Tuesday, November 25, 2008

සුපර් සටාර් හා රියල් ස්ටාර් හරහා ෆේස් බුක් තුලින් සමාජ සේවයට

Super Stars ………





How much did u send SMS for them????
5 SMS s ? = Rs10 x 5 =Rs50
10 SMS s? = Rs10 x 10 =Rs100
100 SMS s? = Rs10 x 100 =Rs1000
Or more???








AND


Real Stars……….






How much did u donate for their fund?
At least a 1 Rupee ???
If you feel that you are still alive in this country because of these heroes…
Think…….. The decision is yours…



ලගකදි මට ලැබුනු විද්‍යුත් ලිපියක් තමයි ඉහතින් පල කලේ. ඒක දැක්කාම මගේ හිතට ලොකු හැගිමක් ආවා ඒ අසරණ වෙලාඉන්න රණවිරුවන් ගැන (මම නම් ඔය සුපර් සටාර් වැඩේට එක කෙටි පණිවිඩයක් වත් යැව්වේ නැ). මම ඒ ලිපිය මගේ හිතවතුන්ටත් යැවුවා. ඒඅය අතරින් එක් අක්කා කෙනෙක් මට පස්සේ එවපු විද්‍යුත් ලිපියක් තමයි මේ බ්ලොග් සටහන ලියන්න නිමිත්ත වුනේ.
එයා කාලයක ඉදන් රාජගිරියේ වික්ටෝරියා නිවාසයට හා ජයන්ති ලමා නිවාසයට යනවා එනවා. ඒ විතරක් නෙමෙයි එයාට පුලුවන් විදියට එවායේ ඉන්න ලමයින්ට පොත්පත් අරන්දිලා උදවු කරනවා. එයාගේ අදහස තනියෙන් ඒවගේ දේවල් කරනවාට වඩා කණ්ඩායමක් ලෙස කරනවිට එය වඩා සාර්ථක වේවි කියලා. එයා හිතනවා ඒවගේ අදහස් තියෙන අයට එකතුවෙන්න අන්තර්ජාලයේ කණ්ඩායමක්(යාහු, ගුගල්, ෆේස් බුක්) හැදුවොත් හොදයි කියලා. අපිට ඒ තුලින් තවත් අදහස් අරගෙන ඒ වගේ අසරණ වෙච්ච අය ඉන්නෙ නිවාස වලට උදව් කරන්න පුලුවන් කියල එයා විශ්වාස කරනවා. ඒ ගැන මගේ අදහස විමසලා තමයි ලිපිය එවලා තිබුනේ. ඒවගේම තමයි කාලයක පටන් එයාගේ හිතේ තිබුන ඒ අදහස හදිසියේම ඉස්මතු වුනේ මම යවපු සුපර් ස්ටාර් ලිපිය දැක්ක නිසාලු.
මමත් ඒ අදහස අනුමත කලා. අපිට කන්න බොන්න,ඇදුම් පැලදුම්, පොත් පත් අරන් දෙන්න, අසනිපය උනාම ලගින් ඉන්න දෙමවුවියෝ හිටියට එහෙම නැති අය කොච්චර ඉන්නවාද? ඒ අයට පුලුවන් විදියට අපි උදවුකලොත් එයින් එයාලට ලැබෙන සතුට අපිටත් සතුටක් වේවි.
මම යෝජනාකලේ ෆේස්බුක් වල කණ්ඩායමක් පටන් ගමු කියලයි, මොකක් හරි එක ආයතනයකට උදවු කරන්න. අපිට පුලුවන් අපේ හිතවතුන්ටත් ඒ කණ්ඩායමට එකතුවෙන්න කියන්න. පස්සේ කතාබහ කරලා ඒ ආයතනයට පුලුවන් විදියට උදව් කරන්නත් පුලුවන්නේ.

ඒවගේ කණ්ඩායමක් පටන්ගැනිමෙන් ඵලක්වේද?

පටන්ගන්නවානම් වඩා සුදුසු යාහු, ගුගල් හෝ ෆේස් බුක් නැතිනම් වෙනත් වෙබ් අඩවියක්ද?

3 comments:

  1. අදහස ඉතාමත්ම අනර්ගයි. සුපර් ස්ටාර්ස්ලා ලස්සනට සිංදු කියනවා. අපිත් සවන පිනවන්න ඒක තවතවත් අහන්න ආස වෙනව. මේක තමයි මුලාව.

    කොහොම උනත් මහත්මයාගෙ අදහස නම් මුදුනෙන් පිලිගන්නව. එහෙම දෙයක් තමයි අපි කරන්න ඕන.

    ReplyDelete
  2. මගේ හැඟීම නම් මෙය හොඳ වැඩක්. නමුත් ඕනෑවට වඩා අපේ වීරයන්ගේ වීරත්වය හෑල්ලුවට ලක්කිරීමටත් අපට බැරි බව මතක තබා යුතුයැයි සිතමි.

    ReplyDelete
  3. මමත් කැමතියි, දැනට මම වැඩ වගයක් කරගෙන යනව, කාලය තමා ගැටළුව. අනික මම වැඩිපුරම කැමතියි කාත් කවුරුවත් නැති අයට උදවු කරන්න මොනව හරි කරනවට.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.