
ලංකාවේ ඉන්න දවස්වල ගෙදර ඉදන් කැම්පස් යන විට නැතිනම් වැඩට යන ගමනේදි ඇසේ ගැටෙනදේ බොහෝමයි. ඒ අතරින් සමහරක් තදින් සිතට කාවදිනවා.ඒ හැගිමි, නැතිනම් හිතට දැනෙන දුක,සතුට අතට හසුවෙන කඩදාසි කැල්ලකදි අකුරු බවට පත්වෙනවා.
දවසක් ඉස්කොලේ යනකොට පාර අයිනේ පුසෙක් මැරිලා හිටියා. ඒ දිහා පාරේ යන වාහන වල අය බල බල යනවා මගේ ඇස ගැටුනා. ඒ දර්ශනය පාසලේ විවෙක කාලයේදි අකුරු වුනේ මෙන්න මෙහෙමයි.
සිත වාහනේ
අදුරු ජනේලෙන්
අවසන් බුහුමන් දක්වන්න
මගේ නැයෝ,
බුහුමන් පමනයි
කිසිවෙකු නැ
හෙලන්නට පලමු පස් පිඩ
මේ මහ පාරේ
කැම්පස් එකේ අන්තිම විභාගයත් ලියලා ඉවර වුනහම හිතට දැනෙන්නේ පුදුම සංතෝශයක් ඒක මෙන්න මේ වගේ.
සතර වසරක්
එකම එක්
සරසවියක
ලොකුම ලොකු පොත්
ගොන්නකට සිරවු
කාලය නිමයි.
විභාගය, ඇගයිමි
නැ තවත්
පොත් වලට සිරවු.
විභාගය, ජිවිතය ගැන
තිබේ ඉදිරියට,
දිනිය යුතුය
එයද මෙතුවක් කල්
දිනුවා සේම.
ඉස්කොලේ ඇරිලා ගෙදරට වෙලා ඉස්කොලේ වැඩ කරකර ඉන්න කොට, හවස 5.30 ට විතර තමයි අම්මාගේ දහඩිය සුවද ගෙදර පැතිරෙන්නේ. ඒ සුවද හුගක් දේ කියනවා. එයින් එකක් තමයි,
ලියන අකුරක් පාසාම
ඇත්තේ
ඇගේ ශක්තියයි
හෙලන දහ බිදු
අත කැපි
හෙලනා ලේ බ්දු
ඒ ඇගේ ශක්තියයි,
පුරුශයන් හා කරින්කර
කරන ජිවිත සටන
තවත් කියා දෙන්නේ
“උත්සාහයයි නොසපුබට”
පොඩිකාලයේ ඇ අපිට
කියා දුන්
ඒ සුන්දර රටෙන් ඇත්වෙලා “විභාගය, ජිවිතය ගැන” ජය ගන්න මුදල් හොයන්න දුර රටකට ගියා.
උදේ වායුසමනය කරපු බිත්ති හතරකින් වටවු කාමරයෙන් පිටවෙලා, වායුසමනය කරපු වාහනයෙන් කාර්යාලයට යනවා.ඒ යන අතරේ දකින්න ලැබෙන්නේ මල ගොඩනැගිලි(කොච්චර විශාල වුනත් ඒවා කතා කරන ගොඩනැගිලි නොවෙයි).අතරින් පතර මලානික ගසුත් තියෙනවා.
ඉස්සරහින් පස්සෙන් වාහන පොලිමට එනවා. ඒ කිසිවකට බෑ මගේ හිතට කවි සංකල්පනා දෙන්න. ඉහත ජායාරුපය ගත්තෙත්වැඩට යන ගමන් වාහනයේ ඉදගෙනයි.