Wednesday, October 15, 2008

"ගොහුරු මඩින් පන්නරයෙන්" හෙලිවන ආර්ථික ඝාතකයෝ

ආර්ථික ඝාතකයා යනු දුප්පතුන් වෙත ගොස් ඔවුන්ට අති විශාල වශයෙන් ණය ලබාදි ඔවුන් අසරණ කර ඔවුන් සතු, තමන්ට අවශයදේ තමන් සතු කර ගන්නට උත්සහා කරන්නෙකි.

ආර්ථික ඝාතකයා වනාහි නව අදිරාජයවාදය ගොඩ නැගිම සදහා දනවාදි රටවල් භාවිතා කරන්නාවු යාන්තණයකි. මෙය දේශ හිතේශි ජාතික ව්‍යාපාරය මගින් පකාශිත “බටහිර බලය හා ලංකාවේ ඉරණම” කෘතියේ මනාව විග්රහ කර ඇත.මෙම පොතේ ජොන් පර්කින්ස් නම් ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරනයක්ද ඇතුලත් කර ඇත. ආර්ථික ඝාතකයා (Economic Murder) ක්‍රියාත්මක වන්නේ දනවාදි රටවල් මගින් පමණක්ද? නැත. එය වනාහි දනවාදි රටවල්, දුප්පත් රටවල් ග්‍රහනයට ගැනිමට මෙන්ම දනවතුන්, දුප්පතුන් ග්‍රහණයට ගැනිමට යොදන යාන්තණයකි.
වජයරත්න දොලවත්ත මහතාගේ “ගොහුරු මඩින් පන්නරයෙන්” කෘතිය වනාහි එක්දාස් නවසිය තිස් ගණන්වල බෝමිරිය ගමේ සාමානය දුගි දුප්පත් ජනතාවගේ එදිනෙදා ජිවන රටාව විවරණය උදෙසා කරන ලද වැයමකි.

එම කෘතිය තුලින්ද අප සමාජයේ එදා ජිවත්වු ආර්ථික ඝාතකයන් කිහිප දෙනෙකු හදුනාගත හැකිය. එහි කතානායකයාවන පියරත්නගේ ලොකු අක්කගේ අසනිපයට පිලියමක් ලෙස තොවිලයක් නැටවිමට මුදල් නැතිව සිටිනවිට පියරත්නගේ අම්මාට, ඉල්ලිමකින් තොරව රුපියල් 400 ලබාදුන් බබානිස් සියා පසුව ඔවුන්ට අයිති බුටැවට දං කැලේ පියරත්නගේ අම්මාට අයිති කොටස ලියා ගන්නා ලදි

තවද බෝමිරිය ගමේ සාමවිනිසුරු යෝතන් ආරච්ච්රල, මාගිරිස් අප්පුහාමිගේ බිරිදගේ වියෝවෙන් පසුව පැමිණ ඉල්ලිමකින් තොරව ඔහුට රුපියල් 850 ක් ලාබාදෙයි. ටික කලකට පසුව ඔහු ඒ වෙනුවට මාගිරිස් අප්පුහාමිට අයත් කනතු ඉඩම් කැබැල්ල ලියාගන්නා ලදි.

ලේකකයා පවසන පරිදි මේ යෝතන් ආරච්ච්‍රල වැනි ආර්ථික ඝාතකයන්ගේ පසු පරම්පරාවල උදවිය එම ඉඩම් විකුණා කෝටිපතියන් වන්නේ ඉහතකි මාගිරිස්ලාගේ පවුල්වල නුතන පරම්පරාවල දරුවන්ට පැලක් අටවාගන්නට බිම් අගලක් නැතුව ලැතැවෙද්දිය.

එම චරිත හා පසුකාලිනව ඇතිවු සිද්දි දෙස බැලිමේදි අප සිහි තබාගත යුතුව ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන්වල ගණන්වල පමණක් නොව මෙවැනිවු අනුන්ගේ දුර්වල කමින් තම සාක්කුව පුරවා ගැනිමට තැත් කරන අය මේ සමාජයේ දැනුදු සිටිය හැකි බවත්, එ අයගෙන් අප/අප රට මෙන්ම අපගේ අනාගත පරම්පරාවන්ද රැකගැනිමේ වගකිම අප වෙත ඇති බවත්ය.
බටහිර බලය හා ලංකාවේ ඉරණම කෘතිය ආරම්භයේ එන පහත කතාව රසවිදින්න, වටහාගන්න.




