Monday, August 17, 2009

අපේ අකුරු

මිට පෙර මා "සිතන්නට යමක්" ලෙසින් සටහන් තැබුවේ භාරතියන් නිර්මාණය කල ගණිත සංකල්ප මුස්ලිම්වරුන් අවශෝෂනය කරගැනිමද අප ඒවාතුලට අවශෝෂනය විමද යන සිද්ධියයි.
එහිදි මා ලංකාවේද අතිතයේ, ගණනය කිරිම් ඇතුලු විවිධ කටයුතු සදහා භාවිතා කල ගණිත සංකේත තිබුනද වර්තමානයේ එවා අභාවයට ගොස් ඇති බව සදහන් කල නමුත් එම සංකේත එහි දැක්විමට නොහැකිවුයේ ඒවා සොයාගැනිමට නොහැකි වු නිසාවෙනි.එහෙත් පසුව Shiro එම ලිපිය සදහා දැමු ප්‍රතිචාරයක් තුලින් එම සංකේත සොයාගැනිමට හැකිවිය.

එමෙන්ම එම පුරාණ ශ්‍රි ලාංකිය අකුරු (ඒ සදහා ඇති වෙබ් අඩවියේ දක්වා ඇත්තේ සිංහල අකුරු ලෙසිනි )වලින් ලිවිය හැකි උපරිම සංඛ්‍යාව 9999 වේ. එමෙන්ම මෙහි භාරතිය ඉලක්කම් වල ඇති වැදගත්ම සංකල්පය වන බිංදුව ( 0 ) නැත. එය මෙම ඉලක්කම් වලට 9999 සිමාව ඉක්මවා යාමට නොහැකිවිමට හේතුවයි.

මුස්ලිම්වරුන් මෙන් අප හින්දු ඉලක්කම් අවශෝෂනය නොකර, එය තුලට අප අවශෝෂනය විම මෙසේ දුර්වල, අභාවයට ගිය ඉලක්කම් ක්‍රමයක් අපට උරුම විමට හේතුවයි.
එහෙත් පුරාණ අකුරු යුනිකේත වලට ඇතුලත් කිරිමේ උත්සාහයක් පවතින බව දැන ගන්නට ලැබිම සතුටට කරුණකි.මෙම අකුරු ශ්‍රී වික්‍රම රාජසිංහ ‍රජුගේ කෞතුක භාණ්ඩයක ඇතිබව පැවසෙනවා.

අපේ අකුරු

1:Old Sinhala Numbers and Digits2:Old Sinhala Numbers and Digits3:Old Sinhala Numbers and Digits4:Old Sinhala Numbers and Digits
5:Old Sinhala Numbers and Digits6:Old Sinhala Numbers and Digits7:Old Sinhala Numbers and Digits8:Old Sinhala Numbers and Digits
9:Old Sinhala Numbers and Digits10:Old Sinhala Numbers and Digits20:Old Sinhala Numbers and Digits30:Old Sinhala Numbers and Digits
40:Old Sinhala Numbers and Digits50:Old Sinhala Numbers and Digits60:Old Sinhala Numbers and Digits
70:Old Sinhala Numbers and Digits80:Old Sinhala Numbers and Digits90:Old Sinhala Numbers and Digits
100:Old Sinhala Numbers and Digits1000:Old Sinhala Numbers and Digits

4 comments:

  1. සක්වලයාAugust 18, 2009 at 7:11 AM

    අම්මෝ! මේවා හරි අමාරුයිනේ ලියන්න. මේ එක ඉලක්කමක් ලියනකොට හින්දු-අරාබි ඉලක්කම් 15ක් විතර ලියන්න පුළුවන්. මීට වඩා හොඳ නැද්ද හින්දු-අරාබි ඉලක්කම්ම පාවිච්චි කලොත්? අනික මේ ඉලක්කම් වලින් හැම ඉලක්කමක්ම ලියන්නත් බෑනේ. අපේ උනත් වැඩ බැරි නම් ඒක අතෑරලා ඊට වඩා හොඳ එකකට යන එක හොඳයි නේද? නැත්නම් ඉතින් හැමදාම එක තැන පල් වෙවී ඉන්න වේවි!

    ReplyDelete
  2. සිරිල් පොන්නම්පෙරුමAugust 18, 2009 at 8:53 AM

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෞතුක භාණ්ඩයක තිබ්බා නං මෙව්වා දෙමළ ඉලක්කම් වෙන්න බැරිද? අනික මෙව්වා දෙමළ අකුරු වලට සමනයි වගේ පේන‍්නේ නැද්ද? නිකං සුද්දෝ කෑ ගහන පලියට සෙවිල්ලකින් බැරිල්ලක් නොකර කෙලින්ම කියන්න එපා. බින්දුව කියන ඉලක්කම සිංහල මනුස්සයා ගාව තිබුනා. සිංහල‍ ජ්‍යෝතිෂ්‍යයේදීත් පාවිච්චි වෙලා තියෙනවා. අපේ අයටත් ඉතින් සුද්දෝ මෙහෙමයි කිව්වොත් ඕනේ දෙයක්.

