Wednesday, October 29, 2008

ඇමරිකානු ආර්ථිකයට ඇද වැටුනි… ඉලගට…





මේ දිනවල කතාබහට ලක්වන වැදගත් මාර්තෘකාවක් වනුයේ ඇමරිකානු ආර්ථිකයේ සිදුවි ඇති පසුබැමයි. එය ඇමරිකාවේ ඇති නිවාස වල මිල අදික ලෙස ඉහල යැම නිසා(Bubbles in housing ) බිද වැටිම(Blast) නිසා සිදුවුවකි. නිවාස හා ඉඩම් වල මිල අඛන්ඩව ඉහල යැම යම් යම් හේතු නිසා සිදුවන අතර එය ආර්ථික විදයාවේ හැදින්වෙන්නේ බුබුලක් (Bubbles) ලෙසිනි. මෙම බුබුල ක්රමයෙන් ප්රසාරණයවි යම් කාලයකට පසුව බිද වැටිම සිදුවේ. ඇමරිකාවේ සිදුවුයේ මෙයයි. එහෙත් ඇමරිකාව මෙය සිදුවු පලමු රට හෝ අවසාන රට නොවන බව අප මතක තබාගත යුතුය.

ඇමරිකානු ආර්ථිකයට සිදුවුයේ කුමක්ද?


ඇමරිකානු ආර්ථිකය තුල නිවාස සදහා ඉල්ලුම වැඩි විය. ඉල්ලුමට හා මිල අතර ඇති අනුලෝම සම්බන්දය නිසා මිලද වැඩිවිය. ඒ සමගම මිනිසුන් තමන්ගේ මුදල්වලින් නැතිනම් බැංකු ණය ලබාගෙන හෝ නිවාස ඉදිකෙරුමට පෙලබුනේ මිල ඉහල ගිය පසු විකුණාගැනිමේ අදහසින්.ඔවුන් එසේ කලේ බැංකුවේ මුදල් තැම්පත් කරනවාට වඩා එය නිවාස ක්ශේතයේ ආයෝජනය කිරිමා ලාභදායක බව ඔවුනට පෙනි ගිය නිසායි. මෙසේ අඛන්ඩව මිල ඉහල ගිය (බුබුල ප්රසාරණය විය) අතර පසුව පුපුරාගියා. එනම් නිවාස වල මිල පහල බැස්සා. 2005 වසරේදි නිවාස වල මිල ගණන් උපරිම අගයට පැමිනි අතර 2006 වසරේසිට එය අඩුවිමට පටන් ගත් අතර තවමත් එය අඩුවෙමින් පවති.4
රොබට් ශෙලි විසින් එරට නිවාස මිල හා ජනග්රහණය ප්රතාරගත කල අතර ඒ අනුව 1940 සිට 2004 දක්වා නිවාස මිල වාර්ශිකව 0.7% ප්රමාණයකින් ඉහල ගොස් ඇත.එහෙත් එක්සත් ජනපද ජන සංඛයාලේඛන දෙපාර්තුමේන්තුවට අනුව එය 2%කි.4


නිවාස වල මිල අඛණ්ඩව ඉහල යන නිසා බැංකුද නිවාස ඇපයට තබාගෙන ණය නිකුත්කලත් මිල පහල බැසිමෙන් පසුව එම ණය ගෙවිම ණය කරුවන් පැහැර හැරියා. එයට හේතුව වුයේ ගෙවිය යුතු ණය ප්රමාණය නිවසේ වටිනාකමට වඩා වැඩි විම නිසායි.එම නිසා නිවාස බැංකුවට අයිති වුවද එහි වටිනාමක ණය පියවාගැනිමට ප්රමාණවත් වුනේ නැ. එමෙන්ම නිවාස වල මිල අඛණ්ඩව ඉහල යන නිසා බැංකු රැකියා,දේපල නොමැති අයට පවා ණය (නින්ජා ණය)ලබාදි තිබුණා. තවද මෙසේ ණය වාරිය නොගෙවා සිටිම නිසා බැංකු අඩපණවනවිට තැම්පත්කරුවන්ද සිය මුදල් නැවත ලබා ගත්තා. මෙය බැංකු බංකොලොත් විම දක්වාද දුරදිග ගියා.