To view in PDF format:Click

10 comments:

  1. පාං ගෙඩිය තුනයි පණහට දුන්නෙත් ඔය වගේ ණය අරං. ජනතාව දැනුවත් කිරීම පමණයි මෙයට විසඳුම. එවිට ජනතාව ප්‍රශ්ණ කරාවි හඳෙන් හාල් ගෙනත් දෙන්නෙ කොහොම ද කියලා, බූරුවො රැලක් වගේ ඡන්දය දෙන්නෙ නැතුව.

    ReplyDelete
  2. "අප රටට ණය දෙන බටහිර රටවල් දිගින් දිගටම සෘජුව සහ වක‍්‍රව අපට බලකලේ අතිශය ලාභදායී දුම්රිය ප‍්‍රවාහනය අතහැර අතිශය වියදම්කාරී මහාමාර්ග භාවිතයට යන ලෙසය. ඒ අනුව විශාල ණය මුදල් ලබා දෙමින් අධිවේගී මාර්ග ඉදිකිරීමටත් තිබෙන මාවත් අනවශ්‍ය ලෙස පළල් කිරීමටත් සීමාවකින් තොරව ණය දුනි. ඉතා කෙටි කලකින් දැවැන්ත කන්ටේනර් රථවලින් එම මාර්ග පිරී ගිය කල අතිශය වියදම්කාරී ගුවන් පාලම් ඉදිරිකිරීමට තවතවත් ණය ලබා දීමට කටයුතු කලේය. මෙය අධිරාජ්‍යවාදීන් ඇටවූ බරපතල උගුලකි."

    http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=1837:2010-05-29-05-50-31&catid=1:latest-news&Itemid=269

    ReplyDelete
  3. "එහි සංවර්ධන කටයුතු ආරම්භ වනවිට කටුනායක තවත් ගුවන් පථයක් ඉදිකිරීම සදහා ණය දෙන ආයතනයකින් බලෙන්ම වාගේ ණය ලබාදෙන බව දැනගැනීමට ඇත."

    "ඉහත සදහන් කලේ ප‍්‍රමුඛතාවන් පටලවා ඉතා අධික වියදම් සහිත මහා පරිමාණ ව්‍යපෘතිවලට ණය දීම මඟින් රට ණය උගුලේ සිරකරන ආකාරයෙන් බිදකි."

    ඉහත ප්‍රකාශයන් උපුටා ගත්තේ වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින් ලියු ‘ආර්ථික ඝාතකයන් උඩ වැඩ – අපි බිම’ ලිපියෙනි.

    http://lankacnews.com/sinhala/main-news/%E2%80%98%E2%80%98%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%A9-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%85/

    ReplyDelete
  4. යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය උගුලේ හිරව සිටින, යුරෝපයේ හිඟන්නා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ග්‍රික ආර්ථිකය කඩාවැටෙමින් පවති.

    යුරෝපා කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය අවුරුද්දේ පමණක් ග්‍රීසීය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 159.
    ග්‍රීසිය මුහුණ දී ඇති ආරථික අවපාතයෙන් මුදවා ගැනීමට නම් වහාම තවත් ඇ. ඩො බිලියන 173 ක මුදලක් ලබාදිය යුතු වේ. එහෙත් ග්‍රීසීය වෙත මෙම මුදල ලබා ගැනීමට නම් යුරෝපා කොමිසම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති පුද්ගලික කරණ ක්‍රියාවලිය තව තවත් වැඩිකළ යුතු වේ.ග්‍රීසියේ ජාතික ණය සියයට දාහතකින් (17%) ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් බදු වැඩිකරමින් රාජ්‍යය වියදම ද අඩුකිරීමට පියවර ගැනීමට සිදුව ඇති බව විද්වත්හු පවසති.
    දැඩි ජීවන බවකින් මිරිකී සිටින ප්‍රකෝප වූ දහස් ගණනක වූ පිරිසක් ප්‍රකෝපකාරි ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත.
    ග්‍රීසියට පසුව පෘතුගාලය සහා අයර්ලන්තය ද මෙම පරිවර්තයේ මීළඟ කොටස් විය හැකි බව බටහිර දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දේ.

