප්‍රේමය යනු රට වෙනුවෙන් පෙනි සිටිමය. ජාතිප්‍රේමය යනු ජාතිය වෙනුවෙන් පෙනි සිටිමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය." ලෙසිනි.

එහෙත් ඒ කතාව ඇසු BF දේශප්‍රේමය වෙනුවෙන් පෙනිසිටිම යහපතක් ලෙස දකින්නේ නැත,.යහපතක්, ලෙස දකින්නේ නම් කිසිවිටෙක රට වෙනුවෙන් කතාකරන දේශප්‍රේමියෙකුට අපහාස කිරිමට ඉඩ ලබාදෙන්නේ නැත..එයින් පෙනෙන්නේ රාහුල හිමියන්ගේ කතාව අසා හරකෙකු නොවි කොටියෙකු වු බව කිවද හරකෙකු මෙන්ම කොටියෙකුද වි ඇති බවයි 

මගේ මතය වෙනුවෙන් පෙනී සිටින අතරතුරම මා ඔබේ මතයට ගරු කරන්නේ ද, එය දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන්නේය යන ඔබේ ප්‍රතිපත්තියට මා ගරු කරමි..  "එහෙත් "ඔබට හැරමිටිය වැනිමට ඇති නිදහස අනෙකාගේ නාසය ලගින් අවසන් වේය" යන අදහස ඔබ නොදන්නවා යැයි නොසිතමි.අනෙක් අයගේ ප්‍රතිචාර ඔබේ බ්ලොග් අඩවියේ පල කිරිමට ඉඩ දෙන්න, එහෙත් එම ප්‍රතිචාර වලින් වෙනත් අයෙකු අපහසුතාවයට පත් වන්නේ නම් ඒවා ඉවත් කරන්න.

BF ට කොටි ලේබලය ගැසිම සම්බන්ධයෙන්, දකුනේ ජාතිවාදින් තම මාර්ගයට හිරිහැරයක් විය හැකි යයි සිතූ සියලූ දෙනා දේශද්‍රොහි ලේබලය අලවා එලොව යවන්නේ යැයි කියන BF දේශපාලනයක් ගැන කතා නොකරන නවකතාවකට දේශපාලන ලේබලය ඇලවා ඇගේ ගමන නතර කිරිමට මනා සහයක් ලබා දෙයි. සමහරවිට ප්‍රතිචාර දක්වන නිවටයන් මෙන්ම BF එම අපහාස කමෙන්ට් දැකිමෙන් ප්‍රිතියෙන් කැගසනවාද විය හැක. යමෙකුට අපහාස කිරිම වරදකි. එමෙන්ම එයට අනුබල දිමද වරදකි.ඔබ කර ඇත්තේ අනුබල දිමේ වරදයි.

පසුගියදා BF ට මාස හයක් පිරුනු තැන පැමිණි අමුත්තන් ගණනද, දැක්වු ප්‍රතිචාර ගනනද සදහන් කරමින් සටහනක් ලියා තිබෙනු දුටිමි.,තව මාස හයකින් නැවත වසරක් පිරිම නිමිත්තෙන් මෙවැනිම සටහනක් තබන්නට ඉඩ ඇත.එහි පැමිණි අමුත්තන් ගණන හා දැක්වු ප්‍රතිචාර ගණන ඉහල අගයක් ගනු ඇත. ඒ අමුත්තන් හා ප්‍රතිචාර ගණන් අතර  මෙසේ ස්වාධිනව සිය මතය දක්වන බ්ලොග්කරුවන්ව මර්ධනය කිරිමට පැමිනි අමුත්තන් හා ප්‍රතිචාර ගණන සැලකිය ලෙසින් වනු ඇත..එහෙත් එය උදම් ඇනිමට කරුණක් නොවන බව ඔබ වටහා ගත යුතුය.

ඔබ සමග රැදුනු බොහෝ දෙනෙක් මාස හය පිරෙනවිට ඔබ හැර ගොස් ඇතිබව ඔබ දනි.එමෙන්ම  මුලදි ප්‍රතිචාර දැක්වු අය හා දැන් ප්‍රතිචාර  දක්වන අය කවුද යන්න  බැලිමේදිද  එය  හොදින් පැහැදිලි වේ.

 ඉදිරියටත් එසේ නොවිමටනම් මෙසේ ඔබගේ බ්ලොග් අඩවියතුල අන් බ්ලොග්කරුවන්ට අපහාස කිරිමට ඉඩ නොදෙන්න. නැතහොත් වසරක් පිරෙනවිට ඔබට ප්‍රතිචාර දැක්විමට ඉතිරිවන්නේ රාජකිය උගුඩුවන් වැනි තවත් නිවටයන් පිරිසක් පමණක් විය හැක.

 

BF ට අමතරව Taboo ද මෙසේ අපහාස වනලෙස ප්‍රතිචාර දැක්විමට ඉඩ ලබාදි තිබුනි.

එහෙත් ඔහු පසුව එම වරද අවබෝධකරගෙන ඇතැයි මම සිතමි.

මෙසේ  ලියනවානම් තව කරුණු රාශියක් ඇත. එහෙත් සත්‍ය පැහැදිලි විමට ඉහත කරුණු ප්‍රමාණවත් යැයි සිතමි.


BF ඔබගේ රෙද්ද ගැලවි ඇත.ඔබේ නිරුවත සැවොම දකිති. සිදුවු වැරැද්ද නිවැරදි කරගෙන,ඉදිරියට මෙවන් වැරදි වන්නට ඉඩ නොදි රෙද්ද ඇදගන්නවාද නැතිනම් නිරුවතින්ම දුවනවාද යන්න ඔබම තිරණය කරන්න. 



මේවාත් කියවන්න: කාරුණික දැනුම් දීමයි.

                                   How ethical is that ?

සියලු ඇනොනිමස්ලාට ආදරයෙන්

කවිය නොකියවා කවියා කියවිම

                            කං කං කං

                            

20 comments:

  1. එළස් එළ්ස්! ජය වේවා!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. "මිනිස්සු එක් කණෙකින් අහල අනෙත් කණින් පිටකරල දමන ඕපාදුප සමාජය විමසන කෙනෙකුට හම්බුවෙන වටිනා අමුද්‍රව්‍යයක්. හරියට මුර්ති ශිල්පියෙකුට ලැබෙන මැටි පිඩක් වගේ.