නිවාසවල මිල ගණන් ඉහල යැමට හේතු කවරෙක්ද?


අඩු පොලි අනුපාතිකයන්
ඉහල ආර්ථික වර්දනය

එය අපිට බලපාන්නේ කෙසේද?
අපේ රටේ නිශ්පාදනය කරන ඇගලුම් වලින් 4% පමණ අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට2. ඇමරිකානු ආර්ථිකයහි පසු බැස්ම නිසා ඔවුන් මිලදි ගැනිම සිමාකලහොත් එය අපිට අහිත කර ලෙස බල පානවා. මෙය ඇගලුම්වලට පමණක් නොව අනෙකුත් අපනයන වලටත් පොදුයි. තවද ලංකාවට ලබාදෙන ආදාර අඩු කලහොත් එය ද අපිට හිතකර නොවේ.

එයින් අප ඉගෙනගත යුත්තේ කුමක්ද?

ලංකාවේ දේපල වෙලදාම් ක්ශේත්රයේද බුබුලක් ලෙස මිල ඉහල යාම සිදුවේ(Bubbles in property market) මෙය ලංකාවට විවෘත ආර්ථිකය හදුන්වාදිමෙන් පසු ඇතිවු අතර පසුව හටගත් යුද්දය නිසා තවත් ප්රසාරණය විය. උතුරු නැගෙනහිර පලාත්වල ජනතාව කොලඹ අවට ප්රදේශවලට සංක්රමනය විමත් සමගම ඒ ප්රදේශවල ඉඩම්, නිවාස සදහා ඉල්ලුමත් ඒ සමගම ඒවායේ මිලත් වැඩි වුවා. මෙය සුනාමි වයසනය විසින් උද්දිපනය කරනු ලැබුනා. 2004 වසරේදි ඉදිකිරිම් ක්ශේතයේ නිම කරන ලද වැඩ වලින් වැඩිම ප්රමාණයක් කෙරි ඇත්තේ කොලඹ දිස්තිකයේ වන අතර එය 42.3% පමණ විම එය හොදින් තහවුරු කරනවා.3

වර්තමානයේදිත් ලාංකිකයන් බැංකුවේ මුදල් තැම්පත් කරනවාට වඩා එම මුදලින් ඉඩමක් මිලට ගැනිමට පෙලබෙන්නේ ඉඩම් වල මිල ගණන් වේගයෙන් ඉහල යන බව දන්නා නිසායි. බස්නාහිර පලාත තුල ඉඩම්වල මිලගණන් වාර්ශිකව 25% ප්රමාණයකින් ඉහලයන බවද සදහන්. කොන්ඩොමිනියන් මැනේජ්මන්ට් අදිකාරියේ නිලදාරින් පවසන පරිදි 2006 වසර තුල නිකුත් කෙරුනු කොන්ඩොමිනියන් සහතික ප්රමාණය 2006 වසරට වඩා 35% ගුණයකින් ඉහල ගොස් ඇත.1
මෙම බුබුල ඉදිරියට තවත් ප්රසාරණය වේවි. එය බිදවැටිම සිදු නොවන්නක් බව කිසිවෙකුට කිව හැකි නොවේ.
උතුරේ යුද්දයේ නිමාව බුබුලේ බිද වැටිමට එක් හේතුවක් විය හැකිය. යුද්දයහි නිමාව සමග කොලඹට ඒක රාශි වු උතුරේ ජනතාව නැවත සිය නිජ බිම් කරා යනු ඇත.එම ප්රදේශවල කර්මාන්තශාල බිහිවනු ඇත. ඒ තුලින් කොලඹ ප්රදේශයේ ඉඩම් වලට ඇති ඉල්ලුම පහල ගොස් මිල පහල බසිනු ඇත.
එසේ බුබුල බිද වැටුනහොත් ඒ සදහා මුහුණ දිමට බැංකු ඇතුලු මුලය ආයතන සුදානම් විය යුතුය. නැතහොත් ඇමරිකාවට වු දෙය අපටද සිදුවිය හැකි අතර එයට මුහුණදිම අප වැනු රටකට ඉතා අපහසු වනු ඇත.
ඒ සදහා බැංකු වලින් නිවාස,ඉඩම් හා විවිද දේපල සංවර්දන වයාප්රැති සදහා ණය ලබාදිමේදි ප්රමාණවත් පරිදි ඇප හා කොන්දේසි පැන විය යුතුය.


