Wednesday, November 19, 2008

චීන වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය



බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා කියලා”. ඒ කියන්නේ සැම විටම තමන්ට වඩා බුද්දිමතුන් ඇසුරු කරන්න කියන එකයි. එතකොට අපිට අපේ ජිවිතයට ඒ අයගෙන් ගන්න පුලුවන් හොදදේවල් එකතුකරගෙන වඩා සාර්ථක ජිවිතයක් ගොඩනගන්න පුලුවන් වෙනවා. මතකනේ අර ජාතක කතා පොතේ එන ගිරව් දෙන්නගේ කතාව. එක ගිරවෙක් හුලගට ගහගෙන ගිහින් වැටුනේ හොර රංචුවකට, අනිත් එකා වැටුනේ හොද තැනකට. හොර රංචුව ලගට වැටුන ගිරවාත් අන්තිමට හොරෙක් උනා. අපි අශ්‍රය කරන අය අපේ ජිවිතයට ලොකු බලපැමක් එල්ල කරනවා. ඒක නිසා සැමවිටම පණ්ඩිතයන්ව ඇසුරු කරන්න ඔනේ.
අපේ සියා කෙනෙක් හිටියා කැලනියේ. එයා පුරුද්දක් හැටියට පත්තර වලට ලියනවා. ඒ වගේ ලියලා පල වෙච්ච ලිපි මටත් දෙනවා කියවන්න. ඒ නිසා තමයි මටත් පත්තර වලට ලියන පුරුද්ද ඇති උනේ. මම ලියපු ලිපි, කවි වලින් කිහිපයක් පුවත්වත්වල පල වෙලාතියෙනවා. මමත් අපේ සියාගෙන් ගත්ත එක් හොද දෙයක් තමයි පත්තර වලට ලිවිම. ඒවා බ්ලොග් අඩවියේ පල කලොත් හොදයි කියලා මට හිතුනා. මොකද මේවා දැකලා තව කවුරුහරි ඒ පුරුද්ද ඇති කර ගනිනේ.
පලවෙනි එක තමයි මේ” චින වේයන්ගේ සහ ලංකා වේයන්ගේ දේශපාලනය”
-------------------------------------------------------------
උදයානයක පොකුණක දැව මණඩපයක් විය.එය කලකට ඉහතදි මනහර හා විශිෂ්ඨ ලෙස පැවතුනි. පසුව මතුවු වේයෝ මණ්ඩපයේ බාල්ක, පරාල ආදිය කා දැමුහ. දැව මතුපිට කොටස් කා දැමිමෙන් අනතුරුව උන් උගුලකට හසුවි ඇතිබව උන්ටම අවබෝද විය. දැව මණඩපයෙන් පිටත බැලුවත් උන්ට පෙනුනේ ජලය පමණකි.
මෙසේ දැව මණ්ඩපය කාගෙන ගියහොත් මණ්ඩපය කඩා වැටි සියල්ලන්ම පොකුණේ ගිලි මරණයට පත්වන බව ඔවුන්ට අවබෝදවිය. වහාම වේයන්ගේ රැස්විමක් කැදවුනි. මෙහිදි විසදුමක් කෙටුම්පත් කරන ලදි. එමගින් දැව කැම නතරකල යුතුබව සියල්ලෝම පිලිගත්හ.
දැව මණ්ඩපය විශාල එකක් නිසාත්, එක් වේයෙකුගේ කැම ප්‍රමාණය කුඩා නිසාත් තමන් ටිකක කැවාත් එයින් වන හානිය නොගිණිය හැකි තරම් වේ යැයි වේයෝ සියලු දෙනා තනි තනිව කල්පනා කරන්නට වුහ.
අනතුරුව වේයන් සුපුරුදු පරිදි දැව මණ්ඩපය කැම නිසා සිදුවු හානියේ අඩුවක් නොවිය. අවසන තත්වය ඉතාමත් අයහපත් විය. නැවත රැස්විමක් කැදවන ලදි. නැවත සියලු දෙනා දැව නොකැමට එකග විය. නමුත් කලින් පරිදිම සියලු දෙනා පුරුදු පරිදි දැව මණ්ඩපය කා දැමුහ.
අවසන දිය මතුපිට තැනු මණ්ඩපය පොකුණට කඩාවැටි වේයන් සියලු දෙනාම විනාශ වුහ.
මෙය චින උපමා කථාවක් උවත් එක ලංකාවට හොදින් ගැලපේ.
දැව මණ්ඩපය ලංකාවේ ආර්ඨිකයටද වේයන් ලංකාවේ මැති ඇමතිවරුන්ටද සමාන කල නොහැකි යැයි කිව හැක්කේ කාටද?
මේ කථාව අවසානයේදි දැව මණ්ඩපය කඩා වැටිමෙන් විනාශවුයේ වෙයන් පමණකි. එහෙත් ලංකාවේ ආර්ඨිකය කඩා වැටිමෙන් විනාශ වන්නේ මැති ඇමතිවරුන් නොව සාමානය ජනතාවයි.

4 comments:

  1. ඉතාමත් හොද ලිපියක්..සිතීමට යමක් බොහොම ස්තූතියි..අපිත් එක්කත් බෙදා ගත්තාට

    ReplyDelete
  2. කාලොචිත ලිපියක්, පොඩි එකතුකිරිමක් තියෙනවා. මංඩපය පොකුණට කඩාගෙන වැටුනහම අපි හිතුවට ඔක්කොම වේයො මැරනවා කියල එහෙම වෙන්නෙ නෑ. ජලයෙ පාවෙන පොඩි ලී කෑලි උඩ නැගල කාපු සමහර ඈයො බේරෙනවා. මරෙන්නෙ මොකුත් බැරි අසරණයො. හොදයි කියල සහයොගය දීපු පොදු ජනතාව.

    ReplyDelete
  3. ඉතාමත්ම කාලෝචිතයි. මෙවන් සටහන් තවත් පලකරන්න.

    ReplyDelete
  4. අනේ (ලංකාවේ ඇමති) වේයන්නේ
    තොපි අපවත් කන්නේ

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.