    මැටි පිඬේ වටිනාකමක් සාමන්‍යයෙන් නැතත් එය මූර්ති ශිල්පියෙක් අතින් වටිනා කලාකෘතියක් බවට පෙරලෙන්න පුලූවන්.

    ඕපදුපත් ඒ වගේ. කෙනෙකුට මැටි ගුලියක් තව කෙනෙකුට වටිනා අමුද්‍රව්‍යයක්."ඔබේ මේ ලිපියත් එක්ක ඒ මඩ තිබ්බ පෝසට් එකට ගියා. ඔබ දමා තිබු මේ comment එක මම දැක්කා:

    "යුද්ධය එකහෙළා අනුමත කර, යුද්ධයෙන්ම පීඩාවට පත්වන ජනතාව ගැන කතා කිරීමට අයිතියක් නැතිබව ඔබ පවසන්නේ මේ යථාර්තය නොදැන නොවන බව මා සිතමි.මෙහිදි ඔබ යුද්ධය ලෙස හදුන්වාදි ඇති මානුශික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ අහින්සක සිවිල් ජනතාව ඝාතනය කරමින්,පොදු දේපල විනාශකරමින් මෙරට දෙකඩ කීරිමට උත්සාහ දරන කොට්න්ට එරෙහිවය.එය අනුමත නොකල හැක්කේ කොටින්ට මිස අන් කවරෙකුටවත් නොවේ.
    මෙම මෙහෙයුම නිසා ජනතාව පිඩාවට පත්වන්නේ රණ විරුවන් නිසා නොව කොටින් නිසාය.
    සාමානය ජනතාවට රජයේ පාලන ප්‍රදේශවලට ඒමට ඉඩ නොදි සිර කරගෙන සිටින්නේ කොටින් මිසක් රණවිරුවන් නොවේ.එයින් පැන එන ජනතාවට වෙඩිතබා මරාදැමුවේද කොටින්ය.
    එහෙයින් කොටින් නිසා පිඩාවට පත් ඒ අහින්සක ජනතාව ගැන කතා කිරිමේ වරදක් නැත.
    ඒවා කතා කිරිම දේශපාලනික නොව මානුශික කරුනක් බව මා සිතමි.
    —————-
    ජිවකලාට සමාජ සේවය තුලින් සමස්ත සමාජයම වෙනස්කල නොහැකි වුවද ඔවුන්ට එම සමාජයේ නොමග ගිය කිහිපදෙනෙකු හෝ යහමගට ගැනිමට (වෙනස්කිරිමට)හැකිවිය.
    ඒම කතාවතුලද කිසිදු දේශපාලන අරමුණක් නැතිබව මා සිතමි.
    එහෙත් ඔබ ඇගේ බ්ලොග් එකට හා නවකතාවට දේශපාලනික අරමුණක් ඇතිබව ඒත්තු ගැන්ව්මේ අසාර්ථක උත්සහයක යෙදුබව පෙනේ.
    ———————–
    විවේචනය වනාහි කරන මගපෙන්විමක් ලෙස මා සිතමි.මන්දයත් ඒ තුලින් අඩුපාඩු හදාගෙන තව හොද නිර්මණ බිහිකල හැකිවන නිසාවෙනි. විවේචනය අනවශදෙයක් නොවේ. එහෙත් ව්වේචනය හා මඩ ගැසිම වනාහි එකක් නොව දෙකකි.ඇයව විවේචනය කිරිමට අවශයනම් හොදම එයට තැන ඇගේ බ්ලොග් අඩවියයි/නවකතාවයි."
    නමුත් ඉන්පසු දුන් පිළිතුරැවල මාතෘවෙන් පිට පැනිමක් නොවැ වී ඇත්තේ. බාහිර් රාමුගේ ඇතැම් ලිපි නිසා කැමැත්තක් තිබුණත් මේ වැනි නීච වැඩ වලට අතහිත දේ නම් මාත් තවත් කිහිප දෙනෙකු ඉවත් වෙනු ඇති. මන්ද අපට වුවත් එසේ තැනක මඩ ඇගේ වැදිමට අවශ්‍ය නැති බැවිනි.

    මචං, පොඩ්ඩක් ඇහුවා නම් කිව්ව දේ එතකොට හරිනේ? හරි විදියක ඉන්නවා නම් අපිත් එන්නම් ආපහු එය දිහාවට.Tabooගේ අඩවියෙන් ඒ වගේ මඩ අයින් කොරලා වගේ (මම දැක්ක විදියට). උඹත් එහෙම වුණා නම්?

    ඔන්න බාහිර් මෙන්න ටොක්කක්.

    ReplyDelete
  4. යුතුකම් ගැන හැඟීමක් නැති සමාජයක අයිතිවාසිකම් ගැන කතා කිරීම විහිළුවක්. මේ අය බ්ලොග්කරුවන්ගෙ අයිතීන් වලට මුවා වෙලා කරන අසික්කිත වැඩ ඇත්තටම නින්දිතයි.

    මට අපහාස කිරීමවත්, මගේ නම යොදාගෙන BFහි ප්‍රතිචාර පළ කිරීමවත්, මට නමක් පටබැඳීමවත් මට ගණන් ගන්නෙ නෑ. ඒත් පැත්තකට වෙලා නිහඩව තම ලේඛන කටයුතු කරගෙන ගිය බෝ අක්කා අපහසුතාවට පත් කිරීම ගැන නම් මම බොහොම තදින් විරුද්ධයි. කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම/ ඊට ඉඩ දීම ශිෂ්ට සමාජයකට ඔබින දේවල් නෙවෙයි.

    http://www.eff.org/issues/bloggers හි දැක්වෙන සිව් වෙනි කරුණ තව දුරටත් පිළි නොගන්නා තත්වයකට මොවුන් මාව ඇද දාල කිව්වොත් නිවැරදියි. මගේ බ්ලොග් එකේ http://www.eff.org/issues/bloggers ට දාල තිබුණ සබැඳියත් මම වෙනස් කළා.

