Thursday, September 17, 2009

මේ උපවාසකිරිමට වෙන්වු මාසයයි

රාමසාන් යනු මුස්ලිම් ජනයා උපවාස කරන්නාවු මාසයයි.එම කාලය තුල ඔවුන් ආහාර පාන ගැනිමෙන් පමණක්නොව උගුරෙන් පහලට කෙල බිදක් හෝ යාමට නොදි මේ සදහා සහභාගි වෙයි.මෙම කාලය තුලදි ඔවුන් ආගමානුකුලව හැසිරෙන අතර පරණ වැරදි සදහා සමාව දිම සිදුවේ.එමෙන්ම ඔවුන් මෙම කාලය තුල විනෝදාස්වාද කටයුතුවලින් හැකිතාක් ඇත්වි සිටිමට වග බලා ගන්නවා. මෙහි අරමුණක් වනුයේ කැම බිම නැති දුප්පත් ජනතාව විදින දුක අවබෝධ කරගැනිමයි.එමෙන්ම මේ තුලින් ශරිරයේ ආහාර ජිර්ණ පද්ධතියට විවේකයක් ලබාදිම ශරිර සෞඛ්‍යට හොද දෙයක් බව සිතිය හැක.එය හුදෙක්ම ශ්‍රි ලාංකික අප අනුගමනය කරන් පුන්‍ය කාලයට සමාන ලෙස සැලකිය හැක. මෙය දැනට අප භාවිතා කරන දින දර්ශණයට අනුව වසරින් වසර දින 10 බැගින් ඉදිරියට එන්නේ සදේ පිහිටිම අනුවයි.

මේදිනවල දෝහා සිටි සෙන්ටර් හි රාමසාන් උත්සවය නිමිත්තෙන් පුරාණයේ කටාර් ජාතිකයින්ගේ දිවි පැවැත්ම විදහා දැක්වෙන පරිදි ආදර්ශ ගම්මානයක් නිර්මාණය කර තිබෙනවා.එහිදි පටිගත කල දර්ශනයක් මේ.

මෙහි ඇති එක් දර්ශනයක් වනුයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික දෙයක් වන ෂිශා පානයයි.

ෂිශා(Shisha)

Hookah, Shisha ලෙසින් හැදින්වෙන්නේ දුම් බිම (දුම්කොල,ඖෂධිය ශාක ) සදහා භාවිතා කරන උපකරණයකි. මෙහිදි Shisha ලෙසින් හැදින්වෙන්නේ එම උපකරණය මගින් ආඝ්‍රහණය කරන දුම්කොල හෝ වෙනත් ද්‍රව්‍යයි.එහෙත් සමහරක් අරාබි ජාතිකයින් එම උපකරණයම Shisha ලෙසින් හදුන්වයි.අරාබි ජාතිකයින් Shisha භාවිත කරන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් ලෙසින්.


මෙහිදි බදුනේ (Bowl) දුම්කොල සහ එය දහනයට අවශ්‍ය තාපය ලබා ගැනිමට ගල් අගුරුද බහාලයි.යමෙකු දුම් අග්‍රහණය කරන විට පිටින් ඇද ගන්නා වාතය ගල් අගුරු මගින් තාපය ලබා ගනි. එම රත්වු වාතය දුම්කොල හරහා යන විට ඒවා වාශ්ප බවට පත් කරයි (දහනයක් සිදු නොවේ ) එම වාශ්ප බද (Body) හරහා ගොස් පහල ජලය පිරි භාජනය(Water jar) වෙත යොමු වේ. රත්වු දුම්කොල වාශ්ප ජලය හරහා යාමේදි සිසිල්වේ. එම සිසිල්වු වාතය භාජනයේ ඉහල කොටසේ රැස්වේ. යමෙකු නලය(Hose) මගින් දුම්කොල වාශ්ප අග්‍රහණය කරන විට එම රැස්වු වාශ්ප ඔහුගේ ශරිරය වෙත ඇතුලු වේ.
එවිට නැවත පහල භාජනය තුල පිඩනය අඩුවිම නිසා පිටින් වාතය ඇද ගනි.එවිට මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙයි.
Shisha භාවිතය සිගරට් භාවිතයට වඩා ශරිරයට හිතකරබව සමහරුන් පවසනවා.එහෙත් එය සනාථ කිරිමට කිසිදු විද්‍යාත්මක අධ්‍යනයක් මෙතෙක් සිදු කර නැහැ. කෙසේ වෙතත් මෙය ශරිරයට හිතකර පුරුද්දක් නම් නොවේ.මෙයද සිගරට් මෙන්ම ශරිරයට අහිතකර බව වෙද්‍යවරුන්ගේ මතයයි.

අර්ථය නොතෙරුනත් රාමසාන් උත්සවයේ විවිධ අවස්ථා අඩංගු ලස්සන සින්දුවක්.


රාමසාන් ගැන ලියැවුනු වෙනත් ලිපි:

1 comment:

  1. ආමාසෙ විවේකෙ ඉවර වෙලා වෙන්නෙති හවස ඉදන් එලි වෙනකල් බඩවැල් දිග ඇරෙන්න අඹරන්නෙ..... පව් අසරන හරක්

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.