    From: www.lankacnews.com/sinhala; June 18, 2011

    ReplyDelete
  5. පහත දෙබස් උපුටාගත්තේ 2011 ජුනි මස 6 දින ස්වර්ණවාහිණියේ විකාශනය වු "මිණිපුර හටන" ටෙලි නාට්‍යයෙනි.

    පොඩ්ඩේ: දැන් බලපන් අපේ ඉඩකඩන් තුට්ටුදෙකට අර වලව්වේ එවුන් ලියාගෙන් නැද්ද කියලා.
    උන්ට ඉහෙන් බහින ලෙඩක්වත් නැනේ.

    මාතුපාල: උඹ දන්නවාද, ඔවට වැරදිකාරයෙඔ කවුද? උඹලගේ මහ මිනිස්සු.

    පොඩ්ඩේ:අනේ නිකං හිටපන් මාතුපාල. අපේ මිනිස්සු රවට්ටලා තුට්ටු දෙකට යාප්පුවෙන් තමයි ඔය මිනිස්සු ඔය ඉඩම් අරන් තියෙන්නේ.
    උඹලගේ මහ මිනිස්සු. ඒ මිනිස්සු වික්ක හින්දා තමයි උන් ගත්තේ.

    ReplyDelete
  6. පහත දෙබස් උපුටාගත්තේ 2011 දෙසැම්බර් මස 11 දින දෙරණ නාලිකාවේ විකාශනය වු "අරුන්දති" ටෙලි නාට්‍යයෙනි.

    හේතුහාමි: කාටද බය?
    රටේ මහත්තයට. ඇයි හිතලා බලපන්කෝ මුලු හත් පේලියේම ඉඩම් කොල්ල කාපු මිනිහට බැරි වෙලාවත් මම කරේ ගෙනියන ගෝනියක් ගන්න එක මහ වැඩක්ද?

    ReplyDelete
  7. Thanks, Kalayak hewwa pothaka namak hamuwuna"බටහිර බලය හා ලංකාවේ ඉරණම "

    ReplyDelete
  8. අරුන්දති ටෙලි නාට්‍ය, 48වන කොටස, 2012 පෙබරවාරි 13.

    හේතුහාමි: ඔය මිනිහද?(රටේ මහත්තයා)........... ඔය මිනිහගෙන් කිසිම කෙනෙකුට බුරුලක් නැ.
    අපේ අත්තා මුත්තාගෙන් ලැබිච්ච කුඹුරට මාව ණයකාරයෙක් කරලා,......... ඉට පස්සේ අදකාරයෙක් කරලා......මාව පාරට ඇදලා දාපු.......මිනිහෙක් ඔකා.

    ReplyDelete
  9. චීන ණය උගුලක :

    පසුගිය මාර්තු මාසයේදී චීනයේ නිල චාරිකාවක යෙදුණු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා‍ව තුළ සිදුකරන චීන සෘජු විදේශ ආයෝජන තම ආණ්ඩුව අගය කරන බවයි.

    ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ චීන විද්‍යා ඇකඩමියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ජල මාර්ග පිළිබඳ හවුල් පර්යේෂන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්ද මෙහිදී එකඟතාව පළ වී තිබුණි.

    ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන බැංතුවේ ආරම්භක හවුල්කරුවෙකු වීම සඳහා චීනය විසින් කරන ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මෙහිදී ජනාධිපති සිරිසේනට ප්‍රසාදය පළ කළ බවද වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් සිය ලිපියේ කරුණු දක්වන භෂ්කර් රෝයි පවසන්නේ ‘ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අසීරුතා නිසා සිරිසේනට උපාමාරු දැමීමට තිබුණේ සීමිත ඉඩකඩක්’ බව ය.