    ReplyDelete
  5. ඒ හතරවැනි එක කියා කිහිපයක් අපේ බිලෝග් කාරයෝට කරන්න පුලුවන්යෑ? ඇත්තටම කණගාටුයි!

    ReplyDelete
  6. taboo එක තැනක කියල තියෙනවා අපහාස comment වලට ඉඩදෙන්නේ blog අඩවියට සෙනඟ ගෙන්වා ගැනීමට බව. සමහරවිට මේ comment taboo බ්ලොග් එකට සෙනඟ ගෙන්වා ගැනීමට ඔහු විසින්ම දමාගන්නා ඒවා විය හැකිය.
    http://taboosubjects.wordpress.com/2009/04/09/493/#comment-498
    "හැම බ්ලොග් කරුවකු සේම හැකි උපරිම පිරිසක් මෙහි ගෙන්වා ගැනීමට මා කැමතිය. මේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවේ වරදක් නැතැයි සිතමි."

    http://taboosubjects.wordpress.com/2009/04/09/493/#comment-544
    "තමාගේ අදහස් විවේචනයට බඳුන් වනු දැකීම නොරිසි නම් බෝධිනී සමරතුංග කළ යුත්තේ දේශපාලන මත දැක්වීමෙන් ඉවත් වී සිටීමය. එසේ නොවේනම් කවියක් වුව දේශපාලනික නම් එය විවේචනයට බඳුන් වනු ඇත."
    භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනීසිටින බව කියාගන්නා අයද අපහාසයේ හා විවේචනයේ වෙනස නොදන්නවුන් වීම ගැන කණගාටුවෙමු.

    ReplyDelete
  7. BFහි ප්‍රතිචාර වැඩියෙන්ම දමා ගන්නේ ඔහුමය. ඔහුගේ කාරිය අනුන්ට අපහාස කිරීම හා හිනාවීම බව කවුරුත් දන්නා දෙයකි. කුඩු ලාල් නමින් ඔහුගේ අඩවියේ ඇති ප්‍රතිචාර බැලුවහොත් මේ බව වඩා හොදින් තහවුරු කොට ගත හැකිය. කෙනෙක් විසින් ලියන දෙයකට ප්‍රතිවිරුද්ද දෙයක් ලියා සැනසීම මහුගේ කාර්යයි. ඔබ විසින් අභීතව මෙම ලිපිය ලිවීම අගය කල යුතුය. මෙවන් චරිත නිසා මෙම සංසදය අවුලෙන් අවුලට පත්වී ඇත. ඔහුවිසින් හදුන්වා දුන් කුඩු ලාල්ලා මරාගෙන මැරෙන කොටින්ට සමානකල හැකිය. මෙවැනි චරිත මෙම සංසදයෙන් ඉවත් කල යුතුමය. ඇඩ්මින් මහතුන් මෙම පුද්ගලයා තවදුරටත් තබාගන්නේ ඇයිද යන්න ඇතිවන ගැටලුවය. ඔහුගේ ලිපිවලින් සමාජයට ලැබෙන යපහත කුමක්ද?

    නම් නොකියන චරිත මෙම සංසදයට බදවා නොගත යුතුය. කොටි හිතවාදී චරිත අප තුලට රිංගවා අවසන් බව කිවයුතුය. ‍‍යම් දිනක රජය විසින් මෙම චරිතය හදුනාගත් දිනක අප සංසදයේද සිට ඇතැයි කී විට තත්වය තවත් උග්‍රවනු ඇත.

    ඇඩ්මින් මහතුන්ට කියමි.

    ReplyDelete
  8. (ආවඩා ආයුබෝවේවා කියල සිංහල බ්ලොග් අවකාශයට පය තැබූ සැනින් බහුතර 'සිංහල' බ්ලොග් දක්නට ලැබුනේ දේශයට ජාතියට වල කපන වර්ගයේ බ්ලොග්මය. මේ ගැන ඉදිරියේදි මගේ බ්ලොගයේ සටහනක් තබමි.)

    අවජාතකයෙක් වුවද ඉපදිච්චි රටක් තිබිය යුතුය. අවජාතකයෙකු වුවද තමන් ඉපදුනු දේශයට ප්‍රේම කරයි. නමුත් දේශප්‍රේමය වෙනුවෙන් පෙනී සිටීමට මේ හිකනලුන්ට දේශයක් නැත. එය ගැන තවත් කතා කිරීම නොවටී යැයි සිතේ. මේ කැස්ස ඩොලර් වෙනුවෙන් විය හැකිය. වෙනත් පුද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් විය හැකිය. ඒ කෙසේ වුවද මේ කැහිල්ල තමන් ඉපැදුනු රටට එරෙහිව බව ඔවුන් නොදන්නේ නොවේ.

    මා BF කියවා බැලූයෙන් මේ වගනම් පසක් විය.

    මොහු තම අඩවියට පැමිණෙන අය නිරන්තර ගණන් හිලව් තියාගන්නෙකි. කමෙන්ට් දමන්නන් කමෙන් ගණන ආදිය ගනියි. තමුන්ට මඩ වැදීම ජනප්‍රියත්වයට මගක් සේ සළකා මඩ වදින මාතෘකා ගැන ලියන්නට පෙළඹෙන්නෙකි. දරුණු රාජපක්ෂ විරෝධියෙකි. මේ සියල්ලෙන් සියුම් ආතල් එකක් ලබාගන්නෙකි. ඒ ආතල් එක වෙනුවෙන් බ්ලොග් ලියන්නෙකි. ඒ ආතල් එක වෙනුවෙන් ජීවත් වෙන්නෙකි. (http://beyondframe.wordpress.com/2009/04/10/beyondframe-බ්ලොග්-අඩවියට-අදට-මාස-6-කි/)

    අන්තිමට කිව හැක්කේ ඔබ කියා ඇති පරිදිම මොහු තම ප්‍රතිපත්ති ගැන කටමත දෙඩෙව්වාට ඒවා ක්‍රියාත්මක කරන්නට වත් කොන්දක් නැති පෙන්දෙක් බවයි. තම ප්‍රතිපත්ති බිඳ දමා හෝ කමෙන්ට් ගණන වැඩි වෙනවා නම් ඔහුට ආතල් ය!

