Monday, August 17, 2009

උපයෝගිතාවය හා අධ්‍යාපනය


ඔබ බත් අනුභව කරන්නේ ඇයි?සිතන්න ඔබ වැඩියෙන් කැමති පාන් අනුභව කිරිමටද නැතහොත් කෙක් අනුභව කිරිමටද?ඔබට වැඩි තෘප්තියක් ගෙනදෙන දෙය අනුභව කිරිමට ඔබ වඩා රුචි වෙයි.ඔබ යමක් අනුභව කරන්නේ එයින් ඔබට තෘප්තියක් ගෙනදෙන බැවිනි.ඔබට යමක් පරිභෝජනයෙන් තෘප්තියක් නොලැබෙන්නේ නම් ඔබ එය පරිභෝජනය නොකරයි.ඔබ එය පරිභෝජනය නොකරයි නම් එහි නිශ්පාදනයක්ද සිදු නොවේ.එනම් නිශ්පාදනයේ මුලික පදනම තෘප්තිය හෙවත් උපයෝගිතාවයයි.

මුලික නිශ්පාදන සාධක: භුමිය, ශ්‍රමය, ප්‍රග්ධනය, ව්‍යවසායකත්වය


මෙම සාධක හතර තුලින් නිශ්පාදනය ඇති වෙයි. ඵලදායි නිශ්පාදනයක් තුලින් රටේ සංවර්ධනයද ඇති වෙයි. මුලික නිශ්පාදන සාධකයක් වන ව්‍යවසායකත්වය ගොඩනැගිමට එක් ප්‍රධාන සාධකයක් න්නේ අධ්‍යාපනයයි.


සංවර්ධිත රටක් විම ශ්‍රි ලංකාවේ එක් අරමුණකි.එයට ලගා විමට නම් දිගු කාලින් සැලසුමක් තිබිය යුතුය.ඒ සදහා එයට සම්බන්ධ උපයෝගිතාවයන්, නැතිවිම විම වැලක්විය යුතුය.


අධ්‍යාපනය ලබන්නේ උපයෝගිතාවය නිසාය.කඩුලු එකින් එක ජය ගෙන අවසානයේ සියලුදෙනාගේම බලාපොරත්තුව වන්නේ සාර්ථක අනාගතයකට උරුමකම් කිමයි.ඔවුන් එයින් ලැබෙන උපයෝගිතාවය නිසා කැපවි අධ්‍යාපනයේ නිරත වෙයි.

අධ්‍යාපනයෙන් උපයෝගිතාවයක් නොලැබේනම් කුමක් සිදුවේද? සිදුවන්නේ එයින් සිසුන් අධ්‍යාපනයෙන් ඇත් විම සිදුවේ.

වෙන්නප්පුව,මිගමුව වැනි ප්‍රදේශවල බොහෝ තරුණයන් විදේශගතවි ඇත. මා අසා ඇති පරිදි බහුතරය රැකියා කරන්නේ ඉතාලියේය.සමහරුන් පවසන්නේ එම ප්‍රදේශයේ පාසැල් යන වයසේ තරුණයන්ගේ සිතේ ඇති අපේක්ශාව හොදින් ඉගෙනගැනිම නොව ඉක්මනින් ඉතාලි යැම බවයි. එය එසේ නම් එයට හේතුව ඔවුන් අධ්‍යාපනයෙන් ලබන තෘප්තියට වඩා වැඩි තෘප්තියක් ඉතාලි ගමනින් ලැබිමයි.

සිසුන් අධ්‍යාපනයෙන් ඇත් විම තුලින් ව්‍යවසායකත්වය යන නිශ්පාදන සාධකයේ වටිනාකම අඩුවෙයි. එම නිසා නිශ්පාදනය පහත වැටෙන්නේ සංවර්ධන ක්‍රියාවලිය අඩපන කරමිනි.

වසර ගණනාවක සිටම ශ්‍රි ලංකාව සංවර්ධනය වෙම්න් පවතින රටක් වන්නේ නිසාද?

හැකියාවට රැකියාවක් සංකල්පයෙන් බැහැර නොවි සැම අයෙකුටම තමන්ගේ හැකියාවට රැකියාවක් ලැබෙන්නේ නම් ශ්‍රි ලංකාව සංවර්ධිත රටවල් ගොන්නට ඇතුලත් විමට එය රුකුලක් වනු ඇත.

2 comments:

  1. "සමහරුන් පවසන්නේ එම ප්‍රදේශයේ පාසැල් යන වයසේ තරුණයන්ගේ සිතේ ඇති අපේක්ශාව හොදින් ඉගෙනගැනිම නොව ඉක්මනින් ඉතාලි යැම බවයි. එය එසේ නම් එයට හේතුව ඔවුන් අධ්‍යාපනයෙන් ලබන තෘප්තියට වඩා වැඩි තෘප්තියක් ඉතාලි ගමනින් ලැබිමයි."

    මචං චිත්‍රපටියේ ඒ ගැනත් ඒ ගැන ගැඹුරු කතාවක් කියනවා නෙව.

    ReplyDelete
  2. රැකියා නැති උපාධිදාරින්ගේ උද්ඝෝෂණත්, කදුලු ගැස් ගැසිමත්, නවතා දැමිමට නම්...


    එම නිසා මෙම ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ මෙය විසදන ක්‍රමයක් තෙරුම් ගැනිම අරමුණු කරගෙනය.මෙම ප්‍රශ්නය විසදුවේ නැති නම් ඉදිරියේදි මේ රටේ අධ්‍යාපන ක්‍රමය මුලුමනින්ම බිද වැටිමට ඉඩ ඇත.
    අද අධ්‍යාපනයට තරගකාරිව පිවිසෙන්නේ උසස් අධ්‍යාපනය ලබා හොද රැකියාවක් එනම් ඉහල වැටුප් ලබන රැකියාවක් ලබා ගැනිම සදහායි. රැකියා විරහිතව කල් ගෙවන්නට නොවේ.එලෙස රැකියා නොලැබෙන තත්වයක් ඇතිවන්නේ නම් ඉගෙනගෙන වැඩක් නැති බවට හැගිමක් මේරටේ ජනතාව තුල වැඩෙන්නට ඉඩ ඇත. ඉගෙනගෙන වැඩක් නැතැයි යන හැගිම පැතිර යාම භයානක තත්වයකි. එවිට සිදුවිය හැක්කේ ලමයින් පාසැල් යාම අඩුවි පාසැල් වැසි යන තත්වයක් ඇතිවිමයි. ඉගෙනිම වෙනුවට මහජනයා වෙනත් විකල්ප සොයායැමට උත්සහ දරන තත්වයක් එවිට උදාවිය හැකිය.
    එය ඉතා භයානකය. එම නිසා මෙම ප්‍රශ්නයට සැලසුම් සහගත් විසදුමක් ලබා දිම අත්‍යවශයයි.
    (2009-11-08 ඉරිදා ලංකාදිප කතු වැකියෙන්....)

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.