Wednesday, October 8, 2008

මම සැබැ සිංහලයෙක්, ඔබ?




සිංහයයින්ගේ ආරම්භය කොතනද?එය ආරම්භ වුයේ විජය රජු රජුගෙන්ද? නැතහොත් විජය රජු ඉන්දියාවේ සිට මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගේ එකමුතුවෙන්ද?(මම ආරම්භය සොයන්න උනන්දුවන්නේ ඇයි කියලා ඉදිරියේදි කියන්නමි)



මහාවංශයේ සදහන් වනුයේ සිංහල ජන වර්ගය පැවැතෙන්නේ විජය රජුගෙන් බවටය.
එවිට විජය රජු පැමිනන විට සිටි යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවුහෙලයින්ට සිදුවුයේ කුමක්ද?
මෙහිදි මා සිතනුයේ යක්ශ,නාග,දේව,රාක්ශ සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගෙන් සිංහල ජන වර්ගය ඇතිවු බවයි.
එනමි විජය රජු මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින් සතු සංස්කෘතිය විසින් විජය රජු ගෙනාආ සංස්කෘතියහි යම් යම් දේ අවශෝෂණය කරගෙන සිංහල ජන වර්ගය හා සංස්කෘතිය වර්දනයවි ඇති බවයි. මෙය එක දවසකින් දෙකකින් සිදුවුවක් නොවේ,කාලයක් මුලුල්ලේ සිදුවු පරිණාමයකි.
අනුරාදපුර යුගයේ සදකඩ පහනේ තිබුනු ගව රුපය පොලොන්නරු යුගයේදි ඉවත් කෙරුනේ දෙමල ජනවර්ගයෙන් කෙරුනු බලපැම් නිසයි. එවගේම සිංහලයන්ගේ (සිවු හෙලයින්ගේ) සංස්කෘතියත් විජය රජුගේ සංස්කෘතියන් ඔපවත් වෙන්න ඇති.

මෙහිදි සිවුහෙලයින්ගේ සංස්කෘතිය විසින් විජය රජුගේ සංස්කෘතිය අවශෝෂණය කර ගත්තාමිස විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නැත. යම් හෙයකින් ව විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නම් අපද දෙමල වැනි දවිඩ කුලයට අයිති භාෂාවක් කතා කරනු ඇත.එනම් අප වර්තමාන තමිල්නාඩුවේ අනාර්යයන් දවිඩ භාෂාව කතාකල සංකරමණිකයන්ට මුලුමනින්ම අවශෝෂණය වුවා මෙන් අවශෝෂණය වුයේ නැත, එනම් අප දවිඩකරණයට හසු වුයේ නැත එමෙන්ම අහංගම මහතාට1 අනුව සිංහල යනු විජය ගෙනා භාෂාවක් නොවේ. එනම් සිංහල භාෂාව මෙහි සිවුහෙලයින් සන්නිවේදනය සදහා අනාදිමත් කාලයක සිට යොදාගත් භාෂාවයි.
විජය රජු පැමිනිමට බොහෝ කාලයකට පෙර සිට මෙහි වාසය කල යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවු හෙලයින් හැදින්විමේ පහසුවතකා සන්දි කර පසුකාලිනව “සිංහල” ලෙස හැදින්වුවා විය හැක. එමෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට3
අනුව සිංහල ජාතියද චින ජාතිය මෙන්ම ලොකයේ ඉතා පැරණිම ජාතියකි.

"කි‍්‍රස්තු වර්ෂයෙන් 7 වැනි අවුරුද්දේ මේ රටේ හිටපු භාතිය රජ්ජුරුවන්ගෙ දූත පිරිසක් ගිහින් තියෙනවා රෝමයට. ගී‍්‍රක ලේඛනවල ඒක තියෙනවා. එතකොට අහලා තියෙනවා නුඹලාගේ රටට කියන නම කුමක් ද කියලා. ඒ අය කියා තිබෙන්නේ අපේ රටට කියන්නෙ ‘සිහලදිව‘ කියා කියලයි. මේ විජයගෙ පැමිණීමට පෙර කි‍්‍රස්තුන් වහන්සේගේ උප්පත්තියෙන් 7 වැනි වසරේ.සිහළ කියන එක තමයි ‘හෙළ’ වෙන්නෙ.විජයට පෙර මේ රටේ සිහළ පිරිස හිටියා." - මහාචාර්ය මැන්දිස් රෝහණධීර