ආශිත ලිපි:
1. Sri Lanka property bubble on the bursting path August. [Online]. Available from http://www.lankanewspapers.com/news/2007/8/18625_image_headline.html [Date of access: 20 October 2008]

2. ද සිල්වා, හර්ශ.,ඇමරිකාව ඇතුලු රටවල පවතින ආර්ථික අර්බුදය නිසැකවම අපිටත් බලපානවා.2008-10-19.ඉරිදා ලක්බිම.

3. INSTITUTE OF CONSTRUCTION TRAINING AND DEVELOPMENT, 2005. Annual Survey of Construction Industries: Colombo.

4. United States housing bubble. [Online]. Available from http://en.wikipedia.org/wiki/US_property_bubble[Date of access: 20 October 2008]



පසු වදන:
ඉහත ලිපිය රචනා කිරිමෙන් පසුව, පසුගිය දිනවල ලංකාවේ ආර්ථිකයට සිදුවු බැලපැම් කිහිපයක් මෙසේය.

1) තේ වෙලදපොල කඩා වැටේද?

ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයක ආර්ථිකයේ සිදුවු පසුබැම නිසා පසුගිය තේ වෙන්දෙසියේදි ඉදිරිපත්වු තේවලින් 70% ක්වත් අලෙවි නොවුනු බව පැවසේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ගැනුම් කාර රටවල මිලදිගැනිමේ ශක්තිය අඩුවි ඇත. ලංකාවේ ප්රදාන ගැනුම් කරුවන් වන්නේ රුසියාව හා මැදපෙරදිග රටවල්ය. රුසියාවේ රුබල් 12%කින් අවප්රමාණවි ඇති අතර ඛනිජ තෙල්වලමිල අඩුවිම නිසා මැදපෙරදිග රටවල ආදායම අඩුවි විඇත.
මෙම අර්බුදයට පිලියමක් වශයෙන් තේ මණ්ඩලය ඉදිරි තේ වෙන්දේසියට ඉදිරිපත් වන තේ වලින් 20% පමණ මිලදි ගැනිමට බලාපොරොත්තු වන බව සදහන්ය. ඔවුන් එම තේ තානාපතිවරුන් හරහා අලෙවි කිරිමට බලාපොරොත්තු වේ.(එහෙත් එය මෙම අර්බුදයට තාවකාලික පිලියමක් බව පැවසිය යුතුය). තේ මණ්ඩලය වැවිලි කටයුතු පිලිබද අමාතයාංශය හරහා බැංකුවලින්, ණය සිමා ලිහිල් කරන ලෙසද ඉල්ලා ඇත. තේ පර්යේශණ ආයතනය, තිරුබදු සහන යටතේ යන්ත්ර ගෙන්විමට,ඉවතලන තේ මගින් කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට පොලි රහිත ණය ලබාදෙන ලෙස අය-යැය සදහා යෝජනා කර ඇත. (එම යෝජනා තේ කර්මාන්තයේ දියුණුවට හේතුවන නමුත් පවත්නා අර්බුදයෙන් මිදිමට මගක් නොවනු ඇත)තවද 2005 වසරේ ජනවාරි මස අහෝසිකල තේ , රබර් හා පොල් නිශ්පාදකයන් ආරක්ශාකිරිමට පිහිටුවා තිබු ස්ථායිතාවයේ අරමුදල නැවත ඇරබිමට රජය මහ බැංකුවට උපදෙස් ලබාදි ඇත.
ජනාදිපතිතුමා විසින් ලංකාවේ මිතුරු රාජයක් වන ඉරාකයෙන් වැඩිපුර තේ මිලදිගන්නාලෙස ඉල්ලිමක් කිරිමටද නියමිතය.එමෙන්ම දැනට තෙල් ණයට ලබාදෙන හය මසක් වු කාල සිමාව වැඩිකරන ලෙස ඉල්ලිමටද එම ණය මුදල් තේ සදහා හුවමාරු කිරිමටත් යෝජනා කිරිමට නියමිතය.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=612525654
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1159694967
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=550764293
http://www.sundayobserver.lk/2008/10/26/fin05.asp
http://www.dailynews.lk/2008/10/29/news01.asp


