Wednesday, November 19, 2008

කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න

අදයාපන අමාතයාංශය මගින් පාසැල්වලට සුදුසු පොත් තෝරා පල කරනවා. මමත් මගේ “උසස් පෙළ ජය ගනිමු” පොත ඒ සදහා ඉදිරිපත් කලා. එසේ ඉදිරිපත් කරන පොත් විද්වතුන් දෙදෙනෙකු මගින් ඇගයිමට ලක් කර තමයි සුදුසු පොත් තෝරා ගන්නේ. ඒ වගේම තමයි ඇගයිමේ ප්රතිඵලත් දන්වා එවනවා. එහිදි පොතේ භාෂාව හා වාග්මාලාව , සදාචාරාත්මක බව, නිර්දේශ නොකරයි නම් එයට හේතු දන්වා එවනවා.
මගේ පොතටත් නිර්දේශ නොකරන්න හේතු දන්වලා එවලා තිබුණා.ඒ කියන්නේ මගේ පොත නිර්දේශ වුනේ නැ. මගේ පොතේ සැම පරිච්චේදයක් ආරම්භයේදිම මම යටින් යම් පාඨයක් සදහන් කර තිබුණා. උදාහරණයක් ලෙස” ජිවිතය නැමති ප්රසාදයේ පදනම පාසැල් ජිවිතයයි , “ගන්න ගත යුතු දේ, දෙන්න දිය යුතු දේ ” දක්වන්න පුලුවන්.
මගේ පොත නිර්දේශ නොකරන්න එක් හේතුවක් මෙලෙස දක්වලා තිබුණා. “ සැම පරිච්චේදයක් ආරම්භයේදිම දිලාන් ද සිල්වා( ඒ තමයි මම) නැමති අයකුගේ පාඨයක් ගෙන හැර දක්වයි. ඔහු කවුද? අදයාපඥනයෙක්ද? මනෝවිදයාඥනයෙක්ද? පිලිගත හැකි අයෙක්ද?
මෙම ලිපියේ අරමුණ එම තිරණය විවේචනයට ලක් කිරිම නොව , එම හේතුව විවේචනය කිරිමයි.
අදයාපඥනයෙක්, මනෝවිදයාඥනයෙක් නැතිනම් පිලිගත හැකි අයෙකු යනු කවරෙක්ද?.
අදයාපඥනයෙක් / මනෝවිදයාඥනයෙක් යනු අදයාපණය පිලිගදව, මනෝ විදයාව පිලිබදව අවම වශයෙන් පශ්චාත් උපාදියක්වත් ඇති අයෙක් ලෙස හැදින්විය හැකිද?(මෙහිදි විදයාව පිලිබදව ප්රථම උපාදියවත් නැතිව නව සොයාගැනිම් කල විදයාඥනයන් සිටින බව අමතක කලයුතු නොවේ) යමෙකු පිලිගත් හැකි අයෙකු වන්නේ කෙසේද? මගේ දැනුමට අනුව නම් ඒ ප්රශ්න සදහා පැහැදිලි පිලිතුරු නැත.

මාහට මතක් වන්නේ හිටපු ඇමතිවරයෙකුවු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කියමනකි. එනම් “ කවුද හරි නොව, හරි කුමක් දැයි සොයන්න”.
එහිදි එම පාඨයන් නොවැදගත් බව සදහන් කලේනම් ඒ ගැන වාදයක් නැත.එසේ නොමැතිව එය ප්රකාශකල අයගේ පිලිගැනිම සොයන්නට යැම නොකලයුතු දෙයක් බව මාගේ හැගිමයි. කවුරු ප්රකාශ කලද එය වටිනා දෙයක් නම් එය අගය කල් යුතුය.නැතිනම් ප්රතික්ශේප කල යුතුය.

7 comments:

  1. කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ඔබ ජීවත්වෙන්නේ ලංකාවේ කියායි. ඔබට බොහෝ පට්ටම් නම්බු නිළනාම නොමැති නම්... ඔබ සුපිරි තරුවක් නොවේ නම් මේ රටේ විශේෂ අවස්ථා බලා‍පොරොත්තු නොවන්න. අන් අය වෙනුවෙන් හොදේ දේ නොකරන්න.ඔබට තැනක් ලබාගැනීම පහසු නැත.. මක් නිසාද අයත් අපේ අය බලන්නේ වැඩ නොව හැඩය.!