--------------------------------------------------------------------------------------------


මෙහිදි මිට වසර ගණනාවකට පුවත්පතක පලවු ලිපියක් සිහිවේ.(එම ලිපිය අම්මා සකස් කර දුන් දහවල් කැම පාර්සලය ඔතා තිබු පත්තර පිටුවෙහි තිබුනක් වන අතර, එහි වටිනාකම නිසා එය තවමත් මා සතු වෙයි.)
එම ලිපිය ලියා තිබුනේ ආචාර්ය අදිකාරම් මහතායි.මගේ මතකය නිවරදිනම් එහි මාතෘකාව “ඔබ සිංහලයෙක්ද?” යන්නයි.
එහි අදිකාරම්තුමා යමෙකුගෙන් ඔබ සිංහලයෙක්ද , සිංහලයෙක් නම් සිංහලයෙක් වන්නේ කෙසේද කියා ඇසුවහොත් ඔහු ලබාදිය හැකි පිලිතුරු සාගච්චා කර තිබුනි. එහිදි ඔහු දක්වනුයේ බොහෝ සිංහලයින්ගේ පිලිතුර වනුයේ මවුපියන් සිංහල නිසා තමන්ද සිංහල වු බවයි.
මවුපියන් සිංහල වුයේ කෙසේද ලෙස මවුපියන්ගෙන් ඇසුවහොත් ඔවුන්ද “මවුපියන් සිංහල නිසා” ලෙස පිලිතුරු දෙනු ඇත.
මෙම තර්කය කෙතරම් දුරක් ගෙනයා හැකිදැයි ආචාර්ය අදිකාරම් තුමා විමසයි. මෙසේ පියවරෙන් පියවර ආපස්සට ගිය හොත් එය විජය රජුගෙන් නවතින බව ඔහු පවසයි.
විජය රජු සිංහයයෙක්ද?

----------------------------------------------------------------------------------------


බෞද්ද දර්ශනයේදි විස්තර කරන ආකාරයට පෘතුවියේ ජිවය ඇරබුනේ ආභිස්වර බහ්ම්ම ලෝකයේ සිට ආ ජිවින්ගෙනි.සිනිදු ශරිරයෙන් යුත් එම ජිවින් රස පෘතුවිය අනුභව කිරිම නිසා වඩා රලු ශරිරයෙන් යුත් ජිවින් බවට පත් වුහ.පසුව ලිංග බේදය ද ඇති විය. එය පරිණාමය පිලිබද බෞද්ද විස්තර කිරිමයි.(මෙය දිර්ගව විස්තර කර ඇති අතර දැනට මාගේ මතකයේ ඇත්තේ ඉහත පියවර දෙක පමණකි.)
මෙසේ ස්තී , පුරුශ ලෙස ආරම්භ වු බෙදිම පසුව සමේ වර්ණය, අදහන ආගම, කතාකරන භාෂාව අනුව හා තවත් බොහෝ කාරණා මුල්කරගෙන තව දුරටත් බෙදිනි.
සිංහල ජන වර්ගය වනාහි මෙසේ බෙදි වෙන්වු එක් මිනිස් කොට්ටාශයකි. ආරම්භය දැනගත යුතුය.විකාශනය දැනගත යුතුය.එහෙත් එය අන් ජන වර්ග පහත් කර පෙන්විමට යොදාගත යුතු නොවේ.
කෙසේ ආරම්භ වුවද මෙතෙක් විකාශනයවු සිංහල ජන වර්ගය සතුව වටිනා සංස්කෘතික, සදාචාරාත්මක ගුණ ඇත. සිංහලයන් ලෙස එවා රැකගෙන ඉදිරියට යා යුතුය, තනිව නොව සහයොගයෙන් අන් ජන වර්ග හා ,සැබැ සිංහලයෙකු ලෙස.