    ReplyDelete
  9. @Anonymous,
    ලිපියේ මාතෘකාව Taboo ගැන නොවුනත්, ඔබ Taboo ගැන කතා කර ඇති නිසා මේ ටික කියන්නම්. Taboo මීට වඩා ලොකු වරදක් කර තිබෙන බව එක්තරා දේශපාලකයකු ගැන ඔහු ලියූ සටහන කියවන විට ඔබට වැටහෙනු ඇති. ඒ නම් වැදූ මවට අපහාස කිරීමයි. දේශපාලකයින්ගේ වැරදි කොතෙකුත් තිබුණත්, මවුවරුන්ට බැණ වැදීම ශිෂ්ට සමාජයකට ඔබින්නේ නැත. Taboosubject මෙතෙක් කාලයක් මගේ කියැවීම් ලැයිස්තුවේ තිබුණත්, දැන් එය ද මගේ කියැවීම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කාලය පැමිණ තිබේ. බ්ලොග්කරුවන්ගේ අයිතීන් වලට මුවා වෙමින් කරන මේ නපුංසක විගඩම් වලට එරෙහිව අපි දැන් ම නැගී සිටිමු.

    ReplyDelete
  10. බාහීර්රාමුකාරයා මීට පෙර මට අපහාස කරමින් ලිපියක් පළ කළේ ය. මා ඒ කිසිවකට ඔහුගේ මඩ අඩවියේ ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ අන් කිසිවකක් නිසා නොව බල්ලෙක් හපා කෑ කළ ඒ බල්ලා වෙත පැන හපා කෑම මනුස්ස දහම නොවන හෙයිනි. ඒ ලිපියට වෙන කිසිවෙක් ප්‍රතිචාර දක්වා තිබුණේ ද නැත. පසුව බාහීර්රාමුකාරයා ඒ මඩ ලිපිය සිය අඩවියෙන් ඉවත් කළ ද ඔබට එය නැරඹීමට බාධාවක් නැත. (http://beyondframe.wordpress.com/2008/12/04/%E0%B6%AD%E0%B6%B8-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A/)

    අනෙක් අතට එම ලිපියෙන් ඔහුගේ නොදන්නාකම හැර අනෙකක් පිළිබිඹු නොවේ. ඒ සියලු කරුණු පදනම් විරහිත ව බුද්ධ චරිතයේ අවස්ථ පටලවා ගැනීමේ දුර්විපාක ය. අලුත් සමසමාජ පක්ෂයේ නායක කුප්‍රකට කොටි මුට්ටි කාසි ව්‍යාපාරයේ නියමුවාගේ හෙංචයියෙකුට කළ හැක්කේ ඔහු දැනට කරන කාර්ය පමණි. ඒ අනුන්ට මඩ ගැසීම පමණි. රට වෙනුවෙන් පෙනී සිටින අයට මඩ ගසමින් කොටි වෙනුවෙන් කඩේ යාම මේ අයගේ උපන්ගෙයි දෝෂයෙකි.

    ReplyDelete
  11. @ -බිன்ku- :
    හරියට හරි. නිරුවත වසා ගත්තේ නැතිනම් එය තමයි කරන්න ඔනි.මමත් BF කියවනවා.ඔහුගේ සමහර කරුනු වලට තදින්ම විරුද්ධවුනත් සමහර දේවල්වලට එකග වෙලාතියෙනවා
    .ඒත් මේ සිද්ධියෙන් පස්සේ මටත් එපාම වුනා.මම මගේ බ්ලොග් එකෙන් BFට ලින්ක් එකකුත් දාලා තිබුණා. මම එක අයින් කරලා දැම්මා.
    හැබැයි ඒක ඔක්කොම එකතු වෙලා (කල්ලි ගැහිලා ) කරනවා නම් තමයි වඩා හොද.අසාධාරණයට විරුද්ධව එකතු වෙන එකේ වරදක් නැනේ.

    @ Anonymous 1 (April 21, 2009 6:43 PM)

    මම හිතනවා ඔහු, ඔහුගේ වැරැද්ද තේරුම් අරගෙන ඇති කියලා.ඒත් දාපු අපහාස ප්‍රතිචාර නම් තවම එහෙමමයි.

    ඔබ ඔය කියන ප්‍රතිචාරය සාගර නමින් BF ගේ හා Taboo ගේ පල කරතිබුනා. මුලින්ම පල කලේ BF ගේ. එයට මා දැක්වු ප්‍රතිචාරය තමයි ඉහතින් බින්කු පල කර ඇත්තේ( http://beyondframe.wordpress.com/2009/04/17/මාතර-රෝහලින්-මතුවන-ගෝත‍්/ ) . එමෙන්ම මා එම පිලිතුරම Taboo හිත් පලකලා.
    එහෙත් එයට ප්‍රති පිලිතුරක් නම් ලැබි තිබුනේ නැ.

    මේ සාගරත් නිරුපනය කලේ ඔය කුමන්ත්‍රණයේ එක් පියවරක්නේ. මුලින්ම අපහාස ප්‍රතිචාර දැම්මා(රාජකිය උගුඩුලා,අම්බලන්ගොඩ කොණ්ඩයා-http://taboosubjects.wordpress.com/2009/04/09/493/), ඉටපස්සේ ඇගේ රසිකයන් ඇ කෙරෙහි කලකිරි ඇතිබව අගවන්න උත්සාහ කලා(රසික -http://beyondframe.wordpress.com/2009/04/08/පාසල්-එන-අම්මලාට-සාරි-අන්/ )(ඒත් ඒ පියවර රන්දිර් ව්‍යර්තකරලා දැම්මා දකින්න ඇතිනේ). අන්තිමට සාගර හරහා බ්ලොග්කරණයෙන් ඉවත් වෙන්න කියලා කියනවා.

    ReplyDelete
  12. නියමයි. මහා මානුෂවාදියාගේ රෙද්ද මුලින්ම ගලවලා!