2) ඩොලර් සංච්ත අඩුවේ

පසුගිය සැත්තැම්බර් අගදි පසුගිය විදේශ සංච්ත ප්රමානය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 සිට 2.6 දක්වා පහත වැටි ඇත. මෙයට හේතුව වනුයේ ආර්ථික අර්බුදය නිසා ලෝක මුලය වෙලද පොලේ විදේශ්කයන් සතු රුපියල් සුරැකුම්පත් ශිග්රයෙන් මූදල් කර ගැනිමයි. වර්දනය වන අයවැය පරතරය සමග විදේශ මුදල් පිටතට ගලා යැම නිසා ගෙවුම් ශෙශ හිගය ත්වත් වැඩි වනු ඇත.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1652460096


3) කුරුදු මිල පහලට

ලෝක ආර්ථික අර්බුදය හමුවේ රුපියල් 800-900ක් වු කුරුදු කිලෝවක මිල රුපියල් 650-700 දක්වා පහත වැටි ඇත.තවද මෙක්සිකොව වැනි ගැනුම් කරුවන්ද ගෙවිම් පමා කර ඇත.


http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1528266247


To view in PDF format :Click

5 comments:

  1. නාවලපිටිය නගරයට පැමිණ බලන්න ඔය සංසිද්ධිය හොඳටම පැහැදිලි කර ගත හැක.

    ReplyDelete
  2. මේ ගැන මට කිසිම අදහසක් නැතුව හිටියේ ස්තූතියි ලිපියට

    ReplyDelete
  3. හරි වටිනා ලිපියක්. ගොඩක් කරුණු ඉගෙන ගත්තා. මේ දිනවල තෙල් මිල සීඝ්‍රයෙන් පහල වැටෙන්නනෙ ඇයි?

    ReplyDelete
  4. භාණ්ඩයක මිල, ඉල්ලුම හා සැපයුම අතර ඇති සම්බන්දය පහත පරිදිය.

    මිල හා ඉල්ලුම : මිල හා ඉල්ලුම අතර ඇත්තේ අනුලෝම සම්බන්දයකි.(දේශගුණය, අනෙකුත් සාදක නියතව ඇති විට). එනම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩි වන අතර ඉල්ලුම අඩු වනවිට මිල අඩු වේ.


    මිල හා සැපයුම : මිල හා සැපයුම අතර ඇත්තේ ප්රතිලෝම සම්බන්දයකි.( අනෙකුත් සාදක නියතව ඇති විට). එනම් සැපයුම වැඩි වනවිට මිල අඩුව අතර සැපයුම අඩු වන විට මිල වැඩිවේ.


