Tuesday, May 19, 2009

ජයග්‍රහණයෙන් ඔබ්බට....

නිවැරදි දේශපාලන නායකත්වයත් ආරක්ශක සේනාවන්හි රණකාමිත්වයත් නිසා ලොව භයානකම ත්‍රස්තවාදි කණ්ඩායම ලෙස සැලකුණු මිනිමරු ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු LTTE සංවිධානයෙන් මේ රන්දිවයින මුදා ගැනිමට හැකිවිය. එවන්වු අසහාය ජයග්‍රහණයක් ලැබු මේ මොහොතේ ශ්‍රි ලාංකිය කොයි කාගෙත් නෙත් තුටු කදුලුවලින් තෙමෙනු නොඅනුමානයි.

මේ ජයග්‍රහණය කන වැකුණු මොහොතේ පටන් සිතට දැනුණු හැගිම් වචනයෙන් කියා නිම කල නොහැක. බොහෝ හිතවතුන් කියාසිටියේ රාජකාරි වැඩක් පවා කිරිමට සිත නොදෙන බවයි.ඔවුන්ගේ සිත් ජාත්‍යාලයෙන් මත්වි ඇත.රුපවාහිනියේ ගිය වැඩසටහන් වලට කතාකල ශ්‍රි ලාංකිකයන් ප්‍රකාශ කල අදහස් වලින් ඔවුන් මේ රටට කෙතරම් ආදරය කරනවා දැයි පැහැදිලි විය.සමහරු කතාකලේ සතුටු කදුලු වගුරවමිනි.

එම ජයග්‍රහණයහි ගෞරවය අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයටත් ආරක්ශක අංශ ප්‍රධානින් හා සියලුම රණවිරුවන්ටත්,මෙතුවක් කල් ඒ වෙනුවන් දිවිපිදු රණවිරුවන්ටත් හිමිවිය යුතුය.ඔවුන් නොවන්නට මේ මුලු දිවයිනම යම් දවසක ත්‍රස්තවාදි ග්‍රහණයට ලක් වන්නට ඉඩ තිබුණි.


මේ ජයග්‍රහණය සැමරිය යුතුය.

  • ඒ මිනිමරු ප්‍රභාකරන්ගේ අවසානය යනු තවත් සිය දහස් ගනණක් වු අහිංසක ජනතාවගේ ජිවිත සුරක්ශිත කිරිමක් වන බැවිනි.

  •  , මින් ඉදිරියට පොත පත පැත්තකට දමා ගිනි අවිය ගත් දරුවන් මේ ලක්දිව නොබිහිවන බැවිනි.
  • ඒ මින් මතුවට 1985 දි ජය ශ්‍රි මහා බෝධිය අභියසදි සිදුවුවාක් මෙන්, අරන්තලාව භික්ශු ඝාතනය මෙන්,1987දි පිටකොටුවේදි මෙන්,1990 දි කාත්තන්කුඩි මුස්ලිම් දේවස්තානයට එල්ලවු ප්‍රහාරය මෙන් අවාසනාවන්ත සිදුවිම් ඉදිරියේදි සිදු නොවන බවට සිතිය හැකි නිසාවෙනි.

එහෙත් මේ සැමරිම සමගම අප අමතක නොකල යුතු පිරිසක් ඇත.එනම් ඇදි වත පමණක් උරුමව අසරණව සිටින සරණාගතයන්ය.ප්‍රභාකරන්ගෙන් බැටකැ ඔවුන්ට ඇති එකම පිහිට රජය පමණකි.ඔවුන් වෙනුවෙන් කල හැකි දෙයක් වේනම් එය කිරිම අපගේද යුතුකමකි.


මෙහිදි මේ යුද්ධයට පසුබිම්වු දෙමල ජනතාවට බලපැ ප්‍රශ්න සදහා දේශපාලන විසදුමක් ගෙන ඒම රජයේ වගකිමක් විය යුතුය. එය ඉටුකරන බවට ජනාධිපතිතුමා දැනටමත් පොරොන්දුවි තිබිම සතුටට කරුණකි.එසේ සාර්ථක විසදුමක් නොගෙනාවහොත් එය තවත් ඉලාම් යුද්ධයකට පාර කැපිමක් විමට ඉඩ ඇත.

පසුගිය 18 වෙනිදායින් අවසන්වුයේ සතුරා සතු භුමිය අල්ලා ගැනිම හා ප්‍රධානතම නායකත්වය ඇතුලු සාමාජිකයන් ඝාතනය කිරිමත්ය.එසේ සිදුවුවායි කියා සම්පුර්ණයෙන්ම LTTE ක්‍රියාකාරකම් අවසන්වුවා යැයි සිතිය නොහැක.සමහරවිට දැනට සාමාන්‍ය ජනතාව අතර සිටින හදුනා නොගත් ත්‍රස්තවාදින් ඉදිරියේදි විවිධ කඩාකප්පල්කාරි ක්‍රියා සදහා පෙලබිමට ඉඩ ඇත.විදේශ රටවල සිටින LTTE ආධාරකරුවන්ද දිගින් දිගටම මෙහි මානව හිමිකම් උල්ලංගණය වන බව පවසමින් විවිධ අසත්‍ය ප්‍රචාරවල නිරත වනු ඇත්තේ,සරණාගතයන් වශයෙන් ඔවුන්ට එම රටවල තවදුරටත් රැදි සිටිමට ඉඩ ලබා ගැනිමේ අටියෙනි. එම අවස්තාවන් අවම වන ලෙසට අප කටයුතු කල යුතුය.

--------------------------------------------------------------

මෙහිදි මා මේ ජයග්‍රහණය සමගම අනෙකුත් කොයි කවුරුත්වාගේ මුහුණු පොතේ Status එක වෙනස් කලේ මෙසේය.Salute our heroes.Cheers!.එය විවාදයකට තුඩුදෙන හේතුවක් වුයේ එයට මා හිතවත් දෙමල මිතුරෙකු දැමු ප්‍රතිචාරයක් නිසායි. ඔහුගේ ප්‍රතිචාරයවුයේ මෙයයි,

Also pay ATLEAST last respects to your HEROES' achievements & victims -
"Massacred innocent Tamil people".

දිගු විවාදයක් අවසානයේ ඔහු දැමු ප්‍රතිචාරය මෙයයි.

Who ever do terrorism must be punished. Reality is that whether you accept or not,hoever affected by LTTE are angry and against them. Same as whoever affected by SL Army are against them. I also must tell one thing on this time! I have a long list of my close relatives who killed by SL Army in past. You know brother, recently my relatives families- 2 families (5 members & young family 3 members) killed as a whole family by shelling. No survivers from one family & a sole surviver of another. So how they can be my Heros. Thats why I commented on his profile like that. Anyhow this will take time for everyone's scars on their hearts to be cured. 

So we must use this peaceful chance to bond all Sri Lankan people together.

අප අතිතය අමතක කිරිම මෙන්ම අතිතයේ ජිවත්විමද නොකල යුතුය.එහෙයින් වර්තමානයේ කල යුතු දෙය නම් මෙම අවස්තාවේ සැබැ සිංහලයන් ලෙස,දමිලයන් හා අනෙකුත් සියලුම ජනවර්ග හා එකතුවි එක ශ්‍රි ලාංකිය ජාතියක් ලෙසින් බැදි නැගිටිමයි.


 

1 comment:

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.