    ReplyDelete
  13. උපහාසය යනු සමාජය විවේචනය කිරිමේ තවත් කලාත්මක දෙයකි.කාටුනු ශිල්පින් මෙන්ම විමල් වීරවංශ වැනි ප්‍රසිද්ධ දේශපාලකයා කරලියට එන්නේද උපාහාසයේ ප්‍රබලයන් ලෙසය.
    එය හැම කෙනෙකුටමද කල නොහැකි අතර වැඩිපුර හා වැඩබැරි ටෙනිසන් කුරේලා කරන්නට ගියොත් සමහර විට එය අපාහාසයක් බවට පත් වේ.සමහර විට බෝ අක්කාටද මෙය සිදු වී ඇත.
    අනිත් දේ බ්ලොග් අවකාශය තුල කල්ලි වාදයක් ඇති නිසා එක් කල්ලියක් අතින් අනිත් අයගේ කවුරැහරි කෙනෙක් උපහාසයට ලක් කලොත් අන්න අපේ එකාට අපහාස කලේ යයි කියමින් බ්ලොග් වලින් හා කමෙන්ට් වලින් ඇන කොටා ගන්න නිසා මෙය වැඩි වී ගැටුම් බවට පත් වේ.

    ලංකවේ සමාජයේ වර්ථමානයේ සිදු වන සිදු වීම් වලින් 90% කටත් වඩා දේවල් සිදුවන්නේ දේශපාලන අරමුණුවලින් යුක්ත නිසා ඒවාට අදාලව සටහන් දැමීමේදී දේශපාලන අදහසකින් සටහන් නොදැම්මත් දේශපාලන දෘෂ්ඨි කොණයකින් මේවා දකින අයගෙන් විවේචනය එල්ල වීම සාමන්‍ය දෙයකි.එය දරාගැනීමට ලියන අයට අනිවාර්යයෙන්ම සිදු‍වේ.එය තමාගේ බ්ලොග් එක තුලම සිදු වීම අනිවාරයය දෙයක් නොවේ..

    අනිත් දේ කාන්තාවක් අපහාස කීරීම යන චෝදනාව..අන්තර්ජාලය තුල කාන්තාව හා පුරැෂය යනුවෙන් බෙදීමක් නැත.කවුරැත් තනි ඒකකයක් පමණි.අනික කාන්තාවක් කියා දෙකේ කොලේට දමා අපි සැලකිය යුතුද නැත.බැනුම් ඇසීමට මෙන්ම ගවුරව ලැබීමට සම අයිතීන් ඇත.මැඩම් චන්ද්‍රිකා කාලයක් බිකිනි ඇදුම් වලින්ද කාටුන්වල සිටියේය..කෝයික වුනත් ලේඩීස්ලට ගරු කරන එක නම් වඩා හොදය..

    වෙනත් අයගේ අන්වර්ථ නම් හා චරිත ආරැඩ කරගැනීමට මට කියන්න ඇත්තේ බෝ අක්කා හා ඇයගේ නවකතාවේ චරිත පුද්ගලයන් අතරට ගොස් ඇති නිසා හා ජනප්‍රිය වී ඇති නිසා පුද්ගලයන් එය අනුකරණය කරනවා විය හැක.බෝ අක්කා එය ගැන ආඩම්බර විය යුතුය.කාලයක් මම මුවන් පැලෑස්ස බලද්දී මුවන් පැලෑස්සේ එන ප්‍රවීනාගේ චරිත අනුකරණය කලේය..

    තව එකක් ලියු කමෙන්ට් වල අන්තර්ගතය හා අදහස් කොපි පේසට් කිරීම..මේවායේ කිසිම වැරදි දෙයක් මට පෙනෙන්නේ නැත.මෙම බ්ලොග් අඩවිය තුල ඒවා දැකීමෙන් පොඩි හිනාවක් ගියාට ඇගේ බ්ලොග් අඩවිය තුල හෝ ගිණි මකර අයියගේ දහම් පොතේදී මේවා දැක්කට හිනා යන්නේ නැත.එය බ්ලොග් අවකාශය තුලත් කුඩා උප සංස්කෘතීන් බිහි වී තිබීම නිසා විය හැක.

    භාග හෝ සම්පුර්ණ කුණු හරප බාවිතය..මෙයට නම් ප්‍රතිපත්තියක් තිබිය යුතුය.කුණු හරප යනු නිකම්ම නිකන් හිස් වචන ගොඩක් උනත් කුණුහරප තියෙන්නෙ අපේ හිතේ වුනත් ප්‍රසිද්ධ බහුතර සමාජයේ එය බාවිතයක් නැත.සමහරැ එහෙම කියන කොට එහෙනම් ඉංග්‍රීසි කුණුහරප ලියන්නේ ඇයි යන්න තර්ක කල හැක.ඒ කුණුහරප කියන්නෙ සුද්දොය.අපි සුද්දො නොවන නිසා හා ඉංග්‍රිසි කුණුහරප වලට වැඩිය තමන්ගේ කුණුහරප දැනෙනවා වැඩිනිසා ඒවා භාවිතා නොකිරිම ඇගට ගුණය.සිංහල දන්න සුද්දෙකුට සිංහල කුණුහරපෙන් බැන්නොත් ඌ හිනා වේ.

    අනිත් එක කුඩුකාරයින්,මැරයන්,‍එල්ටීටී කාරයින් ඉවත් කල යුතුයි කියන දේ.මට හිතෙන හැටියට බ්ලොග් ලිවිය යුතුම අය උන්ය.එතොකොට අපිට කමෙන්ට් එකක් වත් දාලා මචං උඹ ඔහොම උනේ කොහොමද කියාවත් ඇසිය හැක.

    මමත් මඩ හා උපහාස රසයට පෙම් බදින කෙනෙකි.මම දන්නා විදියට මඩ ගහන කිසිම කෙනෙක් අන් අය සමග කිසිම පුද්ගලික වෛරයක් නැත.කරන්නේ තමා වැඩියෙන් අයත් යැයි අනුමාන කරන පැත්තට කොනක් අල්ලගෙන පොඩ්ඩක් ගොට්ට ඇල්ලීම පමණි.එසේ ගොට්ට අල්ලා මඩ ගසන කොට මාර ආතල් එකක් තියනවා විය හැක..