    ReplyDelete
  3. @ සක්වලයා :

    ඔවු එය මෙම ඉලක්කම වලට වඩා සැහෙන දියුණුයි. භාවිතයට හොදම දෙය එයයි. එහෙත් අපේ ඉලක්කම් ක්‍රමයක් පැවතුන බව අප අමතක කල යුතු නැහැ.
    අපේ එක අතහැරලා ගිහින් ගොඩක් කල්. ඒකයි ඉලක්කම් ඔය ආකාරයට අපි අතහැරපු තැනම පල්වෙවි තියෙන්නේ.අත නොහැර හින්දු ඉලක්කම් වලින් ගත යුතු දේ අවශෝෂණය කර දිගටම භාවිතා කලා නම් අදටත් එය ව්‍යවහාරයේ පැවතෙන්න ඉඩ තිබුනා.සිංහල ඉලක්කම් ද අකුරු මෙන්ම පරිණාමණය වුවානම් මේ වනවිට හොද මට්ටමකට පත්වි තිබෙන්න ඉඩ තිබුණා.

    @ පොන්නම්පෙරුම:

    "ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෞතුක භාණ්ඩයක තිබ්බා නං මෙව්වා දෙමළ ඉලක්කම් වෙන්න බැරිද?"

    බැහැ. මේ තියෙනේ දෙමල ඉලක්කම්.ඒවා හා ඉහත ඉලක්කම් සංසන්දනය කල විට එතරම් විශාල සමානකම් දක්නට ලැබෙන්නේ නැ.
    ඔනැම භාෂාවක් තනිවම පරිණාමණය වෙන්නැ. එයට වෙනත් භාෂාවලින්ද යම් යම් දේ අවශෝෂනය කර ගන්නවා. එහෙයින් සිංහලට හා වෙනත් භාෂාවලට පොදු දේ සුලු වශයෙන් තියෙන්න පුලුවනි.එහෙත් සිංහල යනු වෙනමම භාෂාවකි.( ഗ, കයනු මලයාලම් අකුරුය, ඒවා යෙදෙන්නේ සිංහලෙන් ග, ක යෙදෙන තැන්වලටය.)

    "බින්දුව කියන ඉලක්කම සිංහල මනුස්සයා ගාව තිබුනා. "

    බිංදුවෙහි ආරම්භය මම පෙර ලිපියෙත් (සිතන්නට යමක්) සදහන් කලා.එහෙත් මා ඉහත ලිපියට කරුණු සොයාගත් මුලාශවලට අනුව නම් සිංහල ඉලක්ක්කම් වල බින්දුව නැ.ජ්‍යෝතිෂ්‍යයේදී ගණනය කිරිම සදහා මා සිතන ආකාරයට භාවිතා කරන්නේ හින්දු ඉලක්කම් මිස සිංහල ඉලක්කම් නොවේ.

    "නිකං සුද්දෝ කෑ ගහන පලියට සෙවිල්ලකින් බැරිල්ලක් නොකර කෙලින්ම කියන්න එපා."

    සුද්දෝ? කවුද කැගහපු සුද්දා? සමහර විට ඔබ කියන්නට ඇත්තේ Google group එකේ මෙම ඉලක්කම් සොයාගැනිමට මයිකල් එවසන් නම් අයෙකු දායකවි තිබෙනවා කියා තිබු නිසා විය යුතුය. ඔහු සුද්දෙක්(ව්දේශිකයෙකු ) බව දන්නේ කෙසේද?මම නම් දන්නේ නැ.නමින් කොහොමද පුද්ගලයෙකුගේ ජාතියවත් රටවත් නිගමනය කරන්නේ. විදේශිකයන්ගේ නම්ම භාවිතාකරන ශ්‍රි ලාංකිකයන් කොතෙකුත් සිටිද? අනෙක් ඔහුත් මෙයට දායකවුන් ගෙන එක් අයෙකු පමණක් බවයි එහි සදහන් වුනේ.අනෙක් පිරිස ගැන සදහනක් නැ.

    දැනට තිබෙන සම්පත් අනුව උපරිම ලෙසින් සොයාබැලිම සිදුකලා. එයින් තමයි මුලාශ්‍ර දක්වමින් ලිපිය ලියුවේ. ඉදිරියේදි තවත් සොයාබලන්නම්.
    -------------------
    අදහස් වලට ස්තුතියි

    ReplyDelete
  4. සිංහල ඉලක්කම් ගැන කොළඔ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන අධ්‍යයනාංශයේ ප්‍රධානී හර්ෂ විජයවර්ධන විසින් ලියන ලද සිංහල භාෂාවේ සංඛ්‍යාංකනය නමින් කෘතියක් ලියා පලකර තිබෙනවා-http://w3lanka.blogspot.com/2009/10/blog-post_2586.html

    මෙම ලිපියත් සිංහල ඉලක්කම් සම්බන්ධවයි - http://std.dkuug.dk/jtc1/sc2/wg2/docs/n3195.pdf

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.