Monday, November 17, 2008

මගේ පොත්

විජය පුවත්පතේ පලවන මල් මාමාගේ කතාවල් එකතු කරලා හදපු පොඩි කතා පොත් මම කියෙවුවේ අපේ ගෙවල් ලග ගෙදරකින්. ඒ වගේ පොඩි කතා පොත් වලට ඇතුවෙච්ච ආසාව නිසා මම නවය වසරේදි කතා කිහිපයක් ලියලා අර පොඩි ප්‍රමාණයට, පොතක් විදියට හැදුවා. සමනලයා හා මි මැස්සා, අරුම පුදුම බංගලාව ඒ විදියට ලියපුපොත් දෙකක්.අරුම පුදුම බංගලාවෙන් කියවුනේ වනාන්තරයක් අතරමන්වු ලමයෙකුට හමුවන අත්භුත බංගලාවක් හා බැදි සිද්ධි දාමයකි.

සාමානය පෙළ කරලා ගෙදර ඉන්න දවස් වල “පුන්චි විරයෝ” කියලා පොතක් මම රචනා කලා. ඒ කතාවට මුල් වුනේ පාසැල් ලමුන් තිදෙනක් කැලයේ සිටින හොරු රන්චුවක් අල්ලා දිමට කරන විර ක්‍රියාන්විතයයි.
මම උසස් පෙළ ලියලා ගෙදර ඉන්න දවස්වල “උසස් පෙළ ජය ගනිමු” කියලා කෘතියක් රචනා කලා. මගේ අත්දැකිම් ඇසුරින් එය රචනා කලේ උසස් පෙළට සුදානම් වන සිසුන්ට අත්වැලක් වන ලෙසයි.
ඒ පොතෙන් මාතෘකා දහඅටක් යටතේ කරුණු සාගච්චා කලා.

ඔබ ඉගෙන ගන්නා විශයන් අමාරුද?
ටියුශන් යා යුතුද?
පාසල-ඔබ
ගුරුවරයා-ඔබ
දෙමාපියන් - ඔබ
මිතුරන් -ඔබ
අදයාපනය - තාක්ශණය
පාඩම් කිරිමට සුදුසු වේලාව
පාඩම් කල යුතු තැන
පාඩම් කල යුත්තේ කෙසේද?
පාඩම් කිරිමේ ක්‍රම ශිල්ප
විභාගය ලග ලග
විභාග දිනයේදි
ස්මරණය
අමතකවිම හා එයට පිලියම්
විභාගය, බාහිර ක්‍රියාකාරකම්
ගැටලු හා විසදුම්
විභාගයෙන් පසු

ඒපොත අවශය අය ඉන්නවානම් මට දන්වන්න(dilanqs@yahoo.com). නොමිලේම මෘදු පිටපතක් ලැබෙන්න සලස්වන්නම්.නැතිනම් මේ සම්බන්දතාවයෙන් ගිහින් අන්තර්ජාලයට එකතු කරපු ඒ පොත බලන්නත් පුලුවන්

කැම්පස් එකේ ඉන්න දවස්වල අපි, අපේ පාසලේ ආරම්භ කරපු”සරසවි මිතුරෝ” සංවිධානයෙන් “උසස් පෙළට පිවිසුමක්” කියලා පොතක් පල කරලා උසස් පෙළට තේරුනු ලමයින්ට නොම්ලේ බෙදාදුන්නා.අපි ගුරුවරු කිහිපදෙනෙක්ව උපදේශක මණ්ඩලයටත්, එක් විෂය ධාරවකට සාමාජිකයින් දෙදෙනා බැගින්නුත් යොදවලා තමයි පොත රචනා කලේ. උසස් පෙළට පිවිසුමක් පොතෙන් පහත මාර්තෘකා අපි සාගච්චා කලා.

• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• ඉංග්‍රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
• විශ්ව විදයාලා උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

ඒ ආ මගේ ඉදිරිය …….

8 comments:

  1. මල් මාමා පෙනී සිටින "මකාගෙ යලක්" මගෙත් ප්‍රියතම කථාවක්

    ReplyDelete
  2. මල් මාමා පෙනී සිටින "මකාගෙ යලක්". මගෙත් ප්‍රියතම කතාවක්

    ReplyDelete
  3. ඔබේ අඩවිය කියවන විට, ජීවිතයට එකතු කරගත යුතු දෑ බොහොමයක් දකින්නට ලැබුනා. සතුටුයි ඒ ගැන. මකාගේ යලක් මමත් එක දිගට කියවූ කාටූන් කතාවක්. විජය වැනි පුවත්පත් එකළ අපේ ඉගෙනීමට උපකාරී වුනා. නමුත් අද අන්තර්ජාලය ඒ තැන අරගෙන බවයි වැටහෙන්නේ. ඔබේ පොත අන්තර්ජාලයට විද්‍යුත් පුස්තකයක් ලෙස (e - book) එකතු කරන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  4. හොද අදහසක්. එත් ඒ පොත තියෙන්නේ යුනිකෝඩ් වලින් නොවෙයි.ඒක ප්‍රශ්නයක්.

    ReplyDelete
  5. කමෙනට් එකක් දාන්න කල් ගියාට සමා වෙන්න. මට අද තමයි ඔයාගෙ බ්ලොග් එක හම්බ වුනේ. ඔයාගෙ වැඩ ඇත්තටම අගය කළ යුතුයි.... ඔයාගෙ පොත යුනිකෝඩ් වලින් නොවුනත්, එකක් කරලා අන්තර්ජාලයට එකතු කළ හැකියි. කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනාංශය මගින් තනා ඇති යුනිකෝඩ් ෆොන්ට් පරිවර්තකය පාවිච්චි කරලා බැළුවේ නැද්ද?

    ReplyDelete
  6. ස්තුතියි දිරි ගැන්විමට හා උපදෙසට.ඔව්, මම එ පොතත් දැන් අන්තර්ජාලයට එකතු කරගෙන යනවා.යුනිකෝඩ් ෆොන්ට් පරිවර්තකය භාවිතයෙන් තමයි එකතු කරන්නේ.

    මෙන්න එයට සම්බන්දයක්.
    http://usaspelajayaganimu.blogspot.com

    ReplyDelete
  7. උසස් පෙළට කරන්න හොද Project මොනවද?

    ReplyDelete
  8. සමාජයට හා ඔබට ප්‍රයෝජනවත් දෙයක් කරන්න. හිතල බලලා අනිත් අය කරන හෝ කරපු දේවල්ම නොකර නිර්මාණශිලි දෙයක් කරන්න. උදා: ඔබේ ප්‍රදේශයේ සංචාරක වැදගත් කමක් තියෙන ස්ථාන හදුනාගෙන් ඒවා පිලිබදව ගවේශණය.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.