    ReplyDelete
  14. @Anonymous,


    "අනිත් දේ බ්ලොග් අවකාශය තුල කල්ලි වාදයක් ඇති නිසා එක් කල්ලියක් අතින් අනිත් අයගේ කවුරැහරි කෙනෙක් උපහාසයට ලක් කලොත් අන්න අපේ එකාට අපහාස කලේ යයි කියමින් බ්ලොග් වලින් හා කමෙන්ට් වලින් ඇන කොටා ගන්න නිසා මෙය වැඩි වී ගැටුම් බවට පත් වේ."

    බෝධිනී අක්කා කිසිම කණ්ඩායමකට අයත් කෙනෙක් නොවෙයි. එයා මෑතකදි comment ලියූ පොලිටිකල් බ්ලොග් එකක් පුළුවන් නම් පෙන්වන්න.

    ---

    "ලංකවේ සමාජයේ වර්ථමානයේ සිදු වන සිදු වීම් වලින් 90% කටත් වඩා දේවල් සිදුවන්නේ දේශපාලන අරමුණුවලින් යුක්ත නිසා ඒවාට අදාලව සටහන් දැමීමේදී දේශපාලන අදහසකින් සටහන් නොදැම්මත් දේශපාලන දෘෂ්ඨි කොණයකින් මේවා දකින අයගෙන් විවේචනය එල්ල වීම සාමන්‍ය දෙයකි.එය දරාගැනීමට ලියන අයට අනිවාර්යයෙන්ම සිදු‍වේ.එය තමාගේ බ්ලොග් එක තුලම සිදු වීම අනිවාරයය දෙයක් නොවේ.."

    මම පොඩි කාලෙ ඉගෙනගත් දෙයක්: ඔබට ඔබේ සරයටිය රිසි පරිදි වැනිය හැකිය. එහෙත් ඒ නිදහස අනෙකාගේ නාසය ඇති සීමාවෙන් අවසාන වේ.
    මේ බ්ලොග් සටහන ලියැවෙන්න හේතුවත් ඒකයි.
    හැම දෙනාටම එක විධියට විවේචන දරා ගන්න අමාරුයි. අනෙක් කාරණාව... කාව වත් විවේචනය නොකර පාඩුවෙ ඉන්න කෙනෙක්ව අල්ලගන්නෙ ඇයි?

    ---

    "අනිත් දේ කාන්තාවක් අපහාස කීරීම යන චෝදනාව..අන්තර්ජාලය තුල කාන්තාව හා පුරැෂය යනුවෙන් බෙදීමක් නැත.කවුරැත් තනි ඒකකයක් පමණි.අනික කාන්තාවක් කියා දෙකේ කොලේට දමා අපි සැලකිය යුතුද නැත.බැනුම් ඇසීමට මෙන්ම ගවුරව ලැබීමට සම අයිතීන් ඇත.මැඩම් චන්ද්‍රිකා කාලයක් බිකිනි ඇදුම් වලින්ද කාටුන්වල සිටියේය..කෝයික වුනත් ලේඩීස්ලට ගරු කරන එක නම් වඩා හොදය.."

    නිර්නාමිකයන්ට ස්ත්‍රී පුරුෂ භාවයක් නැති බව මගේ විශ්වාසයයි. එබැවින් එය ඔබට ගැටළුවක් නොවීම ගැන මම පුදුම නොවෙමි.

    ---

    "භාග හෝ සම්පුර්ණ කුණු හරප බාවිතය..මෙයට නම් ප්‍රතිපත්තියක් තිබිය යුතුය.කුණු හරප යනු නිකම්ම නිකන් හිස් වචන ගොඩක් උනත් කුණුහරප තියෙන්නෙ අපේ හිතේ වුනත් ප්‍රසිද්ධ බහුතර සමාජයේ එය බාවිතයක් නැත.සමහරැ එහෙම කියන කොට එහෙනම් ඉංග්‍රීසි කුණුහරප ලියන්නේ ඇයි යන්න තර්ක කල හැක.ඒ කුණුහරප කියන්නෙ සුද්දොය.අපි සුද්දො නොවන නිසා හා ඉංග්‍රිසි කුණුහරප වලට වැඩිය තමන්ගේ කුණුහරප දැනෙනවා වැඩිනිසා ඒවා භාවිතා නොකිරිම ඇගට ගුණය.සිංහල දන්න සුද්දෙකුට සිංහල කුණුහරපෙන් බැන්නොත් ඌ හිනා වේ."

    යම් තාක් දුරකට එකඟයි. නමුත් මේ ගැන වෙනම මාතෘකාවකින් කතා කළ යුතුයි.

    ---

    "අනිත් එක කුඩුකාරයින්,මැරයන්,‍එල්ටීටී කාරයින් ඉවත් කල යුතුයි කියන දේ.මට හිතෙන හැටියට බ්ලොග් ලිවිය යුතුම අය උන්ය.එතොකොට අපිට කමෙන්ට් එකක් වත් දාලා මචං උඹ ඔහොම උනේ කොහොමද කියාවත් ඇසිය හැක."

    මුන් හිටියට කමක් නෑ. හැබැයි අපට වද නොදී. එකෙක් 'මගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් දාන්න' කියලා මට ඊ මේල් එව එවා කීප වතාවක්ම මළ ඇණයක් වුණා නෙ.

    ---

    අවසාන වශයෙන් මෙහෙමත් කියන්නම්: මට පුළුවන් තරම් අපහාස කරපල්ලා. අපහාස දරා ගන්න පුළුවන් එවුන්ට අපහාස කරපල්ලා. ඒත් පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න අයව අල්ලගන්නෙ නැතුව. එහෙම කළාම අපටත් රිදෙනවා. රිදුනම නිකං ඉන්නෙත් නෑ. ඒකෙන් වෙන්නෙ බ්ලොග් අවකාශය නිකරුණේ රණ්ඩු සරුවල් වලින් අපවිත්‍ර වීම පමණයි.