    “චීන ණය ගෙවීම ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉල්ලා තිබූ ඩොලර් බිලියන හතරක ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. ප‍්‍රත්‍යක්ෂ ලෙසම ශ‍්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී සිටී. ඉන්දියන් සාගරය වෙතට බෙයිජිනයේ ප‍්‍රවේශය සඳහා සහාය වෙමින් ශ්‍රී ලංකාව රටේ ඇතැම් ප‍්‍රදේශය චීනයට උකස් කර ඇති බවක් පෙනෙන්නට තිබේ’’ රෝයි වැඩිදුරටත් පවසයි.

    Source: https://lankacnews.com/sinhala/news/130734/

    ReplyDelete
  10. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන
    මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ
    නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. ඔවුන් එකඟ වූයේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය වේගයෙන් වැඩි වනතත්වයක් ද යටතේය.
    බෙයිජිං රජයට අයත් විශාලම ව්‍යාවසායක් වන චියිනා හාබර් ඉන්ජිනියරින් සමාගම කළ ඉදිකිරීම් හා නැවත නැවතත් සිදුකළ සාකච්ඡා මැද, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, පුරෝකථනය කර තිබූ
    ආකාරයටම අසාර්ථක විය. ලෝකයේ ඉතාම කාර්ය බහුල මුහුදු මාර්ගයක් අසල පිහිටා තිබුණත් 2012 වර්ෂයේ මෙම වරායට පැමිණියේ නැව් 34 ක් පමණි.ඉන් පසු එය චීන වරායක් විය
    රාජපක්ෂ මහතා 2015 දී ඡන්දයෙන් පරාජය වූ නමුත් ගෙන තිබූ ණය ගෙවා දැමීම නව රජයට විශාල
    අභියෝගයක් විය. දැඩි පීඩනයක් යටතේ හා මාස ගණනාවක් තිස්සේ චීනය සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව රජය දෙසැම්බර් මාසයේ වරාය හා ඒ අවට අක්කර 15,000 චීන සමාගමට 99 අවුරුද්දට භාර දුන්නේය.

    මෙම පැවරීම නිසා චීනයට තම විරුද්ධවාදීයා වන ඉන්දියාවේ වෙරළේ සිට සැතපුම් සිය ගණනකට ඈතින් භූමියක පාලනය ලැබුණු අතර තීරණාත්මක වාණිජ හා හුදු ජල මාර්ගයක උපායමාර්ගික පා ඉඩක්ද ලැබුණේය.

    ලොව පුරා තම බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය පිළිබඳ මෙය එක් ප්‍රබල උදාහරණයක් වන අතර ණය ආපසු ලබා ගැනීමට නිර්දය ක්‍රම යොදා ගන්නා ආකාරය ද එය පෙන්වා දෙයි.

    මෙම ණය ගනුදෙනුව, ජනාධිපති සී ජින්පින්ගේ තේමාත්මක කලාප හා මාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative) කෙරෙහි දැඩි දෝෂාරෝපණය වැඩි කිරීමට ද හේතු විය. එනම් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආයෝජනය හා ණය දීමේ චීන වැඩසටහන ලොව පුරා අනාරක්ෂිත රටවලට ණය උගුලක් වී ඇති බවත් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහයක් ගන්නා මෙම රටවල දූෂණය හා ඒකාධිපති ප්‍රවණතා වැඩි වී ඇති බවත්ය.

    ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන හා බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණනක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් හා වරාය ව්‍යාපෘතියේ ගිවිසුම් හා නිල ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පැහැදිළිව පෙනී ගියේ චීනය හා එහි පාලනය යටතේ ඇති සමාගම්, අරමුදල් හිඟයෙන් පෙළෙන කුඩා රටක ඔවුන්ගේ අයිතීන් තහවුරු කර ගත් ආකාරයයි.

    http://www.gossiplankanews.com/2018/06/How-China-Got-Sri-Lanka-to-Cough-Up-a-Port-new-york-times-article.html

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.