    ReplyDelete
  2. ඔබ කියු කතාවේ යම් ඇත්තක් තියෙනවා. එත් අන් අය වෙනුවෙන් හොද දේ නොකරන්න කියපු එකනම් වැරදියි.අපි රටෙන්, පාසලෙන්, පංසලෙන් මේ සමාජයෙන් හුගක් දේවල් ලබාගෙන තියෙනවා. අපි අද හොද මට්ටමකට ඉන්නේ ඒ අය නිසයි.ඉතින් අපිට පුලුවන් විදියට ඒ අයට උදවු කරනඑක යුතුකමක්.පෙරලා අපිට නම්බුනාම නොලැබුනත් අපෙන් වෙන්නෙ ඔනේ යුතුකම් අපි කරන්න ඔනේ.අනික අපි සමාජියට යමක් කරන්න ඔනේ, පෞද්ගලික ලාභබලාගෙන නෙමෙයි.අපි සමාජයට කරපු හොද් දෙවල් දකින කොට අපේ හිතට එන සතුට තමයි, වැදගත් වෙන්න ඔනේ.
    මම 5වසරේ ඉන්නකොට අපෙ පංතියෙන් ඉස්කොලේ පිට්ටනිය වටේට කොට්ටම්බා ගස් සිටෙවුවා. අද මම ඉස්කොලෙ ලගින් යනකොට මම හිටවපු ගහ දිහා අනිවාරය‍න්ම බලනවා.එතකොට හිතට සතුටක් දැනෙනවා මෙක මිට අවුරුදු ගණනාවකට කලින් මම හිටවපු එකක් නේද කියල.

    ReplyDelete
  3. ඔහ් මාව වරදවා වටහාගෙන..එකේ වැරැද්ද මම කියලා තියන විදියෙයි කියලා තියන දේ අඩුවක් තියනවා ඒකයි. ඇත්ත අනිත් අය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනි. මහගම සේකර "ප්‍රබුද්ධ" පොතේ එක තැනක කියනවා "ඉටුකරන්න ඔබ සතු යුතුකම නොසිතා එහි ඵලවිපාක" කියලා..

    මම කියන්න උත්සහ කලේ මේකයි. අපේ රටවල හොද වැඩ කරලා හොදම හෝ ඒ වැඩේ සතුටු සිතින් බාරගනීයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...ඔයා ඔය පොතම ඇමති කෙනෙක් මාර්ගයෙන් ලැබෙන්න සැලැස්වුවා නම් ඔයාට ලැබෙන්නේ ඔයිට ව‍ඩා ගොඩක් වෙනස් ප්‍රතිචාරයක්.. මම කියන දේ තේරුණාද?

    ReplyDelete
  4. මට වැටහුණා. ස්තුතියි.

    ReplyDelete
  5. අනිත් අයගෙන් හොඳ නාමයක් ගැනීමට නම් අමාරුයි ලංකාවේ හොඳ වැඩ කරලා. නමුත් අපි පුළුවන් තරම් ආදර්ශමත් වැඩ කරන තරමට හොඳ නොකීවත් අපි දිහා බලාගෙන අනාගත පරපුරවත් හැදෙයි. එහෙම හිතලා වැඩ කරමු. ඔබට ජය...

    ReplyDelete
  6. ඕකට කියන්නේ කුහකකම කියල. උන් හරිම කුහකයි ඩිලාන්. මටත් දැන් ඇතිවෙලා. ඒත් අත ඇරියේ නෑ.

    ReplyDelete
  7. අපේ රටේ උගත් යැයි සිතන අය බොහෝ දෙනෙක් අන් මතය ඉවසන්නේ නෑ. අහවල් මහාචාර්‍ය වරයා හෝ අධ්‍යාපනඥයා කිව්වා කිව්වොත් ඉස් මුදුනින් පිළිගනියි. බොහෝ අය සොයන්නේ අප දන්නා දේ නොව නොදන්නා දේ කුමක්ද කියලා. phd පර් යේෂන ඇගයීමට පැමිණි විදේශික මහාචාර්‍යවරුන් දෙදෙනෙක් වරක් පැවසුවා, "ලංකාවේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්නම ශිෂ්‍යයින්ගෙන් ඇසුවේ ඔවුන් දන්න දේ නොව නොදන්න දේවල් ගැනයි, නිබන්දනයේ සඳහන් දෑ නොව එහි සඳහන් නොවන දෑ ගැනයි. ඔවුන් නොදන්නේ මොනවද කියලා දැන ගන්න එක නෙමෙයි ඇගයීම කියන්නේ " කොයි තරම් ඇත්තද . ඔබේ අදහස් රටේ දියුණුවට යෙදවීම, සහ අන් සියල්ලන්ට උපකාරයක් වීම සඳහා, ඒවා පළ කිරීමට ගන්නා උත්සහය නවත්වන්න එපා. ලෝකය කොයිතරම් බිහිසුණු වුවත් දරුණු වුවත් අපි අපේ හොඳ නැති කර ගත යුතු නෑ. බලාපොරොත්තු අත් හරින්න එපා.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.