Friday, October 23, 2009

අන්ධ පෙම්වතා

සැරයැටිය වනමින් මහ මග ගැටු අන්ධ මිනිසෙකි
වටිනා මිණි කැට වැදි සැරයැටිය,
විසිවුවද ඉවතට
ඌ නොවේ එය තැකුවේ කමකට

පය ගැටුණු, සුමට තිරිවානා ගල
සිත තුටු කල හෙයින් මැණිකක් යැයි සිතා ගත්තද
පසුව පසක්විම ඔහු,
රැවටුනු බව

3 comments:

  1. සැබෑවකි ! මම ඕක කලින්ම කියලා තියෙනවානෙ, හුගක් මල් නියගලා මල්

    ReplyDelete
  2. වඩා අවාසනාවන්ත

    1. පය හැපිල මැණික් ගල විසි වෙන එකාද?
    2. තිරිවාණා ගල ඇහිඳගන්න එකාද?
    3. ඇහිඳගන්න හදන මැණික ඈතින් ඈතට යන එකාද?

    මම නං හිතන්නේ 3 කියලා.

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.