    * වෙනිසියුලාවේ පැවති වැඩ වර්ජන හා ඉරාක යුද්දය නිසා මෙම වසරේ මුලදි තෙල් අපනයනය කරන රටවල් වල එකතුව(Organization of the Petroleum Exporting Countries (OPEC)) නිශ්පාදනය වැඩිකිරිමට තිරණය කරන ලදි. එසේ නොකලේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම නිසා තෙල් වල මිල අදික ලෙස ඉහල යාමට ඉඩ තිබිනි.1

    * පසුකාලිනව ඔපෙක් සංවිදානය බලාපොරත්තුවුවාටත් වඩා තෙල් වල මිල ගණන් පහත වැටිම නිසා ඔවුන් රැස්වි නිශ්පාදනය අඩුකිරිමට සැලසුම් කරන ලද්දේ මිල ගණන් තවත් පහල වැටිම වැලක්විමටයි.1

    ඉහත ආර්ථික නයායන් අනුව තෙල් මිල අඩුවුයේ ඉල්ලුම අඩුවිම නිසා හෝ සැපයුම වැඩි විම නිසා විය යුතුය යන්න පැහැදිලි විය යුතුය.

    පසුගිය කාලයේදි ඇමරිකාවේ ආර්ථික අවපාතය නිසා බලශක්ති සදහා තිබු ඉල්ලුම පහල ගිය බව අප දන්නා කරුණකි.
    ඇමරිකානු රජය පවසන ආකාරයට පසුගිය මාසයේ (ඔක්තෝම්බර්) දිනකට තෙල් බැරල් මිලියන 19.1 ක් ඉල්ලුමක් පැවතිනි. එය පසුගිය වසරේ එම මස ඉල්ලුම සමග සංසන්දනය කරන විට 6.7% ක පහල යාමකි.2
    තල් මිල පහල යාමට ඇමරිකාවේ ආර්ථික අවපාතය එක් හේතුවක් ලෙස දැක්විය හැකිය.


    1)http://www.nrca.net/consumer/news/details.aspx?id=618

    ReplyDelete
  5. ඉහත ලිපියෙන් සාගච්ජා කල කරුනු වලට අමතරව අධික ලෙස මුදල් ඉතිරි කිරිමද බුබුලු ඇතිව්මට හෙතුවක් විය හැකිය.
    පහත උපුටා ගැනිම විමසුම වෙබ් අඩවියෙන්

    "චීනයේ ජනතාව කරන අධික මුදල් ඉතිරිකිරීම හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි අර්බුදයක් පිළිබඳව චීන මහ බැංකුවේ ප්‍රධානියා අනතුරු හඟවා තිබේ.

    මේ අනුව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මෙවැනි ඉතිරිකිරීම් වර්ධනය වීම නිසා අනාගතයේදී චීනය තුළ වත්කම් බුබුළක්(asset bubble) ඇතිවී එය පුපුරා යාමේ අවධානමක් තිබෙන බවයි.

    මේ අනුව, උද්ධමනය මග හරිමින් ආර්ථික වර්ධනය ළඟාකර ගත හැකි මගක් චීනය විසින් සොයාගත යුතුබව හෙතෙම සඳහන් කර තිබේ.

    ලෝකයේ වැඩිම ඉතුරුම් තිබෙන රටක් ලෙස චීනය ඉදිරියෙන්ම සිටින අතර එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 ක් පමණ වටිනා ඉතුරුම් එරට ජනතාව සතුය.

    “චීනය කියන්නේ විශාල ඉතුරුම් අනුපාතයක් තිබෙන රටක්. මෙය විශාල වශයෙන් ආයෝජනය සඳහා රුකුලක් වුණත් සමහර අංශවල ධාරිතාවයට වඩා ආයෝජන වැඩිවී අනාගතයේදී ආර්ථික බුබුළු නිර්මාණය විය හැකියි.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් චීන මහජන බැංකුවේ අධිපති Zhou Xiaochuan පවසා තිබේ.

    චීන ජනතාව සිය වැයකළ හැකි ආදායමින් පහෙන් එකක පමණ ප්‍රමාණයක් ඉතුරුම් ලෙස තබාගෙන සිටින බව ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් කියයි."

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2548&Itemid=56

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.