    ReplyDelete
  15. Anonymous (April 24, 2009 4:34 AM)
    මෙහි ඇත්තේ උපහාසය නොව අපහාස කිරිමකි.
    කාට හෝ අපහාස කිරිම වැරැද්දක් ලෙසයි මම දකින්නේ.හැබැයි ඒකට විරුද්ද වෙන්න කල්ලි අවශම නැ. හැබැයි කල්ලි ගැසි හෝ අසාධාරණයට විරුද්ද වෙන එක මම වැරැද්දක් හැටියට දකින් නැ.හැබැයි මේ ප්‍රශ්නයේදි නම් එහෙම එකතුවිමක් වුනේ නැති එක අඩුවක් හැටියටයි මම හිතන්නේ.

    ඉහත ලිපිය ලිවුවේ මා තනිවම මාගේ අදහසකට අනුවයි.මොකද මම ඔය කිසි කල්ලියකට නැති ස්වාධින බ්ලොග්කරුවෙක්.ඒවගේම මට බ්ලොග්කරණයට ඒමට මග පෙන්වු, මා ගරුකරන යාලුවෙකුට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් කතා කිරිම යුතුකමක් ලෙසින් හිතන නිසායි.
    මා විසින් ලියනලද ඉහත ලිපියේ අරමුණ වුයේ BF විසින් පලකිරිමට ඉඩ දෙන අපහාස ප්‍රතිචාර ගැන විවේචනය කිරිමත් ඒ තුලින් BF මෙන්ම අනෙකුත් බ්ලොග් අඩවි තුලත් අපහාස ප්‍රතිචාරවලට වැට බැදිමේ මතයක් ගොඩ නැගිමත්ය.

    -----------
    "එය තමාගේ බ්ලොග් එක තුලම සිදු වීම අනිවාරයය දෙයක් නොවේ."
    ඇයගේ නිර්මාණයක් විවේචනයට හොදම තැන ඇගේ බ්ලොග් අඩවියයි.විවේචනය කරන්නාට එම විවිචනය සදහා ඇගේ මතයද එයින් දැන ගත හැකි වනු ඇත.වෙනත් අඩවිවල ඒවා පලකිරිමෙන් කිසිදු ඵලයක් නොවිය හැක, මන්ද සමහරවිට එම අඩවි ඇය නොකියවනවා විය හැකි නිසායි.
    ------------
    "තව එකක් ලියු කමෙන්ට් වල අන්තර්ගතය හා අදහස් කොපි පේසට් කිරීම"

    එය සම්පුර්ණයෙන්ම වැරදි වැඩකි. එය බුද්ධිමය දේපල පනත යටතේද වැරැද්දකි.සාමානයෙන් යම් කිසි පොතකින් කොටසක් උපුටාගත් පසු එම මුලාශ්‍රය සටහන් කිරිම පිලිගත් ක්‍රමවේදයයි.(මෙය කියවන්න - http://dilanqs.blogspot.com/2009/01/blog-post_25.html )


    *ඉහත ප්‍රතිචාරයම ඩොල්කි රණා.. නමින් BF ගේ බ්ලොග් අඩවියේද පලවි තිබුනි.- http://beyondframe.wordpress.com/2009/04/23/කැඩපතට-හසු-නොවුනු-උපහාසය/

    ReplyDelete
  16. ඉස්සර ඒ බ්ලොග් මමත් කියෙව්වා.දැන්නම් කියවන්නේ නෑ. බ්ලොග් ලියන මධ්‍යස්ථ මත දරන බෝ වැනි අයට අපහාස කරන්න ගැනීමෙන්ම ඒ බියොන්ඩ් ෆ්‍රෙම් සයිට් එක ලියන කෙනාගේ අදහස පැහැදිලි වෙනවා. කැඩපත මේ අවස්ථාවේ මගේ ප්‍රණාමය.මේ වගේ සදාචාර විරෝදී අඩවි බ්ලොග් සංගමයේ තියාගෙන ඉන්නේ මොකද කියන එකයි. පුද්ගලික පහර දීම් වලට විරුද්ධව ක්‍රියා කළ යුතු කාලයක් මේ

    ReplyDelete
  17. @ශකුන්තල හා දිලාන්
    1 මම බි.ප්‍රෙම් දැමු කමෙන්ට් එක මෙහි ගෙනත් දමා ඇත්තෙ මම නොවෙමි.
    2 බෝ අක්කාගෙන් ආතල් ගැනීමේ ව්‍යාපරයට මම හවුල් නොමැති අතර නමුත් මම කිරි සුදු චරිතයක් නොවෙමි.
    3 මම මෙහි දමා ඇත්තේ මගේ ස්වාධීන මතය වන අතර හොදට බැලුවොත් ඔහෙලගේ ප්‍රශ්න බොහොමයකටම උත්තරත් එහි ඇත.
    4 මට ඔහෙලත් එක්ක වාද කිරීමේ උවමනාවක් නැති අතර ඔහෙලගේ සමහරක් ප්‍රශ්න වලට උත්තර නම්,

    බෝධිනී අක්කා කිසිම කණ්ඩායමකට අයත් කෙනෙක් නොවෙයි. එයා මෑතකදි comment ලියූ පොලිටිකල් බ්ලොග් එකක් පුළුවන් නම් පෙන්වන්න.----මම එයා කමෙන්ට් දමපුව හොයා නැත.නමුත් ඇයගේ බ්ලොග් අඩවිය නිරීක්ෂනය කලොත් යුද්ධය සම්බන්දව සටහන් ඇත.යුද්ධය යනු දේශපාලනික දෙයක් බව උඹට තේරෙන්නෙ නැද්ද බං.අනිත් දේ ඇගේ නවකතාවේ තියන බණ කිමෙන් හා වීරයා පාට් එකෙන් සමාජය දියුණු කරන්න පුළුවන්නය කියන සිද්ධාලේප මහත්තයගෙ දේශපාලනික මතය..

