Friday, September 11, 2009

හැකියාවට රැකියාවක්

පියෙකු, ආණ්ඩු පක්ෂයේ මැයි දින පෙළපාලියට සහභාගිවෙමින් සිටියේය. එය දුටු පියාගේ මිතුරෙකු ප්‍රකාශකලේ "ඔවට යන්නේ උඹට වෙන වැඩක් නැද්ද? පක්ෂවලට කඩේ නොයා ගෙදරට වෙලා හිටිය නම් හොද නැද්ද "ලෙසිනි.

ඉට ටික කාලයකට පසුව ඔහුට, ඉහතකි පියාගේ පුතා හමුවිය ඒ, මැතිවරණයක් සදහා ආණ්ඩු පක්ෂයේ අපේක්ශකයෙකු වෙනුවෙන් ප්‍රචාරණයේ යන විටදිය. ඔහුට කිවේද ඉහත කි කතාවමය.

පුතා ඉට පෙර අමාත්‍යාංශයක තනතුරක් සදහා පැවති සම්මුඛ පරික්ෂණයකට සහභාගි විය. තනතුර සදහා තිබිය යුතු එක සුදුසුකමක් හැර අන් සියලු සුදුසුකම් ඇති ඔහු පෙරලා පැමිනියේ මහත් බලාපොරත්තු ඇතිවය.සම්මුඛ පරික්ශණය පැවතියාක් මෙන්ම පසුව රහසේම දැනුම් දුන්නේ එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ මැතිවරණයෙන් පසුව බවයි.
ඔහුව සම්මුඛ පරික්ශණයට යොමු කල ප්‍රදේශිය දේශපාලඥයාගේ මිලග කැදවිම එම අඩුව සම්පුර්ණ කරගැනිමටය.ඒ මෙවර මැතිවරණය සදහා ඔහුගේ සහයෝගය පක්ෂයට ලබා දිමයි. පුතා කඩේ ගියේ නැති සුදුසුකම ලබාගැන්මටයි.

පියාද පුතාද කඩේ ගියේ එකම් අරමුණක් වෙනුවෙන්ය. ඒ උසස් පෙළද සමත් පුතාට රැකියාවක් ලබාගැනිම සදහායි.

ඉදිරි දකුණු පලාත් සභා ජන්දය වෙනුවෙන් මෙවැනි පියවරුන් සොයුරන් කි දෙනෙකු කඩේ යවනු ඇත්ද?


නම් ගම් නැතත් සත්‍ය සිද්ධියකි.

3 comments:

  1. හ්ම්..... මොනවා කරන්නද? රට යන විදියට, අනිත් උනුත් යන්න එපැයි .....

    ReplyDelete
  2. කතාව ඇත්ත සහෝ, අනේ මන්දා අපේ රටේ හැමදේටම දේශපාලනය ගාවගෙන තිබෙන හැටි.

    ReplyDelete
  3. E.g:
    සනත්ගෙන් අපූරු පොරොන්දුවක්
    SATURDAY, 03 APRIL 2010 15:54 LANKA C NEWS .

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත‍්‍රික්කය සඳහා තරග වදින ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා විසින් තම ආධාරකරුවන් සඳහා විස්මය දනවන පොරොන්දුවක් ලබා දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා ජයසූරිය මහතා සිය ආධාරකරුවන්ට ප‍්‍රකාශ කොට ඇත්තේ ඉදිරියේ දී රජය මගින් උපාධිධාරීන්ට ලබා දීමට නියමිත ජන සභා ලේකම් තනතුර සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් පත් කරන්නේ තමන්ට මැතිවරණයේ දී සහාය වූ උපාධිධාරීන් බවය. ජන සභා ලේකම් තනතුරට පත් කරන උපාධිධාරීන්ගේ නාමලේඛනය සකස් කරන්නේ තමන් විසින් බව ඒ මහතා මෙහිදී පවසා ඇති අතර ඒ අනුව එම රැකියා හිමිවන්නේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගිවූවන්ට බව ඔහු අවධාරණය කර ඇත.

    මේ අතර ජන සභා ලේකම් තනතුර සඳහා අයදුම් කර ඇති අපේක්‍ෂකයන්ගේ නාමලේඛණය මේ වන විට මාතර ප‍්‍රදේශීය මහලේකම් කාර්යාලයට ලැබී ඇති අතර මහ මැතිවරණයෙන් පසු එම ලේඛනයට අනුව සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය. එහෙත් සනත් ජයසූරිය මහතා සිය ආධාරකරුවන්ට ප‍්‍රකාශ කොට ඇත්තේ එම නාමලේඛනයෙන් ප‍්‍රයෝජනයක් නොමැති බවත් රැකියා හිමිවන්නේ තම ආධාරකරුවන්ට පමණක් නිසා ඔවුන් බිය විය යුතු නැති බවය

    http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=1405:2010-04-03-10-35-18&catid=1:latest-news&Itemid=269

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.