අපේ ජාතිය
අපේ ආගම
වචන පමණද

ගුණ දම්
සිරිත් විරිත්
පොතට පමණද

සිහලෙක් ලෙස නගන්නට නම් සිහ නද
රකින්න ගුණ දම්, සිරිත් විරිත්
අපේ ජාතිය, ආගම
අපිට උරුම කල

සිංහල, දෙමල
ලෙස බෙදුනු මිනිසුන්
නොබෙඳි තවත්,
රකින්න මවු බිම එකා වන්ව
සැබැ සිංහලයෙකු ලෙස.
අපි සිං හල දෙමල හා අනෙකුත් සියලු ජන වර්ග සහයෝගයෙන් දිවිගෙවන ලංකාවේ උපන්, අභිමානවත් ලාංකියෝ වෙමු.



ආශිත ලිපි:

1. අහංගම, ජයන්ත., 2003.සිංහල බස ඉන්දියානු බසකින් ආ බසක් නොවේ. [Online].Available from http://www.kalaya.org/files/r0007.pdf [Date of access: 24 September 2008]
2. ජයසුමන, චන්න.,දෙමල ජනතාවගේ අප්රිකානු සම්භවය.2007. [Online].Available from http://www.kalaya.org/files/r0006.pdf [Date of access: 24 September 2008]
3. ද සිල්වා, නලින්., 2007.බටහිට විදයාව චිනයේ ඇති නොවුයේ ඇයි?. [Online].Available from http://www.kalaya.org/files/v020.pdf [Date of access: 24 September 2008]

කියවන්න:
http://www.kalaya.org/files/v318.pdf


උරුමය

3 comments:

  1. මචං මැන්දිස් රෝහන මහතාගේ ප්‍රකාශය වැරදී නේද?
    විජයගේ පැමිණිමට පෙර ක්‍රිස්තුස් වහන්සෙ ඉපදෙන්න බෑ නේද?
    විජය හෙලදිවට ඇවිල්ල අවුරුදු පන්සිය ගානකට පස්සෙනෙ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදුනේ.

    ReplyDelete
  2. සිංහලයන්ගේ ආදි කර්තෘන් වන විජය ඇතුළු පිරිස ලක්දිවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ. හයවන සියවසේය.(http://www.lakehouse.lk/budusarana/2010/06/25/tmp.asp?ID=fea05)

    ඔවු, එ අනුව නම් ඔබ හරි,මහාචාර්යය තුමාගේ ප්‍රකාශය වැරදි.

    ReplyDelete
  3. මගේ තක්සේරුවේ හැටියට වර්තමාන සිංහල ජනගහනය අතුරින් පාරම්පරිකව රජරට ශිෂ්ටාවාරය පැවැති ප්‍රදේශ දක්වා සිය ආරම්භය ගෙනයාමට හැකියාව ඇත්තේ ප්‍රජා කණ්ඩායම් දෙකකට පමණි. එක් කොටසක් නම් උඩරට ප්‍රදේශවල සිටින රදළ (රජරට දී ඔවුන් හැදින්වුනේ "රද් කොල් සම්දරු" ලෙසිනි.) පිරිසෙන් , අඩුම තරමින්, කොටසක් හා වත්මන් "ගොයිගම" කුල ප්‍රජාවගෙන් කොටසකි. වර්තමානයේ විශ්වාස කරන පරිද "ගොයිගම" යන වචනය පැවත එන්නේ "ගොවි" (Cultivator) යන වචනයෙන් නොව ගෘහපති (ගැහැවි > ගොවි) යන වචනයෙනි. වර්තමාන "ගොයිගම" ජනගහනයෙන් විශාල පිරිසක් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වී පසුව මේ කුල ප්‍රජාවට අන්තර්ග්‍රහණය කරගනු ලැබූ පිරිස්ය. (උදා චෙට්ටීන්, වන්නිවරු හා ලන්දේසීහු දකුණු ඉන්දියානු වහල් වෙළද පොළෙන් ගෙනැවිත් මෙහි පදිංචි කළ ජනයා.

    Nirmal Dewasiris FB post on 12-04-2017

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.