    මම පොඩි කාලෙ ඉගෙනගත් දෙයක්: ඔබට ඔබේ සරයටිය රිසි පරිදි වැනිය හැකිය. එහෙත් ඒ නිදහස අනෙකාගේ නාසය ඇති සීමාවෙන් අවසාන වේ.
    මේ බ්ලොග් සටහන ලියැවෙන්න හේතුවත් ඒකයි.
    හැම දෙනාටම එක විධියට විවේචන දරා ගන්න අමාරුයි. අනෙක් කාරණාව... කාව වත් විවේචනය නොකර පාඩුවෙ ඉන්න කෙනෙක්ව අල්ලගන්නෙ ඇයි?----ඔවා තියෙන්නෙ පොත් වල විතරක් වන අතර බෝ අක්කම අල්ලගත්තෙ ඇයි කියලා ඒ අයගෙන් අහපන්.මම හිතන්නෙ බෝ අක්කා අපිට බණ කියන හින්දා බෝ අක්කාටත් හොද දරාගැනීමේ ශක්තියක් තියනවා.නැද්ද බෝ අක්කෙ...

    නිර්නාමිකයන්ට ස්ත්‍රී පුරුෂ භාවයක් නැති බව මගේ විශ්වාසයයි. එබැවින් එය ඔබට ගැටළුවක් නොවීම ගැන මම පුදුම නොවෙමි----උඹ හරි බං...මට බ්ලොග් එකක් නැත.ඇනොනිමස් විදියට කමෙන්ට් නොදා වෙන කොහොම කමෙන්ට් දාන්නද මචං.

    මුන් හිටියට කමක් නෑ. හැබැයි අපට වද නොදී. එකෙක් 'මගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් දාන්න' කියලා මට ඊ මේල් එව එවා කීප වතාවක්ම මළ ඇණයක් වුණා නෙ.----ඒ වචන ටිකෙන් උඹේ සමාජයට තියෙන සංවේදී කමයි උඹගේ 2D ලෝකයයි පෙනේ..

    ඇයගේ නිර්මාණයක් විවේචනයට හොදම තැන ඇගේ බ්ලොග් අඩවියයි.විවේචනය කරන්නාට එම විවිචනය සදහා ඇගේ මතයද එයින් දැන ගත හැකි වනු ඇත.වෙනත් අඩවිවල ඒවා පලකිරිමෙන් කිසිදු ඵලයක් නොවිය හැක, මන්ද සමහරවිට එම අඩවි ඇය නොකියවනවා විය හැකි නිසායි.----එහෙනම් අපි ජනාධිපති මැතිඇමතිවරැ ප්‍රභාකරන්ලා නලින්ද සිල්වලා මැරැණුමිනිස්සු තව කුඩුකාරයෝ මැරයෝ ත්‍රස්තවාදියෝ විවේචනය කරලා බ්ලොග් නොලියා ඉමු.ඒ අය මේ බ්ලොග් කියවනවද දන්නෙ නැහැ නේ...

    "තව එකක් ලියු කමෙන්ට් වල අන්තර්ගතය හා අදහස් කොපි පේසට් කිරීම"
    එය සම්පුර්ණයෙන්ම වැරදි වැඩකි. එය බුද්ධිමය දේපල පනත යටතේද වැරැද්දකි.සාමානයෙන් යම් කිසි පොතකින් කොටසක් උපුටාගත් පසු එම මුලාශ්‍රය සටහන් කිරිම පිලිගත් ක්‍රමවේදයයි.(මෙය කියවන්න - http://dilanqs.blogspot.com/2009/01/blog-post_25.html )----ඕවා තියෙන්නෙ පනතේ විතරය.එහෙනම් ඔයාගේ සමහර බ්ලොග් සටහනුත් ඔය වැරැද්දට හසු වී ඇත..
    අපි දැන් සිග්නල් වලින් දත් මැද සිගිති සිනා පාමු..

    ReplyDelete
  18. @ Anonymous (April 24, 2009 8:57 PM)

    බෝ ගේ නවතකාවේ කියවෙන්නේ බණ මගින් සමාජය හැදිම පමණක් නොව බණ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කර සමාජය හැදිමක් ගැනය.
    ----------------
    ඒක ඔබේ කැමැත්තක්. මා දන්නා පරිදි ප්‍රභාකරන්ලාට, මැති ඇමතිවරුන්ට බ්ලොග් නැත.එහෙත් බ්ලොග් එකක් ඇති අයෙකුව විවේචනයට හොදම තැන එම බ්ලොග් එකයි.
    ---------------
    පනතේ පමණක් නොව ඒවා ප්‍රයෝගිකවද ක්‍රියාත්මකවද කර ඇත.
    මාද හැකි සැම අවස්ථාවක මුලාශ්‍ර දක්වා ඇත.
    උදා:
    http://dilanqs.blogspot.com/2008/11/2.html
    http://dilanqs.blogspot.com/2009/01/blog-post_13.html

    ReplyDelete
  19. @Anonymous (April 24, 2009 8:57 PM)

    මේ ගැන තවදුරටත් ඔබත් සමඟ වාද කරන එක කාලය නාස්ති කිරීමක්. මට මේක විසඳගන්න මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනව. මගේ අධ්‍යාපන කටයුතු වලට අදාළ හැකියාවන්වත් දියුණු වෙයිනේ ඒකෙන්. ;)


    හැබැයි මේකට විතරක් උත්තරයක් දෙන්නම්:
    "මුන් හිටියට කමක් නෑ. හැබැයි අපට වද නොදී. එකෙක් 'මගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් දාන්න' කියලා මට ඊ මේල් එව එවා කීප වතාවක්ම මළ ඇණයක් වුණා නෙ.----ඒ වචන ටිකෙන් උඹේ සමාජයට තියෙන සංවේදී කමයි උඹගේ 2D ලෝකයයි පෙනේ.."

    සිංහල බ්ලොග් කියවනයෙනුයි කොත්තුවෙනුයි මට හැම බ්ලොග් එකකම අප්ඩේට් එනව, කවුරුවත් අමුතුවෙන් ඊමේල් කර කර වදයක් වෙන්න ඕන නැහැ. ඔය විධියට හැමෝම වද දෙන්න ගත්තොත් දවසෙ වැඩි කාලයක් ගත වෙන්නෙ ඊ මේල් බල බල ඉන්නයි බ්ලොග් කියවන්නයි. අනවශ්‍ය විධියට කරදර කළාම ඒ බ්ලොග් එක තවදුරටත් එපා වීම විතරයි වෙන්නෙ.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.